09/03/2025
2025.03.08 ♥️🔥
📌️ කළුතර උතුරේ විලේගොඩ උතුර කොට්ඨාසයේ 718/A ග්‍රාම සංවර්ධනය සමිතිය මගින් ඊයේ දිනයේදී නුවන්පුරයේ ප්‍රජාශාලාව සහ එහි ක්‍රීඩා පිටිය සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහන් යොදා ගනු ලැබූවා...
මෙහිදී විශාල භූමියක විශාල ලෙස වල් වැදී තිබූ අතර එහිදී අපි ඉදිරි වැඩ කටයුතු වලට මෙම ක්‍රීඩා පිටිය සහ ප්‍රජාශාලාව පිළිසකර කරගත යුතු යැයි සමිතියේ යෝජනාව මත මෙදින අපි එම ශ්‍රමදානය සූදානම් කරා..
අපේ වැඩේ සාර්ථක කර ගැනීමට බොහෝ පිරිසක් දායක දැක්වූවා..
විශේෂයෙන්ම කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම් එරංග දේවප්‍රිය මහතාට සහ එහි ක්ශේත්‍ර වැඩබලන අංශයේ නිලධාරි සමන් මහතාටත් විශේෂ ස්තූතියක් පුද කළ යුතුයි. අපගේ ආරාධනාව සුහදව පිළිගෙන, ඔවුන් අපේ මේ වැඩේ ඉතාමත් සුහදව භාර අරන් අපි කිව්ව දිනයට ආසන්න දිනයක් ලෙස මෙම දිනය ලබාදී ඔවුන්ගේ සේවකයන් සහ ප්‍රාදේශීය සභාවට අයත් බැකෝ යන්ත්‍රය මගින් මෙහි විශාල කාර්‍යභාරයක් සිදු කිරීමට හැකියාවක් ලබා දුන්නා...
ඒ වගේම ප්‍රාදේශීය සභාවෙන් පැමිණි සේවකයින් පවා කම්මැලි නොමැතිව අපේ මේ වැඩේට ලොකු සහයක් දැක්වූවා... බැකෝ යන්ත්‍රය මගින් ඇත්තටම ලොකු කාර්‍යභාරයක් සිදුවණා කිව්වොත් නිවැරදී..
ඊට අමතරව අපි සෑම දෙනා වෙනුවෙන් උදෑසන පාන්, පරිප්පු, සීනි සම්බල් සහ තේ, බීම ආදි සංග්‍රාහයෙන් බොහෝ පිරිසක් දායකත්වය දැක්වූවා... ඊට අමතරව ප්‍රාදේශීය සභාවෙන් පැමිණි අයට අපේ මුදලින් දිවා ආහාරය සඳහා බත් පාර්සල් ලබා දුන්නා. මේ සඳහා මුදල් වලින්ද අපේම අය දායකත්වය දැක්වූවා..
තවද වසමෙන් පිට සහ අපේම වසමේ ඉන්න සහෝදර සහෝදරියන් මෙම වැඩේ ශාක්සාත් කර ගැනීමට පැමිණියා.. ශ්‍රමයෙන් පවා බොහෝ පිරිසක් මේ වැඩේට දායක උනා.
මේ සියළුම අයගේ දායකත්වයෙන් නුවන්පුරයේ ප්‍රජාශාලාව සහ ක්‍රීඩා පිටිය පිරිසිඳු කිරීමේ පළමු අදියර අති සාර්ථක ලෙස අවසන් උනා. මෙහි දෙවනි අදියර ලෙස ක්‍රීඩා පිටිය මට්ටම් කිරීම සහ අතිරික්ත පස් ටික මෙම ඉඩමෙන් ඉවත් කිරීමත්, ප්‍රජා ශාලාව ඇතුල භූමිය අලංකාර කිරීම යන ක්‍රියාවලියට සමගාමීව දෙවන අදියරත් නුදුරේදීම පැවැත්වීමට නියමිත බව දැනුම් දීමට කැමැත්තෙමි..
~ ලේකම් (718/A ජාවත්ත ග්‍රාම සංවර්ධන සමිතිය) ~