Karuwalagaswewa Divisional Secretariat

Karuwalagaswewa Divisional Secretariat Welcome to Divisional Secretariat of Karuwalagaswewa

03/09/2026

තිල්ලිඅඩිය කඩොලාන වනාන්තරය වනස්පති යටතේ ආරක්ෂා වුණා

පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ, පුත්තලම කලපුවට මායිම්ව හෙක්ටයාර් 13.06ක (අක්කර 32කට ආසන්න) භූමි ප්‍රමාණයක පැතිර පවතින "තිල්ලිඅඩිය කඩොලාන වනාන්තරය" යනු හුදෙක් ගස් කොළන් රැසක් පමණක් නොවේ. එය ජෛව විවිධත්වයෙන් අනූන, දැඩි සංවේදී සහ අමිල පාරිසරික සේවාවන් රැසක් සපයන ජීවමාන පද්ධතියක්.

මෙම වනාන්තරයෙහි සුවිශේෂත්වය වන්නේ එය "අන්තර් උදම් කලාපය" (Intertidal Zone) තුළ පිහිටා තිබීමයි.

එනම්, දිනපතා සිදුවන වඩදිය සහ බාදිය නිසා වරෙක ජලයෙන් යටවන, තවත් වරෙක වියළෙන කලාපයක මෙම ශාක ප්‍රජාව වැඩෙයි. මෙම අභියෝගාත්මක පරිසරයට අනුවර්තනය වෙමින්, ලවණතාව දරාගැනීම සහ ඔක්සිජන් අවම මඩ සහිත පසෙහි ස්ථාවරව සිටීම සඳහා කඩොලාන ශාක සතු සුවිශේෂී අනුවර්තන (විශේෂිත මුල් පද්ධති, බීජ ප්‍රරෝහණය) මෙම වනාන්තරය තුළ මැනවින් දැකගත හැකියි.

මෙම සංවේදී පරිසර පද්ධතිය 'වනස්පති' ජාතික වැඩසටහන හරහා නීතිමය වශයෙන් රක්ෂිතයක් බවට පත් කිරීමේ තීරණය කාලෝචිත සහ අත්‍යවශ්‍ය පියවරක්.

'வனஸ்பதி' தேசிய திட்டத்தின் கீழ் பாதுகாக்கப்பட்ட தில்லியடி கண்டல் காடு

புத்தளம் மாவட்டம், கற்பிட்டி பிரதேச செயலாளர் பிரிவில் புத்தளம் களப்பை அண்டி 13.06 ஹெக்டேர் (சுமார் 32 ஏக்கர்) பரப்பளவில் அமைந்துள்ள "தில்லியடி கண்டல் காடு" என்பது வெறும் தாவரங்களின் தொகுப்பு மட்டுமல்ல; மாறாக, அது பல்லுயிர் வளம் நிறைந்த, அதீத உணர்திறன் கொண்ட மற்றும் விலைமதிப்பற்ற சூழலியல் சேவைகளை வழங்கும் ஒரு உயிருள்ள அமைப்பாகும்.

இக்காட்டின் தனித்துவம் என்னவெனில், இது "இடை அலை வலயத்தில்" (Intertidal Zone) அமைந்துள்ளது. அதாவது, நாளாந்தம் ஏற்படும் ஏற்ற வற்றல் அலைகளின் காரணமாக ஒரு வேளையில் நீரினால் மூழ்கடிக்கப்பட்டும், மற்றொரு வேளையில் வறட்சியடைந்தும் காணப்படும் வலயத்தில் இத்தாவர சமூகம் செழித்து வளர்கிறது. அதீத உவர்த்தன்மையை தாங்கிக்கொள்ளல் மற்றும் ஒக்சிஜன் குறைவான சேற்று மண்ணில் நிலைத்து நிற்றல் போன்ற சவாலான சூழலுக்கு ஏற்ப, கண்டல் தாவரங்கள் கொண்டுள்ள தனித்துவமான தகவமைப்புகளை (விசேட வேர்த் தொகுதிகள், வித்தூன்றி முளைத்தல்) இக்காட்டில் தெளிவாகக் காண முடியும்.

இந்த உணர்திறன் மிக்க சூழலமைப்பை 'வனஸ்பதி' தேசிய திட்டத்தின் கீழ் சட்டப்பூர்வமாக காப்புக்காடாகப் (Reserve Forest) பிரகடனப்படுத்தும் தீர்மானம் மிகவும் காலோசிதமானதும் அத்தியாவசியமானதுமான ஒரு நடவடிக்கையாகும்.

Thilliadiya Mangrove Forest Protected Under the 'Vanaspathi' National Program

Spanning 13.06 hectares (nearly 32 acres) bordering the Puttalam Lagoon in the Kalpitiya Divisional Secretariat Division of the Puttalam District, the "Thilliadiya Mangrove Forest" is far more than just a cluster of trees. It is a living, highly sensitive ecosystem rich in biodiversity that renders invaluable ecological services.

The uniqueness of this forest lies in its location within the "intertidal zone." As a result of daily tidal cycles, this floral community thrives in an environment that is alternately submerged by high tide and exposed to dry air at low tide. Mangrove flora's remarkable adaptations to this demanding environment—such as specialized root systems and unique seed germination (vivipary) enabling them to withstand high salinity and remain anchored in oxygen-depleted muddy soils—are prominently displayed throughout this forest.

The decision to legally declare this sensitive ecosystem a protected forest reserve under the 'Vanaspathi' National Program is a timely and vital measure.

අද දින උපන්දිනය සමරන අප කාර්යාලයේ සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරි ජයමි මෙනවිය ඔබට කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් තුමිය ...
03/09/2026

අද දින උපන්දිනය සමරන අප කාර්යාලයේ සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරි ජයමි මෙනවිය ඔබට කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සුභ පැතුම්🎊

සුභ උපන්දිනයක් වේවා!!!!

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැප්තැම්බර් මාසයට අදාළ කෘෂි කමිටු රැස්වීම හා කොට්ඨාස දින රැස්වීම කරුවලගස්වැව ප්‍ර...
02/09/2026

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැප්තැම්බර් මාසයට අදාළ කෘෂි කමිටු රැස්වීම හා කොට්ඨාස දින රැස්වීම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා මාතර ආරච්චි මහත්මියගේ උපදෙස් මත පරිපාලන ග්‍රාම නිලධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී 2026/09/02 දින පැවැත්විණි.

එහිදී කොට්ඨාසයේ ජීවත්වන ජනතාව මුහුණ දෙන ආර්ථික, සමාජීය, කෘෂි කාර්මික ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක ගැටළු විසදීමට අදාල සාකච්ඡා කිරීම්වලින් අනතුරුව විවිධ සාධනීය තීරණ ගැනීම ද සිදු කෙරිණි!!!

Let’s Change!!!!!වෙනස් කරමු!!!மாற்றுவோம்!!!
30/08/2026

Let’s Change!!!!!

වෙනස් කරමු!!!

மாற்றுவோம்!!!

පරපුරක් වෙනුවෙන් අපිට පුළුවන් විදියෙන් පටන් ගමු!

මොහොතක පහසුව වෙනුවෙන් අප මිලදී ගන්නා තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතලයක්, පරිසරය තුළ වසර සිය ගණනක් තිස්සේ විනාශ නොවී රැඳෙමින් මහ පොළොවටත්, අපේ ජීවිතවලටත් නිහඬවම හානි සිදු කරනවා. අපේ අනාගත පරපුර වෙනුවෙන් සුන්දර, හරිතවත් සහ පිරිසිදු ලෝකයක් ඉතිරි කිරීම අප සැමගේ වගකීමක්.

තනි භාවිත ප්ලාස්ටික් බෝතල්වලට තිත තබා, නැවත නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී වීදුරු හෝ සුදුසු විකල්ප බෝතලයක් ළඟ තබා ගැනීමෙන් මේ වෙනස අදම අරඹන්න පුළුවන්.

පරිසර හිතකාමී සංස්කෘතියක් රට තුළ ගොඩනැගීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය මගින් මේ වන විටත්
• රාජ්‍ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් අවම කිරීම: සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අවම කිරීම සඳහා 2026 මැයි මස 31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පරිසර අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර එය මේ වන විටත් සාර්ථකව ක්‍රියාවේ යොදවා ඇත.
• ප්‍රායෝගික ප්‍රතිඥා යථාර්ථයක් කිරීම: 2025 වසරේ ජගත් පරිසර දිනයේ දී දුන් ප්‍රතිඥාවට අනුව, ප්ලාස්ටික් හා පොලිතීන් අවම කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ සියලු රාජ්‍ය ආයතනයන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වේ.
• නීතිමය හා කර්මාන්ත සහයෝගීතාව: සංශෝධිත පාරිසරික පනත ඔස්සේ කර්මාන්තකරුවන්ගේ ද එකඟතාව සහිතව ප්ලාස්ටික් අවම කිරීමේ විශේෂ දීපව්‍යාප්ත වැඩසටහන් දියත් කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.

නීති රීතිවලට එහා ගිය සැබෑ වෙනසක් කළ හැක්කේ අපේ පුරුදු වෙනස් කරගැනීමෙනි. නිවසින් පිටත්ව යනවිට තමන්ගේම නැවත භාවිත කළ හැකි වතුර බෝතලයක් ළඟ තබාගැනීම වැනි කුඩා පියවරකින් අපට මහා පාරිසරික හානියක් වළක්වා ගත හැකියි.

අද ඔබ තබන මේ කුඩා පියවර, හෙට දවසේ උපදින දරුවෙකුට හුස්ම ගන්න පිරිසිදු ලෝකයක් තිළිණ කරනු ඇත.

எதிர்கால சந்ததிக்காக நம்மால் முடிந்த வழியில் தொடங்குவோம்!

ஒரு கண நேர வசதிக்காக நாம் வாங்கும் ஒருமுறை மட்டுமே பயன்படுத்தக்கூடிய பிளாஸ்டிக் குடிநீர் போத்தல், அழியாமல் பல நூறு ஆண்டுகள் சூழலில் நிலைத்திருந்து பூமிக்கும் நமது வாழ்விற்கும் அமைதியாகப் பெரும் பாதிப்பை ஏற்படுத்துகின்றது. நமது எதிர்கால சந்ததியினருக்காக அழகான, பசுமையான மற்றும் தூய்மையான உலகத்தை விட்டுச் செல்வது நம் அனைவரதும் கூட்டுப் பொறுப்பாகும்.

ஒருமுறை பயன்பாட்டுப் பிளாஸ்டிக் போத்தல்களுக்கு முற்றுப்புள்ளி வைத்துவிட்டு, மீண்டும் மீண்டும் பயன்படுத்தக்கூடிய சூழலுக்கு உகந்த கண்ணாடிப் போத்தல்கள் அல்லது பொருத்தமான மாற்று வழிகளைப் பழக்கப்படுத்திக் கொள்வதன் மூலம் இந்த மாற்றத்தை இன்றே தொடங்க முடியும்.

நாட்டில் சூழல் நட்புப் பண்பாட்டை உருவாக்குவதற்காக அரச பொறிமுறையினால் முன்னெடுக்கப்பட்டுள்ள முக்கிய நடவடிக்கைகள்:

அரச நிறுவனங்களில் ஒருமுறை பயன்பாட்டுப் பிளாஸ்டிக்கைக் குறைத்தல்: அனைத்து அரச நிறுவனங்களிலும் ஒருமுறை மட்டுமே பயன்படுத்தப்படும் பிளாஸ்டிக் குடிநீர் போத்தல்களின் கொள்வனவு மற்றும் பயன்பாட்டைக் குறைப்பதற்காக, சுற்றாடல் அமைச்சின் தலையீட்டுடன் 2026 மே 31 முதல் நடைமுறைக்கு வரும் வகையில் விசேட சுற்றுநிருபம் வெளியிடப்பட்டு, தற்போது வெற்றிகரமாக நடைமுறைப்படுத்தப்பட்டு வருகின்றது.

நடைமுறை உறுதிமொழிகளை நனவாக்குதல்: 2025 ஆம் ஆண்டு உலக சுற்றாடல் தினத்தில் வழங்கப்பட்ட உறுதிமொழிக்கமைய, பிளாஸ்டிக் மற்றும் பொலித்தீனைக் குறைப்பதற்கான நடைமுறைத் திட்டங்கள் அனைத்து அரச நிறுவனங்களின் முழுமையான பங்களிப்புடன் தொடர்ச்சியாக முன்னெடுக்கப்பட்டு வருகின்றன.

சட்ட மற்றும் கைத்தொழில் ஒத்துழைப்பு: திருத்தப்பட்ட சுற்றாடல் சட்டத்தின் ஊடாக, உற்பத்தியாளர்களின் இணக்கப்பாட்டுடன் பிளாஸ்டிக் பயன்பாட்டைக் குறைப்பதற்கான விசேட நாடளாவிய திட்டங்களை நடைமுறைப்படுத்த ஏற்பாடுகள் செய்யப்பட்டுள்ளன.

சட்டதிட்டங்களுக்கும் விதிகளுக்கும் அப்பால், உண்மையான மாற்றம் நமது அன்றாடப் பழக்கவழக்கங்களை மாற்றியமைப்பதன் மூலமே சாத்தியமாகும். வீட்டிலிருந்து வெளியே செல்லும்போது மீண்டும் பயன்படுத்தக்கூடிய தண்ணீர் போத்தலை உடன் எடுத்துச் செல்வது போன்ற சிறிய அடிவைப்புகள் மூலம் பெரும் சுற்றுச்சூழல் பேரழிவைத் தடுத்து நிறுத்த முடியும்.

இன்று நீங்கள் எடுத்து வைக்கும் இந்தச் சிறிய அடி, நாளைய சந்ததி சுதந்திரமாக சுவாசிக்கக்கூடிய ஒரு தூய்மையான உலகத்தைப் பரிசளிக்கும்.

Let’s start in our own way, for the sake of future generations!

A single-use plastic water bottle, purchased for a moment’s convenience, lingers in the environment for hundreds of years without decomposing, silently harming the earth and our lives. Leaving behind a beautiful, green, and clean world for our future generations is a shared responsibility.

We can start making this change today by putting an end to single-use plastic bottles and switching to reusable, eco-friendly glass bottles or other sustainable alternatives.

To foster an eco-friendly culture across the country, the government machinery has taken key initiatives:

Minimizing Single-Use Plastics in State Institutions: A special circular, effective from May 31, 2026, was issued through the intervention of the Ministry of Environment to minimize the purchase and use of single-use plastic water bottles across all state institutions, and it is already being successfully implemented.

Transforming Practical Pledges into Reality: In line with the commitment made on World Environment Day 2025, practical programs aimed at reducing plastics and polythene continue to be actively executed with the full participation of all state institutions.

Legal and Industrial Cooperation: Through the amended National Environmental Act, arrangements have been made to launch nationwide programs in mutual agreement with industrialists to curb plastic use.

Beyond rules and regulations, real change begins with shifting our daily habits. Simple actions—like carrying your own reusable water bottle when leaving home—can avert massive environmental destruction.

The small step you take today will gift a clean world for a child of tomorrow to breathe freely.

අද දින උපන්දිනය සමරන අප කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරි (සමත) ඉසංකා මහත්මිය ඔබට කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් තුමි...
22/08/2026

අද දින උපන්දිනය සමරන අප කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරි (සමත) ඉසංකා මහත්මිය ඔබට කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සුභ පැතුම්🎊

සුභ උපන්දිනයක් වේවා!!!!

අද දින උපන්දිනය සමරන අප කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරි (කුඩා ව්‍යාපාර) අමිල මහත්මයා ඔබට කරුවලගස්වැව ප්‍රාදේශිය ල...
22/08/2026

අද දින උපන්දිනය සමරන අප කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරි (කුඩා ව්‍යාපාර) අමිල මහත්මයා ඔබට කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සුභ පැතුම්🎊

සුභ උපන්දිනයක් වේවා!!!!

"දිට්වා" නිසා තැන තැන පරවුණු මුහුණූදැන්නම් ටිකෙන් ටික දැකගත හැක පිපෙනූජනදුක දැනුණු හදවත් එක්කර තැනුණූසෙවනක් තියේ විසිරුණ...
21/08/2026

"දිට්වා" නිසා තැන තැන පරවුණු මුහුණූ
දැන්නම් ටිකෙන් ටික දැකගත හැක පිපෙනූ
ජනදුක දැනුණු හදවත් එක්කර තැනුණූ
සෙවනක් තියේ විසිරුණු සිත් එක් කෙරුණූ

කවි සිතිවිලි- ජයරත්න වික්‍රමාරචිචි මහතා

"ආපත්තිය විපත්තියක් නොව සම්පත්තියක් වූ කරුවලගස්වැව" 🏡❤️

කඩා වැටුණු නිවසක් වෙනුවට, නැවත ගොඩනැගෙන ජීවිතයක්…

දිට්වා සුළි කුණාටුවත් සමඟ පැමිණි ධාරානිපාත වර්ෂාව, තද සුළං සහ ගංවතුර හේතුවෙන් බොහෝ පවුල්වල නිවාස දැඩි ලෙස හානි වූ අතර, මැටිවලින් ඉදිකර තිබූ පැරණි නිවාස රැසක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කඩා වැටුණි.
එහෙත් විපතක් අවසානයක් නොවේ…
එය නව ආරම්භයකට මඟක් විය හැකිය. 🌿
විනාශ වූ මැටි නිවාස වෙනුවට, ආරක්ෂිත, ශක්තිමත් හා අංග සම්පූර්ණ නව නිවාස ඉදිවීම තුළින් විපතට පත් අඩු ආදායම්ලාභී පවුල්වලට නැවතත් ආරක්ෂාව, බලාපොරොත්තුව සහ ගෞරවාන්විත ජීවිතයක් උදාකර දීමට හැකිව තිබේ.
නිවසක් යනු ගඩොල්, සිමෙන්ති සහ වහලයක එකතුවක් පමණක් නොවේ.
එය පවුලක ආරක්ෂාවයි… සතුටයි… මතකයන් රැඳෙන තැනයි… අනාගත සිහිනවල ආරම්භයයි. ❤️
දරුවන්ට අධ්‍යාපනය ලබන්නට ආරක්ෂිත පරිසරයක්ද, වැඩිහිටියන්ට බියෙන් හා අවිනිශ්චිතතාවයෙන් තොරව ජීවිතය නැවත ආරම්භ කිරීමට ශක්තියද මෙම නව නිවාස තුළින් ලැබේ.
ඒ අනුව, දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස වෙනුවට ඉදිවෙමින් පවතින මෙම නව නිවාස, නිවාස ඉදිකිරීමකට එහා ගිය මානුෂීය මෙහෙවරක් බවට පත්ව ඇත.
අද කඩා වැටුණු නිවසක් වෙනුවට, හෙට ශක්තිමත් නිවසක්…
අද නැති වූ බලාපොරොත්තුව වෙනුවට, හෙට අලුත් සිහිනයක්…
එක් පවුලක් නැවත ගොඩනැගීම යනු, එක් ප්‍රජාවක අනාගතය නැවත ගොඩනැගීමකි. 🌱🏡
කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා මාතර ආරච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ දේශපාලන අධිකාරියේ නිරන්තර අධීක්ෂණය යටතේ, විපතට පත් අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විවිධ ග්‍රාම නිලධාරී වසම්වල ඉදිවෙමින් පවතින නව නිවාස කිහිපයක සේයාරූ ද සමඟ මෙසේ දක්වමු.


කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කල "Accounting & Book Keeping"  එනම් ...
14/08/2026

කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කල "Accounting & Book Keeping" එනම් ගිණුම්කරණය හා ව්‍යාපාරික පොත් තබා ගැනීම පිලිබඳ පුහුණු දෙදින පුහුණු වැඩසටහනක් 2026/08/12 සහ 13 වන දෙදින සමෘද්ධි මහ සංගමයේ දී පැවැත්විණ. කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් සන්ධ්‍යා මාතර අරච්චි මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම් මත මෙම වැඩසටහන කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි අමිල බණ්ඩාර මහතා විසින් සිදු කරන ලදි. ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලුම වසම් නියෝජනය කරමින් ව්‍යවසායක මහත්ම මහත්මීන් මෙම වැඩසටහන සඳහා උද්‍යෝගිමත්ව සහභාගී වීම සුවිශේෂි වේ.

කරුවලගස්වැව සමෘද්ධි සිප් දොර ශිෂ්‍යත්ව සහතික පත්  ප්‍රධානෝත්සවය 2026/2028 අධ්‍යයන වර්ෂය සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප...
12/08/2026

කරුවලගස්වැව සමෘද්ධි සිප් දොර ශිෂ්‍යත්ව සහතික පත් ප්‍රධානෝත්සවය 2026/2028 අධ්‍යයන වර්ෂය සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වු අතර, ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමාජ ආරක්ෂණ විෂය කළමනාකාරිනී සහ විෂය නිළධාරි, කරුවලගස්වැව සමෘද්ධි මූලස්ථාන කළමනාකරු, බැංකු සමිති කළමනාකරු, නවගත්තේගම මූලස්ථාන සමෘද්ධි කළමනාකරු, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ද සහභාගී වූ අතර, කරුවලගස්වැව නිපුණතා සංවර්ධන නිලධාරි විසින් දරුවන් දැනුවත් කිරීමක්ද එහිදී සිදු කෙරුණි.

🔴හෙට  කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේදි.📊 Accounting & Book Keeping Training 📊ඔබගේ ව්‍යාපාරය වෘත්තීයමය ලෙස කළමනා...
11/08/2026

🔴හෙට කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේදි.

📊 Accounting & Book Keeping Training 📊
ඔබගේ ව්‍යාපාරය වෘත්තීයමය ලෙස කළමනාකරණය කරගන්න අදම පියවර ගන්න!

📌 ව්‍යාපාරික ගිණුම් පවත්වාගෙන යාම හා ලේඛන තබාගැනීම පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගන්න.

🔴 පුහුණු වැඩසටහනට අදාල විස්තර මෙන්න.
📅 දිනය: 2026 අගෝස්තු 12 සහ 13
⏰ වේලාව: පෙ.ව. 9.00 – ප.ව. 3.00
📍 ස්ථානය: කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
✅ මෙම පුහුණුවෙන් ඔබට ලැබෙන වාසි:
✔ නිවැරදි ගිණුම් පවත්වාගෙන යාම
✔ ආදායම් හා වියදම් ලේඛන සකස් කිරීම
✔ ලාභ-පාඩු හඳුනාගැනීම
✔ ව්‍යාපාරයේ මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම

🎯 සුදුසුයි:
කුඩා ව්‍යාපාරිකයින්, ආරම්භක ව්‍යාපාරකරුවන් සහ ගිණුම් දැනුම ලබාගැනීමට කැමති සියලු දෙනාට

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 077 920 8620
📱 071 720 7680
💡 ඔබගේ ව්‍යාපාරය සාර්ථකත්වයට ගෙන යාමට ගිණුම් දැනුම අත්‍යවශ්‍යයි!
සංවිධානය:
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය කරුවලගස්වැව

Address

Anuradhapura Road
Karuwalagaswewa

Alerts

Be the first to know and let us send you an email when Karuwalagaswewa Divisional Secretariat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Karuwalagaswewa Divisional Secretariat:

Shortcuts

Share