08/06/2026
ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුර.
මුල් අවධියේ මහනුවර හැදින්වුයේ "ශ්‍රී වර්ධනපුරය" ලෙසය .දඹදෙනිය රාජධානියෙ හතරවන පරාක්‍රමබාහු(ක්‍රි.ව1302-1326)රජතුමාගෙ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමැති අය විසින් ක්‍රි.ව1312 දි එවකට කටුපුල්ලෙ නමින් හැදින් වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ආරම්භකොට ඇත.
තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රහ්මණයෙකුගෙ නමින් මෙ නගරය ඉදිවු බවත් ,තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මෙ නගරය ඉදිවු බවත්,මෙහි තිබු සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල් කොටගෙන මෙ නම ඇති වු බවත් ජනප්‍රවාදයේ සදහන්වේ.
ගම්පොල රජධානියේ පාලකයා වූ තෙවන වික්‍රමබාහු රජ සමයේ(ක්‍රි.ව.1357-1374)දළදා මැදුර සහ ලෝකේෂ්වර නාඨ දෙවියන් සදහා වු නාඨ දේවාලය මෙහි ඉදිවිය.අස්ගිරිතල්පතෙහි සදහන් අයුරු අස්ගිරි විහරය ආරම්භ වුයේද මෙකලය.වර්තමානයේ මේවා මහනුවර පැරනිතම ගොඩනැගිලි ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව.1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියෙ නිර්මාතෘ වරයා ලෙස සැලකේ.බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත් කර චෙත්‍යයක්,දෙමහල් පොහොය ගෙයක් සංඝාවාසයන් 86ක ක් කරවා හා ධාතු කරඩු සහ පිළිම ව්හන්සේලා පූජාකරමින් විශාල මෙහෙයක් කර ඇත.