16/11/2025
අද දින 2025 වසරේ 3 වෙනි වන්දනාචාරිකාව යාමට අප දෙමාපියන් පින්වන්ත විය. ❤
එමෙන්ම අපගේ දෙමාපියන් මෑත කාලීනව (අප හා එක්වූ කාලය අතරතුර) ගෞතම බුදුන් වැඩි කැලණිය විහාරස්ථානය වන්දනාමාන කර ගැනීමට වාසනාවන්ත වූයේ දෙවෙනි වරටයි .
එම අවස්ථාව ඔවුනට උදාවූයේ අප නිවාසයට දානය සපයන දානපතිනියක් වන ඇහැලියගොඩ
කොත්තකුඹුර පදිංචි ගුණරත්න මැණිකේ මහත්මිය විසින් පුර්ණ අනුග්‍රාහකත්වය දැක්වීම තුළය.
එතුමිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඒ සඳහා සහාය දුන්සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
මාපියන් වෙනුවෙන් අද දින සහභාගී වන පාලක මන්ඩලයේ වත්මන් සභාපති ජගත් විපුලසිරි බණ්ඩාර මහතාටත් කෝලිත මහතාටත් කාර්ය මණ්ඩලයේ සියළු දෙනාටත් ස්තුතිය පළ කරන අතර තෙරුවන් සරණින් මෙම චාරිකාව සාර්ථක වේවායි පතමි 🙏🙏🙏