RANIL For 2024

RANIL For 2024 This election is a choice between a stable and prosperous future for Sri Lanka, or a return to chaos and uncertainty for every family.

I know Sri Lankans are struggling. But we have already come so far on our journey to prosperity.

15/02/2025
09/09/2024

ගැම්මක් තමා 😎😎😎

01/09/2024
වැටිච්ච රට ගොඩගත්ත මිනිසා.
31/08/2024

වැටිච්ච රට ගොඩගත්ත මිනිසා.

මෙම ජනාධිපතිවරණය සෑම පවුලකටම, ශ්රී ලංකාවට ස්ථාවර හා සෞභාග්යමත් අනාගතයක් ලඟා කරගැනීම හෝ නැවතත් වියවුල හා අවිනිශ්චිතභාවය ව...
31/08/2024

මෙම ජනාධිපතිවරණය සෑම පවුලකටම, ශ්රී ලංකාවට ස්ථාවර හා සෞභාග්යමත් අනාගතයක් ලඟා කරගැනීම හෝ නැවතත් වියවුල හා අවිනිශ්චිතභාවය වෙත යාම අතර තේරීමකි. ශ්රී ලාංකිකයන් දුෂ්කරතා වලට මුහුණ දෙමින් සිටින බව මම දන්නවා. නමුත් අපි දැනටම මෙම ගමනේ බොහෝ දුර පැමිණ සිටිනවා.

අත්දැකීම් නොමැති නායකයෙකුට ඡන්දය දීම අපගේ අනාගතය සමග කරන සූදුවක් මෙන්ම දහදිය-මහන්සියෙන් උපයන අපේ ජනතාවට වල කැපීමකි.

2022 අර්බුදකාරී තත්වයෙන් පසු අපි නිවැරදි ගමන් මගක ඉන්නෙමු. එමෙන්ම මේ ගමනේ ඉදිරි වසර 5 වෙනුවෙන් සැලැස්මක් ඇත්තේ මට පමණයි. ඔබගේ ඡන්දයෙන්, එක්සත් ශ්‍රී ලංකාවක්, දීප්තිමත් හා ස්ථාවර අනාගතයකට මම රැගෙන යනවා.

ජීවන බර අඩු කිරීම
අත්යාවශ්ය ආහාරවල මිල 2022 සිට අඩුවී ඇති අතර තවදුරටත් අඩු වෙමින් යයි. ඒ සමගම ක්රමයෙන් පවුල් බර අඩු වෙයි. මගේ සැලැස්මෙන් අත්යාවශ්ය භාණ්ඩ මත බදු ඉවත් වනවා මෙන්ම දේශීය නිශ්පාදන වැඩි කරනවා. ඒ අතරම අපට අවශ්ය දේ ආනයනයටද ඉඩ ලැබෙනවා.

වැඩි රැකියා හා ඉහළ වැටුප්
නව රැකියා අවස්ථා ඇති වන අතර එමඟින් රැකියා වෙළඳපොළ පුළුල් වනවා. මීට අමතරව නව ආදායම් උත්පාදන අවස්ථාද වැඩි වනු ඇත.

ඔබේ බදු බර කපා හැරීම
ඉදිරියේදී වෘත්තිකයන්ට බදු රහිත සේවා දිරිගැන්වීම් ලබාදීමට අපි පියවර ගන්නවා. වක්ර බදු නිසා බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටිනවා; මෙම බදු ක්රමානුකූලව අහෝසි කිරීමට අපි පියවර ගන්නවා.

මෙම කාර්යයන් දෙක ඉදිරි වසර දෙක තුළ ක්රියාත්මක කර බදු ගෙවන්නන්ට බදු සහන මම ලබාදෙනවා.

ආර්ථිකය වෙනුවෙන් සැලසුමක්
අපේ ආර්ථිකය දියුණු වෙමින් තිබෙනවා, නමුත් තව කරන්න බොහෝ දේවල් තියෙනවා. මගේ සැලැස්ම ආයෝජන වලට ඉතා හිතකරයි, එයින් අදහස් කරන්නේ අපට අවශ්ය වඩාත් හොඳ සෞඛ්ය සේවා, අධ්යාපනය සහ වැඩිදුර පුහුණුව වැනි සේවාවන් ලබාගැනීමට අවකාශ සැලසෙන බවයි - අපගේ ආර්ථික ප්රගතිය ස්ථාවර හා ඵලදායී අනාගතයක් බිහි කරනවා නියතයි.

උරුමය හා අස්වැසුම දායාද කිරීම
උරුමය සහ අස්වැසුම තවදුරටත් ක්රියාත්මක කර පුළුල් කරන්නෙමි. එයින් සැමට සුරක්ෂිත හා සෞභාග්යමත් අනාගතයක් ලඟා කරදීම මගේ අරමුණයි.

රනිල් වික්‍රමසිංහ....

Address

KOTTAWA
Kottawa
10320

Alerts

Be the first to know and let us send you an email when RANIL For 2024 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share