Srilankan Green Blood-UNP

  • Home
  • Srilankan Green Blood-UNP

Srilankan Green Blood-UNP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Srilankan Green Blood-UNP, Political organisation, Sri Jayewardanepura Kotte, Sri Lanka, .

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී කාන්තාව දෙස සානුකම්පිතව බලා ඇයට හිමි තැන ලබා දුන්හ. එහිදී මවක්, බිරිඳක්, භික්‍ෂුණි...
27/09/2015

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී කාන්තාව දෙස සානුකම්පිතව බලා ඇයට හිමි තැන ලබා දුන්හ. එහිදී මවක්, බිරිඳක්, භික්‍ෂුණියක් ආදී ලෙස සමාජය තුළ සෑම අංශයක්ම කාන්තාවට ලැබීමට සුදුසු බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළහ.

බිනර පෝය තුළ සිදු වූ සුවිශේෂීතම සිදුවීමක් ලෙස කාන්තාවට පැවිද්ද ලබාදීම හැඳින්විය හැකියි. බිනර පෝය උදාවන්නේ සැප්තැම්බර් මාසය තුළයි. බිනර මාසය වස් කාලයට අයත් මාසයකි. විශේෂයෙන් බිනර පෝය තුළ භික්‍ෂූන් වහන්සේලාට විශාල වැඩ කොටසක් පැවරෙනු ඇත. ගිහි පින්වතුන්ට ආගමික සහනශීලිතාවය ඇති කර දීමට වෙනදාට වඩා කැපකිරීමක් කරන්නට සිදුවේ.

වෙනදාට වඩා වස් කාලය තුළ ගිහි පින්වතුන්ගේ ශ්‍රද්ධාව ගෞරවය වැඩි නිසා ඔවුන්ගේ අධ්‍යාත්මික සුවය උදෙසා විශේෂ පින්කම් සිදුකිරීමට භික්‍ෂූන් වහන්සේ උත්සාහ කරනු ඇත.

එසේම වැසි කාලයට අයත් වන බිනර පෝය වස් සමාදම් වන භික්‍ෂූන් වහන්සේ පිළිවෙත් පුරන සමය වශයෙන් ද සුප්‍රකටය. මේ කාලය තුළ භික්‍ෂූන් වහන්සේ වෙනදාට වඩා තෙලෙස් ධූතාංග පිළිබඳ අවධානය යොමු කරනු ඇත. සසර දුකින් ඈත්වීමට කැමති, නිවන් සුව ඵල ලබන්නට කැමැත්තක් දක්වන භික්‍ෂූන් වහන්සේ සතර ඉරියව්වෙන්ම සිව්පසය පිළිබඳ පැවතිය යුතු අන්දමයි මෙම තෙළෙස් ධූතාංග වලින් අර්ථවත් වන්නේ.

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ කාන්තාවට සමාජය තුළ ලැබිය හැකි උසස්ම වරප්‍රසාදය ලැබීමයි. බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වන යුගය වන විට කාන්තාවට හිමි වී තිබුණේ පහත්ම තත්ත්වයකි. බ්‍රාහ්මණ සමාජය තුළ කාන්තාව කාමරයකට කොටු කර තැබීමට බමුණු සමාජය විසින් කටයුතු යොදා තිබුණි. ඇයට එදිනෙදා ලෞකික ජීවිතය තුළත් කිසිදු නිදහසක් නොලැබුණි. ආගමික නිදහස කොහෙත්ම නොලැබුණි. නොයෙක් වදවේදනා හා නීතිරීති මධ්‍යයේ කඳුළුත් සමඟ , ඇයට ජීවත් වීමට සිදු වූවාය. බමුණු සමාජය විසින් කාන්තාවට හිමි මාතෘත්වය පවා විකෘති කරමින් ඇයට අගෞරවයක් වන විදියට කටයුතු කළේය.

මෙවැනි සමාජයක් පැවැති යුගයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී කාන්තාව දෙස සානුකම්පිතව බලා ඇයට හිමි තැන ලබා දුන්හ. එහිදී මවක්, බිරිඳක්, භික්‍ෂුණියක් ආදී ලෙස සමාජය තුළ සෑම අංශයක්ම කාන්තාවට ලැබීමට සුදුසු බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළහ. එහිදී කාන්තාවට ලෞකික සැපත් ලෝකෝත්තර සැපත් ලබා ගැනීමේ භාග්‍යය උදා වූවාය. පුරුෂයාට ලැබෙන වරප්‍රසාද කාන්තාවට ද හිමි විය. කොසොල් රජතුමා තම මල්ලිකා දේවියට දියණියක් ලැබීම ගැන කනස්සල්ලෙන් සිටින මොහොතේ දී පවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇය හොඳින් ඇතිදැඩි කරන්න . සමහර අවස්ථාවලදි පුරුෂයාට වඩා කාන්තාව දක්ෂ හා කාර්යශූර වන බවයි. මේ ආදී වශයෙන් කාන්තාවට සමාජය තුළ ලැබිය යුතු ඉහළම වරප්‍රසාදය ලබාදීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කළහ .

එහි අග්‍ර ප්‍රතිඵලය දැන ගන්නට ලැබෙන්නේ කාන්තාවට පැවිද්දත් උපසම්පදාවත් ලැබීම තුළිනි. බිනර පෝය අපට වැදගත් වන්නේ එම හේතුවත් සමඟිනි. බිනර පෝය තුළ සිදු වූ එම සුවිශේෂි සිදුවීම පිළිබඳ අවධානය යොමු කර බැලීම වැදගත් වේ.

ප්‍රජාපතී ගෝතමිය යනු මහාමාය දේවියගේ නැගණිය නොහොත් සිද්ධාර්ථ කුමාරයාගේ සුළු මවය. සිද්ධාර්ථ කුමාරයා, ඉපදී දින හතකින් තම මව වූ මහාමායා දේවිය කළුරිය කළාය. එතැන් පටන් සිද්ධාර්ථ කුමාරයා හදා වඩා ගත්තේ ප්‍රජාපතී ගෝතමිය විසිනි. ඇය ඉතා ගෞරවයෙන් හා ආදරයෙන් සිදුහත් කුමාරයා ඇති දැඩි කළේය. තම පුතු වූ නන්ද කුමරාටත් වඩා පුදුම භක්තියකින් හා සෙනෙහසකින් සිදුහත් කුමරු දෙස බැලුවාය. එයට හේතුව අනාගත බුදු වන බුදු පුතා යන සිතිවිල්ල ඇය තුළ තදින්ම තිබීමය.

ක්‍රමයෙන් කාලයත් සමඟ සිද්ධාර්ථ කුමරා පැවිදිව සසර දුක් නැති කර බුද්ධත්වය ලබා ගත්හ. කාලයත් සමඟ ප්‍රජාපතී ගෝතමිය පැවිදි වීමට සිතුවාය. ඒ වන විට බුදුරජාණන් වහන්සේ වෙත ගොස් “ස්වාමීනි, කාන්තාවන් වූ අපට ද පැවිද්දට අවසර දෙනු මැනවයි “ තුන් වරක්ම ඉල්ලා සිටියාය. එසේ වුවද මේ කාලය වන විට කාන්තාවන්ට පැවිද්ද දීමට තරම් සුදුසු කාලයක් නොවන බැවින් බුදුරජාණන් වහන්සේ තම සුළු මවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. එදින ප්‍රජාපතී ගෝතමිය නිග්‍රෝධාරාමයෙන් පිටව ගියේ කඳුළු පිරි දෙනෙතින් යුතුවයි.

ඊට පසුව අවස්ථාව උදා වූයේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ සිටින කාලය තුළය. ශාක්‍ය , කෝලීය යුද්ධය සමථයකට පත් කළ බුදුරාජණන් වහන්සේ එහි වැඩම කළ බව සඳහන් වේ. මේ කාලය තුළ තවත් පැවිදිවීමට කැමති කාන්තාවන් 500 ක් දෙනා ප්‍රජාපතී ගෝතමියට සම්බන්ධ වූවාය. මෙම කාන්තාවන් වැඩි පිරිසක් රෝහිණී නදී තීරයෙහිදි පැවිදි වූ කුමාරවරුන්ගේ භාර්යාවන්ය. ඔවුන් කසාවත් පොරවා කිඹුල්වත් නුවර සිට විශාලා මහනුවර කූටාගාර ශාලාවට පයින්ම ගමන් ඇරැඹූවාය. සුවිසල් මැඳුරු තුළ ජීවත් වූ මෙම කාන්තාවන් එතරම් දුක් නොවිඳි පිරිසකි. ඒ බව පැහැදිලි වන්නේ දින ගණනක් තිස්සේ යොදුන් 52 ක් වැනි දුරක් (යොදුනක් යනු සැතපුම් 16 කි) පයින්ම ගෙවා කූටාගාර ශාලාවට පැමිණෙන මේ පිරිස තුළ සමහර දෙනෙකුගේ පා ඉදිමී තිබුණි. සමහර දෙනෙකුගේ පා තුවාල වී තිබුණි. ශරීර සහ ඇඳුම් දහදියෙන් තෙමී, දූවිලි වැදීමෙන් දුර්වර්ණ වී තිබුණි. ප්‍රජාපතී ගෝතමීය ප්‍රමුඛ මේ කාන්තාවන් 500 දෙනාම මහත් වෙහෙසට පත් වී සිටියාය. එසේ පැමිණෙන ප්‍රජාපතී ගෝතමිය කුªටාගාර ශාලාවේ දොරටුව අභියස හඬා වැළපෙමින් සිටියාය.

පසුව ආනන්ද හිමි මෙම පුවත දැක සියලු තොරතුරු ද විමසා දැන බුදුරජාණන් වහන්සේට මෙපුවත සැළ කළේය. එහිදි ආනන්ද හිමියන් සැලකර සිටින්නේ ස්වාමීනි, ඔබ වහන්සේගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී පැවිද්දට අවසර නොලැබීම නිසා කනගාටුවෙන් හඬා වැළපෙමින් සිටින්නීය. ස්වාමීනි, ඔවුනට අනුකම්පා කොට ඇයට පැවිද්ද දුන මැනවයි අයැද සිටියහ. තුන්වරක්ම අයැද සිටියත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. පසුව ආනන්ද හිමියන් නැවත නැවත ඉල්ලීම මත “ බුදුරජාණන් වහන්සේ ආනන්ද, ස්ත්‍රීන් පැවිදි වීමට අදහස් නොකළ යුතුය “ වදාළහ. පසුව ආනන්ද හිමි “ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ කාන්තාවන්ට මාර්ග ඵල ලබා ගත හැකිද “ යනුවෙන් විමසූ කල්හි පුළුවන් බවට බුදුරදුන් පිළිතුරු දුන්හ.

පසුව ආනන්ද හිමි මහා ප්‍රජාපතී ගෝතමිය තුළ තිබූ ගුණ හා මව් පදවිය පිළිබඳ ගුණ ඉස්මතු කර පෙන්වීය. ස්වාමීනි ඔබ වහන්සේ කුඩා කළ කිරි පොවා හදා වඩා ගත් කුඩා මෑණියන් වූ ප්‍රජාපතී ගෝතමියට පැවිදිකමත් උපසම්පදාවත් ලබාදීම සුදුසු බව පෙන්වා දුන්හ.

කාලයක පටන් භික්‍ෂුණී සාසනය ඇතිවීමට ඉල්ලීම් ඇති වුවද බුදුරජාණන් වහන්සේ එය ප්‍රමාද කළේ කාන්තාවගේ ස්වභාවය පිළිබඳ අවධානය යොමු කිරීමෙනි. එහි ඇති වගකීම හා බරපතලකම නිසා මෙතෙක් කාන්තාවන්ට පැවිද්ද දීම ප්‍රමාද කරන ලදී. පසුව ආනන්ද හිමියන්ගේ බලවත් ඉල්ලීම නිසාත් භික්‍ෂූණී සමාජය ඇරඹීම සුදුසු බව බුදුරදුන් සිතීය. එසේ වුවද බුදුරදුන් සඳහන් කර සිටින්නේ “ ආනන්දය මහා ප්‍රජාපතී ගෝතමියට පැවිද්ද හා උපසම්පදාව ලැබීමට අවශ්‍ය නම් පෙර බුදුවරයන්ගේ ශ්‍රාවිකාවන් විසින් පිරූ අෂ්ට ගරු ධර්මයන් ඇය විසින් ද පිළිගත යුතුය. එම ගරු ධර්ම අට පිළිගැනීමට කැමැති නම් පමණක් ඇයට පැවිද්ද හා උපසම්පදාව ලබා ගත හැකිය. එම ගරු ධර්ම මෙසේය.

01. උපසම්පදාවෙන් අවුරුදු 100 ක් ගියත් එදිනම උපසපන් භික්‍ෂූහු උදෙසා වන්දනා කිරීම හා ගෞරව කිරීම කළ යුතුය.
02. භික්‍ෂූන් නැති ප්‍රදේශ වල පිහිටි ආරාම වල භික්‍ෂුණිය වස් නොවිසිය යුතුය.
03. භික්‍ෂුණිය සති දෙකකට වරක් භික්‍ෂූ සංඝයාගෙන් පොහොය විචාරීම හා අවවාද ලබා ගැනීම කළ යුතුය.
04. වස් අවසානයේ දී භික්‍ෂූ, භික්‍ෂුණී දෙපිරිස ඉදිරියේදී ම පවාරණය කළ යුතුය.
05. භික්‍ෂුණියකගෙන් ගරු ඇවතක් සිදු වූ විට දෙසතියකට වරක් භික්‍ෂූ භික්‍ෂුණී දෙපිරිසම ඉදිරියෙහි විනය කර්ම කළ යුතුය.
06. භික්‍ෂුණිය අවුරුද්දක්වත් ශිෂ්‍යමානාවක් ව සිට පිළිවෙත් පුහුණුව ලබා භික්‍ෂූ භික්‍ෂූණීන්ගෙන් උපසම්පදාව ලැබිය යුතුය.
07. භික්‍ෂුණිය විසින් කිසිම හේතුවක් නිසා භික්‍ෂුවකට ආක්‍රෝශ පරිභව නොකළ යුතුය.
08. භික්‍ෂුණිය භික්‍ෂූන්ට අවවාද නොකළ යුතු අතර භික්‍ෂූන්ගේ අවවාද භික්‍ෂුණිය පිළිපැදිය යුතුය.

මේ අෂ්ට ගරු ධර්ම සතුටින් හා කැමැත්තෙන් පිළිගන්නා බව තුන්වරක්ම කියා සිට මහා ප්‍රජාපතී ගෝතමිය ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම පදවිය වූ පැවිද්ද හා උපසම්පදාව ලැබුවාය. අනෙක් කාන්තාවන් 500 දෙනාද නිසි කල්හි පැවිදි උපසම්පදාව ලැබුවාය. එයින් මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ එම පිරිසගේ මහණකම ස්ථාපිත වූවාය. උපසම්පදා ශීලය ද පිහිටන ලදී. එම පිරිස වැඩිකල් නොගොස්ම රහත් වූවාය.

මේ ආකාරයට භික්‍ෂුණී සාසනය ආරම්භ වීමත් සමඟ ගිහි දිවිය ගැන කළකිරුණු කාන්තාවන් බොහෝ දෙනෙක් පැවිදි වූවාය. එහිදී විශේෂයෙන්ම යසෝදරාවන්ගේ පැවිදි භාවය කැපී පෙනෙනු ඇත. ඇයද කාලයක සිට ප්‍රාර්ථනා කරමින් සිටි ඒ උතුම් අවස්ථාව හිමි වූවාය. ඊට පසු ඇය භද්ද කච්චායනා නමින් ප්‍රසිද්ධ වුවාය. බිම්බිසාර රජුගේ රූමත් බිසවක් වූ ඛේමාද , උප්පලවණ්ණා වැනි සිටු කුමාරිකාවන්ද, පටාචාරා , කිසාගෝතමී වැනි සමාජයේ දුකට පත් වූ අයද ඇතුළු නොයෙක් දෙනාට බුදු සසුනේ දොරගුªළු විවර වූයේ අදවන් බිනර පුන් පොහෝ දිනක බව සිහිපත් කරමින් ප්‍රතිපත්තිගරුකව පින් දහම්වල යෙදීම ඉතා අගනේය.

27/08/2015
18/08/2015

Address

Sri Jayewardanepura Kotte, Sri Lanka

Alerts

Be the first to know and let us send you an email when Srilankan Green Blood-UNP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Srilankan Green Blood-UNP:

  • Want your organization to be the top-listed Government Service?

Share