01/03/2026
ජාත්‍යන්තර කාන්තා දිනය යනු සැමරුමක් පමණක් නොව, කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සමානත්වය සහ ආරක්ෂාව පිළිබඳ රජයේ වගකීම නැවත සිහිපත් කරන අර්ථවත් දිනයකි. අද ශ්‍රී ලංකාවේ කාන්තාවෝ දිළිඳුභාවය, ආර්ථික අනාරක්ෂිතභාවය, රැකියා අස්ථාවරතාව සහ නීතිමය හා සමාජ ආරක්ෂාව අඩුවීම, වැනි බරපතළ අභියෝග මධ්‍යයේ ජීවත්වෙති. මෙවැනි තත්ත්වයක් තුළ, කාන්තාවන් සම්බන්ධයෙන් රජය විසින් ගත යුතු තීරණාත්මක ක්‍රියාමාර්ග නොගැනීම, සහ කාන්තාව මුලා කිරීම, ගැඹුරු සමාජ අර්බුදයක් බවට පත්ව ඇත.
කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන්
ඉතිහාසයේ විශාලතම මෙහෙවරක් ඉටුකළ පක්ෂය වන
එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම
2026, මාර්තු 8 වන ඉරු දින
“සිරිකොත” – එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී
පැවැත්වේ.
කාන්තාවන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ සමානත්වය
නැවත ප්‍රමුඛ කරගත්
වගකීමෙන් යුතු දේශපාලන නායකත්වයක අවශ්‍යතාව
මෙම අවස්ථාවේදී අපි පැහැදිලිව අවධාරණය කරමු.
ඔබ සැමට ආරාධනා!