UNP Eksath Lakvanitha Peramuna

UNP Eksath Lakvanitha Peramuna United Lakvanitha Front – Empowering women to lead, unite & inspire. Building a confident, inclusive & resilient society.

Women's Organization of the United National Party "United Lakvanitha Front"
Eksath Lakvanitha Peramuna is a movement dedicated to empowering women and nurturing future leaders. Our mission is to inspire and support women to take on leadership roles and actively participate in nation-building. We believe in fostering unity, respect, and inclusiveness while creating opportunities for women to lead with confidence and vision. Together, we aim to shape a resilient, exemplary, and empowered society.

*එක්සත් ලක්වනිතා පෙරමුණේ ශක්තිය තව තවත් වර්ධනය වෙයි 🇱🇰*එක්සත් ලක්වනිතා පෙරමුණේ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදිය...
18/07/2026

*එක්සත් ලක්වනිතා පෙරමුණේ ශක්තිය තව තවත් වර්ධනය වෙයි 🇱🇰*

එක්සත් ලක්වනිතා පෙරමුණේ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියරේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල ප්‍රගති සමාලෝචන රැස්වීම අද දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම අවස්ථාවට ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් කණ්ඩායම්වල නියෝජිතවරියන් සහභාගී වූ අතර, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි අචිනි ලොකුබණ්ඩා මහත්මියගේ මෙහෙයවීමෙන් සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඉදිරි කටයුතු පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.

රටේ කාන්තා හඬ තව තවත් ශක්තිමත් කිරීමේ ගමනේ තවත් එක් පියවරක්. 💪

එක්සත් ලක්වනිතා පෙරමුණේ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියරේ, කළුතර දිස්ත්‍රික් වැඩසටහන, අද දින ( 16.05.2026),  කළු...
16/05/2026

එක්සත් ලක්වනිතා පෙරමුණේ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියරේ, කළුතර දිස්ත්‍රික් වැඩසටහන, අද දින ( 16.05.2026), කළුතර පිහිටි හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මැතිතුමාගේ කාර්‍යාල පරිශ්‍රයේදී සාර්ථකව ආරම්භ විය.

එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි අචිනි ලොකුබණ්ඩා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ කළුතර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදයෙන් සහ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩ සටහන සඳහා දිස්ත්‍රික්කයේ සියළුම ආසන ආවරණය වන පරිදි සාමාජිකාවන් සහභාගී වූ අතර ඉතාමත් උද්‍යෝගයකින් යුතුව සක්‍රීය දායකත්වය දක්වනු දක්නට ලැබිණි.

මෙම අවස්ථවේදී එක්සත් ලක්වනිතා පෙරමුණේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම තෝරා පත්කරගන්නා ලද අතර ඉදිරි වැඩ කටයුතු පිලිබඳව සාකච්ඡා කරගන්නා ලදී.




කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ලක්වනිතාවන්ට ආරාධනා...!
13/05/2026

කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ලක්වනිතාවන්ට ආරාධනා...!




එක්සත් ලක්වනිතා පෙරමුණේ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර  හිටපු අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් එජාප සංවිධායක අජිත් ම...
09/05/2026

එක්සත් ලක්වනිතා පෙරමුණේ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර හිටපු අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් එජාප සංවිධායක අජිත් මාන්නපෙරුම මහතාගේ කාර්‍යාල පරිශ්‍රයේදී, අද දින (09.05.2026) සාර්ථකව ආරම්භ කරන ලදී.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය සහ සහයෝගය මේ සඳහා ලැබිණි.
බලාපොරොත්තු වූ ආකාරයට සියළුම ආසන ආවරණය වන පරිදි සාමාජිකාවන් සමූහයක් මෙම අවස්ථවට සහභාගී වූ අතර ඉතාමත් උද්‍යෝගයකින් යුතුව සක්‍රීය දායකත්වය දක්වනු දක්නට ලැබිණි.

මෙම අවස්ථවේදී එක්සත් ලක්වනිතා පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කමිටුව තෝරා පත් කර ගත් අතර ඉදිරි වැඩ කටයුතු පිලිබඳව සාකච්ඡා කරගන්නා ලදී.



ලක්වාසි සැමට සතුට, සෞභාග්‍යය සපිරි සුභ සිංහල හා හින්දු  නව වසරක් වේවා!
14/04/2026

ලක්වාසි සැමට සතුට, සෞභාග්‍යය සපිරි සුභ සිංහල හා හින්දු නව වසරක් වේවා!




සංවේගයෙන් දැනුම් දීමයි! එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී අචිනි ලොකුබණ්ඩාර මහත්මියගේ මෑණියන් අභවප්‍රාප්ත වී ඇත.දේහය හෙට ...
27/03/2026

සංවේගයෙන් දැනුම් දීමයි!

එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී අචිනි ලොකුබණ්ඩාර මහත්මියගේ මෑණියන් අභවප්‍රාප්ත වී ඇත.

දේහය හෙට එනම් මාර්තු මස 28 වැනි දින පෙරවරුවේ සිට තලාහේන චන්ද්‍රා පනාගොඩ Royal VIP මල් ශාලාවේ තැන්පත් කොට ඇත.

අවසන් කටයුතු 29 වැනි ඉරු දින පස්වරුවේ තලාහේන පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි විධායක ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ 77 වන ජන්ම දිනයට...
25/03/2026

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි විධායක ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ 77 වන ජන්ම දිනයට සුභ පතා එක්සත් ලක් වනිතා පෙරමුණ විසින් සංවිධානය කරන ලද, විශේෂ බෝධි පූජාව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී 2026 මාර්තු 24 වන දින සවස පැවැත්විණි.

විහාරාධිපති කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී භික්ෂූන් වහන්සේලා විසින් මෙම බෝධි පූජාව මෙහෙයවන ලදී.




මව්බිමට සේවය කිරීම සිය ප්‍රථම රාජකාරිය කරගත්, රට ව්‍යසනයකට පත්වීමට ඉඩ නොදී පෙරට පැමිණ සැමවිටම රට රැකගත්, කථාවෙන් නොව, ක්...
24/03/2026

මව්බිමට සේවය කිරීම සිය ප්‍රථම රාජකාරිය කරගත්, රට ව්‍යසනයකට පත්වීමට ඉඩ නොදී පෙරට පැමිණ සැමවිටම රට රැකගත්, කථාවෙන් නොව, ක්‍රියාවෙන් සිය හැකියාව පෙන්වූ, ලොවක් මවිත කළ දස්කම් පෙන්වා රට අර්බුදයෙන් ගලවා ගත් ජාතියේ නියමුවාණෙනි...
ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා!

චිරං ජයතු!

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අට වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් එක්සත් ලක්වනිතා පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන බෝධි පූජා පිංකම, අද දින, එනම් මාර්තු මස 24 වැනි දින කොළඹ 02, හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා!

24.03. 2026

ජාත්‍යන්තර කාන්තා දිනය යනු සැමරුමක් පමණක් නොව, කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සමානත්වය සහ ආරක්ෂාව පිළිබඳ රජයේ වගකීම නැවත සිහි...
01/03/2026

ජාත්‍යන්තර කාන්තා දිනය යනු සැමරුමක් පමණක් නොව, කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සමානත්වය සහ ආරක්ෂාව පිළිබඳ රජයේ වගකීම නැවත සිහිපත් කරන අර්ථවත් දිනයකි. අද ශ්‍රී ලංකාවේ කාන්තාවෝ දිළිඳුභාවය, ආර්ථික අනාරක්ෂිතභාවය, රැකියා අස්ථාවරතාව සහ නීතිමය හා සමාජ ආරක්ෂාව අඩුවීම, වැනි බරපතළ අභියෝග මධ්‍යයේ ජීවත්වෙති. මෙවැනි තත්ත්වයක් තුළ, කාන්තාවන් සම්බන්ධයෙන් රජය විසින් ගත යුතු තීරණාත්මක ක්‍රියාමාර්ග නොගැනීම, සහ කාන්තාව මුලා කිරීම, ගැඹුරු සමාජ අර්බුදයක් බවට පත්ව ඇත.

කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන්
ඉතිහාසයේ විශාලතම මෙහෙවරක් ඉටුකළ පක්ෂය වන
එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම
2026, මාර්තු 8 වන ඉරු දින
“සිරිකොත” – එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී
පැවැත්වේ.
කාන්තාවන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ සමානත්වය
නැවත ප්‍රමුඛ කරගත්
වගකීමෙන් යුතු දේශපාලන නායකත්වයක අවශ්‍යතාව
මෙම අවස්ථාවේදී අපි පැහැදිලිව අවධාරණය කරමු.
ඔබ සැමට ආරාධනා!

ජාත්‍යන්තර කාන්තා දිනය යනු සැමරුමක් පමණක් නොව,කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සමානත්වය සහ ආරක්ෂාව පිළිබඳරජයේ වගකීම නැවත සිහිපත...
28/02/2026

ජාත්‍යන්තර කාන්තා දිනය යනු සැමරුමක් පමණක් නොව,
කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සමානත්වය සහ ආරක්ෂාව පිළිබඳ
රජයේ වගකීම නැවත සිහිපත් කරන අර්ථවත් දිනයකි.
අද ශ්‍රී ලංකාවේ කාන්තාවන්
දිළිඳුභාවය, ආර්ථික අනාරක්ෂිතභාවය,
රැකියා අස්ථාවරතාව සහ
නීතිමය හා සමාජ ආරක්ෂාව අඩුවීම
වැනි බරපතල අභියෝග මධ්‍යයේ ජීවත්වෙති.
මෙවැනි තත්ත්වයක් තුළ, කාන්තාවන් සම්බන්ධයෙන්
රජය විසින් ගත යුතු තීරණාත්මක ක්‍රියාමාර්ග නොගැනීම,
සහ කාන්තාව මුලා කිරීම,
ගැඹුරු සමාජ අර්බුදයක් බවට පත්ව ඇත.
කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන්
ඉතිහාසයේ විශාලතම මෙහෙවරක් ඉටුකළ පක්ෂය වන
එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම – 2026,
මාර්තු 8 වන ඉරු දින
“සිරිකොත” – එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී
පැවැත්වේ.
කාන්තාවන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ සමානත්වය
නැවත ප්‍රමුඛ කරගත්
වගකීමෙන් යුතු දේශපාලන නායකත්වයක අවශ්‍යතාව
මෙම අවස්ථාවේදී අපි පැහැදිලිව අවධාරණය කරමු.
ඔබ සැමට ආරාධනා!

Address

Sirikotha, 400 Kotte Road, Pitakotte, Sri Jayawardenapura
Kotte
10100

Website

Alerts

Be the first to know and let us send you an email when UNP Eksath Lakvanitha Peramuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share