Divisional Secretariat Maspotha

Divisional Secretariat Maspotha සෞභාග්‍යමත් දේශයක් උදෙසා ජනතාවට විශිෂ්ඨ සේවයක් සැපයීම

15/07/2026
15/07/2026

මාස්පොත ප්‍ර‍ාදේශීය ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මගින් සංවිධානය කරන ලද රැකියා පොළ හ වෘත්තීය පොළ අද දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වීය.

09/07/2026

මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මගින් සංවිධානය කරන ලබන ප්‍ර‍දේශීය ‍රැකියා පොළ සහ වෘත්තීය පොළ ජුලි මස 15 වන දින පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පර‍ිශ්‍රයේදී පැවැත්වේ. ලියාපදිංචි වීම සඳහා පිවිසෙන්න

https://docs.google.com/forms/d/e/1FAIpQLSdUUL27tMwi5RAslxfDvMPtvS3_3KH-xPJnSTXg_z6Pxg9k-g/viewform

වැඩි විස්තර සඳහා අමතන්න
මානව සම්පත් සංවර්ධන නිලධාරි - 0706603878
නිපුණතා සංවර්ධන නිලධාරි - 0704540006

800, තිත්තවැල්ල වසමේ පදිංචි A.M.S.K.අලහකෝන් මහත්මියගේ  දරුවා වෙනුවෙන් මාස 12 ක කාලයක් සදහා රු.4000 බැගින් ජනාධිපති අරමුද...
07/07/2026

800, තිත්තවැල්ල වසමේ පදිංචි A.M.S.K.අලහකෝන් මහත්මියගේ දරුවා වෙනුවෙන් මාස 12 ක කාලයක් සදහා රු.4000 බැගින් ජනාධිපති අරමුදලින් ශිෂ්‍යාධාර අනුමත වී තිබෙී.

මාස්පොත ප්‍රාදේශීය⁣ ලේකම් කාර්යාලය දිවයින පුරා මහජන සේවා සැපයීම ඒකමතික කිරීම අරමුණු කොටගෙන  ජාතික ඵලදායිතා ලේකම් කාර්යාල...
17/06/2026

මාස්පොත ප්‍රාදේශීය⁣ ලේකම් කාර්යාලය දිවයින පුරා මහජන සේවා සැපයීම ඒකමතික කිරීම අරමුණු කොටගෙන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සංවිධානය කළ "citizen mirror "තරගාවලියෙන් දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 ක් අතරින් 14 වන ස්ථානය ද දිවයිනේ ශ්‍රේණිගත කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 340 ක් අතරින් 46 වන ස්ථානය ද හිමිකර ගන්නා ලදී.

🟢 "A Memo to the Nature" (සොබාදහමට හසුනක්) වැඩසටහන ක්‍රියාත්මක කිරීම.ජගත් පරිසර දිනය 2026ට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේක...
04/06/2026

🟢 "A Memo to the Nature" (සොබාදහමට හසුනක්) වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

ජගත් පරිසර දිනය 2026ට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, S - lon සමාගම, Dream Force Srilanka එක්ව සංවිධානය කරනු ලබන "A Memo to the Nature" (සොබාදහමට හසුනක්) පාරිසරික වැඩසටහන දිවයිනේ සියලුම පාසල් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පරිසර සංරක්ෂණය යනු හුදෙක් විෂය නිර්දේශයක පාඩමකට පමණක් සීමා නොකර, දරුවන්ගේ හෘද සාක්ෂියට දැනෙන ආකල්පමය වටිනාකමක් බවට පත් කරමින්, තමන්ට සෙවණ සහ ඔක්සිජන් දෙන පාසල් භූමියේ මහා වෘක්ෂයන් තමන්ගේ "හරිත මිතුරෙකු" ලෙස දකින්නට දරුවන්ව හැඩගැස්වීම මෙම නව්‍ය සහ සංවේදී ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ.

විශේෂඥ පාරිසරික දේශන, හරිත පවුර නිර්මාණය සහ දරුවන්ගේ අත්දැකීම් නිර්මාණාත්මක කුසලතා වර්ධනය ඇතුළු අදියර කිහිපයකින් සමන්විත මෙම වැඩසටහන හරහා සොබාදහමට ආදරය කරන කෘතඥපූර්වක, සංවේදී පරපුරක් බිහිකිරීමට අපේක්ෂිතය.

🟢 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා වැඩසටහනට කැබිනට් අනුමැතිය 🟢ජනාධිපති ලේකම් කාර්යාලය,  බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා...
28/05/2026

🟢 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා වැඩසටහනට කැබිනට් අනුමැතිය 🟢

ජනාධිපති ලේකම් කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම සියලූම සියලූම රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශය සහ මහජනතාව සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

පොසිල ඉන්ධන මත අධික ලෙස රඳා පැවතීම, අහිතකර කාලගුණය, භූ දේශපාලනික අස්ථාවරත්වය සහ ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව අභියෝගයට ලක්ව ඇති අතර, පාරිභෝගිකයන්ගේ අවිධිමත් විදුලි භාවිතය නිසා ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල කරයි. මෙම තත්ත්වය කළමනාකරණය කරමින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා, පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර ජනනය වන කාලසීමාවන් තුළ විදුලිය පරිභෝජනය කිරීමට මහජනතාව යොමු කිරීම සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය චර්යාත්මක වෙනස්කම් ඇති කිරීම අරමුණු කරගනිමින් ඉදිරියේදී වඩාත් ත්‍රීව ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

*ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය*🇱🇰

අල්ලස් හා දූෂණයට එරෙහිව එකතු වෙමුඅල්ලස් හා දූෂණය රටක ආර්ථිකයට, නීතියට සහ ජනතා විශ්වාසයට දැඩි බලපෑමක් ඇති කරන සමාජ අභියෝග...
27/05/2026

අල්ලස් හා දූෂණයට එරෙහිව එකතු වෙමු

අල්ලස් හා දූෂණය රටක ආර්ථිකයට, නීතියට සහ ජනතා විශ්වාසයට දැඩි බලපෑමක් ඇති කරන සමාජ අභියෝගයකි.
විනිවිදභාවය, වගකීම සහ අවංකභාවය ආරක්ෂා කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමකි.

අපි එක්ව:
✔️ අල්ලස් ප්‍රතික්ෂේප කරමු
✔️ නීතියට ගරු කරමු
✔️ දූෂණයෙන් තොර සමාජයක් ගොඩනගමු

“අවංකභාවය යනු යහපත් රාජ්‍ය සේවයේ හා සාර්ථක සමාජයක පදනමයි.” 🇱🇰





වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍යංශය හා මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල  20...
27/05/2026

වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍යංශය හා මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල 2026 මැයි මස 28 වන දින පෙ.ව. 10.00 සිට මාස්පොත නාලන්දෝදය මහා විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Address

Divisional Secretariat Maspotha, Kudagalgamuwa
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94372236747

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Maspotha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Maspotha:

Shortcuts

Share