Media Unit of Polegoda Maha Vidyalaya - PMVMU

Media Unit of Polegoda Maha Vidyalaya - PMVMU පාසල් ජනමාධ්‍යකරණයේ නවමානය

"බලන් සකිසඳ පිපෙන සිසු නා මල" සිසු නියමු අභිසෙස් 2026
25/04/2026

"බලන් සකිසඳ පිපෙන සිසු නා මල"
සිසු නියමු අභිසෙස් 2026

එරබදු මල් පිපී,කොවුල් නාදය දසත පැතිරෙනමේ සොඳුරු වසන්තයේ,ලක්වැසි, ලෝවැසි සැමටමසාමය, සතුට සහ සෞභාග්‍යය පිරිසුබ අලුත් අවුරු...
14/04/2026

එරබදු මල් පිපී,
කොවුල් නාදය දසත පැතිරෙන
මේ සොඳුරු වසන්තයේ,

ලක්වැසි, ලෝවැසි සැමටම
සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි
සුබ අලුත් අවුරුද්දක් වේවා!
🌸✨

නැකත් චාරිත්‍ර ඉටු කරමින්,
සහෝදරත්වයේ දෑත් දිගු කරන
මේ අසිරිමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද
ඔබ සැමට ජයග්‍රාහී වසරක් වීමට අප ප්‍රාර්ථනා කරමු.
🌞🙏

පොලේගොඩ මහා විද්‍යාලයීය මාධ්‍ය ඒකකය

02/04/2026
ගුරු උපහාර ප්‍රණාමය​2026 වසරේ අප විද්‍යාලයෙන් සමුගෙන යන ගුරු මව්වරුනි, පියවරුනි, ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු!​• වසර...
13/03/2026

ගුරු උපහාර ප්‍රණාමය

​2026 වසරේ අප විද්‍යාලයෙන් සමුගෙන යන ගුරු මව්වරුනි, පියවරුනි, ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු!

​• වසර දෙකක සේවා කාලයක් නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන) ධුරය හොබවා, ස්ථාන මාරු ලැබ යන රුවන් පී. කුමාර ගුරු පියාණනි,

• ​වසර විසි නවයක් පුරාවට චිත්‍ර විෂයභාර ගුරුවරිය ලෙසත්, විෂය සමගාමී සහකාර විදුහල්පතිනිය ලෙසත් කටයුතු කර විශ්‍රාම ලබන එස්. ඩබ්. එල්. මධුභාෂිණී ගුරු මෑණියනි,

​• වසර හතක කාලයක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ගුරුවරියක ලෙස සේවය කර ස්ථාන මාරු ලැබ යන කේ. කේ. සමන්පුර ගුරු මෑණියනි,

• ​වසර නවයක කාලයක් බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය සහ සිංහල යන විෂයයන් උගන්වමින් කටයුතු කළ, අප විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවක ද වන ඩී. කේ. රණසිංහ ගුරු මෑණියනි,

• ​නිවාසාන්තර ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීමට දායක වෙමින්, පසුගිය ජනවාරි මස සිට මාස දෙකක කාලයක් අප විද්‍යාලයට අනියුක්තව සේවය කළ කේ. එම්. එස්. එම්. රත්නායක ගුරු මෑණියනි,

​පොලේගොඩ මහා විද්‍යාලයෙන් විශිෂ්ට පුරවැසියන් සමාජයට දායාද කිරීමේ මහඟු කාර්යභාරය උදෙසා ඔබ සැම ඉටුකළ ගෞරවනීය සේවයට අපගේ ප්‍රණාමපූර්වක උපහාරය මෙසේ පිරිනමමු..!

2026.02.22 BP දින සැමරුමට ගෝනපල Middleway college ක්‍රීඩාංගනයට ගිය අපේ බාලදක්ෂයෝ
23/02/2026

2026.02.22
BP දින සැමරුමට ගෝනපල Middleway college ක්‍රීඩාංගනයට ගිය අපේ බාලදක්ෂයෝ

පොලේගොඩ මහ විදුහල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026
14/02/2026

පොලේගොඩ මහ විදුහල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026

තව  දින දෙකයි........
04/02/2026

තව දින දෙකයි........

අප විදුහලේ 2026 නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල මෙවර පෙබරවාරි 06 වන දින විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්...
04/02/2026

අප විදුහලේ 2026 නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල මෙවර පෙබරවාරි 06 වන දින විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට බලාපොරොත්තු වේ.

මහසෙන්, ගැමුණු, පැරකුම් නිවාසවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තම නිවාසය ජයග්‍රහණය කරවීම පිණිස නිවාස භාර ගුරු භවතුන් සමගින් මේ දිනවල මහත් වෙහෙසකින් කටයුතු කරති.

ක්‍රිකට්, අත්පන්දු, දැල්පන්දු, එල්ලේ බාලක බාලිකා කණ්ඩායම් තරඟ ඉතා උද්‍යෝගයෙන් පැවැත්විණි.
මීටර් 1500,800,400, 200,100 සහ 400x4 ධාවන තරඟ පවත්වා අවසන් ව ඇත.
කරට කර සටනක් දෙමින් ශූරතාව ලබා ගැනීමට නිවාස තුන ම බලාපොරොත්තුවෙන් පසු වේ.

Let's celebrate the 78th Independence Day with pride..🇱🇰💪💗
03/02/2026

Let's celebrate the 78th Independence Day with pride..
🇱🇰💪💗




සුහද ආරාධනා.....
30/01/2026

සුහද ආරාධනා.....

පොලේගොඩ මහා විද්‍යාලයේ 06 ශ්‍රේණිය  සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ සමාරම්භක උත්සවය 2026/01/21 දින සාර්ථක ව නිමා විය. එහි ප්...
21/01/2026

පොලේගොඩ මහා විද්‍යාලයේ 06 ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ සමාරම්භක උත්සවය 2026/01/21 දින සාර්ථක ව නිමා විය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගල්ලප්පහල විද්‍යාලයේ විදුහල්පතිතුමා වන T H S සුරංග ප්‍රේමකුමාර මැතිතුමා සහභාගී විය....

අප පාසලේ දීර්ඝ කාලයක් සිංහල විෂය උගන්වා පසුගිය වසරේ (2025) විශ්‍රාම ලැබූ ඒ.එම් දයාවතී ගුරු මාතාව වෙනුවෙන් උපහාර උළෙල පසු...
13/01/2026

අප පාසලේ දීර්ඝ කාලයක් සිංහල විෂය උගන්වා පසුගිය වසරේ (2025) විශ්‍රාම ලැබූ ඒ.එම් දයාවතී ගුරු මාතාව වෙනුවෙන් උපහාර උළෙල පසුගිය අට වෙනිදා උත්කර්ෂවත් අන්දමින් පාසල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
ඊට සමගාමීව අප පාසලේ සිට ස්ථාන මාරු ලැබූ ඉතිහාසය විෂය ඉගැන්වූ පී.ඩී.එම් . චතුරිකා ගුරු මහත්මියටත් , ගණිතය විෂය ඉගැන් වූ කේ.අයි.එස්. කැකුළාවල ගුරු මහත්මියටත් , ඉංග්‍රීසි විෂය ඉගැන් වූ බී.පී.වීරසිංහ ගුරු මහත්මියටත්, පුරවැසි අධ්‍යාපන විෂය ඉගැන් වූ කේ.පී.ලියනගේ ගුරු මහත්මියටත් උපහාර පිරිනැමීම පාසල් ගුරු හා අනධ්‍යන සුබ සාධක සංගමය සහ සිසු දරුවන් විසින් සිදු විය.
විශ්‍රාම ලැබූ ඒ. එම් දයාවතී ගුරු මෑණියන් ඇතුළු ස්ථාන මාරු ලැබූ අනෙකුත් ගුරු මව්වරුන්ට නිදුක් නිරෝගී චිර ජීවනය පතන්නෙමු.

Address

Polegoda Maha Vidyalaya
Mahagama
12210

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94342282063

Alerts

Be the first to know and let us send you an email when Media Unit of Polegoda Maha Vidyalaya - PMVMU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Media Unit of Polegoda Maha Vidyalaya - PMVMU:

Share