05/11/2024
මේ මොහොතේ දී රටට ඇත්තටම ආදරය කරන රටේ දියුණුව වෙනුවෙන් අවංකවම දායකත්වයක් දැක්විය හැකි අය පාර්ලිමේන්තුව තුල සිටිය යුතුයි.
සම්ප්‍රදායික විපක්ෂයේ කාර්යය භාරය වන්නේ ආණ්ඩු පක්ෂය සිදු කරන සෑම දෙයකටම එරෙහි වීම සහ එතුලින් ජනතාව රවටා ඊලග මැතිවරණයේදී බලය අල්ලා ගනිමු යන සිතිවිලි වලින් මිදී, මේ මොහොතේ අවශ්‍ය රටේ දියුණුව උදෙසා, පත් වන ආණ්ඩුව ගන්නා යහපත් තීන්දු තීරණ වලට සහයෝගය ලබා දීමටත් රටේ ජනතාවට අයහපතක් වන තීන්දු තීරණ ගතහොත් ඒවාට නිවැරැදි අවස්ථාවේ දී එරෙහි වීමටත් බලාපොරොත්තු වෙන මාව, ඔබ පාර්ලිමේන්තුවට යැවිය යුතු බව මා විශ්වාස කරමි.
පක්ෂ භේදයකින් තොරව මේ අවස්ථාවේ දී අප සියළු දෙනා එකට එක්වී එකාවන්ව රටේ දියුණුව වෙනුවෙන් වැඩ කල යුතුය යන්න මගේ අදහසයි.
රට වෙනුවෙන් මෙහෙම කරන්න ඕන කියමින් ෆේස්බුක් එක තුල වීරයෙක් නොවී රටේ දේශපාලන ප්‍රවාහයට එක් වී මගේ යුතුකම් කොටස ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙමි.
ඔබට මාව විශ්වාස කල හැකි අතර නිරන්තරව ඔබ සියළු දෙනාගේ විශ්වාසය රැකෙන අයුරින් කටයුතු කිරීමට මම වග බලාගනිමි. එසේම සැබෑ ජනතා සේවය සඳහා කැප වෙමි.
රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ව්‍යවසායකත්ව ආර්ථිකයක් සඳහා ජනතාව වැඩියෙන් යොමු කල යුතුය සහ නැවත මේ රටේ කර්මාන්ත ඇති කල යුතුය යන්න මගෙත් අදහසයි. ඒ සඳහා ජනතාවගේ අවධානය ලබා ගැනීමටත් ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් හැකි පමණින් සැලසීමටත් සහ අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට අවශ්‍ය වැඩ පිලිවෙලක් ඉදිරිපත් කිරීමට හෝ රජය ගන්නා එවැනි වැඩ සටහන් සඳහා මගේ දැනුම, කුසලතා සහ සහයෝගය ලබා දීමට මා අදහස් කරනවා.
එසේම මුලින්ම බස්නාහිර පලාතේ සිටින අඩු ආදායම්ලාභී පවුල් වල සාමාජිකයින්ව ස්වයං රැකියා සඳහා යොමු කරවීමටත්, දැනට සුළු ව්‍යාපාර වල යෙදී සිටින අයට එම ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය දැනුමත්, ඉතාමත් සහනදායී පොලියක් යටතේ ව්‍යාපාරික ණය ලබා දීමටත් කටයුතු කිරීමට මා බලාපොරොත්තු වෙනවා. (දැනටමත් මේ ණය ලබා දීම සඳහා අපට වැඩපිලිවෙලක් තිබෙන අතර යම් යම් සීමාවන්ට යටත්ව එම ණය ලබා දෙමින් සිටිනවා. එම කටයුතු වඩා පුළුල්ව සිදු කිරීමටත් බලාපොරොත්තු වෙමි.)
නිසි දැක්මක් සහ දැනුමක් ඇති දැනටමත් කණ්ඩායම් සමග එකට එක්ව වැඩකටයුතු කර අත්දැකීම් සහිත, එසේ නායකත්වය ලබා දීමෙන් සිදු කල ව්‍යාපෘතින් වලින් සාර්ථක ප්‍රතිඵල ලඟා කරගත්, නායකත්ව කුසලතා වැඩි දියුණු කරගෙන ඇති දිරිය කාන්තාවක් වන මා පාර්ලිමේන්තුව තුල සිටිය යුතු යැයි ඔබට හැඟේ නම් ලංකා ජනතා පක්ෂයේ සළකුන වන දියමන්තිය 💎 ඉදිරියෙන් කතිරය සලකුණු කර මගේ අංකය වන 15 ඉදිරියෙන් කතිරය සලකුණු කර වැඩිම මනාපයෙන් මාව ජයග්‍රහණය කරවන්න. ඔබේත් ඔබ පවුලේ අනෙකුත් ඡන්දදායකයින්ගේ සහ ඔබගේ හිතමිතුරන්ගේත් සහයෝගය මා වෙත ලබා දෙන්න. ස්තූතියි.
ඔබේ හිතවත්,
දෙව්දුනි ශාමෙන්
කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද අපේක්ෂිකා.
💎X 15 X See less