25/01/2026
..මතකද ඒ පළවෙනි දවස?..
කැලණි ගඟ උතුරා ගිහින් මුළු කඩුවෙලම වතුරෙන් යටවෙද්දී, ඇය මුලින්ම දැම්මේ දේශපාලන පෝස්ට් එකක් නෙමෙයි. තමන්ගේ අම්මා, තාත්තා, සහෝදරයා වතුරට කොටු වුණාම දැනෙන ඒ අසරණ හැඟීම වචන කරපු බොහොම සංවේදී සටහනක්. එදා ඇය ඇඬුවේ දේශපාලනඥයෙක් විදියට නෙමෙයි, කඩුවෙල දියණියක් විදියට.
හැබැයි ඇය එතැනින් නැවතුණේ නෑ. "මම අඬලා හරියන්නේ නෑ, මගේ මිනිස්සු වෙනුවෙන් මම නැගිටින්න ඕනේ" කියලා ඇය තීරණය කළා.
එදා ඉඳන් පහුගිය දවස් ටිකේම අපි දැක්කා ඇය රෑ දවල් නැතුව ෆේස්බුක් ලයිව් (Facebook Live) එනවා. ලෝක වාර්තා තියන්න නෙමෙයි, ලෝකවාසී හැමෝගෙන්ම තමන්ගේ මිනිස්සු වෙනුවෙන් "හැකි උදව්වක් කරන්න" කියලා ඉල්ලන්න. බලයක්, තනතුරක් නැතිව වුණත්, ඇය ගැන තිබුණ විශ්වාසය නිසාම ලෝකේ වටේම ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඇය වටා රොක් වුණා.
පළමු අදියරේ අභියෝග: රැස් කරගත්තු හැම රුපියලකටම වගකියමින්, ඉතාම විනිවිදභාවයකින් (Transparency) ඇය වැඩ පටන් ගත්තා. කඩුවෙල ආසනයේ අස්සක් මුල්ලක් නෑර, හැම ආධාර කඳවුරකටම ඇය පෞද්ගලිකවම ගියා. කෑම බීම විතරක් නෙමෙයි, මිනිස්සුන්ට ඒ වෙලාවේ අත්‍යවශ්‍යම වෙලා තිබුණ, නමුත් කවුරුත් ලොකුවට නොහිතපු දේවල් ඇය හොයාගෙන ගියා.
නිදාගන්න කොට්ට, මෙට්ට, බෙඩ්ෂීට්...
කාන්තාවන්ට අත්‍යවශ්‍ය සනීපාරක්ෂක තුවා (Sanitary pads)...
කුඩා දරුවන්ට ඩයපර්ස්, සබන්, බේබි ක්‍රීම්...
යට ඇඳුම්, දත් බෙහෙත්, දත් බුරුසු...
ලෙඩ වුණ අයට බෙහෙත් සහ කුඩ...
මේ හැමදේම ඇය බෙදුවේ කැමරාවට පෝස් දාලා යන දේශපාලන වැඩක් විදියට නෙමෙයි, තමන්ගේ පවුලේ අයට උදව් කරනවා වගේ හැඟීමකින්.
දෙවන අදියර: දැන් වතුර බැහැලා ගිහින්. මිනිස්සු ආපහු ගෙවල් වලට යනවා. හැබැයි ගෙදර උයන්න හට්ටියක් වළඳක් නෑ. ඒ නිසාමයි ඇය දැන් මේ "දෙවැනි අදියර" පටන් අරන් තියෙන්නේ. පවුල් 3500 කට ආපහු බත් මුට්ටිය ඉදෙන සතුට දෙන්න, කුස්සියට අත්‍යවශ්‍ය බඩු මල්ලක් ( උපාංග 11කින් යුත් )අරගෙන ඇය එනවා.
මේ පින්තූරයෙන් පේන්නේ ඒ කැපවීමේ ප්‍රතිරූපයයි. කඩුවෙල මිනිස්සු ඡන්දෙදි තමන්ට සැලකුවේ කොහොමද කියන එක අමතක කරලා, හෘද සාක්ෂියට එකඟව යුතුකම ඉටු කරන ඇය, ඇත්තටම යකඩ ගැහැණියක්!
ස්තූතියි හිරුණිකා මැඩම්, නොවැටී හිටියාට... 🙌🇱🇰
Hirunika Premachandra