Department of Fisheries & Aquatic Resources , Sri Lanka

Department of Fisheries & Aquatic Resources , Sri Lanka Responsible fisheries industry in compliance with international conventions, laws and rules.

ඉන්දියානු සාගර ටූනා කොමිසමේ (IOTC) 23 වන අනුකූලතා කමිටු සැසිය සහ 30 වන කොමිශන් සභා සැසිය පිළිබඳ දිස්ත්‍රික් ධීවර සම්බන්ධ...
21/08/2026

ඉන්දියානු සාගර ටූනා කොමිසමේ (IOTC) 23 වන අනුකූලතා කමිටු සැසිය සහ 30 වන කොමිශන් සභා සැසිය පිළිබඳ දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකාරකවරුන් දැනුවත් කිරීම~~

මෑතකදී පැවැත්වුණු ඉන්දියානු සාගර ටූනා කොමිසමේ (IOTC) 23 වන අනුකූලතා කමිටු සැසිය (CoC23) සහ 30 වන කොමිශන් සභා සැසිය සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමාගේ දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකාරකවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන අද (21) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී CoC23 සැසියේදී සාකච්ඡාවට හා සමාලෝචනයට ලක් වූ ශ්‍රී ලංකාවට අදාළ ප්‍රධාන කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු විය. ඒ අතර,

🔹 VMS පසුබැලීම් ක්‍රමය
🔹 ප්‍රාදේශීය VMS වැඩසටහන
🔹 දැල් භාවිතය සම්බන්ධ තහනම් හා නියාමන
🔹 විදුලීය නිරීක්ෂණ ක්‍රමවේද (EMS) හඳුන්වාදීම
🔹 ශ්‍රී ලංකාවේ කහ වරල් කෙලවල්ලා (Yellowfin Tuna – YFT) සහ ඇස්ගෙඩි කෙලවල්ලා (Bigeye Tuna) මත්ස්‍ය සම්පත් සීමා සම්බන්ධ තත්ත්වය
🔹 නීතිවිරෝධී, වාර්තා නොකළ හා නියාමනයට යටත් නොවූ (IUU) ධීවර කටයුතු සම්බන්ධ තොරතුරු

යන කරුණු පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරිණි.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයෙකු ලෙස එක්වූ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ - මෙහෙයුම්, දිනේෂ් පීරිස් මහතා විසින් අදාළ කරුණු පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු නිලධාරීන් සහ දිස්ත්‍රික් 21ක් නියෝජනය කරමින් ධීවර සම්බන්ධීකාරකවරුන් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ තිරසාරභාවය, වගකීම් සහගත ධීවර කටයුතු හා ජාත්‍යන්තර ධීවර නියාමනවලට අනුකූලතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දැනුවත්භාවය සහ සහයෝගීතාව අත්‍යවශ්‍ය වේ.

🩺 ධීවර සුව සවිය – මූලික ප්‍රථමාධාර පුහුණු වැඩසටහනධීවරයින් හදිසි අවස්ථාවලදී කඩිනමින් හා නිවැරදිව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍...
21/08/2026

🩺 ධීවර සුව සවිය – මූලික ප්‍රථමාධාර පුහුණු වැඩසටහන

ධීවරයින් හදිසි අවස්ථාවලදී කඩිනමින් හා නිවැරදිව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය දැනුම හා ප්‍රායෝගික කුසලතා ලබාදීමේ අරමුණින් මූලික ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් වාලච්චේන ධීවර වරායේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගයෙන් පැවැත්විණි.

හදිසි අනතුරු අවස්ථාවලදී මූලික ප්‍රථමාධාර ලබාදීම, ජීවිතාරක්ෂක පියවර සහ ආරක්ෂිතව ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ධීවරයින් දැනුවත් කිරීම හා ප්‍රායෝගික පුහුණුව ලබාදීම මෙහිදී සිදු කරන ලදී.

ධීවර ජීවිත සුරක්ෂිත කිරීම සඳහා දැනුම, සූදානම සහ නිවැරදි ප්‍රතිචාරය අත්‍යවශ්‍ය වේ. 🛟⚓❤️

🩺 Fisher Welfare – First Aid Training Programme

A First Aid Training Programme was conducted at the Valachchenai Fishing Harbour with the support of the Sri Lanka Navy, to equip fishermen with the essential knowledge and practical skills needed to respond effectively during emergencies.

The programme focused on basic first aid, emergency response procedures, and essential life-saving measures that can be applied in the event of accidents or medical emergencies at sea.

Building knowledge, preparedness and the ability to respond quickly — because every life matters. 🛟⚓

🌊 අනපේක්ෂිත කාලගුණික වෙනස්වීම් හමුවේ ධීවර ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනඅනපේක්ෂිත කාලගුණික වෙනස්වීම්වලදී ධීවරයින්...
21/08/2026

🌊 අනපේක්ෂිත කාලගුණික වෙනස්වීම් හමුවේ ධීවර ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

අනපේක්ෂිත කාලගුණික වෙනස්වීම්වලදී ධීවරයින් විසින් ගත යුතු ආරක්ෂිත පියවර, හදිසි අවස්ථාවලදී ඊට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සහ අදාළ ආයතන විසින් නිකුත් කරනු ලබන නිල කාලගුණික හා ආරක්ෂක නිවේදන නිසි පරිදි පිළිපැදීමේ වැදගත්කම පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින පානදුර ධීවර වරායේදී පැවැත්විණි.

වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් පැවැත්වූ මෙම වැඩසටහන තුළින්, කාලගුණික තත්ත්වයන් හමුවේ අවදානම් අවම කර ගනිමින් ධීවර කටයුතුවල නිරත වීම සහ ජීවිත ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම පිළිබඳව ධීවරයින් දැනුවත් කරන ලදී.

“නිල නිවේදනයක් යනු අනතුරක් වීමට පෙර ලැබෙන අනතුරු ඇඟවීමකි — එය පිළිපැදීම ඔබගේත්, ඔබේ සමීපතමයන්ගේත් ආරක්ෂාවයි.” 🌊🛟

සුපිළිපන්නභාවය පිළිබඳ දැනුවත් කිරීමේ හා අභිප්‍රේරණ වැඩසටහනරාජ්‍ය සේවයේ වගකීම් සහගත, විනිවිදභාවයෙන් යුතු හා සුපිළිපන්න සේ...
21/08/2026

සුපිළිපන්නභාවය පිළිබඳ දැනුවත් කිරීමේ හා අභිප්‍රේරණ වැඩසටහන

රාජ්‍ය සේවයේ වගකීම් සහගත, විනිවිදභාවයෙන් යුතු හා සුපිළිපන්න සේවාවක් ගොඩනැගීම සඳහා නිලධාරීන් දැනුවත් කිරීමේ හා අභිප්‍රේරණය කිරීමේ විශේෂ වැඩසටහනක් අද (2026.08.21) ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන තුළින් සුපිළිපන්නභාවයේ වැදගත්කම, රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ ආයතනික යහපාලනය ශක්තිමත් කිරීම පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමට අවස්ථාව සැලසිණි.

වගකීම් සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් අපි එක්වෙමු. 🇱🇰

🩺 ධීවර සුව සවිය – මූලික ප්‍රථමාධාර වැඩසටහනකිරින්ද ධීවර වරායේදී ධීවර ප්‍රජාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමේ...
20/08/2026

🩺 ධීවර සුව සවිය – මූලික ප්‍රථමාධාර වැඩසටහන

කිරින්ද ධීවර වරායේදී ධීවර ප්‍රජාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් “ධීවර සුව සවිය” මූලික ප්‍රථමාධාර වැඩසටහන සාර්ථකව පැවැත්විණි.

හදිසි අවස්ථාවකදී නිවැරදිව හා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මූලික දැනුම මෙන්ම ප්‍රායෝගික පුහුණුව ද සහභාගී වූවන්ට ලබා දෙන ලදී.

ධීවර ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් දැනුම සහ කුසලතා ලබාදීම, ආරක්ෂිත ධීවර ප්‍රජාවක් ගොඩනැගීම සඳහා වැදගත් පියවරකි. ⚓🇱🇰

ධීවර ක්ෂේත්‍රයට නව ජවයක් – නව පරපුරක් සේවයට එක්වෙයි! 🎣🇱🇰ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් කරමින්,...
19/08/2026

ධීවර ක්ෂේත්‍රයට නව ජවයක් – නව පරපුරක් සේවයට එක්වෙයි! 🎣🇱🇰

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් කරමින්, නව ධීවර නිලධාරීන් 112 දෙනෙකු රාජ්‍ය සේවයට එක්වීම සුවිශේෂී සන්ධිස්ථානයකි.

මෙය හුදෙක් නව පත්වීම් ලබාදීමක් පමණක් නොව, මුහුද, ධීවර සම්පත් සහ ධීවර ප්‍රජාව වෙනුවෙන් වගකීම භාරගන්නා නව පරපුරක ආරම්භයකි.

නව දැනුම, නව තාක්ෂණය සහ කැපවීම සමඟින් ධීවර සම්පත් තිරසාරව කළමනාකරණය කරමින්, ධීවර ප්‍රජාවේ අනාගතය වඩාත් ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය වැදගත් වනු ඇත.

අද පත්වීමක්… හෙට වෙනසක්…
ධීවර ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් නව ජවයකින් ඉදිරියට! 🌊🎣🇱🇰

නව පත්වීම් ලැබූ සියලුම ධීවර නිලධාරී මහත්ම මහත්මීන්ට උණුසුම් සුබ පැතුම්! 👏💙

A New Force for the Fisheries Sector – A New Generation Joins the Service! 🎣🇱🇰

The appointment of 112 new Fisheries Officers marks an important milestone in strengthening the future of Sri Lanka’s fisheries sector.

This is more than a new batch of appointments—it marks the beginning of a new generation taking responsibility for our seas, fisheries resources and fishing communities.

With fresh knowledge, modern technology and dedication, these officers will play an important role in sustainable fisheries resource management and in building a stronger future for our fishing communities.

An appointment today… A change tomorrow…
Moving forward with new energy for the future of Sri Lanka’s fisheries sector! 🌊🎣🇱🇰

Warmest congratulations to all newly appointed Fisheries Officers! 👏💙

19/08/2026

ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා නව ජවයක් - නව ධීවර නිලධාරී පත්වීම් ප්‍රධානය කෙරේ!...

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද නව ධීවර නිලධාරී පත්වීම් ප්‍රධානෝත්සවය අද දින සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද ලිඛිත විභාගය සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල මත පදනම්ව, අයදුම්කරුවන් 2,176 දෙනෙකු අතුරින් තේරී පත් වූ දක්ෂතා පූර්ණ නිලධාරීන් 112 දෙනෙකු සඳහා මෙහිදී නිල වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු විය.

මෙම නිල උත්සව අවස්ථාව සඳහා ගරු ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, ගරු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා,අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා, ආයතන ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

නව පත්වීම් ලැබූ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය වශයෙන් අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු.

கடற்றொழில் துறையின் முன்னேற்றத்திற்கு ஒரு புதிய உத்வேகம் - புதிய கடற்றொழில் அதிகாரிகளுக்கான நியமனக் கடிதங்கள் வழங்கப்பட்டன!

கடற்றொழில், நீரியல் மற்றும் கடல் வளங்கள் அமைச்சு மற்றும் கடற்றொழில், நீரியல் வளங்கள் திணைக்களம் இணைந்து ஏற்பாடு செய்த புதிய கடற்றொழில் அதிகாரிகளுக்கான நியமன கடிதம் வழங்கும் நிகழ்வு இன்று வெற்றிகரமாக நடைபெற்றது.

இலங்கை பரீட்சைகள் திணைக்களத்தினால் நடாத்தப்பட்ட எழுத்து மூலப் பரீட்சை மற்றும் கட்டமைப்பு சார்ந்த நேர்முகத் தேர்வுகளின் முடிவுகளின் அடிப்படையில், 2,176 விண்ணப்பதாரர்களில் இருந்து தெரிவு செய்யப்பட்ட 112 திறமையான அதிகாரிகளுக்கு உத்தியோகபூர்வமாக நியமனக் கடிதங்கள் இதன்போது வழங்கி வைக்கப்பட்டன.

இந்த நிகழ்வில் கடற்றொழில், நீரியல் மற்றும் கடல் வளங்கள் அமைச்சர் இராமலிங்கம் சந்திரசேகர், பிரதி அமைச்சர் ரத்ன கமகே, அமைச்சின் செயலாளர் கலாநிதி பி.கே.கோலித கமல் ஜினதாச, கடற்றொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களத்தின் பணிப்பாளர் நாயகம் சுசந்த கஹவத்த, நிறுவனங்களின் தலைவர்கள் உட்பட பல்வேறு முக்கிய அதிதிகள் கலந்துகொண்டனர்.

புதிதாக நியமனம் பெற்ற அனைத்து உத்தியோகத்தர்களுக்கும் கடற்றொழில், நீரியல் மற்றும் கடல் வளங்கள் அமைச்சு சார்பில் எங்களது மனமார்ந்த வாழ்த்துகளைத் தெரிவித்துக் கொள்கிறோம்.

New momentum for the advancement of the fisheries sector – Appointments awarded to new fisheries officers!

The appointments awarding ceremony for new Fisheries Officers, organized collaboratively by the Ministry of Fisheries, Aquatic and Ocean Resources and the Department of Fisheries and Aquatic Resources, was successfully held today.

Based on the results of the written examination and structured interviews conducted by the Department of Examinations, official letters of appointment were presented to 112 highly qualified officers selected from among 2,176 applicants.

The official ceremony was attended by Hon. Minister of Fisheries, Aquatic and Ocean Resources Ramalingam Chandrasekar, Hon. Deputy Minister Rathna Gamage, Secretary to the Ministry Dr. B.K. Kolitha Kamal Jinadasa, Director General of the Department of Fisheries and Aquatic Resources Mr. Susanta Kahawatta, heads of institutions, and a number of distinguished guests.

On behalf of the Ministry of Fisheries, Aquatic and Ocean Resources, we extend our warmest congratulations to all the newly appointed officers.

🩺 ජීවිතයක් බේරාගැනීමට දැනුමක් – ප්‍රථමාධාර පුහුණුවකුඩාවැල්ල ධීවර වරායේදී පැවැති ප්‍රථමාධාර පුහුණු වැඩසටහන තුළින්, හදිසි ...
19/08/2026

🩺 ජීවිතයක් බේරාගැනීමට දැනුමක් – ප්‍රථමාධාර පුහුණුව

කුඩාවැල්ල ධීවර වරායේදී පැවැති ප්‍රථමාධාර පුහුණු වැඩසටහන තුළින්, හදිසි අවස්ථාවකදී වටිනා මිනිත්තු කිහිපය නිවැරදිව භාවිත කරමින් ජීවිතයක් බේරාගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා කුසලතා ලබාදෙන ලදී.

මෙය ඉතාමත් සජීවී සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් සමන්විත පුහුණු සැසියක් වූ අතර, සහභාගී වූවන්ට ඉගෙනගත් දේ ප්‍රායෝගිකව අත්හදා බැලීමට අවස්ථාව හිමි විය.

ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව සහ හදිසි අවස්ථාවලදී ජීවිත රැකගැනීමේ හැකියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙවැනි වැඩසටහන් මහත් වැදගත්කමක් දරයි.

⚓ මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අපගේ ස්තුතිය.

🩺 Knowledge That Can Save a Life – First Aid Training

A First Aid Training Programme was conducted at Kudawella Fisheries Harbour, focusing on the practical knowledge and skills needed to respond effectively during an emergency and potentially save a life during those critical first few minutes.

The session was highly interactive and practical, giving participants the opportunity to practise essential first aid techniques rather than simply learning them through theory.

Building the ability of the fishing community to respond confidently and effectively in emergencies is an important step towards creating a safer working environment.

⚓ Our sincere appreciation to the Sri Lanka Navy for their valuable support in conducting this programme.

19/08/2026

Address

New Secretariat Building
Maligawatta
1000

Opening Hours

Monday 08:00 - 04:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 04:00
Thursday 08:00 - 04:00
Friday 08:00 - 04:00

Alerts

Be the first to know and let us send you an email when Department of Fisheries & Aquatic Resources , Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of Fisheries & Aquatic Resources , Sri Lanka:

Shortcuts

Share