18/08/2026
රටම එකට ජාතික මත්ද්‍රව්‍ය මෙහෙයුමට සමගාමීව බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්දැයි සෙවීම සදහා දඹුල්ල ප්‍රධාන බස්නැවතුම්පලේදී වැඩසටහනක් අද (18) මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, දඹුල්ල පොලිසියේ රථවාහන අංශය සහ දඹුල්ල මහා නගර සභාව මූලිකත්වයෙන් දියත් කරන කරන ලදි.
මෙම අවස්ථාව සඳහා දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී සහෝදරයා, මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියෙ සභාපති වී. අජිත් ප්‍රියන්ත මහත්මයා, ජාතික ප්‍රවාහන වෛද්‍යාතනයේ වෛද්‍ය ජෝසර් මහත්මිය, දඹුල්ල පොලිසියෙ රථවාහන අංශයෙ ස්ථානාධිපති තරිඳු පෙරේරා මහත්මයා ඇතුලු දිස්ත්‍රික්කයේ දඹුල්ල හා ඒ අවට කොට්ඨාසයන්හි පොලිස් ස්ථාන නියෝජනය කරමින් රථවාහන අංශ ස්ථානාධිපතිවරු ඇතුලු නිළධාරි මහත්මයන් පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී මගී පොදු ප්‍රවාහන සේවාවට අදාල පුද්ගලයින්ගෙ පරීක්ෂා කිරීම් ජංගම රසායනාගාර තුළදී විශ්ලේෂණය කොට අදාල නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීම සිදුවිය. තවද රථවාහන අනතුරු සම්බන්ධයෙන් වන අනතුරු බහුල ප්‍රධාන ප්‍රදේශයක් වන දඹුල්ලෙ මගී ජනතාවගේ ආරක්ශාව වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ග ගැනීමත් විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමත් අරමුණු කරගනිමින් මෙම වැඩසටහන විධිමත්ව සහ සාර්ථකව පැවැත්විණි.