SED Pages Pallepola

SED Pages Pallepola Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Pallepola, Government Organization, Pallepola, Matale.

⭕ Business Level up program-2026ඔබත් මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයෙක් ද ?1.ඔබේ ව්‍යාපාරයේ පිරිවැටුම (විකුණුම් ආදායම) ම...
13/03/2026

⭕ Business Level up program-2026

ඔබත් මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයෙක් ද ?
1.ඔබේ ව්‍යාපාරයේ පිරිවැටුම (විකුණුම් ආදායම) මිලියන-2ට වැඩිද??
2.ඔබේ ව්‍යාපාරයේ ඔබ හැර සේවකයන් සිටීද?
මේ සීමිත අවස්ථාව ඔබටයි
ඔබේ ව්‍යාපාරයේ පවතින තත්වය හඳුනාගෙන නිවැරදි සැලසුමක් සකස්කොට ඔබට අවශ්‍යවන මූල්‍ය, අලෙවිකරණ ,තාක්ෂණික හා උපදේශන සේවා සහය අඛණ්ඩව ලබාදෙමින් ව්‍යවසායකත්ව දැනුමින්, කුසලතාවෙන් සන්නද්ධ ව්‍යවසායකයෙක් ලෙස ඔබට සාර්ථක ගමනකට අවශ්‍යවන පදනම සකස්කිරීම වෙනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය 2026 වසරේ දියත් කර ඇති Business Level Up වැඩසටහන හා සම්බන්ධ වන්න. මාතලේ දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායකයන් 105 දෙනෙකු සඳහා නොමිලේ ලැබෙන මෙම සීමිත අවස්ථාව ලබාගැනීම සඳහා පහළ තිබෙන ලින්ක් එකේ ඇති ගූගල් ෆෝම් එක පුරවා හැකි ඉක්මනින් රෙජිස්ටර් වෙන්න.
https://forms.gle/NKRU1aWzheBSS3e69

27/02/2026

19/01/2026

තාක්ෂණික පුහුණු වැඩමුළු
තාක්ෂණික සේවා අංශයේ 2026 වර්ෂයේ පෙබරවාරි මාසයෙහි පැවැත්වෙන පුහුණු වැඩමුළු

19/01/2026

Business Online 2026
වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන
2026.01.22 පෙ.ව 10.00 සිට 12.00 දක්වා
ඔන්න මේ අවුරුද්දෙ ඔයාගේ ව්‍යාපාරයත් සංවර්ධනය කර ගන්න ඔයා හිතනව නම් එකතු වෙන්න ඔබේ ව්‍යාපාරය පියවරෙන් පියවරට ඉහළට ගෙනියන අපේ ඔන්ලයින් තක්සලාවට............................................
ඉතින් 22 වෙනිදා එකතුවෙලා බලන්නකො......
සබැඳිය පළමු කමෙන්ට් එකෙන් ...................................................................................................
👇👇👇👇👇👇👇👇👇👇👇

සුභ නව වසරක් වේවා🙏🙏🙏
01/01/2026

සුභ නව වසරක් වේවා🙏🙏🙏

11/12/2025
🔴 පිරිවැයකරණ වැඩසටහන (Costing Programme ) ව්‍යවසායකයෙකු තම නිෂ්පාදනයේ මිල තීරණය කිරීම එනම් පිරිවැයකරණය සිදුකළ යුතුමය. පල...
07/11/2025

🔴 පිරිවැයකරණ වැඩසටහන (Costing Programme )

ව්‍යවසායකයෙකු තම නිෂ්පාදනයේ මිල තීරණය කිරීම එනම් පිරිවැයකරණය සිදුකළ යුතුමය. පල්ලේපොල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් 2025.11.06 වන දින ව්‍යාපාර පිරිවැයකරණ වැඩසටහන පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පවත්වන ලදි

ඒ සඳහා සම්පත්දායකත්වය මාතලේ දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී ශ්‍යාමලී ෆොන්සේකා මහත්මිය හා නිසංසලා දිසානායක මහත්මිය විසින් ලබා දුනි . මෙහිදී ව්‍යවසායකයින් සඳහා තම පිරිවැයකරණ තමා අතින්ම සිදුකර ගැනීමට මනා දැනුමක් ලබා ගැනීමට හැකි විය .

💐💐💐💐💐💐💐💐💐💐

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,
පල්ලේපොල.

🔴ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන මාතලේ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කරන ලද  ව්‍යවසායකත්ව සං...
30/10/2025

🔴ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන


මාතලේ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කරන ලද ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා වන නේවාසික පුහුණු වැඩසටහන පොල්ගොල්ල ජාතික සමූපකාර අධ්‍යාපන ආයතනයේදී ඔක්තෝබර් මස 22 - 29 වන දින දක්වා පවත්වන ලදි.

මාතලේ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ලිඛිත හා සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගත් ව්‍යාවසායකයින් 25 දෙනා අතරින් 4 දෙනෙකු පල්ලේපොල කොට්ඨාසය නියෝජනය කරන ව්‍යවසායකයින් විය. මෙම වැඩසටහන මඟින් ඔවුන් පරීපූර්ණ ව්‍යවසායකයින් බවට පත් කරමින් අප රටට වටිනා සම්පත් ලෙස දායාද කිරීමට උර දෙමින් අතීතයේ සිට එදා මෙදා තුර ව්‍යවසාකයන් මේ රටට නිර්මාණය කිරීමේ දැවැන්ත මෙහෙවරක් ඉටුකරන වසායකත්වයේ මහ ගෙදර වන "කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය" වන අපගේ අභිමානයයි.

"ව්‍යවසායකයකු ලෙස මේ මහපොලොවේ පැළකරන්නට අප දැරු වෙහෙස ඔබ යම් දිනෙක ඔටුණු පළඳවාවී" නිසැකයෙන්ම..

ඔබ සැමගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා...

💐💐💐💐💐💐💐💐💐💐

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
පල්ලේපොල.

⭕ Barcode (තීරු කේත) ව්‍යාපාරයන්හී නිෂ්පාදන සඳහා Barcode  ලබා ගැනීමේදී , එම වියදමෙන් 50% කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ දාය...
27/10/2025

⭕ Barcode (තීරු කේත)

ව්‍යාපාරයන්හී නිෂ්පාදන සඳහා Barcode ලබා ගැනීමේදී , එම වියදමෙන් 50% කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ දායකත්වයෙන් අදාළ වාර්තා ලබා ගැනීමට අවස්ථාව ඇත.

ඒ අනුව පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අසන්ති කරුණාතිලක ව්‍යවසායිකාවට අයත් " Orga Products" ආහාර නිශ්පාදන ව්‍යාපාරයෙහි නිෂ්පාදන සදහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ 50% දායකත්වයෙන්, GS1 Lanka ආයතනනය වෙතින් 2023/10/23 දින Barcode (වර්ණ කේත) වාර්තා ලබා ගැනීමට හැකි වූ බව සතුටින් දන්වා සිටිමු.

💐💐💐💐💐💐

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය
පල්ලේපොල

⭕ 𝐋𝐚𝐛𝐨𝐫𝐚𝐭𝐨𝐫𝐲 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 𝐓𝐞𝐬𝐭𝐢𝐧𝐠 - Color Code ව්‍යාපාරයට අවශ්‍ය රසායනාගාර පරීක්ෂාවන් සඳහා, එම වියදමෙන් 50% කුඩා ව්‍යාපාර සං...
27/10/2025

⭕ 𝐋𝐚𝐛𝐨𝐫𝐚𝐭𝐨𝐫𝐲 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 𝐓𝐞𝐬𝐭𝐢𝐧𝐠 - Color Code

ව්‍යාපාරයට අවශ්‍ය රසායනාගාර පරීක්ෂාවන් සඳහා, එම වියදමෙන් 50% කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ දායකත්වයෙන් රජයේ පර්යේෂණ ආයතන මගින් අදාළ වාර්තා ලබා ගැනීමට අවස්ථාව ඇත.

ඒ අනුව පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අසන්ති කරුණාතිලක ව්‍යවසායිකාවට අයත් " Orga Products" ආහාර නිශ්පාදන ව්‍යාපාරයෙහි නිෂ්පාදන සදහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ දායකත්වයෙන්, අනුරාධපුර පසු අස්වනු ආයතනනය වෙතින් 2023/10/23 දින Color Code (වර්ණ කේත) වාර්තා ලබා ගැනීමට හැකි වූ බව සතුටින් දන්වා සිටිමු.

💐💐💐💐💐💐

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය
පල්ලේපොල

Address

Pallepola
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Pallepola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share