NPP Matale

NPP Matale Official NPP Page of Matale District

19/05/2026

17 වැනි ජාතික රණවිරු දින සැමරුම

17 ஆவது தேசிய படைவீரர் ஞாபகார்த்த தினம்

17th National War Heroes Commemoration

ගලේවෙල,දඹගොල්ල වසමේ නිකවැහැර ප්‍රදේශයේ සූකර කොටු කර්මාන්තය ආශ්‍රිත ගැටළු පිළිබඳ සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් ...
17/05/2026

ගලේවෙල,දඹගොල්ල වසමේ නිකවැහැර ප්‍රදේශයේ සූකර කොටු කර්මාන්තය ආශ්‍රිත ගැටළු පිළිබඳ සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල සහෝදරයාගේ ප්‍රධානත්වයෙන්,ගලේවෙල ප්‍රාදේශීය සභා සභාපති ඉන්දික කරුණාරත්න,ප්‍රාදේශීය සභා මන්ත්‍රී සවිත් යසංක යන සහෝදරවරුන්ගේ සහභාගීත්වයෙන් නිකවැහැර කතෝලික දේවස්ථානය පරිශ්‍රයේදී සිදුවිය.

මේ සඳහා දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂකතුමන්,දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකතුමිය,සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා,පශු වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.

මහජන පුස්තකාල පාඨක තරගාවලියෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ගලේවෙලට ප්‍රාදේශීය සභාව හිමි කරගනියි📚✨​ගලේවෙල ප්‍රාදේශීය සභා...
15/05/2026

මහජන පුස්තකාල පාඨක තරගාවලියෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ගලේවෙලට ප්‍රාදේශීය සභාව හිමි කරගනියි📚✨

​ගලේවෙල ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල පද්ධතිය, 2025 වසරේ පැවැත්වූ මහජන පුස්තකාල පාඨක ක්‍රියාකාරකම් තරගාවලියෙන් ඉහළම ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත්ව ඇත.
​සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පැවැති මෙම තරගාවලියේදී, මාතලේ දිස්ත්‍රික්කයේ අනෙකුත් සියලු පුස්තකාල අභිබවා දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගලේවෙල ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල හය (06) සමත් විය.

👉 දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණ:
​ප්‍රථම ස්ථාන: 27
​දෙවන ස්ථාන: 09
​තෙවන ස්ථාන: 05
​දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරමින් ඉදිරියට ගිය අපේ දූ දරුවන්, මධ්‍යම පළාත් මට්ටමින් ද අතිවිශිෂ්ට දක්ෂතා දක්වමින් සමස්ත පළාතේම දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

👉පළාත් මට්ටමේ ජයග්‍රහණ:
​ප්‍රථම ස්ථාන: 04
​දෙවන ස්ථාන: 09
​තෙවන ස්ථාන: 11
​මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුම පාඨක දූ දරුවන්ටත්, ඔවුන් දිරිමත් කළ පුස්තකාලාධිපති මණ්ඩලයට උණුසුම් සුබපැතුම්!

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අදහසකට අනුව “ගොවිජන සභාව” නමින් වැඩසටහන් මාලාවක්...
12/05/2026

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අදහසකට අනුව “ගොවිජන සභාව” නමින් වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති අතර මෙහි අරමුණ වන්නේ ගොවිජනතාව අසලටම ගොස් ඔවුන්ගේ ගැටලු පිළිබද සාකච්ඡා කොට විසඳුම් ලබාදීමයි.

විශේෂයෙන්ම මෙහි තේමාව වන්නේ ‘ගොවිජන බලය සමඟ පෙරට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ගොවියාගේ හෙට දවස යන්නයි’.

වත්මන් ආණ්ඩුව බලය ලබාගෙන වසර එකහමාරක කාලය තුළ ගොවිජනතාව වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ විශේෂ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් හා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන ආකාරය සහ ගොවිජනතාවට මෙහි ප්‍රතිලාභ ලැබෙන ආකාරය විමසා බැලීමක් ද මෙහිදී සිදුවෙයි.

එ සදහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි දිනේෂ් හේමන්ත මහතා ඇතුලු ලග්ගල , විල්ගමුවේ මහජන නියොජිතයන් සහා මොරගහාකන්ද එකාබද්ද ගොවි පදනමේ සහා මිනිපේ වම්ඉවුර ගොවි පදනමේ ගොවි නායකයන් ඇතුලු පිරිසක් මේ සදහා සම්බන්ධ විය.

මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ...
12/05/2026

මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ මාතලේ වීර කැප්පෙටිපොළ ශාලාවේදී පැවැත්විය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ මිනිස් ජීවිත සහ දේපළ සඳහා වන්දි ගෙවීම, නිවාස හා ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදි සාකච්ජා කළ අතර, මාතලේ නගර සංවර්ධන සැලැස්ම ඇතුළු 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතින්හි ප්‍රගතියද පරීක්ෂා කෙරිණි. මේ අතර පහත කරුණු සියල්ලක්ම අවධානය වෙනුවෙන් යොමු කරන ලදී.

ප්‍රතිපාදන කළමනාකරණය: 'දිට්වා' වෙනුවෙන් වෙන් කළ රුපියල් බිලියන 500ක මුදල මේ වසර අවසන් වීමට පෙර සංවර්ධන කටයුතු සඳහා ඵලදායීව සහ කාර්යක්ෂමව යොදා ගැනීම.

යටිතල පහසුකම්: දීර්ඝකාලීන ගැටලුවක් වන ගලේවෙල - මාතලේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම.

මානුෂීය සහ සුභසාධන කටයුතු: සුළි කුණාටුවෙන් දෙමාපියන් අහිමි වූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට ස්ථිර වැඩසටහනක් සකස් කිරීම.

ආර්ථික ප්‍රවර්ධනය: නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා දිස්ත්‍රික්කයේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය නගාසිටුවීමට ගෙන ඇති පියවර අධීක්ෂණය කිරීම.

නීතිය සහ රාජ්‍ය සේවය: සියල්ලන් නීතියට යටත් විය යුතු බව තහවුරු කරමින්, පවතින නීති රාමුව තුළ සිට ජනතාවට උපරිම සේවයක් සැපයීමට රාජ්‍ය නිලධාරීන් උනන්දු කිරීම.

මේ සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍යය ඇමති ගමගෙදර දිසානායක සහෝදරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී සහෝදරවරුන් වන සුනිල් බියන්විල, දිනේශ් හේමන්ත පළාත් පාලන ආයතන වල දේශපාලන අධිකාරියද, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා, දිස්ත්‍රික් ලේකම් තුමා ඇතුළු රාජ්‍යය නිළධාරින්න් ද සහභාගී විය.

07/05/2026

මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය උදෙසා විල්ගමුව ප්‍රදේශයේ විශේෂ වැඩසටහනක් 🏔️🍃

​මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා විල්ගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ හඳුනාගත් සුවිශේෂී ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී.

​මෙහිදී ප්‍රධාන වශයෙන්:
📍 වස්ගමුව ජාතික වන උද්‍යානය
📍 දුනුවිල වැව ප්‍රදේශය

​යන ස්ථාන මුල් කරගනිමින්, එම ප්‍රදේශයන්හි සංචාරක පහසුකම් සංවර්ධනය කිරීමට හා නව සැලසුම් සකස් කිරීමට කටයුතු යොදා ඇත.
​මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ප්‍රදිප් කුමාර සහෝදරයා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රංජිත් ප්‍රේම කුමාර යන සහෝදරවරුන් සහභාගී විය.
එමෙන්ම රාජ්‍ය නිලධාරීන් ලෙස විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂක තුමා. සංචාරක ප්‍රවර්ධන නිලධාරී චාමර රුචිරංග මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
​අපේ උරුමයන් රැකගනිමින්, දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි පරිදි විල්ගමුව සංචාරක පුරවරයක් ලෙස ගොඩනැගීම අපේ අරමුණයි. 🤝✨

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස හානි වූ සහ අවදානමට ලක් වූ පවුල් සඳහා සහන සැලසීමේ ව...
07/05/2026

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස හානි වූ සහ අවදානමට ලක් වූ පවුල් සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ, පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමටත්, අර්ධ හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය කිරීමටත්, අධි අවදානම් නිවාස වෙනුවට නව නිවාස ඉදි කර ගැනීම සඳහාත් වන වන්දි මුදල්වල පළමු වාරිකය නිදහස් කිරීම විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත සහොදරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

මේ සඳහා විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ප්‍රදිප් කුමාර , විල්ගමුව ප්‍රාදේශීය ලේකම්තුමිය , සහාකාර ප්‍රාදේශිය ලේකම්තුමා සහ ආපදා සහන සේවා නිලධාරීතුමාගේ සහභාගීත්වයෙන් ප්‍රතිලාභීන් පිරිසකට අදාළ චෙක්පත් පිරිනැමීම සිදු විය.

2026.04.27

03/05/2026

මහතලාවේ ආදරණීය සහෝදරත්වයට හද පිරි ප්‍රණාමය! ❤️✊

"ජන රජයට ජන බලයක්" ගොඩනඟන ඒ උත්තරීතර ගමනේදී, ඓතිහාසික මාතලේ එක රොදට බැඳුණු ඔබ දුන්නේ අසීමිත ශක්තියක්.

මේ වැගිරූ දහඩිය, මේ නැඟූ හඬ, මාලිමාවේ මැයි රැලියට ගෙන ආවේ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ සෙනෙහසක් සහ ජයග්‍රාහී බලාපොරොත්තුවක්. එකම අරමුණක් වෙනුවෙන් එකට ගැහෙන හදවත්වලින් සහ එකට බැඳුණු අත්වලින් ඔබ දුන් ඒ නොසැලෙන විශ්වාසයට මහතලාවේ ආදරණීය සහෝදරත්වයට අපේ විප්ලවීය ආචාරය!

අසමසම එකමුතුකම තමයි මේ දූෂිත ක්‍රමය සුනුවිසුනු කරන අපේ තියුණුම අවිය. ආපසු හැරීමක් නැත,
අපේම රටක් වෙනුවෙන්, ජයග්‍රහණය තෙක් අපි එකටම පෙරට යමු! 🧭🇱🇰

மாத்தளையின் அன்பு மிகுந்த சகோதர சகோதரிகளுக்கு இதயம் கனிந்த வணக்கம்! ❤️✊

“மக்கள் ஆட்சிக்கான மக்கள் சக்தி” உருவாக்கும் இந்த உயர்ந்த பயணத்தில், வரலாற்று சிறப்புமிக்க மாத்தளை ஒன்றுபட்டது எங்களுக்கு அளவற்ற வலிமையை வழங்கியுள்ளது.

சிந்திய வியர்வையும், எழுப்பிய குரலும், மாலிமா மே தினக் கூட்டத்திற்கு கொண்டு வந்தது வார்த்தைகளால் விவரிக்க முடியாத அன்பும் வெற்றிக்கான உறுதியான நம்பிக்கையும் ஆகும். ஒரே இலக்கிற்காக துடிக்கும் இதயங்களாலும், இணைந்த கைகளாலும் நீங்கள் காட்டிய அந்த அசைக்க முடியாத நம்பிக்கைக்கு மாத்தளையின் அன்பான சகோதரத்துவத்திற்கு எங்கள் புரட்சிகர வணக்கம்!

ஒற்றுமையே இந்த ஊழல் நிறைந்த முறையை முறியடிக்கும் எங்கள் வலிமையான ஆயுதம். பின்வாங்குவது இல்லை.
எங்கள் நாட்டிற்காக, வெற்றி பெறும் வரை நாம் ஒன்றாக முன்னேறுவோம்! 🧭🇱🇰

Heartfelt salute to the beloved people and brotherhood of Matale! ❤️✊

In this noble journey of building “People’s Power for a People’s Government,” the historic unity shown by Matale has given us immense strength.

The sweat you shed and the voices you raised brought to the Malimawa May Rally a level of love and hope for victory that words cannot fully express. With hearts united in one purpose and hands joined together, we extend our revolutionary respect for the unwavering trust you have shown.

Unity is our strongest weapon to defeat this corrupt system. There is no turning back.
For our country, let us move forward together until victory! 🧭🇱🇰

02/05/2026

ජන රජයට බලයක් මාලිමාවේ මාතලේ මැයි රැලියේ දී...

සිව් දෙසින් ජන බලය රොද බැඳි, මහතලාවේ අභිමානවත් මැයි රැලිය…
01/05/2026

සිව් දෙසින් ජන බලය රොද බැඳි, මහතලාවේ අභිමානවත් මැයි රැලිය…

01/05/2026

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share