Lions Roar Youth Club

  • Home
  • Lions Roar Youth Club

Lions Roar Youth Club YOUR YOUTH
Madiha Youth Club

26/04/2026

ගම්මැද්දේ අවුරුදු 🫰😊🙏
Lions Roar Youth Club 🦁

✨ *ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.* ✨• නවම් පුන් පොහෝ දිනයේ වැදගත්කම් 💠 *ස...
01/02/2026

✨ *ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.* ✨

• නවම් පුන් පොහෝ දිනයේ වැදගත්කම්

💠 *සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම.*
සැරියුත් මහරහතන් වහන්සේ දකු‍ණත් සව් ලෙසත් ධර්ම සේනාධිපති ලෙසත් මහා ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත් බුදුරජාණන් වහන්සේ වෙතින් හිමිකරගෙන තිබෙනවා. මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වමත් සව් ලෙස තනතුරු ලබා තිබෙනවා. උන්වහන්සේ ඍදිමත් භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර හිමිකර ගන්නවා.

💠*ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම.*
එක්දහස් දෙසිය පනස් දෙනකු වූ මහ රහත් සංඝයා වහන්සේලා රජගහ නුවර වේළුවනාරාමයේදී එක්රැස්වී පළමු සංඝ සම්මේලනය පැවැත්වූයේ ද අද වැනි නවම් පුර පසළොස්වක පෝ දිනකය.

💠 *ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.*
රාජ්‍යයන් පාලනය කිරීමටත් නීති රීති අවශ්‍ය වේ. නීතිය සමගින් විනය ස්ථාපිත කිරීමෙන්, රාජ්‍යයේ හෝ ආයතනයේ හෝ එකමුතු සංවිධානයේ ආයු පවතින්නේය. සම්බුදු ධර්ම රාජ්‍යයේ පළමු නීති මාලාව ලෙසට සංඝ සමාජයේ පැවැත්මට, භික්ෂූන් වහන්සේලාට ‘ඕවාද පාතිමොක්ඛය’ දේශනා කළේත් අද වැනි නවම් මස පුන්පොහෝ දිනකය.

💠 *බුදුරදුන් ආයුසංස්කාරය අත්හැර මෙයින් මාස තුනකට පසු පිරිනිවන් පාන බව ප්‍රකාශ කිරීම.*
සම්බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍ය අසල දී ආයුසංස්කාරය අත්හැර මෙයින් මාස තුනකට පසු පිරිනිවන් පාන බව සම්බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරික අනඳ මහ තෙරුන් වහන්සේ හට දන්වා වදාළේ ද අද වැනි නවම් පුන් පෝ දිනකය.

සියලු අකුසල මූල සිත් දුරු වී ගොස් කුසල් සිත් පහළව උතුම් වූ සද්ධර්මය කෙරෙහි යොමුවෙන පින්බර නවම් පුන් පොහෝ දිනක් වේවා ඔබ සැමට. 🙏

• නිරතුරු පුරමු කුසල් දම්
• ඇරඹි නැවුම් දුරුතු මසේ
• වන්නට සියලු යහපත

✨ ```තෙරුවන් සරණයි! ```

☸️Lions Roar Youth Club 🪷

Address

Madiha West

81750

Telephone

+94775195005

Website

Alerts

Be the first to know and let us send you an email when Lions Roar Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lions Roar Youth Club:

  • Want your organization to be the top-listed Government Service?

Share