Divisional Secretariat Mawanella

Divisional Secretariat   Mawanella Main administration institute in the Mawanella Division

දිස්ත්‍රික් ක්‍රිකට් ශූරතාවය මාවනැල්ල කණ්ඩායමටසබරගමු පළාත් රාජ්‍ය සේවක ක්‍රීඩා තරගාවලියට (2024-25) සමගාමීව කෑගල්ල දිස්ත්...
07/02/2025

දිස්ත්‍රික් ක්‍රිකට් ශූරතාවය මාවනැල්ල කණ්ඩායමට

සබරගමු පළාත් රාජ්‍ය සේවක ක්‍රීඩා තරගාවලියට (2024-25) සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය පසුගියදා රඹුක්කන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ක්‍රිකට් කණ්ඩායම විසින් දිස්ත්‍රික් ශූරතාව දිනා ගනු ලැබීය

💥💥💥💥💥අපේ ශූරයන්ට උණුසුම් සුබ පැතුම්💥💥💥💥💥💥

07/06/2024

👉 නිවේදනයයි.

පහල කඩුගන්නාව අවදානම් ගල ඉවත් කිරීමේ කටයුතු 2024.06.08 වන දින එනම් හෙට දින පෙ‍.ව.10.00 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. උදය කාලයේදී අදාල ස්ථානයේ ඇති අනතුරුදායක ගස්වල අතු ඉවත් කිරීමේ කටයුතු සැලසුම් කර ඇති හෙයින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය විටින් විට වසා දැමීමට සිදුවේ.
තවද එදින සවස් කාලයේදී ගල පුපුරුවා හැරීම සදහා රසායනික ද්‍රව්‍ය යෙදීම සිදු කරන අතර එම රසායනික ද්‍රව්‍ය යොදා පැය 03 ක් පමණ ගතවන විට ගල ප්‍රසාරණය වීම ආරම්භ වන හෙයින් අවශ්‍යතාවය මත සවස් කාලයේදී (ප.ව 6.30 ට පමණ සිට ) කොළඹ නුවර ප්‍රධාන මාර්ගය අවශ්‍යතාව මත වසා දැමීමට කටයුතු කරන බව කාරුණිකව සදහන් කරමි.
මෙම මාර්ගය වසා තැබෙන අවස්ථාවලදී වාහන තදබදයක් ඇති විය හැකි බැවින් මහනුවර ප්‍රදේශයට පිවිසීම සදහා හැකිතාක් දුරට පහත සදහන් විකල්ප මාර්ග භාවිතා කිරීමට මහජනතාව දැනුවත් කිරීමට කටුයුතු කරන මෙන් ද වැඩි දුරටත් දන්වා සිටිමි.
• කොළඹ කුරුණෑගල අධිවේගී මාර්ගය ඹස්සේ මහනුවර මාර්ගය
• රඹුක්කන හරහා ගලගෙදර මාර්ගය
• මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල මහනුවර මාර්ගය

ප්‍රාදේශීය ලේකම්
මාවනැල්ල

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....
23/05/2024

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....

බැති සිතින් ආරාධනා
23/05/2024

බැති සිතින් ආරාධනා

" සමරමු බැතියෙන් සම්බුදු තෙමඟුල" අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනට සමගාමීව ධර්මදේශනාමය පිංකමක්  මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කා...
23/05/2024

" සමරමු බැතියෙන් සම්බුදු තෙමඟුල"

අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනට සමගාමීව ධර්මදේශනාමය පිංකමක් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී 2024/05/22 වන දින පැවැත්විණ. මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුද සම්බන්ධ විය

2568 වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයෙන් වෙසක් බැති ගී සරණියක්මාවනැල්ල කොට්ඨාසයේ කාන්තා බල මණ්ඩල ස...
22/05/2024

2568 වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයෙන් වෙසක් බැති ගී සරණියක්

මාවනැල්ල කොට්ඨාසයේ කාන්තා බල මණ්ඩල සමාජිකාවන් විසින් ඉදිරිපත් කරන ලද බැති ගී සරණිය 2024/05/20 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල කාර්‍යල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම සහ අධීක්ෂණය මත පැවති මෙම වැඩසටහන කාන්තා අංශය විසින් සංවිධානය කර තිබුණි.ලොව්තුරා තථාගතයන් වහන්සේගේ ගුණ මහිමය පසක් කරන්නට මල්පහන් පූජාවන්ගෙන් අනතුරුව බොදු බැති ගී සරණිය ආරම්භ කරනු ලැබීය..

වෙසක් සතිය නිමිත්තෙන් කාර්‍යාල නිලධාරීන් වැඩිහිටි සත්කාරයක්මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල නිලධාරීන් විසින් පසුගිය සි...
20/05/2024

වෙසක් සතිය නිමිත්තෙන් කාර්‍යාල නිලධාරීන් වැඩිහිටි සත්කාරයක්

මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල නිලධාරීන් විසින් පසුගිය සිකුරාදා දින කප්පාගොඩ නිවාසයේ වැඩිහිටියන් වෙනුවෙන් සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබීය. ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ පැවති මෙම වැඩසටහන සමාජ සේවා අංශය විසින් සංවිධානය කර තිබුණි. වැඩිහිටියන්ගේ කායික,මානසික හා ආධ්‍යාත්මික උන්නතිය උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබීය. වැඩිහිටියන් සහ නිවාස පරිශ්‍රය පිරිසිදු කරමින් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සකස් කරමින් ඇප කැපවී ක්‍රියා කිරීමට සියලුම නිලධාරීන් විසින් කටයුතු කරන ලදී. ප්‍රාදේශීය ලේකම්තුමියගේ මව විසින් නේවාසිකයන් සදහා ත්‍යාග පිරිනැමීමද මෙම අවස්ථාවට සමගාමීව සිදු විය.

මෙම සද්කාර්‍යය සාර්ථකත්වය උදෙසා ඇපකැප වූ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා...

වෙසක් පොහොය නිමිත්තෙන් පෙරහැරක්මාවනැල්ල නැගෙනහිර , බටහිර ශාසනාරක්ෂක බල මණ්ඩල හා මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ...
19/05/2024

වෙසක් පොහොය නිමිත්තෙන් පෙරහැරක්

මාවනැල්ල නැගෙනහිර , බටහිර ශාසනාරක්ෂක බල මණ්ඩල හා මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ වෙසක් දහම් පාසල් පෙරහැර අද දින උදෑසන මාවනැල්ල නගරයේ වීදි සංචාරය කරනු ලැබීය. වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන්නට යෙදුණු මෙම පෙරහැරට දහම්පාසල් දරුවන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු භක්තිගීත,නර්තන ඇතුලු අංගෝපාංග රැසක් ඇතුළත් විය.මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුද සම්බන්ධ වී සිටියහ.

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් විශේෂ සීල වැඩසටහනක් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් විජානි රත්නසේකර මැතිණියගේ උපදෙස් සහ මගපෙන්වීම ...
15/05/2024

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් විශේෂ සීල වැඩසටහනක්

මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් විජානි රත්නසේකර මැතිණියගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ මාවනැල්ල කොට්ඨාසයේ වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා පුද්ගලයන් සදහා සීල භාවනා වැඩසටහනක් අද දින පැවැත්විණ.සමාජ සේවා අංශය විසින් සංවිධානය කරන ලද මෙම සද්කාර්‍ය සදහා රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් ද සම්බන්ධ විය.

වැඩිහිටියන් සහ විශේෂ අවශතා සහිත අය සදහා බක්මහ උළෙලක්.......................................................................
09/04/2024

වැඩිහිටියන් සහ විශේෂ අවශතා සහිත අය සදහා බක්මහ උළෙලක්.................................................................................

සෑම වර්ෂයකට වරක් පවත්වනු ලබන වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත අය සදහා වන බක්මහ උළෙලක් ඊයේ දින(8) මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් විජානි රත්නසේකර මැතිණියගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ පැවති මෙම අවස්ථාවට මාණ්ඩලික නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකුද සම්බන්ධ වී සිටියහ. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය සමාජ සේවා අංශය විසින් මෙම කර්තව්‍ය සංවිධානය කර තිබුණි.

"අතීත අලුත් අවුරුදු සිරිත් විරිත් අනාගත පරම්පරාවට දායද කිරිම" උදෙසා සුවිශේෂී වැඩසටහනක්ද මේ හා සමගාමීව පැවැත්විණ.වැඩිහිටි රබන් සුරල් මධ්‍යයේ බක්මහ උළෙල වර්ණවත් විය. වැඩිහිටියන් සහ විශේෂ පුද්ගලයන් වෙනුවෙන් තරග රැසක්ද සංවිධානය කර තිබිණ.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මාවනැල්ලෙන් දැල් පන්දු තරගාවලියක්..........................................................
15/03/2024

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මාවනැල්ලෙන් දැල් පන්දු තරගාවලියක්........................................................................

පසුගිය මාර්තු 08 දිනට යෙදුණු ජාත්‍යන්‍තර කාන්තා දිනයට සමගාමීව පවත්වන්නට යෙදුණු ක්‍රීඩා වැඩසටහනක් අද දින නාංකූරුගම ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. ප්‍රාදේශිය කාන්තා බල මණ්ඩලය නියෝජනය කරමින් කණ්ඩායම් 13 ක් දැල් පන්දු තරගාවලියට සහභාගී විය.
මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් සහ මග පෙන්වීම මත කාන්තා සහ ළමා අංශය (වනිතා සංවර්ධන නිලධාරී) විසින් මෙම කර්තව්‍ය සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,ප්‍රධාන රාජ්‍ය කළමණාකරණ නිලධාරීතුමිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු මෙන්ම කාන්තා සහ ළමා අංශ නිලධාරීන්,වසම්භාර ග්‍රාම නිලධාරීන්,ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුලු කිහිපදෙනෙකුද සම්බන්ධ විය.තරග විනිශ්චය කටයුතු සදහා ජාතික මට්ටමේ පුහුණුකරුවෙකු වන තරුණ සේවා නිලධාරී හෂිනි හතුරුසිංහ මහත්මිය ද සම්බන්ධ වී සිටියාය.

ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව රැස්වේමාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා සහ ළමා ගැටලු සහ ඒ හා සම්බන්ධයෙන් ගත හැකි ...
11/03/2024

ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව රැස්වේ

මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා සහ ළමා ගැටලු සහ ඒ හා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක් අද දින මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පැවැත්විණ. සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා මාණ්ඩලික නිලධාරීන්,කාර්‍යාල සහ ක්ෂේත්‍රගත නිලධාරීන් මෙන්ම වසම්භාර ග්‍රාමනිලධාරීන් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් කිහිපදෙනෙකුද සම්බන්ධ විය. බාහිර ආයතන නියෝජනය කරමින් මාවනැල්ල ,හෙම්මාතගම පොලිස් ස්ථාන භාර ළමා හා කාන්තා කාර්‍යාංශ නිලධාරීන් ,පරිවාස නිලධාරීන් මෙන්ම අධ්‍යාපන කාර්‍යාල නිලධාරීන්ද මෙම
අවස්ථාවට සහභාගි විය.

Address

Aranayaka Road Mawanella
Mawanella

Opening Hours

Monday 08:15 - 04:15
Tuesday 08:15 - 04:15
Wednesday 08:15 - 04:15
Thursday 08:15 - 04:15

Telephone

+94352246238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Mawanella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Mawanella:

Share

Category