21/06/2026
"අත්තටු ලැබූ සිතින් - ලොව වටා පියාඹමු" 🌏🕊️💙🌱
රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ ව්‍යාපාර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ තෙවන වසර ශිෂ්‍යයින් වන අප විසින් දියත් කළ අත්තටු (Aththatu) ව්‍යාපෘතිය, අනුරාධපුර නොච්චියාගම රළපනාව ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ළමා පුස්තකාලයක් සහ ක්‍රියාකාරකම් කාමරයක් නිර්මාණය කරමින් ඔවුන්ගේ සිහිනවලට පියාපත් එක් කළ සුවිශේෂී ගමනක් විය.
පුංචි කැකුළු බඳු මේ දරුවන්ට කියවීම, සිතීම, ඉගෙනීම සහ නිර්මාණශීලීත්වය ඔස්සේ ලෝකය ජයගැනීමට අවශ්‍ය අත්තටු ලබා දෙන පියාසර තොටුපළක් බවට මෙම ස්ථානය පත්වේ යැයි අපි විශ්වාස කරමු. ✨📚💭
අභියෝග, කැපවීම්, ඉගෙනීම් සහ අමතක නොවන අත්දැකීම්වලින් පිරුණු අපගේ ව්‍යාපෘති ගමන අද සාර්ථක නිමාවකට පැමිණ ඇත. ඒ සමඟම, තවත් පුංචි සිහින රැසකට අත්තටු දිගහැරීමට අපට හැකි වූ බව ආඩම්බරයෙන් සඳහන් කරමු. 💙🌱
මෙම ගමනේ සෑම පියවරකදීම අප සමඟ සිටි, අපට සහයෝගය ලබාදුන් සහ විශ්වාසය තැබූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏🏻✨
අද අපි නිම කළේ ව්‍යාපෘතියක් පමණක් නොවෙයි... පුංචි හදවත්වලට අනාගතය ගැන සිහින දකින්නට අත්තටු ලබා දුන් ගමනක්. 🕊️💙
"With a heart full of wings - Let's fly around the world" 🌏🕊️💙🌱
Project Aththatu, initiated by the third-year students of the Department of Business Management, Faculty of Management Studies, Rajarata University of Sri Lanka, has been a meaningful journey dedicated to creating a Children's Library and Activity Room for the students of Ralapanawa Primary School in Nochchiyagama, Anuradhapura.
We believe this space will become more than just a room filled with books and activities; it will be a launching pad where young minds can dream, explore, learn, and spread their wings towards a brighter future. 📚✨💭
Our project journey was filled with challenges, lessons, teamwork, dedication, and unforgettable experiences. Today, we proudly celebrate the successful completion of a dream that has given wings to many other dreams. 💙🌱
This achievement would not have been possible without the support, encouragement, and contributions of everyone who stood by us throughout this journey. We extend our heartfelt gratitude to each and every one of you. 🙏🏻✨️
Today, we did not simply complete a project; we created a space where little hearts can dream bigger and little minds can fly further. 🕊️💙