District Secretariat - Monaragala

Call Website Contact the organization

District Secretariat - Monaragala නිල්ල පිරුණු වෙල්ලස්සක් තුටින් සපිරි ජනතවක්...

02/10/2026

ආර්ථික සංගණනය-2025/26 මොනරාගල දිස්ත්‍රික්කය
===================================

මොනරාගල දිස්ත්‍රික්කයේ ආර්ථික සංගණනය යටතේ දත්ත රැස්කිරීමේ කටයුතු සිදු කිරීමේ සමාරම්භක අවස්ථාව අද දින(2026.10.02) දිස්ත්‍රික් ලේකම් ඒ.ජී නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සියඹලාණ්ඩුව ශ්‍රී විජිතපුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ නිල වශයෙන් ආරම්භ විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
මොනරාගල.

02/10/2026

ආර්ථික සංගණනය-2025/26 මොනරාගල දිස්ත්‍රික්කය
===================================

මොනරාගල දිස්ත්‍රික්කයේ ආර්ථික සංගණනය යටතේ දත්ත රැස්කිරීමේ කටයුතු සිදු කිරීමේ සමාරම්භක අවස්ථාව අද දින(2026.10.02) දිස්ත්‍රික් ලේකම් ඒ.ජී නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සියඹලාආණ්ඩුව ශ්‍රී විජිතපුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ නිල වශයෙන් ආරම්භ විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
මොනරාගල.

ආර්ථික සංගණනය-2025/26 මොනරාගල දිස්ත්‍රික්කය===================================මොනරාගල දිස්ත්‍රික්කයේ ආර්ථික සංගණනය යටතේ ...
02/10/2026

ආර්ථික සංගණනය-2025/26 මොනරාගල දිස්ත්‍රික්කය
===================================

මොනරාගල දිස්ත්‍රික්කයේ ආර්ථික සංගණනය යටතේ දත්ත රැස්කිරීමේ කටයුතු සිදු කිරීමේ සමාරම්භක අවස්ථාව අද දින(2026.10.02) දිස්ත්‍රික් ලේකම් ඒ.ජී නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සියඹලාණ්ඩුව ශ්‍රී විජිතපුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ නිල වශයෙන් ආරම්භ විය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම සංගණන ක්‍රියාවලියේ යොමු කාලය ලෙස 2025/ 26 මහ කන්නය සහ 2026 යල කන්නය සැලකිල්ලට ගනු ලබයි.

එමෙන්ම මෙවර මෙම ආර්ථික සංගණනයේ සුවිශේෂිතාවය වන්නේ සාම්ප්‍රදායික මුද්‍රිත ප්‍රශ්නාවලිය මගින් දත්ත රැස්කිරීම වෙනුවට ටැබ්ලට් පරිගණක භාවිතා කරමින් දත්ත රැස් කිරීමයි.

එමෙන්ම මේ යටතේ ගොවීන් සහ ගොවි කාණ්ඩ පිළිබඳ තොරතුරු, ඉඩම් සහ වගා භූමි පිළිබඳ තොරතුරු, කෘෂිකාර්මික යෙදවුම් පිළිබඳ තොරතුරු, පශු සම්පත් පිළිබඳ තොරතුරු සහ කෘෂිකාර්මික යටිතල පහසුකම් පිළිබඳ තොරතුරු රැස් කරනු ලබයි.

මෙම වැඩසටහනේ ගණන් ගන්නා නිලධාරීන් ලෙස මොනරාගල දිස්ත්‍රික්කය පුරා 421 ක නිලධාරීන් පිරිසක් ද එම කාර්යය අධීක්ෂණය සඳහා නිලධාරින් 48 ක පිරිසක් ද තාක්ෂණික නිලධාරීන් 34 දෙනෙක් ද මෙම සංගනන ක්‍රියාවලිය සඳහා සහභාගී වේ.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් එස්. භාව්‍යා නිකපිටිය මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංඛ්‍යාන) ඩී.එම්.එන් බණ්ඩාර මහතා, අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක බී.අයි.කේ.සී මොහොට්ටි මහතා, ග්‍රාම නිලධාරීන් පිරිසක් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය .

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
මොනරාගල.

විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මොනරාගල දිස්ත්‍රික්කය.===================================කෘෂිකර්ම පසු සම්ප...
02/10/2026

විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මොනරාගල දිස්ත්‍රික්කය.
===================================

කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මැතිතුමා හා පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පසුගිය (01) දින සන්ධ්‍යාවේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී .

කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වන මොණරාගල දිස්ත්‍රික්කයේ,ගොවි ජනතාවගේ ජන ජීවිතය අභියෝගයට ලක්වී තිබීම,ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.
ඒ අනුව,

● රක්ෂිත මායිම් ලෙස සලකුණු කර ඇතිි ඉඩම් කොටස්වල ගොවි ප්‍රජාව;හේන් වගාවන් සිදුකර තිබීම හේතුවෙන් මතුව පවතින ඉඩම් ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ අතර,වගා කර ඇති ගොවීන්ට මෙම කන්නයේ එම වගාව කරගෙන යෑම සඳහා අවස්ථාව ලබා දීමටත් නව වගා සඳහා අවසර ලබා නොදීමට මෙහිදී තීරණය කරන ලදී.

● මරගල සංවේදී පරිසර කලාපයක් ලෙස ගැසට් කිරීමේදී මොනරාගල නගරය,ප්‍රධාන මාර්ග,මහජනතාවගේ පෞද්ගලික ඉඩම් එම කලාපයට අයත් වී තිබීම,හේතුවෙන් එය ගැටලුකාරී තත්ත්වයක් වන බැවින් ගැසට් පත්‍ර සංශෝධනයක් සිදු කළ යුතු බව මෙහිදී සාකච්ඡා කරන ලදී.

● වන වගාවන්හි නිරත ගොවියන්ගේ ඉඩම්; වාණිජ වගා සඳහා වෙන්කර ගැනීමේ ගැටලුව පිළිබඳවත්, තණමල්විල නිකවැව කොහොඹ වගා බිමට පැමිණෙන අලින්ගෙන් සිදුවන තර්ජන හේතුවෙන් පවතින ගැටලුව පිළිබඳවත්,එම තර්ජන අවම කිරීම සඳහා එම කොහොඹ වගා භූමිය ප්‍රාදේශීය ලේකම් වෙත භාරදී යටිකැලේ ශුද්ධ පවිත්‍ර කිරීම සුදුසු බවත්ද මෙහිදී සාකච්ඡා කරන ලදි.

● දහයියාගල රක්ෂිතය සම්බන්ධව පවතින ගැටලුව පිළිබඳවත්,
● තණමල්විල ලුණුගම්වෙහෙර වනජීවී කලාපය ගැසට් කිරීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධවත්
● කතරගම යෝජිත කඳ සුරිඳුගම රක්ෂිත මායිම් නිරවුල්කර නව මායිම් ගැසට් කිරීම පිළිබඳවත්
● බුත්තල තේක්ක වගා භූමියෙන් පොදු ක්‍රීඩාංගණය සඳහා අක්කර 10 ක් වෙන් කිරීම පිළිබඳවත්,
මෙහිදී සාකච්ඡා කරන ලදී.

කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන පවුල් 301 ක් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් ලබාදීමට සිදුවන බවත්,ඔවුන්ගේ රබර්,ගම්මිරිස්, රඹුටන් වැනි වගා ඉඩම් අහිමි වීම වෙනුවෙන් වගාව සඳහා ඉඩම් ලබාදීමට ද සිදුවන බවත්,ජලාශය ඉදිකිරීම සඳහා අක්කර 1100 ක භූමි භාගයක අවශ්‍යතාවය පිළිබඳවත්,මේ පිළිබඳව නැවත ක්ෂේත්‍ර පරික්ෂාවක් සිදු කිරීම සුදුසු බවත් මෙහිදී සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති,වෙළඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය හා මොණරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම් ජයවර්ධන මැතිතුමා,මොනරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර ගුණවර්ධන මැතිතුමා,මොනරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම් සරත් කුමාර මැතිතුමා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ශාන්ත ප්‍රියදර්ශන මැතිතුමා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී එම්.ඒ.සී.එස්.චතුරි ගංගානි මැතිතුමිය ඇතුළු මොණරාගල දේශපාලන අධිකාරිත්වය හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත මහතා,අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්,වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.සී.පී.උදය කුමාර මහතා,පරිසර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය පෞද්ගලික ලේකම් අකලංක ඒකනායක මහතා,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.එල්.ආර්.පී.මාරසිංහ මහතා,වන රක්ෂක දෙපාර්තමේන්තුවේ වන රක්ෂක ජනරාල් එස්.සී.පාලමකුඹුර මහතා,ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරි මහත්ම මහත්මින් පිරිසක් සහභාගි විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
මොනරාගල.

"ප්‍රජා සවියට - නව බලයක්"සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ      නිලධාරීන් දැනුවත් කිරීම - මොනරාගල දිස්ත්‍රික්කය===========...
30/09/2026

"ප්‍රජා සවියට - නව බලයක්"
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීම - මොනරාගල දිස්ත්‍රික්කය
===================================

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනේ,බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන,ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ ගරු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින (29) වැල්ලවාය ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

නව රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන "දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන"ට අනුව,2027 වර්ෂයේ පවුල් 2,00,000 ක් සවි බල ගැන්වීම උදෙසා නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් පැවති මෙම වැඩසටහන තුළින් 2029 වර්ෂයේ පවුල් 20,00,000 ක් සවිබල ගැන්වීමට අපේක්‍ෂා කරයි.

දැනට ක්‍රියාත්මක සමෘද්ධි බැංකු 1097ක් තුළින් අඩු ආදායම් ලාභීන් උදෙසා ණය පහසුකම් ලබාදීම පිළිබඳවත්,ව්‍යාපාර සඳහා යොමු කරවන ආකාරය,ඒ සඳහා සැලසුම් සකස් කරන ආකාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කරන ලදී.

අඩු ආදායම්ලාභී පවුල්වල,උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව නොලැබුණු, වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍ය දරුවන් හා භාෂා ප්‍රවීණතාවයක් අවශ්‍ය දරුවන් සිටි නම් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා රු.1,50,000 ක ආපසු නොගන්නා ප්‍රධානයක් ලබාදීමට හැකියාව ඇති බවත්,ඒ තුළින් ඔවුන් රැකියා ගතවීමෙන් පසු පවුල සවිබල ගැන්වීම තුළින් දිළිදු බව තුරන් කිරීමට හැකියාව උදා වන බවත්,ඒ සඳහා නිලධාරීන් කැපවීමෙන් කටයුතු කළ යුතු බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති,වෙළඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය හා මොණරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම් ජයවර්ධන මැතිතුමා,
මොණරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී එම්.ඒ.සී.එස්.චතුරි ගංගානි මැතිතුමිය,මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත මහතා,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අධ්‍යක්ෂ ලාල් කරුණාතිලක මහතා,මොනරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මොණරාගල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කේ.එම්.ජී.කපිල බණ්ඩාර මහතා,ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,සමෘද්ධි කළමනාකරණ නිලධාරීන්,සංවර්ධන නිලධාරීන් ඇතුළු 850 ක පිරිසක් සහභාගී වන ලදී.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
මොණරාගල

විදාතා ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය - මොනරාගල දිස්ත්‍රික්කය==============================...
30/09/2026

විදාතා ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය - මොනරාගල දිස්ත්‍රික්කය
===================================

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්,මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මොනරාගල දිස්ත්‍රික් විදාතා මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන ලද විදාතා ප්‍රදර්ශනය හා නවෝත්පාදන සායනය පසුගිය (25) වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය මට්ටමින් බිහිවන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන වැඩිදියුණු කිරීම සහ නවෝත්පාදන දිරිගැන්වීම සඳහා නව නිපැයුම් කරුවන්ට හා නව නිපයුම්කරුවන් වීමේ අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන්ට අවශ්‍යය සහාය ලබාදීම තුළින් ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා මොණරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි චතුරි ගංගානි මැතිතුමිය,වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති නිහාල් වලිමුණි මහතා,මොනරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ප්‍රගීත් කුලතිලක මහතා,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)/තණමල්විල ප්‍රාදේශීය ලේකම් කැලුම් නිශාන්ත මහතා,වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කේ.කේ.රවින්ද්‍රා මාලනී මහත්මිය,මොනරාගල සහකාර දිස්ත්‍රික් ලේකම් ඩී.ඩබ්.දහනායක මහතා,ඌව පළාත් කර්මාන්ත අධ්‍යක්ෂකතුමා,රාජ්‍ය හා පෞද්ගලික ආයතන,බැංකු,කර්මාන්ත කරුවන්ට සහාය දක්වන වෙළඳ;මූල්‍ය හා විවිධ සහාය දක්වන ආයතන,ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ නියෝජිතයින් හා දිස්ත්‍රික්කයේ විදාතා නිලධාරීන්,රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ අතර දිස්ත්‍රික්කය පුරා විදාතා මධ්‍යස්ථානවලින් බිහි කරන ලද ව්‍යවසායකයින් සඳහා අලෙවි කුටි ලබාදීමක් ද සිදු විය.

මෙහිදී,නව නිපැයුම් හා බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් සැසි 02ක් පැවැත්වූ අතර; නිෂ්පාදන සඳහා තත්ත්ව පර්යේෂණ වාර්තා ලබාගන්නා ව්‍යවසායකයින් හා පුහුණුව ලබා ගන්නා ලද ව්‍යවසායකයින් සඳහා සහතික පත්‍ර ප්‍රධානය,නවෝත්පාදන සිදුකරන ලද සිසුන්ට ත්‍යාග ප්‍රධානය ද සිදු කරන ලදී.

මොණරාගල දිස්ත්‍රික් විදාතා නිලධාරී ඒ.එම්.එම්.අත්තනායක මහතාගේ සම්බන්ධීකරණයෙන් විදාතා මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහයෝගය පැවැති මෙම වැඩසටහන සඳහා පාසල් සිසුන් 60 ක් සහ විදාතා ව්‍යවසායකයින් 60 ක් සහභාගි විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
මොණරාගල.

දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම - මොනරාගල දිස්ත්‍රික්කය===================================මොණරාගල දිස්ත්‍රික් ශාසනා...
23/09/2026

දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම - මොනරාගල දිස්ත්‍රික්කය
===================================

මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම පසුගිය දින (09/22)මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍යපාදය මාරිඅරාවේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේගේ හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල ගරු ලේඛකාධිකාරී පූජ්‍යපාද කන්ද උඩපංගුවේ සුගතනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ‍ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙහිදී ශාසනාරක්ෂක මණ්ඩල වශයෙන් හා ශාසනික වශයෙන් පවතින ගැටලු හා යෝජනා පිළිබඳව සාකච්ඡා කරන ලදී.
● ලියාපදිංචි නොකල දහම් පාසල් හා විහාරස්ථාන පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර,ඒ පිළිබඳව ප්‍රාදේශීය බෞද්ධ කටයුතු සමායෝජකවරුන් පැහැදිලි වාර්තාවක් සකස් කල යුතු බවත්,
● "යතිවර මාපිය" වැඩසටහන යටතේ මතුව පවතින ගැටලු සම්බන්ධවත්,ඒ පිළිබඳව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යෝජනා පිළිබඳවත් සාකච්ඡා කරන ලදී.

"අටපිරිකර" පූජා භාණ්ඩ අලෙවිය ප්‍රමිතිකරණයෙන් තොර වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර,අටපිරිකර සකස් කරන්නන් සහ විකුණන්නන් දැනුවත් කිරීමේ හා උපදෙස් ලබාදීමේ වැඩසටහනක් ඔක්තෝම්බර් මස 12 වනි දින සිදු කිරීමට යෝජනා වූ අතර,ඉන් මතුවට ව්‍යාජ අටපිරිකර සකස් කරන්නන් හා විකුණන්නන් සම්බන්ධව දැඩි නීතිමය පියවර ගන්නා බව,දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී එස්.එන්.එම්.සාලිය බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

පැවිදි කිරීම උදෙසා,බිබිල කොටගම බාලවයස්කාර දැරියන් අනාරක්ෂිතව ආරණ්‍යවල සිටීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර සති දෙකකට වතාවක් පොලිසිය හා බෞද්ධ කටයුතු සමාජයෝජක නිලධාරීන්, එම ස්ථාන වෙත ගොස් ගොස් පරීක්ෂා කිරීම සුදුසු බවට යෝජනා කරන ලදී.

දිස්ත්‍රික් සිසු නිපුණතා තරඟ එළඹෙන 11 වැනි දින පැවැත්වීමට නියමිත බවත්,ශ්‍රේණි විභාග හා ගුරු සිසු ලේඛන සම්බන්ධවත් මෙහිදී සාකච්ඡා කරන ලදී.

විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධන ව්‍යාපෘතිල ප්‍රගතිය හා පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා වූ අතර;

කුඩා දරුවන්ට, දුම්වැටි හා මත්ද්‍රව්‍ය අලෙවිය වළක්වා ගැනීම සම්බන්ධව "පවුල් සංසදය" හරහා වැටලීම් සිදුකොට අවශ්‍ය පියවර ගැනීමට තීරණය වු අතර ක්ෂණික දැනුම්දීම් තුළින් එම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හැකියාව පවතින බවද වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.

දිස්ත්‍රික්කයේ පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමා එක් දිනකට හෝ දිස්ත්‍රික්කය වෙත ගෙන්වා ගැනීමට පියවර ගත යුතුබව දිසාපතිතුමා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

දිස්ත්‍රික් බෞද්ධ කටයුතු නිලධාරි සී.වෙල්ගමගේ මහත්මිය හා එන්.එම්. සිසිර කුමාර මහතා විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන - වැ.බ) ප්‍රගිත් කුලතිලක මහතා සමගින් මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ගරු සභාපති/ නියෝජ්‍ය සභාපති,ගරු ලේඛකාධිකාරී/නියෝජ්‍ය ලේඛකාධිකාරී,බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්,මොණරාගල දිස්ත්‍රික් සිල් මාතා සංගමයේ ගරු සභාපති; ලේඛකාධිකාරි මෑණියන් වහන්සේලා,ප්‍රාදේශීය ලේකම්වරුන්,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්,ජේෂ්ඨ පොලිස් අධිකාරි, ඇතුළු පිරිසක් සහ සම්බන්ධ විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
මොණරාගල.

මරගල පාරිසරික ආරක්‍ෂණ කලාප කමිටු රැස්වීම - මොණරාගල දිස්ත්‍රික්කය===================================මොනරාගල දිස්ත්‍රික් ම...
23/09/2026

මරගල පාරිසරික ආරක්‍ෂණ කලාප කමිටු රැස්වීම - මොණරාගල දිස්ත්‍රික්කය
===================================

මොනරාගල දිස්ත්‍රික් මරගල පාරිසරික ආරක්ෂණ කලාප කමිටු රැස්වීම පසුගිය දින (2026.09.22) මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්,මරගල කමිටු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙහිදී,පෙර කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණවල ප්‍රගතිය සාකච්ඡා කළ අතර,
මරගල කඳුවැටිය සම්බන්ධයෙන් ගැසට් පත්‍ර සංශෝධනය පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.

කැලෑ ගිණි තැබීම් වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ කණ්ඩායම් ලෙස බෙදී අවදානම් කාලවලදී සෝදිසි කිරීමත්,ගිණි තැබීම් සිදුවන ස්ථාන අවට ජනතාවගෙන්; ඒ පිළිබඳ පොලීසිය විසින් කට උත්තර ලබා ගැනීමත්,ගිනි තබන්නන්ට දැඩි දඬුවම් ලබාදීම සිදුකළ යුතු බවත්,ගිනි ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කළ යුතු බවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.

මරගල කලාපයේ පාරිසරික ආරක්ෂාවට හානි නොවන,අනතුරුදායක සහ නිවාස අවශ්‍යතාවය සඳහා පමණක් ගස් කපා ඉවත් කිරීමට; නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මරගල පාරිසරික ආරක්ෂණ අනුකමිටුවක් පිහිටුවන ලදී. එම අනුකමිටුව,
● ආපදා කළමනාකරණ නිලධාරිවරයකු
● වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයකු
● මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරිවරයෙකු
● අදාළ ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ නිලධාරිවරයෙකු
● දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිසර විෂය භාර නිලධාරි
ලෙස පස්දෙනෙකුගෙන් සමන්විතව පිහිටුවන ලදී.
මරගල කලාපයේ පවතින LRC ඉඩම් හා ජනවසමට අයත් ඉඩම්; මායිම් හඳුනාගෙන සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කිරීමට ඇති හැකියාව පිළිබඳවත්,සඳගල්ලෙන පාසාදික වන සෙනසුන මාර්ගය හා දාන ශාලාව ඉදිකිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති ලිපිය පිළිබඳව සාකච්ඡාවට බඳුන් කළ අතර, ඒ සඳහා ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමටත්, සංශෝධනයන් සිදුකළ යුතු නම් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමටත් මෙහිදී සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ඉඩම් අංශයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් - වැ.බ ) කේ.එච්.ඒ.කේ නිශාන්ත මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක එම්.කේ.ජේ.එම් සදාත් මහතා සමගින් එක් එක් ක්ෂේත්‍රයන්ට අදාල නිලධාරින් පිරිසක් සහභාගි විය.

දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය,
මොණරාගල.

22/09/2026
මොණරාගල හා බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වලට බලපා ඇති වන අලි තර්ජන පිළිබඳ සාකච්ඡාව - මොනරාගල දිස්ත්‍රික්කය.=========...
21/09/2026

මොණරාගල හා බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වලට බලපා ඇති වන අලි තර්ජන පිළිබඳ සාකච්ඡාව - මොනරාගල දිස්ත්‍රික්කය.
=================================

ප්‍රදේශවාසීන්ට දැඩි තර්ජනයක් බවට පත්ව ඇති අලි ගැටලුව හේතුවෙන්,
බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔක්කම්පිටිය, වැලිආර ප්‍රදේශයේ ඉදිකර ඇති, දැනට අකර්මණ්‍යව පවතින විදුලි අලි වැට ආශ්‍රිතව 03km දක්වා අවට කැලෑ පිරිසිදු කිරීම හා වැට සක්‍රීය කිරීම උදෙසා වූ සාකච්ඡාවක් මොනරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ශාන්ත ප්‍රියදර්ශන මැතිතුමා, මොනරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිත්වය සහ මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (2026.9.21) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදී.

සිල්බරපාර,මකුල් ආර,ගල්වලපාර,අන්දර මණ්ඩිය,14 කණුව යන මාර්ගයන්හි පාසල් යන දරුවන්ට අලින්ගෙන් ඇතිවන තර්ජන හේතුවෙන් පාසල් පැමිණීම 40% ක ප්‍රමාණයකින් අවම වී ඇති බවත්ඒ, සඳහා ස්ථිර විසඳුමකට යනතුරු කඩිනම් විසඳුමකට එළඹිය යුතු බවත් මෙහිදී සාකච්ඡා කරන ලදී.

ඒ අනුව, අලින් පලවා හරිම සිදුකරන තෙක් හෙට දිනයේ සිට උදෑසන පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා සුදුසු වාහන කුලී පදනම මත කඩිනමින් යෙදවීමට යෝජනා වූ අතර,ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් අලි
ගමන් ගන්නා වේලාවන් පිළිබඳව පාසල් ළමුන් හා ජනතාව දැනුවත් කිරීමත්, අවදානම පිළිබඳව පැහැදිලි කිරීමටත් මෙහිදී යෝජනා විය.

වනජීවී නිලධාරීන්,සිවිල් ආරක්ෂක අංශ නිලධාරීන්, 121 බල සේනාවේ නිලධාරීන් හා ග්‍රාමීය ජනතාවගෙන් සැදුම්ලත් 100 දෙනකුගේ සහභාගිත්වයෙන් එළඹෙන 28 හා 29 දෙදින අලි වැට දෙපස ඇති කැලෑව කපා පවිත්‍ර කිරීමට යෝජනා කරගත් අතර අලින් පලවා හැරීමේ ක්‍රියාවලිය ඔක්තෝම්බර් 04 වනි දින වනජීවී දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මගින් සිදු කිරීමට යෝජනා විය.

මෙම අවස්ථාව සඳහා කුඹුක්කන ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති දැලිවේ පඤ්ඤාශේකර හිමි, මොනරාගල ප්‍රාදේශීය සභා සභාපතිතුමන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මොනරාගල සහ බුත්තල ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු විවිධ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගි විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
මොණරාගල.

Address

Monaragala

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94552276234

Alerts

Be the first to know and let us send you an email when District Secretariat - Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to District Secretariat - Monaragala:

Shortcuts

Share