Nagoda Pradeshiya Sabhawa - NPS

Nagoda Pradeshiya Sabhawa - NPS Nagoda Pradeshiya Sabhawa

29/08/2026

විශේෂ නිවේදනයයි: නාගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සහ කිරි ගොවියන්ගේ අවධානයට! 📢
​නාගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ දීර්ඝ කාලයක සිට අයාලේ යන (හිමිකරුවන් නොමැති) ගවයන් හේතුවෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගැනීමට නාගොඩ ප්‍රාදේශීය සභාව තීරණය කර ඇත.

​ගවයින් ඇල්ලීමේ වැඩසටහන: හිමිකරුවන් නොමැති සහ හීලෑ නොමැති ගවයින් ඇල්ලීම සඳහා මනා පළපුරුද්දක් ඇති පුද්ගලයින් ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කිරීමටත්, එලෙස අල්ලනු ලබන සතුන් වෙනුවෙන් අදාළ පුද්ගලයින්ට මුදල් ගෙවීමටත් තීරණය කර තිබේ.
​එමෙන්ම, අප ප්‍රදේශයේ කිරි ගොවියන් දිරිගැන්වීම සහ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කර, හැකි උපරිමයෙන් විසඳුම් ලබා දීමේ අරමුණින් විශේෂ කතිකාවතක් සංවිධානය කර ඇත.

​රැස්වීම පිළිබඳ විස්තර:
​දිනය: 2026 සැප්තැම්බර් 01
​වේලාව: පස්වරු 2:00 ට
​ස්ථානය: නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවනාගාරය
​මූලිකත්වය හා සහභාගීත්වය: නාගොඩ ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ගොවිජන සේවා නිලධාරීන්.

​මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ගව පාලනයේ නිරත වන සියලුම මහත්ම මහත්මීන්ගේ පැමිණීම ඉතා වැදගත් වේ. මෙම පණිවිඩය දකින ඔබත්, ප්‍රදේශයේ සිටින මෙම වැඩසටහනට සම්බන්ධ විය යුතු සියලු දෙනා මේ පිළිබඳව දැනුවත් කර සහයෝගය දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ස්තුතියි!

​සභාපති,
නාගොඩ ප්‍රාදේශීය සභාව.

ගෝණදෙනියේ සිට ඇප්තොප්වත්ත හරහා මොරගල්මුල්ල මාර්ගය කොස්ගහහේන කොටස පාර දෙපස සහ පාරේ කාණුව කපා පස් දමා සකස් කිරීම - 2026.08...
18/08/2026

ගෝණදෙනියේ සිට ඇප්තොප්වත්ත හරහා මොරගල්මුල්ල මාර්ගය කොස්ගහහේන කොටස
පාර දෙපස සහ පාරේ කාණුව කපා පස් දමා සකස් කිරීම - 2026.08.18

🏛️ නාගොඩ ප්‍රාදේශීය සභාව - මහජනතාව වෙත කෙරෙන විශේෂ නිවේදනයයි!​LANKAQR තාක්ෂණය ඔස්සේ වඩාත් කාර්යක්ෂම ඩිජිටල් ගෙවීම් සේවාව...
17/08/2026

🏛️ නාගොඩ ප්‍රාදේශීය සභාව - මහජනතාව වෙත කෙරෙන විශේෂ නිවේදනයයි!
​LANKAQR තාක්ෂණය ඔස්සේ වඩාත් කාර්යක්ෂම ඩිජිටල් ගෙවීම් සේවාව!



📢නාගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සැන්ඩො කඩේ පියසෙන් ගම්මානය මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.👍👍
17/08/2026

📢නාගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සැන්ඩො කඩේ පියසෙන් ගම්මානය මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.👍👍




06/08/2026
📢 නාගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ මාර්ග 4ක ප්‍රතිසංස්කරණය ඇරඹෙයි! 🛠️🛣️​පළාත් නිශ්චිත සංවර්ධන අරමුදල් ප්‍රතිපාදන යටතේ, ප...
01/08/2026

📢 නාගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ මාර්ග 4ක ප්‍රතිසංස්කරණය ඇරඹෙයි! 🛠️🛣️

​පළාත් නිශ්චිත සංවර්ධන අරමුදල් ප්‍රතිපාදන යටතේ, ප්‍රදේශයේ ජනතාවගේ ගමනාගමන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් නාගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ මාර්ග 4 ක ප්‍රතිසංස්කරණ කටයුතු අද දින සාර්ථකව ආරම්භ කරන ලදී.

​මෙම විශේෂ සමාරම්භක අවස්ථාව, නාගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ධර්මසිරි ගනේවත්ත මැතිතුමා,ගරු උප සභාපතිතූමා ඇතුළු ගරු මන්ත්‍රී මණ්ඩලයේ ආරාධනාවෙන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් , ගරු සභාපතිතුමා,ගරු උප සභාපතිතූමා ඇතුළු ගරු මන්ත්‍රී මණ්ඩලයේ සහ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදු විය.

​📍 ප්‍රතිසංස්කරණය වන මාර්ග:

01. ​පිටෝවිට මුහන්දිරම් වතුරාව මාර්ගය

​02.උඩවැලිවිටිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට පිවිසෙන මාර්ගය

03.​උඩවැලිවිටිය සණස සිට අයිදෝස්විල යාය දක්වා මාර්ගය

04. ​සැන්ඩෝ කඩේ සිට පියසේන ගම්මානය දක්වා මාර්ගය

​සමෘද්ධිමත් හෙට දවසක් වෙනුවෙන් - නාගොඩ ප්‍රාදේශීය සභාව ජනතා සේවයේ! 🤝🇱🇰

නාකියාදෙනිය මැණික් දොළ කන්ද මාර්ගය JCB යන්ත්‍රයක් යොදා ගනිමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම - 2026.07.18
21/07/2026

නාකියාදෙනිය මැණික් දොළ කන්ද මාර්ගය JCB යන්ත්‍රයක් යොදා ගනිමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම - 2026.07.18

බුදපනාගම කන්ද පාර උනන්විටිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම
10/07/2026

බුදපනාගම කන්ද පාර උනන්විටිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම

නාගොඩ ප්‍රාදේශීය සභාව, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  හා නාගොඩ පොලිස් ස්ථානය ඒකාබද්ධව  සිදු කරන ලද ඩෙංගු  මර්ධන වැඩසටහ...
07/07/2026

නාගොඩ ප්‍රාදේශීය සභාව, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා නාගොඩ පොලිස් ස්ථානය ඒකාබද්ධව සිදු කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන පසුගියදා නාගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවත්වන ලදී.

Address

Nagoda
Nagoda
80110

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Nagoda Pradeshiya Sabhawa - NPS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share