කවී -Kavee

කවී -Kavee "ඔබේ හදවත විස්තර කළ නොහැකි දේ සහ අත්විඳින දේවලින් පිරී තිබේවායි මම ප්‍රාර්ථනා කරමි."🌨🩷

God's Plan ⚜️🧿

11:11

🦢🪻🩷

❝මම ආත්මයක් ඇති සිරුරක් නෙමෙයි 💗🥺 මම ඇසට පෙනෙන සිරුරකින් යුත් ආත්මයක් 🧡😍❞

හින්දු භක්තිකයන් මහා කාලී මෑණියන්ගේ පහළ වීම හෙවත් උපන්දිනය හෙවත් කාලි ජයන්තිය ලෙස සමරනු ලබන්නේ භාද්‍රපද මාසයේ ක්‍රිෂ්ණ ප...
04/09/2026

හින්දු භක්තිකයන් මහා කාලී මෑණියන්ගේ පහළ වීම හෙවත් උපන්දිනය හෙවත් කාලි ජයන්තිය ලෙස සමරනු ලබන්නේ භාද්‍රපද මාසයේ ක්‍රිෂ්ණ පක්ෂයේ අෂ්ටමී තිථිය එළඹෙන දිනයයි. ❤️✨

ලූනා දින දර්ශනයට අනුව මෙම දිනය වසරින් වසර වෙනස් වන අතර, 2026 වර්ෂයේදී කාලි ජයන්ති දිනය යෙදුණේ සැප්තැම්බර් 4 වන සිකුරාදා දිනයටයි"..✨❤️

ඒ උතුම් දිනයේ මහා කාලී මෑණියන්ගේ දිව්‍යමය ශක්තිය ඔබව සැමදා රකිත්වා...!!❤️✨🙏

ඔබේ ජීවිතයේ ඇති සියලු බාධක, අඳුර සහ අකුසල් දුරු වී, මෑණියන්ගේ කරුණාවෙන් ඔබේ පවුලට නිරෝගීභාවය, සතුට, සහ සෞභාග්‍යය උදා වේවා!" ✨🙏❤️

කාලි මෑණියන්ගේ පිහිටයි.✨❤️

゚viralシfypシ゚viralシ ゚viralシ

කළුතර ශික්ෂණ රෝහලේ පිළිකා රෝගී සත්කාර සේවා වඩාත් කාර්යක්ෂම කරමින් ඉදිවන “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය...
04/09/2026

කළුතර ශික්ෂණ රෝහලේ පිළිකා රෝගී සත්කාර සේවා වඩාත් කාර්යක්ෂම කරමින් ඉදිවන “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට මුල්ගල තැබීම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 2 දින සිදු විය.✨🤍

හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා සහ එම මැතිනියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදිවන මෙම ගොඩනැගිල්ල වසරක් ඇතුළත වැඩ නිමකර ජනතා අයිතියට පැවරීමට නියමිතය.🤍✨

🤍 නව ගොඩනැගිල්ලේ සැකසුම:

✨ 1 වන මහල: පිළිකා රෝගී සායන සංකීර්ණය.

✨ 2 වන මහල: කීමෝතෙරපි (Chemotherapy) ප්‍රතිකාර ඒකකය.

✨ 3 වන සහ 4 වන මහල්: ඇඳන් 24 බැගින් වූ නේවාසික ප්‍රතිකාර වාට්ටු දෙකක්.

මෙතෙක් කළුතර රෝහල් පරිශ්‍රයේ ස්ථාන තුනක විසිරී පැවති පිළිකා ප්‍රතිකාර සේවාවන් සියල්ල මෙමගින් එකම වහලක් යටට ගොනු කෙරේ. එමගින් කළුතර දිස්ත්‍රික්කය ඇතුළු අවට ප්‍රදේශවල රෝගීන්ට වඩාත් පහසු සහ විධිමත් සේවාවක් ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.🤍✨

උත්සව සභාව අමතමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙය හුදෙක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමක් පමණක් නොව රට හමුවේ ඇති ප්‍රධාන සෞඛ්‍ය අභියෝගයකට මුහුණ දීමට තැබූ වැදගත් පියවරක් බවයි. මෙවැනි උදාර මානුෂීය කර්තව්‍යයකට පූර්ණ දායකත්වය දැක්වූ දයානන්ද බෝඹුවල මහතා ඇතුළු පවුලේ සැමට අමාත්‍යවරයා මෙහිදී සිය ගෞරවපූර්ව ස්තූතිය පිරිනැමීය.🤍🙏✨

゚viralシ ゚viralシfypシ゚viralシ

උමා දේවියගේත් ශිව මහේශ්වර දෙවියන්ගේත් පුත්‍රයාණන් වූ ශ්‍රී ගණේෂ දෙවිදුන්ගේ ආශිර්වාදය ලැබේවා...!!! 🙏🤍✨  ゚viralシfypシ゚viral...
04/09/2026

උමා දේවියගේත් ශිව මහේශ්වර දෙවියන්ගේත් පුත්‍රයාණන් වූ ශ්‍රී ගණේෂ දෙවිදුන්ගේ ආශිර්වාදය ලැබේවා...!!! 🙏🤍✨

゚viralシfypシ゚viralシ 🙏

5 පන්තියෙ චුටි පැංචන්ගෙ ශිෂ්‍යත්ව විභාගයෙන්  ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය ලබාගත්  කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව බණ්ඩාරනායක...
03/09/2026

5 පන්තියෙ චුටි පැංචන්ගෙ ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය ලබාගත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තීක්ෂණ පුතාට උණුසුම් සුභපැතුම්..❤️✨🌸

゚viralシfypシ゚viralシ

අනියත සංසාරයේ මෙවන් අකල් මරණ තවත් සිදුව නොවේවා! මියගිය සැමට අජරාමර උතුම් නිවන් සුව අත්වේවා... 🌸පාරට බහින සෑම මොහොතකම වගක...
02/09/2026

අනියත සංසාරයේ මෙවන් අකල් මරණ තවත් සිදුව නොවේවා! මියගිය සැමට අජරාමර උතුම් නිවන් සුව අත්වේවා... 🌸

පාරට බහින සෑම මොහොතකම වගකීමෙන් සහ සැලකිල්ලෙන් රථවාහන පදවන්න මතකයේ තබා ගමු...🙏

උපුටාගැනීමකි...

゚viralシfypシ゚viralシ

සිංහල බෞද්ධ ජනතාවගේ දැඩි ගෞරවයට, වන්දනාවට පත් වුනු දෙවි කෙනෙක්‌ විදිහට සුමන සමන් දෙවියන්ව හඳුන්වන්ට පුළුවනි.සමන් දෙවියන්...
01/09/2026

සිංහල බෞද්ධ ජනතාවගේ දැඩි ගෞරවයට, වන්දනාවට පත් වුනු දෙවි කෙනෙක්‌ විදිහට සුමන සමන් දෙවියන්ව හඳුන්වන්ට පුළුවනි.
සමන් දෙවියන් සමන් බොක්සැල් ,යක්ඛ සුමන,මහා සුමන නමින් හඳුන්වයි.🤍✨🙏

සමන් දෙවියන්ගේ රූපය දුටු ඕනෑම අයෙකුට එතුමාගේ ශාන්ත විලාසය දකින්න ලැබේ. ධවල වර්ණයෙන් යුත් ශරීරය , ස්වර්ණාභරණයන් හිස පැළදි මැණික් ඔටුන්න තේජස් බවක් පෙන්නුම් කරයි.මේ දෙවියන්ගෙ වාහනය සුදු ඇතෙක්‌. 🙏✨🤍

සුදු ඇතාට කියන තවත් නමක්‌ තමයි ඇලි ඇතා.ඉතා දුර්ලබ ඒ වගේම හාස්‌කම් තියෙන හස්‌ති රාජයෙක්‌ විදිහට මේ ඇලි ඇතා සළකනු ලබයි. ඒ නිසා සමන් දෙවියවන්ගේ ඇලි ඇතා බොහොම තේජවන්ත ඇතෙකු විය යුතුයි. සමන් දෙවියන් සුරතින් සුදු නෙළුම් මලකුත් දරාගෙන සිටියි. එවගේම ඇතාගේ හොඬ වැලෙත් සුදු නෙළුමක්‌ තිබේ. එහෙම නම් ස්‌ථීර වශයෙන්ම නෙළුම් මල් මුනි පුදට බව සිතිය හැකිය.🤍✨🙏

゚viralシ

ඔද,තෙද සහ බල පරාක්‍රමයෙන් හෙබි දෙවිවරුන් අතරින් වඩාත් විශේෂ දෙවියන් ලෙස කතරගම දෙවියන් හැඳින්විය හැකිය. 🙏❤️✨ශ්‍රී ලංකාව ප...
31/08/2026

ඔද,තෙද සහ බල පරාක්‍රමයෙන් හෙබි දෙවිවරුන් අතරින් වඩාත් විශේෂ දෙවියන් ලෙස කතරගම දෙවියන් හැඳින්විය හැකිය. 🙏❤️✨

ශ්‍රී ලංකාව පිළිබඳ ග්‍රන්ථයක් රචනා කළ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් විස්තර කරන්නේ, ඉතා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක් වූ කතරගම කඳුකරයේ වැඩසිටි බලසම්පන්න දෙවියෙකු පිළිබඳව ශ්‍රී ලංකාවේ සිංහල හා දෙමළ ජනතාව දැඩි ලෙස විශ්වාස කළ බවයි. එම දෙවියන් සිංහල ජනතාව ඔවුන්ගේ සතුරන්ගෙන් ආරක්ෂා කරන බව ද ඔහු එහි සඳහන් කර තිබුණි.🙏❤️✨

කතරගම දෙවියන්ගේ පිහිටයි.. ❤️

゚viralシfypシ゚viralシ

සාදු කාර දෝංකාර දෙන රූප ... 🙏🙏🙏 මගේ රටට දළදා හිමි සරණයි.🥺🙏🤍✨පිං ඇත්තෝ දකිත්වා....🙏🤍           ゚viralシ
31/08/2026

සාදු කාර දෝංකාර දෙන රූප ... 🙏🙏🙏

මගේ රටට දළදා හිමි සරණයි.🥺🙏🤍✨

පිං ඇත්තෝ දකිත්වා....🙏🤍

゚viralシ

ජීවන සාගරයේ චණ්ඩ මාරුතයන් හමුවේ අප වෙළී යන මොහොතක, ඔබගේ දිව්‍යමය නෙත් පියන් අප කෙරෙහි යොමු වේවා. ධර්මය රකින්නා ධර්මය විස...
30/08/2026

ජීවන සාගරයේ චණ්ඩ මාරුතයන් හමුවේ අප වෙළී යන මොහොතක, ඔබගේ දිව්‍යමය නෙත් පියන් අප කෙරෙහි යොමු වේවා. ධර්මය රකින්නා ධර්මය විසින්ම රකින්නා සේ, සාගරයේ අගාධයෙන් මහා ජනකයන් මුදවාලූ ඒ මහා දේව කරුණාව, අපගේ සංසාර යාත්‍රාවට ද සෙවණක් වේවා!"

නමෝ මණිමේඛලා දේවි ප්‍රසාදනී! ✨🌊❤️

සතියේ දිනවල පෙ.ව. 8:30 – ප.ව. 3:30📧 ඊ-මේල්: cedc.nccp@gmail.com🩺 නොමිලේ📍 ලිපිනයපිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයඅංක ...
30/08/2026

සතියේ දිනවල පෙ.ව. 8:30 – ප.ව. 3:30
📧 ඊ-මේල්: [email protected]

🩺 නොමිලේ

📍 ලිපිනය

පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය

අංක 519, ඇල්විටිගල මාවත,

නාරාහේන්පිට, ශ්‍රී ලංකාව.

📞 දුරකථන: +94 11 315 9227

🌟 “පිළිකාව කල් ඇතිව හඳුනා ගැනීම ජීවිතයක් බේරා ගත හැක.” 🙏

මෙම වටිනා තොරතුර ඔබගේ ආදරණීයයන් සමඟත් බෙදාගන්න 💙

💗Copid මුල් අයිතිය ඔහු සතුයි 💗

Address

Nattandiya

Telephone

+94789150448

Website

Alerts

Be the first to know and let us send you an email when කවී -Kavee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to කවී -Kavee:

Shortcuts

Share