NPP Nawala

NPP Nawala ජාතික ජන බලවේගය - නාවල

05/02/2023
ශ්‍රී ලංකාවෙහි අග නගරය වන, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුරවරයේ, පුංචි ඡන්දය ලාංකීය දේශපාලනයේ නව පෙරැළියක ආරම්භයක් !අතීතයෙහි,...
05/02/2023

ශ්‍රී ලංකාවෙහි අග නගරය වන, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුරවරයේ, පුංචි ඡන්දය ලාංකීය දේශපාලනයේ නව පෙරැළියක ආරම්භයක් !

අතීතයෙහි, සනිටුහන් වූ, මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීම, හිටපු අගමැතිගේ ඉල්ලා අස්වීම, පවුල් පිටින් රජයේ වියදමින් ත්‍රිකුණාමලයට රහසේ පලා යාම, සෙසු ඇමැතිවරුන් ඉල්ලා අස්වීම, බංකොලොත් රටක් බවට සමස්ත ලෝකයටම රජයක් මගින්ම ප්‍රකාශයට පත්වීම, විධායක ජනාධිපතිවරයෙක් රටේ පුරවැසියන් විසින්ම, නෙරපා හැරීම වැනි සිද්ධීන්වලින් අනතුරුව,

නෛතිකව කරුණු පෙළගැසී ඇති ආකාරයට, මාර්තු 09 ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වා පළාත් පාලන ආයතන පිහිටුවීම දක්වා මහජන අරගලය පෙළ ගැසී ඇත.

එමගින් විවෘත වන, අවකාශය තුළ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මාලිමාව නියෝජනය කරමින්, අප අතරට එන, චතුරංග අබේසිංහ මහතාගේ, ජවසම්පන්න බුද්ධිමය තරුණ නායකත්වයෙන් යුත් දක්ෂ අපේක්ශක කණ්ඩායම වටා, එක්රොක් වන ලෙස ඔබට කරන විවෘත ආරාධනයයි, මේ !

04/02/2023

සිස්ටම් එකට එරෙහිව අපිත් එක්ක සටන් කරලා, System එකේ වැරැද්දක් නිසා ඔහුත් ගියා.. ඇයි හොදම අය කලින්ම යන්නෙ

ආචාර්ය විමුක්ති ජයවීර කියන්නෙ නැනෝ තාක්ෂණික විද්‍යාඥයෙක් විධියට ලෝකෙ දියුණුම රටකට ගිහින් ජීවත් වෙන්න පුළුවන්කම තිබිලත්, මේ රටේම ඉදගෙන මේ පාලනය වෙනස් කරන්න අදිටන් කරගත්ත තරුණයෙක්. විද්වතෙක්. දූෂණය, හොරාකෑම ජීවිතය වුණ ක්‍රමවත් වැඩපිළිවෙළක් නැති පාලකයො ඉන්න රටක් ජීවත් ⁣වුණ එකට විමුක්ති ජීවිතයෙන් වන්දි ගෙව්වා. ආපහු පාරක් මේ වගේ ඛේදවාචක නොවෙන්න විමුක්ති ප්‍රාර්ථනා කරපු, විමුක්ති සටන් කරපු රට අපි ගොඩනගන්නම ඕන.

සුබ ගමන් විමුක්ති.....

04/02/2023

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ආශු මාරසිංහ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක ලෙස යලි පත්කර තිබෙන බව වාර්තා වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය තිස් වෙනිදා ඔහු එම තනතුරේ යළි පිහිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය දෙසැම්බර් 22 දින ඔහු තමන් එතෙක් දැරූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වුණේ පුද්ගලික හේතුවක් මත බව පවසමින්.

04/02/2023
04/02/2023
04/02/2023
04/02/2023

Address

Nawala

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Nawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share