06/09/2026
♦️බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය මත මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මීගමු වෙරළ මලළ ක්‍රීඩා තරගාවලිය සාර්ථක ලෙස ඒත්තුකාල වෙරළ තීරයේදී (අගෝ 31) දින පැවැත්විණි.මෙහිදී 10න් පහළ කාණ්ඩයේ සිට 16න් පහළ කාණ්ඩය දක්වා ද විවෘත අංශය සඳහාද මළල ක්‍රීඩා ඉසව් රැසක් පැවති අතර ජයග්‍රහයකින් සඳහා සහතික පත් සහ කුසලාන ප්‍රදානයක්ද සිදුවිය.
මෙම අවස්ථාව සඳහා මීගමුව නාගරික මන්ත්‍රී මංගල ඩයස් මහතා,නාගරික මන්ත්‍රී සංගීත් පෙරේරා මහතා,මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය,ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී රෝහණ පෙරේරා මහතා ඇතුළු ක්‍රීඩා නිලධාරීන් පිරිසක් සම්බන්ධ විය.