07/08/2026
මීගමුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස නීතීඥ ෆසීර් මොහොමඩ් මන්ත්‍රීතුමා 2026.08.06වන දින මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ගරු සුගත් තිලකරත්න මහතා සහ ගරු නගරාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දී සිය ධුරයේ වැඩ භාරගන්නා ලදී.
2025 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පෝරුතොට කොට්ඨාසයේ මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූ නීතීඥ ෆසීර් මොහොමඩ් මැතිතුමා, මීගමුව මහ නගර සභාවේ සභා දේපළ පිළිබඳ ස්ථාවර කාරක සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.
නියෝජ්‍ය නගරාධිපති ධුරයේ සිය වගකීම් සාර්ථකව ඉටු කරමින් මීගමුව නගරයේ ජනතාවගේ සුබසාධනය හා නගරයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කිරීමට ශක්තිය, ධෛර්යය සහ සාර්ථකත්වය ලැබේවායි මීගමුව මහ නගර සභාවේ සුභාශිංසන එක් කරමු.