Nikaweratiya Base Hospital

Nikaweratiya Base Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nikaweratiya Base Hospital, Nikaweratiya.

25/08/2026

දරු උපතට පෙර සූදානම්ද?

රෝහලට ඇතුළත් වන දිනය ළං වෙද්දී ඇතිවන සතුටත්, පුංචි කලබලයත් අතරේ… “මොනවාද අරගෙන යන්න ඕනේ?” කියන ප්‍රශ්නය හැම අම්මා කෙනෙකුටම තියෙනවා.

දරු උපත සඳහා රෝහලට පැමිණීමට පෙර අවශ්‍ය ඇඳුම් සහ භාණ්ඩ නිවැරදිව සූදානම් කරගන්නා ආකාරය පිළිබඳව, අපගේ හෙද සොයුරිය කුසුම් දිසානායක මහත්මිය විසින් ඔබට වටිනා උපදෙස් රැසක් ලබාදෙයි.

🧳 අම්මාට අවශ්‍ය දෑ
👶 පුංචි පැටියාට අවශ්‍ය දෑ
🧼 පිරිසිදුකම හා සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය දෑ
📑 රෝහලට රැගෙන ආ යුතු වැදගත් ලේඛන හා අනෙකුත් දෑ

කලින්ම සූදානම් වීමෙන්, රෝහලට ඇතුළත් වන මොහොත වඩාත් පහසු, සන්සුන් සහ සතුටුදායක අත්දැකීමක් කරගත හැකියි.

මෙම වැදගත් උපදෙස් සියලුම අනාගත මව්වරුන් සමඟ බෙදාගන්න.

#දරුඋපතටසූදානම්වෙමු #මව්වරුන්සඳහා

12/08/2026

එක් පුරුද්දක් නිසා… මුළු අනාගතයම අනතුරේ හෙළනවද?

🚭 දුම්පානය, බුලත්විට සහ දුම්කොළ භාවිතය වැනි පුරුදු…
අද සුළු දෙයක් වගේ පෙනුණත්, හෙට ඔබේ ජීවිතයට විශාල අවදානමක් විය හැකියි.

මුඛ පිළිකාව ආරම්භ වන්නේ කොහොමද?
හඳුනාගත යුතු ලක්ෂණ මොනවාද?
එය වළක්වා ගන්නේ කොහොමද?

මේ සියල්ල ගැන දැනුවත් වෙන්න අපගේ වීඩියෝව නරඹන්න.

එක් පුරුද්දක් අත්හරින්න…
ජීවිතය පුරාම සතුටින් සිනාසෙන්න.

#මුඛපිළිකාව #පිළිකාඅවබෝධය

*නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ 12 වසරේ කලා අංශයේ සිසු සිසුවියන් සඳහා ලිංගික අධ්‍යාපනය සහ යොවුන් වියේ වෙනස්වීම් පිළිබඳ දැන...
08/08/2026

*නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ 12 වසරේ කලා අංශයේ සිසු සිසුවියන් සඳහා ලිංගික අධ්‍යාපනය සහ යොවුන් වියේ වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සැසිය*
පසුගිය 31 වන දින, නිකවැරටිය මූලික රෝහලේ 'මිතුරු පියස' සහ 'යොවුන් පියස' ඒකක නියෝජනය කරමින්, නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ 12 වසරේ කලා අංශයේ සිසු සිසුවියන් සඳහා ලිංගික අධ්‍යාපනය සහ යොවුන් වියේ වෙනස්වීම් පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබුණි. 🩺📚
මෙම අර්ථවත් ප්‍රජා සත්කාරක වැඩසටහන සාර්ථක ලෙස සංවිධානය කරන ලද්දේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසිනි. 🤝
මෙම කටයුටු සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු: 🙏
🔸 නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජීවන්ත මල්ලවාරච්චි මැතිතුමාට, අපගේ ප්‍රජා සත්කාරක වැඩසටහන් සඳහා ලබාදුන් අනුමැතියට සහ අඛණ්ඩ සහයෝගයට.
🔸 මෙම වැදගත් අධ්‍යාපනික වැඩසටහන සංවිධානය කරමින් සම්බන්ධීකරණය කළ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ එහි කාර්ය මණ්ඩලයට.
🔸 නිකවැරටිය මූලික රෝහලේ මිතුරු පියස සහ යොවුන් පියස අංශ භාර ප්‍රධාන හෙදිය තිළිණි ඉලංගකෝන් මියට.
🔸 නිකවැරටිය මූලික රෝහලේ හෙද නිලධාරී රුචිරා පතිරාජ මියට.
🔸 මහසෙන් ජාතික පාසලේ විදුහල්පතිතුමාට, ආචාර්ය මණ්ඩලයට සහ ඉතා උනන්දුවෙන් හා ක්‍රියාශීලීව සහභාගී වූ 12 වසරේ කලා අංශයේ දූ දරුවන්ට. 🌟
අපගේ වැඩිහිටි පාසල් සිසුන්ට නිවැරදි දැනුම ලබා දීම, සෞඛ්‍ය සම්පන්න සහ දැනුවත් යරුජු පරම්පරාවක් බිහි කිරීම සඳහා ගත හැකි ඉතා වැදගත් පියවරකි. 💡
ඔබේ පාසලට හෝ දරුවන්ට මෙවැනි වැඩසටහනක් අවශ්‍ය යැයි ඔබට හැඟේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න: 📞
📍 මිතුරු පියස සහ යොවුන් පියස, නිකවැරටිය මූලික රෝහල
📱 +94779131989
වෛද්‍ය කසුන් කඩුවෙල 👨‍⚕️
භාර වෛද්‍ය නිලධාරී
මිතුරු පියස සහ යොවුන් පියස
නිකවැරටිය මූලික රෝහල

I *nsightful session on sexual education and puberty for the Grade 12 Arts students at Mahasen National School, Nikaweratiya*

On the 31st, our team representing the Mithuru Piyasa and Yowun Piyasa units of Base Hospital Nikaweratiya had the privilege of conducting an insightful session on sexual education and puberty for the Grade 12 Arts students at Mahasen National School, Nikaweratiya. 🩺📚
This meaningful community program was successfully organized by the Divisional Secretariat Office, Nikaweratiya. 🤝
We want to extend our heartfelt gratitude to everyone who contributed to this initiative: 🙏
🔸 Dr. Jeewantha Mallawarachchi (Medical Superintendent, Base Hospital Nikaweratiya), for granting the approval and continuous support for our outreach programs.
🔸 The Divisional Secretariat Office (Nikaweratiya) and its staff, for organizing and coordinating this important educational event.
🔸 Mrs. Thilini Ilankoon (In-charge Nursing Officer, Mithuru Piyasa & Yowun Piyasa, Base Hospital Nikaweratiya).
🔸 Mrs. Ruchira Pathiraja (Nursing Officer, Base Hospital Nikaweratiya).
🔸 The Principal, teachers, and the wonderful Grade 12 Arts students of Mahasen National School for their active participation and open-minded engagement. 🌟
Equipping our senior students with accurate knowledge is a crucial step toward building a healthy and well-informed younger generation. 💡
If you think that this is the time-needed session to do for your children and your schools, please contact us! 📞
📍 Mithuru Piyasa & Yowun Piyasa, Base Hospital Nikaweratiya
📱 +94779131989

Dr. Kasun Kaduwela 👨‍⚕️
In-charge Medical Officer
Mithuru Piyasa & Yowun Piyasa
Base Hospital Nikaweratiya

03/08/2026

මව්කිරි - 3 වන කොටස

🍼 මව්කිරි දීමේ හොඳම තාක්ෂණික ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම

මව්කිරි දීමේ හොඳම තාක්ෂණික ක්‍රම (Best Breastfeeding Techniques) පිළිබඳ දැනුම බෙදාගැනීම සඳහා මූලික රෝහල නිකවැරටිය මව්කිරි කළමනාකරණ ඒකකයේ හෙද නිලධාරිණි ඉන්දිකා ජයසුන්දර මහත්මිය සමඟ පැවැත්වෙන සාකච්ඡාවට ඔබ සැමට ආරාධනා කරමු.

"මව්කිරි – දරුවාට ලබාදිය හැකි හොඳම තෑග්ගයි." 💕 දැනුවත් වෙමු... නිවැරදිව මව්කිරි ලබාදෙමු... නිරෝගී පරපුරක් ගොඩනඟමු!

31/07/2026

මව්කිරි පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාව – 03 වන කොටස

ළමා රෝග විශේෂඥ වෛද්‍ය රංජනී එදිරිසූරිය මහත්මිය සමඟ මව්කිරි පිළිබඳ වැදගත් කරුණු රැසක් ඇතුළත් තෙවන කොටස දැන් ඔබ වෙනුවෙන්.

දැනුවත් වෙමු... නිවැරදිව මව්කිරි ලබාදීමෙන් සෞඛ්‍යවත් අනාගත පරපුරක් ගොඩනඟමු.

27/07/2026

🌸 මව්කිරි පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන – 02 වන කොටස 🌸

👩‍⚕️ ළමා රෝග විශේෂඥ වෛද්‍ය රංජනී එදිරිසූරිය මහත්මිය සමඟ මව්කිරි පිළිබඳ සාකච්ඡාවේ දෙවන කොටස දැන් ඔබ වෙත.

මව්කිරි යනු දරුවාගේ පළමු හා හොඳම ආහාරයයි. මවගේත් දරුවාගේත් සෞඛ්‍යය ආරක්ෂා කරන මෙම අගනා දායාදය පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීමට මෙම වීඩියෝව නරඹන්න.

🎥 මෙම වීඩියෝව තුළින්,
✅ මව්කිරි ලබාදීමේ වැදගත්කම
✅ මව්වරුන් නිතර මුහුණ දෙන ගැටලු සඳහා නිවැරදි උපදෙස්
✅ සාර්ථක මව්කිරි පෝෂණය සඳහා වෛද්‍ය උපදෙස්

💙 මෙම වටිනා දැනුම සියලුම ගැබිනි මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ Share කරන්න.

මූලික රෝහල – නිකවැරටිය
ඔබේත්... අපේත් රෝහල.

යහපත් හදවතකින් කළ සත්කාරයක්... ඔබ අපගේ රෝහලට අගනා ශක්තියක්! මූලික රෝහල – නිකවැරටිය වෙත අඛණ්ඩව ලබාදෙන සහයෝගයට Wayamba Lab...
23/07/2026

යහපත් හදවතකින් කළ සත්කාරයක්...
ඔබ අපගේ රෝහලට අගනා ශක්තියක්!

මූලික රෝහල – නිකවැරටිය වෙත අඛණ්ඩව ලබාදෙන සහයෝගයට Wayamba Laboratory ආයතනය වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏

රු. 100,000 ක මුදලක් පරිත්‍යාග කරමින් "මිතුරු පියස" ස්ථාපිත කිරීම සඳහා ශක්තියක් වූ අතර,

නොමේරූ ළදරු සත්කාර ඒකකය (Premature Baby Care Unit) සඳහා අවශ්‍ය අල්මාරි (Cupboards) දෙකක් ද පරිත්‍යාග කරමින් අපගේ පුංචි ජීවිත රැකගැනීමේ මෙහෙවරට වටිනා දායකත්වයක් ලබා දී ඇත.

ඔබගේ මෙම පරිත්‍යාගය භාණ්ඩ හෝ මුදල් පමණක් නොව, රෝහලට පැමිණෙන රෝගීන්ටත්, ඔවුන්ගේ පවුල්වලටත්, අනාගතයේ සුවය සොයන දරුවන්ටත් ලබා දෙන බලාපොරොත්තුවක් සහ ආදරණීය රැකවරණයක් වේ.

Wayamba Laboratory ආයතනයේ කළමනාකාරීත්වයට හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින්, ඔබගේ සමාජ සත්කාර මෙහෙවර තව තවත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු.

ඔබේ සෙනෙහසින් අපේ රෝහල තවත් ශක්තිමත් වෙයි.
එක්වෙමු... සුවපත් හෙටක් වෙනුවෙන්.

ඔබගේ හඬට අපි සවන් දෙන්න සූදානම්...රෝහලකට වටිනාම දේ ගොඩනැගිලි හෝ උපකරණ නොවේ... ඔබගේ විශ්වාසයයි.නිකවැරටිය මූලික රෝහලේ අපි,...
22/07/2026

ඔබගේ හඬට අපි සවන් දෙන්න සූදානම්...

රෝහලකට වටිනාම දේ ගොඩනැගිලි හෝ උපකරණ නොවේ...
ඔබගේ විශ්වාසයයි.

නිකවැරටිය මූලික රෝහලේ අපි, සෑම රෝගියෙකුටම සහ පවුලේ සාමාජිකයෙකුටම ගෞරවයෙන්, කරුණාවෙන් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කැපවී සිටිමු.

එහෙත්, තවදුරටත් දියුණු වීමට ඔබගේ අදහස් අපට අවශ්‍යයි.

ඔබ මුහුණ දුන් අපහසුතාවක් තිබේද?
යෝජනාවක් තිබේද?
අපට ප්‍රශංසාවක් හෝ පැමිණිල්ලක් කියන්න කැමතිද?

ඔබ ලබාදෙන සෑම අදහසක්ම රහසිගතව සලකා බලනු ලබන අතර, ඒවා සියල්ල විශ්ලේෂණය කර අවශ්‍ය විමර්ශන සිදුකර නිසි ක්‍රියාමාර්ග ගනු ලැබේ.

මෙය ඔබේ රෝහලයි...
අපි ඔබේ මිතුරෝයි...

අප සමඟ එක්ව වෙනසක් ඇති කරන්න...

පහත QR කේතය ස්කෑන් කර ඔබගේ අදහස්, යෝජනා සහ පැමිණිලි අප වෙත යොමුකරන්න.

ඔබේ එක් අදහසක්...
හෙට දවසේ තවත් රෝගියෙකුගේ සිනහවක් විය හැකිය.

ස්තුතියි... ඔබගේ සමාජ වගකීම අපේ රෝහලට ශක්තියක්! නිකවැරටිය මූලික රෝහලේ රෝගී සේවාව තවදුරටත් ගුණාත්මක කිරීමේ අරමුණින්, දිගා...
22/07/2026

ස්තුතියි... ඔබගේ සමාජ වගකීම අපේ රෝහලට ශක්තියක්!

නිකවැරටිය මූලික රෝහලේ රෝගී සේවාව තවදුරටත් ගුණාත්මක කිරීමේ අරමුණින්, දිගාසිරි රසායනාගාරය (Digasiri Laboratory) විසින් රෝහල වෙත වටිනා පරිත්‍යාගයක් සිදු කරන ලදී.

රෝගීන්ගේ හා සේවාලාභීන්ගේ අදහස්, යෝජනා සහ පැමිණිලි සටහන් කිරීම සඳහා Suggestion & Complaint Boxes සකස් කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය පරිත්‍යාගය.

වෛද්‍ය වාට්ටුවේ රෝගී ඇඳන් සඳහා අවශ්‍ය ලෑලි (Bed Boards) පරිත්‍යාග කිරීම.

මෙම පරිත්‍යාගය මඟින් රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, රෝගීන්ට වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පරිසරයක් ලබාදීමටත් මහඟු දායකත්වයක් ලැබී ඇත.

දිගාසිරි රසායනාගාරයේ කළමනාකාරිත්වයට හා සියලු කාර්ය මණ්ඩලයට නිකවැරටිය මූලික රෝහල වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය හා ගෞරවය පුද කරමු. 🙏

ඔබගේ සමාජ සත්කාරය තවත් බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ආලෝකයක් වේවා!

අපේ රෝහල තවත් ලස්සන කරමින්... නිකවැරටිය මූලික රෝහලේ ඉදිරිපස උද්‍යානය අලංකාර ලෙස සංවර්ධනය කිරීම සඳහා Rapid Care Laborator...
21/07/2026

අපේ රෝහල තවත් ලස්සන කරමින්...

නිකවැරටිය මූලික රෝහලේ ඉදිරිපස උද්‍යානය අලංකාර ලෙස සංවර්ධනය කිරීම සඳහා Rapid Care Laboratory ආයතනය විසින් රු. 100,000 ක වටිනා මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත.

රෝහලට පැමිණෙන රෝගීන්ටත්, ඔවුන්ගේ පවුල්වල අයටත් මෙන්ම කාර්ය මණ්ඩලයටත් සුවපහසු, සෞන්දර්යාත්මක සහ සුවදායී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙම පරිත්‍යාගය මහඟු ශක්තියකි.

මෙම සමාජ සත්කාරක දායකත්වය වෙනුවෙන් Rapid Care Laboratory ආයතනයට අපගේ හෘදයාංගම ස්තුතිය සහ ගෞරවය පිරිනමමු. 🙏

එක්ව ගොඩනඟමු... ලස්සන, සුවදායී රෝහලක්!

Address

Nikaweratiya
60470

Website

Alerts

Be the first to know and let us send you an email when Nikaweratiya Base Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share