20/05/2026
🇯🇵ජපන් ස්කෝලේ යන ළමයි ගොඩක් අය නොදන්න දෙයක් කියල දෙන්නද?🙈🌷
student visa එකෙන් අපි ජපානෙට ඇවිල්ල කරන්නේ ජපන් භාශාව ඉගෙන ගන්න එකනෙ. ඒ ස්කෝලේ ඉගෙන ගන්න කාලේදී අපිට තියෙනවා ලොකු target එකක් cover කරන්න.ජපන් භාශා විභාග ගොඩ දාගන්න එක(N2-N1)සහ ඊළගට අපි යන්න ස්කෝලයක් select කරගන්න එක.🎓මෙතනදි අලුත් senmon gakkou හරි university එකකට හරි යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොඩක් අය නොදන්න, අපරාදේ මටත් ඒ දේවල් ටික තිබුනන්ම් හොදයි ඒත් මම ඒව සපුරගන්න දැන් පරක්කුයි කියල හිතෙන,ගොඩක් අය නොදන්න දේවල් ටිකක් තියෙනවා.
Nihongo gakkou එකෙන් graduate වෙන්න කළින් ඔයා ඉගෙන ගන්න අවුරුදු 2 ඇතුළත පුලුවන් තරම් හැමදාම ස්කෝලේ යන්න.Attendance rate එක 100% තියාගන්න උත්සහ කරන්න.අඩුම ගානේ 95%ක්වත්.ඒක තමයි ඔයාගේ ප්‍රභලම අවිය🔫මොකද, ඒ තමයි ඊළගට ඔයා යන්න ඉන්න ස්කෝලෙටයි, වීසා අලුත් කරන්න යද්දී Immigration එකෙන් විශේෂයෙන්ම බලන දේ.ඒකෙදි දෙන්නෙ,出席証明書(しゅっせきしょうめいしょ)එක.
අනිත් දේ පරක්කු වෙලා පංතියට ආවොත් ඒකටත් late කියල mark කරනවා.(සමහර ස්කෝල වල late දවස් 3ක් තිබුනොත් ඒක ගණන් කරන්නෙ 1 absent එකක් විදියට)better late than never කිව්වට ඒකෙනුත් වැඩක් නැති වෙන අවස්ථා තියෙනවා🥲
සාදාරණ හේතුවක් නිසා පරක්කු වෙනවනම්, උදාහරණයක් විදියට train එක late-එහෙනම් අනිවාර්යයෙන්ම station එකෙන් 遅延証明書(ちえんしょうめいしょ)එක අරගෙන යන්න.ඒක දුන්නත් වැඩක් නැති ස්කෝල තියෙනවා.train එක ඇත්තටම විනාඩි 20ට වැඩිය පරක්කුයිනම් ප්‍රශ්නයක් නෑ හැබැයි, එහෙම නැත්තන් no excuses-අත්දැකීමෙන් කියන්නේ)🫡
අනිත් එක,ඔයා ස්කෝලේ ගිය කාලේ ඇතුළත වැඩ කරපු විදිය.😇💯තිබුන පොඩි පොඩි විභාග වලට ළකුණු ගත්ත විදිය.පොඩි පොඩි විභාග වැඩක් නෑ කියල හිතුවටක්,අන්තිමට පොඩි පොඩි දේවල් තමයි ලොකු ලොකු දේවල් වෙන්නෙ කියල කතාවක් අහල තියෙනවා නේද?ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. එදිනෙද දෙන ක්‍රියාකාරකම්, කන්ජි විභාග,ගෙදර වැඩ,පන්තිය තියෙන වෙලාවේ නිදාගෙන සිටිම etc වගේ දේවල් වලට ළකුණු දෙනවා.
ඔයා ඉකෝලෙ ගියත්, පන්තියේ නිදාගෙන හිටියොත් ඒකට ළකුනු කපන සෙන්සෙයිලා ඕනෙ තරම් ඉන්නවා.මුලදි දැනුවත් කිරීම් කළාට හැමදාම දැනුවත් කර කර ඉන්නෙ නෑ.(දන්නවනේ ජපන් සෙන්සෙලගෙ හැටි)කිව්වොත් කිව්වා,කිව්වොත් කළා🥲Speech contest වගේ ස්කෝලේ අමතර දේවල් වලට සහභාගි වෙලා තියෙනවනම් ගොඩක් හොදයි😊මේ එකී නොකී හැමදෙයකම දාලා තමයි 成績証明書(せいせきしょうめいしょ)එක හදන්නේ.
ලමයෝ, ඔය දෙකම හොදට තියෙනවනම්, ඔයාට ස්කෝලෙන් නිකුත් කරනවා 推薦書(すいせんしょ-Letter of recommendation)මේක හැමෝටම දෙන්නෙ නෑ මේක ගන්න ඔයා special වෙන්න ඕනේ.ස්කෝලෙන් දෙන මේ letter එක තියෙනව කියන්නේ ඔයාව 99%ක්ම ඊලගට යන අලුත් ස්කෝලෙන්,university එකෙන් ඔයාව ගන්න කැමති වෙනවා-එහෙම නොවන අවස්ථාවන් තියෙනවා.
උදාහරණයකට කිව්වොත්, අලුත් ස්කෝලේ interview,exams ඔක්කොම pass වෙලා සියල්ල හරි ගියාට පස්සෙ, සමහර ළමයි හිතාගෙන ඉන්නව දැන් ඔක්කොම හරි. ස්කෝලෙත් set,ආයේ ස්කෝලේ යන්න ඕනේ නෑ කියල.ලමයිනේ, ඒක තමයි කරගන්න පුලුවන් හොදම ගොන්වැඩේ🐄😬ස්කෝලවල සෙන්සෙලා හොදට දන්නවා අපි කරන වැඩ ගැන.එයාලත් එක්ක අපිට හැරෙන්න බෑ.බැරි වෙලාවත් ඔයාට attendance rate එක අවශ්‍ය ගානට තියාගන්න බැරි වුනොත්, එයාලට පුලුවන් ඔයාව අලුත් ස්කෝලේට,University එකට ගන්න එක cancel කරන්න.දුක වුණත් ඒක තමයි ඇත්ත.
හැමෝම හරියට වැඩ ටික කරගෙන හැමදාම ස්කෝලේ යන, හොද ළමයි ගොඩට නම දාගන්න පුලූවන් වේවා කියලා පතනවා🤩❤️😁Good luck හැමෝටම