Pradeshiya Sabha - Nivithigala

Pradeshiya Sabha - Nivithigala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pradeshiya Sabha - Nivithigala, Government Organization, chairman/secretary, pradeshiya sabha, Nivitigala.

14/07/2026
නිවිතිගල ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරේ..🌿
06/07/2026

නිවිතිගල ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරේ..🌿

හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම,පරිසර පද්ධති යථා තත්වයට පත් කිරීම හා ඉහළ යන උෂ්ණත්වය කළමණාකරණය කිරීම යන අරමුණු පෙරදැරිව ...
10/06/2026

හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම,පරිසර පද්ධති යථා තත්වයට පත් කිරීම හා ඉහළ යන උෂ්ණත්වය කළමණාකරණය කිරීම යන අරමුණු පෙරදැරිව 2026.06.05 දිනට යෙදුණු ජගත් පරිසර දිනය නිමිත්තෙන් නිවිතිගල වටාපත මාවතපල්ල පෙර පාසලේ දී රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විණි.

නිවිතිගල ප්‍රාදේශීය සභාව,නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,නිවිතිගල පොලිසිය,වන සංරක්ෂණ කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන වල සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

වෙහෙසකාරී දිනක..අවසන සොඳුරු මතක....වෙසක් පොහොය දිනය නිමිති කොට ගෙන නිවිතිගල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරනු ලැබු රොට...
01/06/2026

වෙහෙසකාරී දිනක..
අවසන සොඳුරු මතක....

වෙසක් පොහොය දිනය නිමිති කොට ගෙන නිවිතිගල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරනු ලැබු රොටී දන්සල අද දිනයේ දී ඉතා සාර්ථකව සිදු කිරීමට අපට හැකි විය..

ඒ සඳහා දායකත්වය සැපයූ සියලු දෙනාටමත් අපව දිරිමත් කල සැමටත් අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු....

නිවිතිගල දොළොස්වල කන්ද  මාර්ගයට ආසන්නයේ  දම්රෝ වැවිලි සමාගමට අයත් කොටසේ නොදිරන කසළ අනවසරයෙන් බැහැර කිරීම නිසා  පරිසර පද්...
22/05/2026

නිවිතිගල දොළොස්වල කන්ද මාර්ගයට ආසන්නයේ දම්රෝ වැවිලි සමාගමට අයත් කොටසේ නොදිරන කසළ අනවසරයෙන් බැහැර කිරීම නිසා පරිසර පද්ධතිය බොහෝ සෙයින් විනාශ වී ගොස් තිබුණි.

මේ සඳහා අවස්ථා ගණනාවක සාකච්ඡා කල නමුත් නිශ්චිත විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී තිබුණි.

නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ගේ මූලිකත්වයෙන් නොදිරන කසළ රැස් කරන්නන් සමඟ පැවැති සාකච්ඡාවේදී ඔවුන් විසින් එම ස්ථානයේ බැහැර කර ඇති කසළ ඉවත් කිරීමට එකඟ විය.

2026 මැයි මස 05 වන දින නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු නිලධාරීන් හා නිවිතිගල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිලධාරීන්, වසමේ ග්‍රාම නිලධාරීතුමන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා,දම්රෝ වතු සමාගමේ නිලධාරී ඇතුළු නොදිරන කසළ රැස් කරන්නන්ගේ සහභාගීත්වයෙන් එම ස්ථානයේ පිරිසිදු කිරීමේ කටයූතු සිදු කරන ලදී.

ඉදිරියේදී මෙම ස්ථානය සඳහා ස්ථිර විසඳුමක් ලබා දීමට සියළු ආයතන එක්ව කටයුතු කරන බව දන්වනු කැමැත්තෙමු....

Address

Chairman/secretary, Pradeshiya Sabha
Nivitigala
70400

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:00 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:00 - 16:15

Telephone

+94452279275

Alerts

Be the first to know and let us send you an email when Pradeshiya Sabha - Nivithigala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pradeshiya Sabha - Nivithigala:

Shortcuts

Share