SSU Nuwara Eliya - Socialist Students' Union

SSU Nuwara Eliya - Socialist Students' Union Let's fight for equal rights in education ..!

1943 - 2026ආදරණීය නන්දා මාලනියනි,ඔබට අපගේ ආචාරය!සමාජවාදී ශිෂ්‍ය සංගමය - SSU
21/08/2026

1943 - 2026
ආදරණීය නන්දා මාලනියනි,
ඔබට අපගේ ආචාරය!

සමාජවාදී ශිෂ්‍ය සංගමය - SSU

🎶  ගීතයක රසය විඳිමින්, සමාජය ගැන කතා කරමු.​සමාජවාදී ශිෂ්‍ය සංගමය - නුවරඑළිය  (SSU) විසින් සංවිධානය කරන මාසික ශිෂ්‍ය වැඩම...
18/08/2026

🎶 ගීතයක රසය විඳිමින්, සමාජය ගැන කතා කරමු.

​සමාජවාදී ශිෂ්‍ය සංගමය - නුවරඑළිය (SSU) විසින් සංවිධානය කරන මාසික ශිෂ්‍ය වැඩමුළුව කන්දේ ඇල වැව් ඉස්මත්තේදී...

​🎸 "ඉගෙන ගනිමු, ලෝකය තේරුම් ගැනීමට පමණක් නොව, ලෝකය වෙනස් කිරීමට ද ඉගෙන ගනිමු."

​අපි සංගීතයෙන් සමාජය කියවන්න,
අලුත් දෘෂ්ටිකෝණයකින් බලන්න ඔබව සාදරයෙන් පිළිගන්නවා.

​📍 ස්ථානය: කන්දේ ඇල වැව් ඉස්මත්ත

​අගෝස්තු 20 වැනිදා උදෑසන 7:30ට නුවරඑළිය බස් නැවතුම්පොළට එකතු වෙන්න.............!

​📞 වැඩි විස්තර: 077 681 8809

උසට නැගලා ලෝකේ බලනකොට තමයි  අපේ වගකීමේ බර තේරෙන්නේ... 💭⛰️ඒ නිසයි අපි කොණ්ඩගලට යන්නේ.  හගුරන්කෙත SSU මාසික ශිෂ්‍ය වැඩමුළු...
11/08/2026

උසට නැගලා ලෝකේ බලනකොට තමයි
අපේ වගකීමේ බර තේරෙන්නේ... 💭⛰️

ඒ නිසයි අපි කොණ්ඩගලට යන්නේ.

හගුරන්කෙත SSU මාසික ශිෂ්‍ය වැඩමුළුව

📅 අගෝස්තු 16 වෙනි ඉරිදා උදෑසන 7ට
📍 රිකිලගස්කඩින් හමුවෙමු

"ඉගෙන ගනිමු, ලෝකයා වෙනස් කිරීම සඳහා ද ඉගෙන ගනිමු"
ඔයාත් අපේ ගමනේ කොටසක් වෙන්න ❤️🫂

හෙට ආරම්භ වන විභාගයට ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්! ආත්ම විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුණ දෙන්න. ඔබට ජය!— සමාජවාදී ශිෂ්‍ය ස...
10/08/2026

හෙට ආරම්භ වන විභාගයට ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්! ආත්ම විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුණ දෙන්න. ඔබට ජය!
— සමාජවාදී ශිෂ්‍ය සංගමය (SSU) — නුවරඑළිය

நாளை ஆரம்பமாகும் பரீட்சைக்கு தோற்றும் மாணவ மாணவிகள் அனைவருக்கும் எமது மனமார்ந்த வாழ்த்துகள்! தன்னம்பிக்கையுடன் பரீட்சையை எதிர்கொள்ளுங்கள். வெற்றி பெற வாழ்த்துகிறோம்!
— சோசலிச மாணவர் சங்கம் (SSU) — நுவரெலியா

Wishing you all the very best for your exams tomorrow! Stay calm, trust in your hard work, and give it your best. Good luck!
— Socialist Students Union (SSU) — Nuwaraeliya

24/07/2026
මතවාද හා එහි මානසික උපක්‍රමවල ක්‍රියාකාරීත්වය මතවාද යනු කුමක්ද? සමාජවාදී විප්ලවයේදී නිර්ධන පංති ව්‍යාපාරයකට මතවාදී අරගලය...
24/07/2026

මතවාද හා එහි මානසික උපක්‍රමවල ක්‍රියාකාරීත්වය

මතවාද යනු කුමක්ද? සමාජවාදී විප්ලවයේදී නිර්ධන පංති ව්‍යාපාරයකට මතවාදී අරගලය සිදු කළ යුත්තේ ඇයි ? මතවාදී ආධිපත්‍යයේ බලපෑම හා ආධිපත්‍යට මතවාද ගොඩනැගිය හැකි බව පෙර කලාපයේ විග්‍රහ කරගන්නා ලදි.

අල්ගොරිදමයක් යනු ගැටලුවක් විසඳීම, ගණනය කිරීම, දත්ත සැකසීම හෝ කාර්‍යක් සිදුකිරීම සඳහා පියවරෙන් පියවර සකස් කළ උපදෙස් මාලාවක් වේ. අල්ගොරිදම සංකල්පය පරිගණකයක් හරහා ගණිත ගැටලුවක් විසඳීමට දෙනු ලබන පියවර මෙන්ම ආහාරයක් පිළියෙල කරන ආකාරය පියවරෙන් පියවර සිදු කරන ක්‍රියාවලියද ඇල්ගොරිදමයක් වේ.

පරිඝණක හෝ පද්ධති වැනි සිලිකන් අකාබනික යන්ත්‍ර හරහා ක්‍රියාත්මක වෙන ඇල්ගොරිදම් අකාබනිත අල්ගොර්දම් ලෙස හැඳින් වේ. ජිවින්ද අල්ගොරිදම් ලක්ෂණ සහිත වේ. ඒ අනුව අල්ගොරිදමයේ අනෙක් ආකාරය වන්නේ කාබනික අල්ගො‍රිදම වේ. මිනිසා අනෙක් සතුන්ගෙන් වෙනස් වන තීරණාත්මක සාධකයක් වන්නේ නිෂ්පාදනයයි. මිනිස් අවශ්‍යතා අරමුණු කර ගනිමින් සවිඥානිකවත්, අරමුණු සහගතවත් සොබා දහම් මත ශ්‍රමය යොදා සොබා දහමේ පවතින දේ වෙනස් කිරීම නිෂ්පාදනය වේ. මිනිසා තම නිෂ්පාදන අරමුණු නිශ්චය කරගනී. ඒවාට අනුව තම සැලසුම් සකස් කර ගනී. එවැනි ගති ලක්ෂණ ඇත්තේ මිනිසාට පමණි. බුද්ධිය හා සම්බන්ධව පරිසරය ජය ගැනීමට මිනිසාට ඇති හැකියාව ජිවින් අතර ප්‍රමුඛයා බවට පත්වී ඇත. ඒ අනුව තීරණ ගැනීමේ හැකියාව හා දත්ත සැකසීමේ හැකියාව මෙන්ම බුද්ධි මට්ටමෙන් ඉහළ හෝමෝසේපියන් ද අල්ගොරිදම ලක්ෂණ සහිත වේ.

නුතන මිනිසාගේ සංස්කෘතික ජීවිතය හැඩ ගැස්වීමේදී සමාජ මාධ්‍යයන්හි භූමිකාව සුවිශේෂී වේ. සමාජ මාධ්‍යයන්හි භාවිතා වන අල්ගොරිදම් ජන විඥානය හැඩගැස්වීම සඳහා හිතාමතා යොදාගන්නා බව හඳුනා ගත හැකිය. සමාජ මාධ්‍ය භාවිතා කරන පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු, සමාජ ජීවිතය වැනි සංවේදී දත්ත පවා උපයෝගී කරගනිමින් වැඩි කාලයක් එම යෙදවුම් (Facebook, istagram, Tiktok) භාවිතය වැඩි කරගැනීමට උපාය උපක්‍රම යොදවයි. සමාජ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ ලාභය වැඩි කර ගැනීමට මෙන්ම තම ආර්ථික උවමනාවන්ට අවශ්‍ය පරිදි විවිධ රටවල පාලන තන්ත්‍රයන් වෙනස් කර දේශපාලනික වෙනස්කම් සිදුකර ගැනීමටද මැදිහත් වීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී ඇත. මිලියන ගණනක පරිශීලකයන්ගේ දත්ත යොදා ගනිමින් පුද්ගලික ජීවිතය හා සමාජ ජීවිතය සැලසුම් සහගතව වෙනස් කරමින් කටයුතු කරන බව ද හෙළිදරව් වී ඇත.

2016 ඇමරිකානු ජනාධිපතිවරණය සහ බ්‍රෙක්සිට් ජනමත විචාරණයට බලපෑම කිරීම සඳහා Facebook පරිශීලකයන්ගේ දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා (Cambridge Analytica) ආයතනය විසින් අවසරයකින් තොරව භාවිත කළ ආකාරය හෙළිදරව් විය. මෙහිදී Facebook පරිශීලකයන් මිලියන 87ක පෞද්ගලික දත්ත, අවසර නොමැතිව, ඔවුන්ගේ දේශපාලන මතවාද හැඩ ගැසීමට භාවිත කරන ලදී. මෙහිදී සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන් ඉලක්ක කර දැන්වීම් පෙන්වීමෙන් මැතිවරණ ප්‍රතිඵල වලට බලපෑමක් සිදු කළ හැකි බවත් හෙළිදරව් විය. "The Great hack", "Fake famous", "The Social Dilemma", "Social Network" වැනි වාර්තාමය සිනමාපට සමාජමාධ්‍ය අල්ගොරිදම් යොදාගනිමින් මිනිස් ජීවිතවලට කරන බලපෑමේ අප නොදකින පැතිකඩ හෙළිදරව් කරයි.

ජාතිවාදයට තුඩු දෙන ඉතා සුළු සිදුවීමක් පවා ජන මාධ්‍ය ඔස්සේ වැඩි වාර ගණනක් ප්‍රචාරය කිරීම, විවිධ ජාතිවාදි සංවිධාන හා පුද්ගලයින් සම්බන්ධ කර මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, සැලසුම් සහගතව උපාය උපක්‍රම යොදාගනිමින් ජාතිවාදී කෝලාහලයක් ඇතිවීම දක්වා වර්ධනය කළහැකි වේ. ජාතිවාදී මතවාදයක් වැළඳ ගැනීමට අදාළ විෂයමූල තත්තවයද සමාජයේ පවතින්නේ නම් මේ තත්වය ඉතා විනාශකාරි අන්තයන්ගෙන් කෙළවර විය හැක. මෑතකාලයේ පවා අප රටේද ජාතිවාදය සමග වන මතවාද සමාජගත වන ආකාරය හා ඒ ඔස්සේ බලය ලබා ගත් ආකාරයද සමීපව නිරීක්ෂණය කරන්නේ වි නම් ඊට අදාළ පියවර දාමය අල්ගොරිදමයක් ලෙස ක්‍රියාත්මක වේ.

දත්ත අර්ථවත් තොරතුරු බවට පත් කරන ක්‍රියාවලිය වන දත්ත සැකසීම ඇල්ගොරිදම් ක්‍රියාත්මක වීමකි. පරිගණක තුළ මෙන්ම ජීවීන් තුළද දත්ත සකසන (data processing) අල්ගොරිදම වේ.දත්ත සැකසීමක් ලෙස සලකනු ලබන්නේ තනි ජීවීන් පමණක් නොවේ. සමූහ පද්ධතිද වේ. මී වද, බැක්ටීරියා ජනපද, වනාන්තර සහ මිනිසුන් ජීවත් වන නගර වැනි සංකීර්ණ සමාජ ගනු ලබන්නේද දත්ත සැකසීමේ පද්ධති ලෙසයි. මේ අනුව, ආර්ථිකයද එවැනිම දත්ත සැකසීමේ ක්‍රියාවලියක් ලෙස දැකිය හැකි බවට ආර්ථික විද්‍යාඥයන්ගේ අර්ථකතන වැඩි වෙමින් පවතී. ධනේෂ්වර ආර්ථික විද්‍යාඥයන්ගේ විග්‍රහයන් අනුව ආර්ථිකය මිනිසුන්ගේ ආශාවන් සහ හැකියාවන් පිළිබඳ දත්ත රැස් කර, ඒවා විශ්ලේෂණය කර, අවසානයේ තීරණ (decisions) බවට පරිවර්තනය කරන පද්ධතියකි.

ස්වයං තීරණ ගැනීම සහ දත්ත සැකසීමේ හැකියාව සහිත යාන්ත්‍රණයක් සහිත ජීවියෙක් වශෙයෙන් හෝමෝසේපියන්ගේ ගමනේ මග කෙටියෙන් විමසා බලමු. මීට වසර 70,000 කට පමණ පෙර නූතන මානවයන් අප්‍රිකාවේ මධ්‍ය ප්‍රදේශවල සිට ලෝකයට ව්‍යාප්ත වීම සිදුවිය. භූගෝලීය වෙනස්කම් හා දේශගුණ විපර්යාසයන්ගේ වෙනස්කම් අනුව වෙනස් භූමි ප්‍රදේශයන්ට මානවයා ව්‍යාප්ත විය. එකිනෙකා සමඟ තිබූ ආරම්භක සබදකම් ගිලිහී ගිය අතර විවිධ සංස්කෘතික පරිවර්තනයන්ට ඔවුහු භාජනය වූහ. මේ නිසා ඒ ඒ ජන කොටස් වලට ආවේණික වූ ජීවන මාදිලියක්, චර්යා රටාවක් සහ ලෝක දැක්මක් සහිත විශාල විවිධත්වයක් සහිත මානව සංස්කෘතීන් බිහිවිය. වසර 70,000 කට පෙර සිටි ප්‍රමාණයට වඩා වසර 20,000 කට පෙර වැඩි මිනිසුන් ප්‍රමාණයක් ජීවත් වූයේ මුල් යුගයේදී මෙන් එකිනෙකා සමඟ සබදතා වර්ධනය වෙනවා වෙනුවට, මානව සැකසුම්කරුවන්ගේ සංඛ්‍යාව හා විවිධත්වය වර්ධනය වන ආකාරයෙනි. මෙහිදී යුරෝපයේ සිටි මිනිසුන් දත්ත සැකසුම් කල ආකාරයට වෙනස්ව චීනයේ සිටි මිනිසුන් දත්ත සැකසුම් සිදු කර ඇත. මුල් කාලයෙදී යුරෝපය හා චීනයේ මිනිසුන් අතර සබඳතා නොවුවත් පසු කලෙකදී සියලු මිනිසුන් එකම දත්ත සැකසුම් ජාලයක කොටස්කරුවන් වෙතැයි එකල සිතාගත නොහැකි වන්නට ඇත.

කාලයත් සමඟ, විශේෂයෙන් කෘෂිකාර්මික විප්ලවය හේතුවෙන් ජනගහනය වේගයෙන් වැඩිවී, මිනිසුන් එකට සමීපව ජීවත් වීමට පටන් ගත්හ. එමඟින් පෙර නොවූ විරූ ආකාරයෙන් මිනිස් සැකසුම්කරුවන්ගේ සංඛ්‍යාව තියුණු ලෙස වැඩි විය. මේ නිසා ප්‍රාදේශීය සමාජ සංවිධාන බිහි වීම සහ වෙළඳාම සමඟ එකිනෙකා හරහා සන්නිවේදනය කරගැනීමට අවශ්‍ය සන්නිවේදන පද්ධති බිහි විය. ඉන්පසු ලිවීම සහ මුදල් වැනි නව සංකල්ප බිහිවීමෙන්, මිනිසුන්ට විශාල පරිමාණයේ සමාජ සංවිධාන ලෙස නගර, රාජධානි සහ අධිරාජ්‍ය නිර්මාණය කිරීමට හැකි විය.

මුල් කාලයේ ගණ-ගෝත්‍ර ලෙස කුඩා මිනිස් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ලෙස බෙදී සිට මනුෂ්‍ය වර්ගයා පසුකාලීනව, වෙළෙඳාම, සන්නිවේදනය සහ සංස්කෘතික හුවමාරුව හරහා මෙම වෙන්ව තිබූ කණ්ඩායම් මන්දගාමීව එකිනෙකා සමඟ සම්බන්ධ වෙමින්, අවසානයේදී ලෝකය 'ගෝලීය ගම්මානයක් " ලෙස එකතු විය. නමුත්, මෙම එක්වීම සම්පුර්ණ එක සමාන බවක් නොව, විවිධ කණ්ඩායම් තමන්ගේම චින්තන උරුමයන්, මෙවලම් සහ ජීවන රටා සමඟ එම ගෝලීය පද්ධතියට එක්වීමක් විය. අද සුපිරි වෙළඳ සැලකට ගොස් මිළ දී ගන්නේ වසර 4000 කට පෙර මධ්‍යම ඇමරිකාව හා මෙක්සිකොවේ කෝකෝවා ආශ්‍රිත නිෂ්පාදනයක් ලෙස චොක්ලට්, ඉතියෝපියාවේ කෝපි, පැපුවා නිව්ගිනියාවේ සීනි, චීනයේ සහල් වැනි වෙනස් ශිෂ්ඨාචාරන්ගේ ආහාර සංස්කෘතින් තුළ තිබූ දෑ වේ.

දත්තවාදය යනු කුමක්ද? යන්න හඳුනාගත යුතුව ඇත. දත්තවාදය තුළින් ප්‍රකාශ වන්නේ විශ්වය දත්ත ප්‍රවාහයන්ගෙන් සමන්විත බවත්, කිසියම් ප්‍රපංචයක හෝ සංසිද්ධියක වටිනාකම එහි දත්ත සැකසීමේ දායකත්වය මත තීරණය වන බවත් ප්‍රකාශ කරන නව මතවාදයක් වේ. දත්තවාදය තුළ අවසන් ගමනාන්තය (ultimate) ආන්තික අදහසකි. එනම්, සියලු මානව ක්‍රියාකාරකම් ද්වීතීක වී, දත්ත ප්‍රවාහය හෝ දත්ත මෙහෙයවන්නා මිනිසාට වඩා මූලික ලෙස ක්‍රියා කරනු ඇති බවයි. මෙය ගැටලු සහගත වුවත් මානවයාගේ දත්ත පරිණාමීය ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේදී ප්‍රයෝජනවත් වේ.

විද්‍යාවේ ප්‍රබල හැරවුම් දෙකක් මූලික වීමෙන් දත්තවාදය බිහි විය. චාල්ස් ඩාවින්ගේ "On the Origin of Species ප්‍රකාශයට පත් වූ 1859 වසරේ සිට ජීව විද්‍යාව පිවින් ජෛව රසායනික අල්ගොරිතම (biochemical algorythm) ලෙස දැකීමට පුරුදු විය. 20 වන සියවසේ ඇලන් ටියුරින් (Man Tuning) විසින් නිපදවූ ටියුරින් යන්ත්‍රය අද පරිගණක විද්‍යාවේ මූලික මාර්ග සටහනක් වේ. අද වන විට වඩා දියුණු සංකීර්ණ ඉලෙක්ට්‍රොනික අල්ගොරිතම හැඩ ගැස්වීමට ඇලන් ටියුරින්ගේ සිට අද දක්වා පරිගණක විද්‍යාඥයන්ගේ මැදිහත් වීමෙනි.

දත්තවාදය ජෛව රසායනික අල්ගොරිදම සහ ඉලෙක්ට්‍රොනික අල්ගොරිදම යන දෙකටම බලපාන එකම ගණිත නීති පිළිබඳ පෙන්වා දෙමින් එකට ගොනු කරයි. ඒ අනුව, ජීවීන් සහ යන්ත්‍ර අතර ඇති බාධකය ඉක්මවා, ඉලෙක්ට්‍රොනික අල්ගොරිදම මගින් ජෛව රසායනික අල්ගොරිදම විවරණය කිරීම, ඒවා අභිබවා යාමේ හැකියාව ඇති බව දත්තවාදය අපේක්ෂා කරයි.

நல்லதைச் செய்வது கடினமானது. ஆனால் அத்தகைய செயல்களே மதிப்புமிக்கதும் அழகானதும் ஆகின்றன. எளிதான செயல்களை யார் வேண்டுமானாலு...
19/06/2026

நல்லதைச் செய்வது கடினமானது. ஆனால் அத்தகைய செயல்களே மதிப்புமிக்கதும் அழகானதும் ஆகின்றன. எளிதான செயல்களை யார் வேண்டுமானாலும் செய்ய முடியும். அதைப் போலவே அனைவரும் அவற்றைச் செய்கிறார்கள். ஆனால் அவை மதிப்புமிக்கதும் அழகானதும் ஆகிவிடுவதில்லை.

எனவே, மற்றவர்கள் பின்வாங்கும், மற்றவர்கள் கைவிடும், கடினமான நல்ல செயல்களை நாம் பொறுப்பேற்க வேண்டும். அவற்றை நாம் செய்ய வேண்டும்; அதைச் செய்ய நம்மால் முடியும்.

– மொஹமட் சிராஜுதீன் நிஷ்மி
(1964–1990)

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when SSU Nuwara Eliya - Socialist Students' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share