Divisional Secretariat Opanayaka

Divisional Secretariat Opanayaka ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ඕපනායක

සහෝදරත්වයෙන් සමුගනිමු - උණුසුම් සුබ පැතුම්!​2026 වර්ෂයේ වාර්ෂික සහ අභ්‍යන්තර ස්ථාන මාරු, උසස්වීම් ලැබ ඕපනායක ප්‍රාදේශීය ...
30/03/2026

සහෝදරත්වයෙන් සමුගනිමු - උණුසුම් සුබ පැතුම්!

​2026 වර්ෂයේ වාර්ෂික සහ අභ්‍යන්තර ස්ථාන මාරු, උසස්වීම් ලැබ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මහගෙදරින් සමුගෙන යන අපගේ ආදරණීය නිලධාරී මහත්ම මහත්මීන් සියලුම දෙනාට අපගේ සුබ පැතුම් එක් කරන්නෙමු.

​ඔබ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළත්, ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලෙංගතු සේවයක් ඉටු කිරීමටත් දැක්වූ දායකත්වය අප සැමවිටම අගය කරන්නෙමු.

​ඔබගේ ඉදිරි වෘත්තීය ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුලු සහෘද කාර්යමණඩලයේ සුබ පැතුම් මෙසේ එක් කරන්නෙමු 🤝✨


​සේවක සුබ සාධක සංගමය
ඕපනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
2026.03.30

අ.පො.ස (උ/පෙළ) විභාගය 2026පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙතින් අයදුම්පත් කැඳවීම|
24/03/2026

අ.පො.ස (උ/පෙළ) විභාගය 2026
පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙතින් අයදුම්පත් කැඳවීම|

නිෂ්පාදන කර්මාන්ත සඳහා ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචිය 🏭⛽ඔබගේ නිෂ්පාදන කර්මාන්ත කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන...
19/03/2026

නිෂ්පාදන කර්මාන්ත සඳහා ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචිය 🏭⛽
ඔබගේ නිෂ්පාදන කර්මාන්ත කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට, පහත සබැඳිය (Link) ඔස්සේ ඔබගේ තොරතුරු කඩිනමින් ලියාපදිංචි කරන්න.

📍 දැන්ම ලියාපදිංචි වන්න:
🔗 https://bit.ly/IndustryFuelForm

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය හා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය එක්ව...
16/03/2026

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය හා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන "දැය නංවන සපිරි ගමක්" යන තේමාව මූලික කරගනිමින් ආදර්ශ ගම්මාන එළි දැක්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටන උතුරු හුණුවල ග්‍රාම නිලධාරී වසමේ සව්සිරිපුර ග්‍රාමයේදී අද දින (මාර්තු 16) පැවැත්විණි.

එම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මැතිතුමන් ,ඕපනායක ප්‍රාදේශීය ලේකම් එච් ධම්මික සතරසිංහ මැතිතුමන් ඇතුලු කොට්ඨාසයේ ප්‍රධාන රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

මෙම ආදර්ශ ඵලදායිතා ගම්මානය සඳහා ගෘහ ඒකකයන් 50 තෝරා­ගෙන අධ්‍යාපන, ආර්ථික, සෞඛ්‍ය හා සනී­පා­ර­ක්ෂාව, ගෘහස්ථ කළ­ම­නා­ක­ර­ණය, සංස්කෘ­තික හා ආධ්‍යා­ත්මික සංව­ර්ධ­නය, පරි­සර සංර­ක්ෂ­ණය වැනි අංශයන් යටතේ දියුණු කිරී­මට කට­යුතු යොදා තිබෙන බවත් ඒ යටතේ ප්‍රජාව දැනු­වත් කිරීමත් මෙහිදී සිදු කෙරිණි.

**පොහොසත් රටක අබිමන - ඇය වේ දැයක පෙර මග**       2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවත්වන ලද ඕපනායක ප්‍රාදේශීය ලේකම් ක...
16/03/2026

**පොහොසත් රටක අබිමන - ඇය වේ දැයක පෙර මග**

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවත්වන ලද ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා දින උත්සවය, කාන්තා සංවිධාන සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් 2026/03/13 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.

එම අවස්ථාව සඳහා ඕපනායක ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන), පරිපාලන ග්‍රාම නිලධාරී සහ ළමා හා කාන්තා කාර්‍යංශයේ ස්ථානාධිපති ඇතුලු පිරිසක් සහභාගී වූහ.

2026.03.15QR කේත භාවිතාකර ඉන්ධන නිකුත් කිරීමමීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්...
15/03/2026

2026.03.15
QR කේත භාවිතාකර ඉන්ධන නිකුත් කිරීම

මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැක.

වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් මුහුණ දෙන ගැටලු හදුනාගෙන ඒවා හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතී.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන්ට, කෘෂිකර්ම කටයුතුවලට ඉන්ධන සැපයීම ඇතුළු විශේෂිත ගැටලු සම්බන්ධයෙන් සවස් වරුවේ තීරණ ගෙන අද දිනය(15) තුළම ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇත.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

15/03/2026
වාර්ෂිකව පවත්වනු ලබන දානමය පිංකමේ සේයාරූ ..
16/01/2026

වාර්ෂිකව පවත්වනු ලබන දානමය පිංකමේ සේයාරූ ..

14/2022 චක්‍රලේඛ අනුව, දේශීය විදේශීය නිවාඩු අනුමත කිරීම නතර කරයි. 👇👇👇
05/12/2025

14/2022 චක්‍රලේඛ අනුව, දේශීය විදේශීය නිවාඩු අනුමත කිරීම නතර කරයි. 👇👇👇

දිට්වා සුළි කුණාටු තත්වය ‍හේතුවෙන් බිඳවැටුණු මහජන සේවා යථාවත් කිරීම පිළිබඳ රාජකාරි සඳහා සංවර්ධන නිලධාරීන් යොදවා ගැනීම.
05/12/2025

දිට්වා සුළි කුණාටු තත්වය ‍හේතුවෙන් බිඳවැටුණු මහජන සේවා යථාවත් කිරීම පිළිබඳ රාජකාරි සඳහා සංවර්ධන නිලධාරීන් යොදවා ගැනීම.

📢 මහජන නිවේදනය – ගංවතුරෙන් හානි වූ මුදල් නෝට්ටු පරිහරණය  සඳහා මාර්ගෝපදේශමෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම්...
05/12/2025

📢 මහජන නිවේදනය – ගංවතුරෙන් හානි වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා මාර්ගෝපදේශ

මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් මුදල් නෝට්ටු තෙත්වී හෝ හානියට ලක් වී ඇත. එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම වළක්වා ගැනීම සහ නිසි ලෙස පරිහරණය සඳහා පහත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට උපදෙස් ලබා දෙයි.
Copied Central Bank of Sri Lanka

📢 ගංවතුරින් හානි වූ හෝ අපැහැදිලි වූ ජාතික හැඳුනුම්පතක් (NIC) නැවත ලබා ගන්නේ කෙසේද? පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ...
05/12/2025

📢 ගංවතුරින් හානි වූ හෝ අපැහැදිලි වූ ජාතික හැඳුනුම්පතක් (NIC) නැවත ලබා ගන්නේ කෙසේද?
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔබගේ ජාතික හැඳුනුම්පත (NIC) ජලයෙන් හානි වී හෝ අපැහැදිලි වී ඇත්නම්, එය නැවත ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු නිල ක්‍රියාමාර්ග මෙන්න.
📝 පියවර සහ අවශ්‍ය ලියකියවිලි
1. මුලින්ම යා යුත්තේ කොතැනටද? 🏡
• හානි වූ හැඳුනුම්පත සහ අනෙකුත් ලේඛන රැගෙන ඔබගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා (GN) හමුවන්න.
2. අයදුම්පත්‍රය සකස් කිරීම ✍️
• පු.ලි.දෙ ආකෘති පත්‍රය (ඉල්ලුම්පත්‍රය) නිවැරදිව පුරවන්න.
• මෙම අයදුම්පත්‍රය ග්‍රාම නිලධාරීවරයාගේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ (අනු අත්සන අනිවාර්යයි) සහතික කිරීමෙන් පසු ඉදිරිපත් කළ යුතුය.
3. අවශ්‍ය මූලික ලේඛන 📋
• නිවැරදිව පුරවන ලද අයදුම්පත්‍රය.
• පැරණි හැදුනුම්පත.
• උප්පැන්න සහතිකය (මුල් පිටපත).
• මාස 6ක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරූප ලදුපත.
• සකස් කිරීමේ ගාස්තු
4. ගෙවිය යුතු ගාස්තු 💰
• නව හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ගාස්තුව (අනුපිටපත): රු. 500.00 💵
• සාමාන්‍ය සේවය යටතේ ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීමේ ගාස්තුව: රු. 120.00
5. ඉල්ලුම්පත භාර දීම 📩
• සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ ලේඛන, ග්‍රාම නිලධාරීවරයා හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමු කරන්න.
• සාමාන්‍ය සේවය යටතේ හැඳුනුම්පත සකස් කළ පසු ඔබට තැපැල් මගින් ලැබෙනු ඇත.
💡 ඉක්මන් අවශ්‍යතා සඳහා (එක්දින සේවාව)
• ඉක්මන් අවශ්‍යතා ඇත්නම්, සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරී සහතික කිරීමෙන් පසු බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලයට හෝ ගාල්ල පළාත් කාර්යාලයට පැමිණීමෙන් එක්දින සේවාව යටතේ හැඳුනුම්පත ලබා ගත හැකිය. (මෙහිදී අමතර ගාස්තුවක් අය කෙරේ - රුපියල් 2000).
වැඩි විස්තර සහ නිල ආකෘති පත්‍ර සඳහා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන්න
#ජාතිකහැඳුනුම්පත #ගංවතුර #ආපදා සහන

Address

Badulla Road
Opanayaka

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Opanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Opanayaka:

Share