Future of Sri Lanka

Future of Sri Lanka අපේ රට නිදහස් නිවහල් රටක් කරමු.

06/06/2026

සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ නැමති සැකකරු සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින්2026.06.06 වන අද දින මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීමක් සිදු කර ඇත.

එම ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට මෙම සැකකරුට පහරදීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් ශ්‍රී ලංකා පොලිසිය මඟින් සිදුකර නොමැති අතර, සාමාන්‍ය සැකකරුවෙකු සම්බන්ධව ක්‍රියා කරන ආකාරයට කටයුතු සිදු කර ඇත. එමෙන්ම එම සැකකරුට කිසිදු විශේෂ සැලකිල්ලක් හෝ නොසලකා හැරීමක් ද සිදු කර නොමැත.

මෙම කරුණු ගරු අධිකරණය තුල විවාදයට භාජනය වී ඇති කරුණු බැවින්, ගරු අධිකරණයට පරිභාහිරව මෙවැනි ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී සංයමයෙන් කරුණු ඉදිරිපත් කිරීම වැදගත් බවට ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරනු ලබයි.

ඒ අනුව ඉහත පරිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා සිදුකරනු ලබන ප්‍රකාශය සත්‍යයෙන් තොර ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරනු ලබයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

06/06/2026
06/06/2026
06/06/2026
06/06/2026

සහරා කාන්තාරයේදී ට්‍රක් රථයක් ක්‍රියාවිරහිත වීමෙන් එහි රැඳී සිටි පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් පිපාසයෙන් මිය යයි!

Address

Pallama
61000

Website

Alerts

Be the first to know and let us send you an email when Future of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share