01/02/2026
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ක්‍රියාත්මක කළ "ගමින් ගමට" වැඩසටහනේ මාතර දිස්ත්‍රික් වැඩසටහන් මාලාව යටතේ සංවිධානය කළ කිරින්ද, පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, පුහුල්වැල්ල කොට්ඨාසයේ පාක්ෂික හමුව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩසටහන පක්ෂයේ මාතර දිස්ත්‍රීක් නායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, කඹුරුපිටිය ආසන කැඳවුම්කරු කීර්ති විජයවංශ මහතා විසින් සංවිධානය කළ අතර ඒ සඳහා පක්ෂයේ මහ ලේකම් (නීතිඥ) සාගර කාරියවසම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ සහ හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් පාලන නියෝජිතයින් සහ පාක්ෂිකයන් සහභාගි විය.
A meet up with ardent supporters & well wishers within the Puhulwella Division of the Puhulwella Pradeshiya Sabha area, in Kirinda, organized under the Matara District Program of the "Gamin Gamata" initiative, launched by the Sri Lanka Podujana Peramuna, was held under the patronage of Hon. MP Namal Rajapaksa.
This program was organized by the Kamburupitiya Constituency Convener, Mr. Keerthi Wijeyawansa, under the guidance of the party's Matara District Leader, Mr. Lakshman Yapa Abeywardena & was attended by the Party’s General Secretary (Attorney-at-Law) Sagara Kariyawasam, Hon. Member of Parliament Chanaka Madugoda, former Members of Parliament, former Provincial Councilors, Local Government representatives, and party members.