Talk With Jagath Wansapala

Talk With Jagath Wansapala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Talk With Jagath Wansapala, Social service, Panadura.

26/11/2023

බටර් ගා කවන මාගරින්

ඉඳහිට කෑයුතු නිතර නොකෑයුතු සුදුලූනු      සුදුලූනු අප සුලභව භාවිතාකරන ආහාරමය මෙන්ම ඖෂධීය ගුණ අන්තර්ගත ද්‍රව්‍යයකි.මෙහි ඖෂ...
20/11/2023

ඉඳහිට කෑයුතු නිතර නොකෑයුතු සුදුලූනු

සුදුලූනු අප සුලභව භාවිතාකරන ආහාරමය මෙන්ම ඖෂධීය ගුණ අන්තර්ගත ද්‍රව්‍යයකි.මෙහි ඖෂධීය ගුණ අතර ඉතා ප්‍රකට වන්නේ දේහයේ කොලෙස්ටෙරෝල් පාලනය කිරීමට ඇති හැකියාවයි.සුදුලූනු වල ඇති ඇලිසින් නම් සංයෝගය ඊට මහෝපකාරී වේ.සුදුලූනු සල්ෆර් නැතහොත් ගෙන්දගම් අධික ආහාරයක් බැවින් එය ආහාරයට ගත් වහාම එයටම ආවේනික ගන්ධයක්ද අප තුලින් නිකුත්වේ.එසේම සුදුලූනු නිතර භාවිතා කිරීම නිසා දේහයේ සල්ෆර් නැතහොත් ගෙන්දගම් සාන්ද්‍රනය ඉහලයනු ඇත.මෙය ඉතා අහිතකරව බලපානුයේ තයිරොයිඩ ග්‍රන්ථියට වන අතර ඉහල ගෙන්දගම් සාන්ද්‍රනය හමුවේ එම ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය අයඩීන් රුධිරයෙන් උරා ගැනීමේ ක්‍රියාවට බාධාපැමිනේ.එවිට එම ග්‍රන්ථිය මගින් ස්‍රාවය කරන හෝර්මෝනමගින් ක්‍රියාත්මකවන පරිවෘත්තිය ක්‍රියාවන්ට බාධා ඇතිවන අතර දියවැඩියාව , ගලගන්ඩය වැනි බෝනොවන රෝග ඇතිවීමේ අවදානමද ඉහලයයි . මෙයට අතිරේකව සුදුලූනු වල අන්තර්ගත ග්ලුටමේට් නිසා ස්වාභාවිකව රසෝද්පාදන හැකියාව එයට ලැබෙන අතර ව්‍යංජන සකස්කිරීමේදි සුදුලූනු ස්වල්පයකින් පවා මෙම වාසිය ලබා ගෙන කෘතීම MSG එකතුකිරීමෙන් සිදුවිය හැකි හානි අවමකරගත හැක.
එබැවින් පමන දැන සුදුලූනු ආහාරයට ගැනීම හා ආහරයට මුසුකිරීම තුල අපේක්ෂිත වාසි ලබාගතහැක.

University of sri jayewardenepura.
Proffessor in food science and technology.
M.A.Jagath Wansapala.

19/11/2023

හරි පිළිවෙලට අයඩීන් ලුණු කමු.

16/11/2023

බඩ ගැන සිතා කන කෙසෙල්බඩ

14/11/2023

අක්මාවේ අවුල් නසන පුහුල් -pumpkin

නිවැරදිව භාවිතකලයුතු පොල්තෙල්  පොල්තෙල් යනු අපේ රටේ  ඉතා සුලබව භාවිතවන තෙල් වර්ගයක් වන අතර බොහෝවිට අපේ නොදැනුවත්කම නිසා ...
06/11/2023

නිවැරදිව භාවිතකලයුතු පොල්තෙල්

පොල්තෙල් යනු අපේ රටේ ඉතා සුලබව භාවිතවන තෙල් වර්ගයක් වන අතර බොහෝවිට අපේ නොදැනුවත්කම නිසා නිවැරදි වර්ගයේ ගුනාත්මක තෙල් අපට මඟහැරෙනු ඇත.සාමාන්‍යයෙන් වෙළඳෙපොළ තුල පොල්තෙල් වර්ග තුනක් හමුවේ .
1. සුදු පොල්තෙල්
2.අමු නැතිනම් සාමාන්‍ය පොල්තෙල්
3.නොඉඳුල් නැතිනමි virgin පොල්තෙල්

මෙහි පලමු වර්ගයේ තෙල් නිපදවීමේදී සිදුකරනුයේ රසායනිකව හෝ භෞතිකව සාමාන්‍ය පොල්තෙල්වල ඇති ස්වාභාවික ගන්ධය,වර්ණය මෙන්ම ඇතැම් කොටස් ඉවත්කර පිරිපහදු කිරීමකි.එහිදී පොල්තෙල්වල ඇති ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක හා කැරොටිනොයිඩ වැනි වටිනා පෝෂක ඉවත්කෙරේ.එනම් වර්නය සුදුවූවද ගුනාත්මක අඩුවක් එහි දැකිය හැක.
ඒ හා සැසඳීමේදී සාමාන්‍ය පොල්තෙල්වල ගුනාත්මක බව ඉහල අතර ගන්ධයක් ඇත.එහි ස්වාභාවිකව පවතින ප්‍රතිඔක්සිකාරක එයට ඉහල ජීවකාලයක් එක්කරයි.
නොඉඳුල් නැතිනමි virgin පොල්තෙල් ඉතාපහල උෂ්ණත්ව තත්ව යටතේ නිස්සාරණය කර ඇති අතර ඉතා ඉහල ගුනාත්මයකින්ද යුක්ත වේ. මෙම වර්ගයේ තෙල්වල දේහයේ විවිධ අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා යොදාගනු ලබන ක්ෂුද්‍ර පෝෂක රාශියක් අන්තර්ගතවන අතර අපට නිතර ඇතිවන අම්ල පිත්තාදී රෝග වැළක්වියහැකි ඖෂධයක් ලෙසද නිර්දේෂ කර ඇත.මොලයේ ඇතිවන ස්මරනය නැතිවීමේ රෝගයට ඉතා සුදුසු ඖෂධයක් ලෙස නිර්දේෂකරන අතර ගැඹුරු තෙල් බැදීමේදී ගුණ හානිවේ. සලාද වැනි ආහාර සමඟ එක්කිරීමෙන් එහි නියම ඵල නෙලාගත හැක.

University of sri jayewardenepura.
Proffessor in food science and technology.
M.A.Jagath Wansapala.

21/10/2023

ඔබ නොදත් හීල්බතේ වරුන
#හීල්බත්

18/10/2023

එළදෙනක් කිරි මව කරගත් පරපුරක් මිනිසුන් ක්ෂීරපායින් ගනයට වැටෙන බැවින් අපේ ජීවිතයේ ආරමිභක අවධියට මවිකිරි මහෝපකාරී වේ.අපට ...
15/10/2023

එළදෙනක් කිරි මව කරගත් පරපුරක්

මිනිසුන් ක්ෂීරපායින් ගනයට වැටෙන බැවින් අපේ ජීවිතයේ ආරමිභක අවධියට මවිකිරි මහෝපකාරී වේ.අපට පමනක් නොව සියලු ක්ෂීරපායින්ට මෙය පොදු බැවින් එම එක් එක් සත්ත්වයින් තම පැටවුන්ගේ පෝෂණය ට අදාල සංයුතියකින් යුත් කිරි නිපදවයි.උදාහරනයක් ලෙස එළකිරි ගත්විට එහි සංයුතිය නිර්මානය වන්නේ කුඩා වසුපැටවාගේ වර්ධනයට අදාලවය.ඉපදුනු ගමන් දුවපැන ඇවිදින වසුපැටවාගේ මාංශ පේශි,අස්ථි ශක්තිමත් වීමට අවශ්‍ය සියලු පෝෂක අදාලපරිදි එළකිරිවල අන්තර්ගතවේ.එනම් එහි අන්තර්ගත සියලු පෝෂක දිරවීමේ හැකියාවද වසුපැටවාගේ දේහයට ඇත.වසු පැටවාගේ කුඩා අවධියේ සිට තාර්කික හැකියාවන් සහිතව මොළය වර්ධනයක් අවශ්‍ය නොවන නිසා ඒ සඳහාම අපේ මවුකිරිවල ප්‍රමිතියකින් පිහිටන DHA වැනි මේද අම්ල එළකිරිවල අන්තර්ගතනොවේ.එසේම එළකිරිවල ඇති ඇතැමි ප්‍රෝටීන දිරවීමේ හැකියාවක් අපට ලැබී නැති බැවින් එළකිරි පානය කලවිට දේහය ඊට අසොත්මික ලක්ෂනයක් ලෙස සෙම ඇතිකරනු ලබයි.මෙයට අතිරේකව කිරිවල ඇති බීටා වර්ගයේ A1 කාන්ඩයේ කේසින් මඟින් මිනිස් දේහයතුල පලවන කාන්ඩයේ දියවැඩියා තත්ත්වයන් ඇතිකරනු ලබයි.මෙම වර්ගයේ ප්‍රෝටීන වැඩිපුර අන්තරගත එළකිරි නිපදවන්නේ යුරෝපීය දෙමුහුන් දෙනුන් වන අතර ප්‍රමානයෙන් ඉතා විශාල මොවුන් ව්‍යවහාරයේ කේප්ප දෙනුන් ලෙස හඳුන්වයි.
අදවන විටත් අපේ රටේ බහුතරයක් නොදන්නා මේ කරුන නිසා බොහෝ කිරි සමාගම් තම ව්‍යාපාර ප්‍රවර්ධන දැන්වීමි සඳහා මේ දෙනුන් ගේ ඡායාරූප,වීඩියෝ යොදාගනී. මේනිසා තම මවගේ කිරිබී නිවැරදිව පෝෂනය සහිතව වැඩීමට ඇති අයිතිය මිනිස් දරුවන්ට අහිමිවෙමින් පවතින අතර නොගැලපෙන පෝෂක නිසා අපහසු තාවයන් ඇතිවී බෝනොවන රෝග අවදානමද ඉහලයයි.එපමනක් නොව ක්‍රමානුකූලව තාර්කික බුද්ධියක් රහිත මාංශ පේශි පමනක් විශාල දරුවන් සමාජගතවීම තුල සමාජයේ මානවයාගේ හැසිරීම ,යුතුකම් ,වගකීම්,අන්නොන්‍ය අවබෝධය ආදී සියලු දෑ අනාගත පරපුර තුලින් දුරුවියහැක.එබැවින් ඔබේ දරුවාගේ කිරිමව විය යුත්තේ ඔබම මිස වෙනත් විශේෂයක සත්ත්වයන් නොවන බව වටහාගෙන දැයේ මවිවරුන් නියම ජාතියේ කිරිමවුවරු ලෙස හඳුනාගෙන ඔවුන්ට නිසි පෝෂණය ලබාදී ඵළදෙනක් ජාතියේ කිරිමව ලෙස හඳුන්වා තවදුරටත් ලෙඩරෝගවලින් පිරිපුන් මිනිස් ගවයන් බිහිවීමට තිත තැබිය යුතුමය.

University of sri jayewardenepura.
Proffessor in food science and technology.
M.A.Jagath Wansapala.

12/10/2023

ගත සනසන දිව අහර කුරිඤ්ඤං #කුරිඤ්ඤංකොළ

දියවැඩියා රෝගීන්ට පාන්පිටි යෙදූ රොටි තහනම්  ද?දියවැඩියා රෝගයේ ආකාර දෙකක් දැකිය හැකි අතර එක් තත්ත්වයකදී සිදුවන්නේ දේහයට අ...
09/10/2023

දියවැඩියා රෝගීන්ට පාන්පිටි යෙදූ රොටි තහනම් ද?

දියවැඩියා රෝගයේ ආකාර දෙකක් දැකිය හැකි අතර එක් තත්ත්වයකදී සිදුවන්නේ දේහයට අවශ්‍ය ඉන්සියුලින් හෝර්මෝන නිෂ්පාදනය නොවීමයි.අනෙක් තත්ත්වය යටතේදී සිදුවන්නේ ඉන්සියුලින් තිබුනත් ඒවා මගින් දේහයේ සීනි පාලනයට වෙනත් බාධා ඇතිවීමයි.මෙම දෙවන තත්වයේදී වෛද්‍ය උපදේශය වන්නේ ආහාර පාලනය කිරීම වන අතර එහිදී සංශුද්ධ පාන්පිටි වැනි වේගයෙන් සිරුරට උරාගතහැකි පිෂ්ටමය ආහාර පාලනය කරනු ලබයි.එහෙත් ඇත්තටම මෙම කාන්ඩයේ ආහාරද අදාල පිෂ්ටය අවශෝෂනය ප්‍රමාද කලහැකි තත්ත්වයට පත්කලහොත් ගැටලුවකින් තොරව දියවැඩියා රෝගීන්ටද ලබා ගත හැක.ඒ සඳහා අදාල ආහාරය සමඟ අධික තන්තු සහිත ආහාර ප්‍රභවයක් සමඟ එකට ලබාගතහැකි නම් තත්ත්වය පාලනය වෙයි. එනම් මෙවැනි රෝගියෙකුට , පොලොස්මාලුවක්,කෙසෙල්මුව ව්‍යංජනයක්, කොල එලවළුවක් , කෙසෙල්බඩ ව්‍යංජනයක් සමඟ පාන්පිටිවලින් සෑදූ රොටි ආහාරයට ගැනීමෙන් හානියක් සිදුනොවන අතර අවම ලෙස හොඳ පොල්සම්බලයක් හෝ සමඟ එකී ආහාරය ගැනීමෙන් ගැටළුව අවම කරගතහැක.
දැනගෙන ආහාර තෝරා ගත්විට දිවද පිනවා සුවයත් එකලෙස සුරක්ෂිත කල හැක.

University of sri jayewardenepura.
Proffessor in food science and technology.
M.A.Jagath Wansapala.

06/10/2023

වතුර ගැන චතුර වදනක්.

Address

Panadura

Telephone

+94714450352

Website

Alerts

Be the first to know and let us send you an email when Talk With Jagath Wansapala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Talk With Jagath Wansapala:

Share

Category