Sinhala rata

Sinhala rata අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය

18/05/2026

🔴 දැයට කිරුළෙන් රුපියල් මිලියන 700ක්
ගසාකෑ බවට ශිරන්ති රාජපක්ෂ,
රංජිත් සියඹලාපිටිය ඇතුළු 14 දෙනෙකුට එරෙහිව
අල්ලස් කොමිසමෙන් දැවැන්ත විමර්ශනයක් ඇරඹෙයි

2012 සහ 2013 වර්ෂවලදී මෙරට පැවැත්වුණු "දැයට කිරුළ" ජාතික ප්‍රදර්ශනවලදී රුපියල් මිලියන 700කට ආසන්න දැවැන්ත රාජ්‍ය මුදල් අවභාවිතයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය, එවකට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන් දොළොස් දෙනෙකුට (12) එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
"අල්ලස දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලය" සංවිධානය විසින් කරන ලද නිල පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ 2012 වසරේ අනුරාධපුර මායාකඩුව ප්‍රදේශයේදී සහ 2013 වසරේ අම්පාර හාඩි විද්‍යාල භූමියේදී පැවැත්වුණු දැයට කිරුළ ප්‍රදර්ශනවලදී, චෝදනා ලැබ සිටින මෙම දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිස තමන්ට හිතවත් පෞද්ගලික සමාගම් කිහිපයක් සමඟ රහසිගතව එක්ව මෙලෙස වංචනික ලෙස රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවයි.
මෙම බරපතළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට ලක්ව සිටින පිරිස අතර එවකට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ එම පවුලේ සාමාජිකයන් මෙන්ම අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ජගත් ප්‍රනාන්දු මහතා ද වෙති. එලෙසම හිටපු අගමැති ලේකම් සිරිසේන අමරසේකර මහතා, හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා, හිටපු භෞතික සැලසුම් දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් බී. ඒ. තිලකරත්න මහතා සහ විදුලි සංදේශ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් එච්. එම්. ගුණසේකර මහතා ද මීට ඇතුළත් කර තිබේ. මීට අමතරව හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් පී. බී. අබේකෝන් මහතා, අනුරාධපුර හිටපු දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා, විදුලි සංදේශ අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම් එස්. එම්. පී. යූ. සෙනරත් මහතා, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. .එම්. ආර්. ප්‍රේමසිරි මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. .එම්. පී. ෆර්ඩිනැන්ඩු මහතා ද මෙම විමර්ශනයට මුහුණ දී සිටින සෙසු නිලධාරීන් වෙති.

18/05/2026
ලාගෝ වෑන් බොඩ්ය විකිණීමට 0774741470
05/04/2026

ලාගෝ වෑන් බොඩ්ය විකිණීමට 0774741470

10/03/2026

ඇමරිකානු සබ්මැරීනවිසින් ටොපිඩෝ ප්‍රහාරයක් එල්ල කර ඉරාන නැව ගිලෙන සලස්වා මුහුදට සිදුවන හානි පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටි

10/03/2026

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි එරෙහි පුරවැසි බලය ජනාධිපතිවරයාට ලිපියක් භාරදීම

10/03/2026

පුන්‍ය සිර කුමාර ජයකොඩි ඛනිජ තෙල් හා බලශක්ති අමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ජනාධිපති වරයාට ලිපියක් භාරදීම

01/03/2026
01/03/2026

තෙල් පෝලිමේ සිටි පුරවැසියා පොලිසිය සමග අසාධාරණයට එරෙහිව ගැටෙයි

Address

No 67 "Nandana" Eluwila Panadura
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Sinhala rata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share