Higher Education Students' Association - Panama Sri Lanka

Higher Education Students' Association - Panama Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Higher Education Students' Association - Panama Sri Lanka, Social service, Panama, Panama.

20/11/2025

පුස්තකාල සඳහා අයදුම්පත් කැඳවීම

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විදුදය විද්‍යා සහෝදරත්වය විසින් 15 වන වරටත් ක්‍රියාත්මක කරනු ලබන සහෘද යාත්‍රා වැඩසටහන යටතේ දිවයිනේ අඩු පහසුකම් සහිත පාසලකට අංග සම්පූර්ණ පුස්තකාලයක් ලබා දීමට කටයුතු කරයි. මේ සඳහා පහත නිර්ණායක සලකා බලනු ලබයි.

- අ.පො.ස. උසස් පෙළ අවම විෂය ධාරා 2ක් යටතේ සිසුන් අධ්‍යාපනය හැදෑරීම.

- පාසලෙහි ආසන්න වශයෙන් සිසුන් 500ක් පමණ හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය හැදෑරීම .

- පාසල තුළ පුස්තකාලයක් නොපැවතීම හෝ පුස්තකාලයක් පැවතිය ද අංග සම්පූර්ණ නොවන අඩු පහසුකම් සහිත පුස්තකාලයක් වීම.

ඔබගේ පාසලත් ඉහත කරුණු සපුරන්නේ නම් ඔබටත් මේ සඳහා අයදුම් කළ හැකි අතර ඔබගේ අයදුම්පත, පහත සඳහන් සබැඳිය මගින් හෝ ලියාපදිංචි තැපෑල මගින් අප වෙත යොමු කරන්න.

අයදුම්පත්‍ර භාරගන්නා අවසන් දිනය: 2025. 12. 01

🔗 අයදුම් කරන්න: https://forms.gle/PU21yL2vY1nVCYX58

ලිපිනය:
සභාපති,
විදුදය විද්‍යා සහෝදරත්වය,
ව්‍යවහාරික විද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.

විමසීම්:
- ලහිරු - 078 260 8165
- පමිඳු - 070 504 2765
- email - [email protected]



28/05/2023

අවස්ථාවක් කරගන්න,
සෑම ප්‍රශ්නයකටම ඔබගේ විස්මිත හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට..

විශ්වාස කරන්න,
ඔබට පුළුවන් බව..

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන නංගිලා මල්ලිලා හැමෝටම උණුසුම් සුභ පැතුම්...

අම්/පානම මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලා වෙනුවෙන් Higher Education Students' Associat...
18/05/2023

අම්/පානම මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලා වෙනුවෙන් Higher Education Students' Association මඟින් සංවිධානය කල "ශිල්ප අධ්‍යාපන සත්කාර" වැඩසටහනේ පළමු දින සාර්ථකව නිම විය.

සම්මන්ත්‍රණමාලාවේ නිබන්ධන මුද්‍රණය කිරීම සඳහා අනුග්‍රහය දැක්වූ

කුඩුම්බිගල ආරාමයේ නායක ස්වාමීන්වහන්සේ
කරුණාසිංහ ඒකනායක මහත්මයා
ජයන්ත හේමචන්ද්‍ර මහත්මයා (Jayantha Hemachandra)
රංජිත් ධර්මසිරි මහත්මයා (Ranjith Dharmasiri)
නීතිඥ සජානි අමරතුංග මෙනවිය (Sajani Amarathunga)
වෛද්‍ය රජිත් ශ්‍රීමාල් මහත්මයා (Rajith Srimal)

යන සියලු දෙනාට විශේෂ ස්තූතිය පුද කර සිටිමු.

මෙම සම්මන්ත්‍රණ මාලාවේ පළමු දිනය සාර්ථක කරගැනීම සඳහා අප හට ශක්තියක් වූ පානම මහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ගණිතය (Ajith Prasanna), විද්‍යාව(Indika Ananda Jayasiri) විෂයභාර ගුරුතුමන්ලා ඇතුළු සියලුම ගුරුවරුන්, සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් හට අපගේ හද පිරි ස්තූතිය පුද කර සිටිමු

උදේ 7ට❤️🧡💛නංගිලා මල්ලිලා හැමෝම සහභාගී වෙන්න.
15/05/2023

උදේ 7ට❤️🧡💛

නංගිලා මල්ලිලා හැමෝම සහභාගී වෙන්න.

අම්/පානම මහා විද්‍යාලයේ සා.පෙළ නංගිලා මල්ලිලා වෙනුවෙන් HESA foundation  මඟින් සංවිධානය කරන "ශිල්ප අධ්‍යාපන සත්කාර" වැඩසට...
14/05/2023

අම්/පානම මහා විද්‍යාලයේ සා.පෙළ නංගිලා මල්ලිලා වෙනුවෙන් HESA foundation මඟින් සංවිධානය කරන "ශිල්ප අධ්‍යාපන සත්කාර" වැඩසටහන ළඟදීම.....

03/05/2023

Address

Panama
Panama
32508

Website

Alerts

Be the first to know and let us send you an email when Higher Education Students' Association - Panama Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category