R/Sri Gnanananda M.V

R/Sri Gnanananda M.V Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from R/Sri Gnanananda M.V, Government Organization, Kamarangapitiya, Pelmadulla.

ර/ශ්‍රී ඤාණානන්ද විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නායකත්වය පෞරුෂ සංවර්ධය හා මෘදු කුසලතා සංවර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක් ප...
28/02/2025

ර/ශ්‍රී ඤාණානන්ද විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නායකත්වය පෞරුෂ සංවර්ධය හා මෘදු කුසලතා සංවර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක් පෙබරවාරි මස 25 වන දින විද්‍යාලයේ දී පැවැත්විණි.

මේ සදහා ජාතික ශිෂ්‍යභට බලකායේ සබරගමු පළාත් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී II කපිතන් එච්.ජී.එස් විමලසේන සහ ලුතිනන් එච්.කේ.එල්.එස් හොරගොඩ යන නිලධාරීන් විසින් සම්පත්දායකත්වය සපයනු ලැබීය.

මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට

🔥 ශාරීරික අභ්‍යාස
🔥 නායකත්වය පිළිබද දේශනය
🔥 නායකත්ව ගුණාංග වර්ධනය කරන ක්‍රියාකාරකම්
🔥 ආහාර ගැනීමේ පුරුදු
🔥 SWOT සංකල්පය ඔස්සේ ගැටලු නිරාකරණය
🔥 නිර්මාණාන්මක කුසලතා සංවර්ධනය
🔥 ගිණිමැල සංදර්ශනය සහ විවිධ ප්‍රසංගය

යන ක්‍රියාකාරකම් සදහා සහභාගී වීමට අවස්ථාව උදාවිය.

මේ සදහා මගපෙන්වීම සිදු කළ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයටත්, නන් අයුරින් සහ දැක්වූ අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමාපියන් හා ආදී සිසුන්ටත් විද්‍යාලය වෙනුවෙන් ස්තුතිය පුදකර සිටිමු..

-- නැණනද මාධ්‍යය අංශය --

2025 වර්ෂය සදහා පළමු ශ්‍රේණිය සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් කර ගැනීමේ උත්සවය අද දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්ව...
30/01/2025

2025 වර්ෂය සදහා පළමු ශ්‍රේණිය සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් කර ගැනීමේ උත්සවය අද දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

‘සිනා සපිරි මුව මඩලින් පුංචි අපිත් පාසල වෙත‘ මෙම වසරේ තේමා පාඨය විය. මෙම උත්කර්ශවත් අවස්ථාව සදහා පැල්මඩුල්ල කොට්ඨාසය නියෝජනය කරමින් ව්‍යපෘති නිලධාරිණී එච්.කේ.අයි චන්ද්‍රමාලී ගුණරන්න මහත්මිය සහභාගී විය.

අනාගත ලෝකය ජයගැන්මට අද දින නැණනද විදුබිමට පා තැබූ සියලුම දූ දරුවන්ට සුබ පැතුම් එක් කරමු...

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම් !විදුහල්පතිතුමා, ආචාර්...
02/10/2024

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම් !

විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුදැරියන්

05/05/2024
පැල්මඩුල්ල ගල්එපිටෙහි පදිංචි බී.එම් චමින්ද මුණසිංහ මහතා සහ එම මහත්මිය විසින් බී.එම් දමිත් මධුෂාන් පුතුට ආශිර්වාද පතා විද...
05/05/2024

පැල්මඩුල්ල ගල්එපිටෙහි පදිංචි
බී.එම් චමින්ද මුණසිංහ මහතා සහ එම මහත්මිය විසින්
බී.එම් දමිත් මධුෂාන් පුතුට ආශිර්වාද පතා
විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරය 2024 ක් වූ වෙසක් මස 2 වන දින සුබ මොහොතින්
විවෘත කිරීම සිදුවිය.

ඊට සමගාමීව මීගහගොඩ පුරාණ විහාරයේ ගරු ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ආශිර්වාද පිරිත් දේශනයක්ද පවත්වන ලදී....

නැණනද අවුරුදු 2024 ඤාණානන්ද විද්‍යාලයීය බක්මහ උළෙල උත්කර්ෂවත් අයුරින් පසුගිය දා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි...
13/04/2024

නැණනද අවුරුදු 2024
ඤාණානන්ද විද්‍යාලයීය බක්මහ උළෙල උත්කර්ෂවත් අයුරින් පසුගිය දා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි...

සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසකින්ද අලුත් අවුරුද්දේ වැදගත්කම හා ආදී මුතුන්මිත්තන් අලුත් අවුරුද්ද සැමරීම සිදු කළ ආකාරය පිළිබද සංවාදාත්මක වැඩසටහනකින්ද නැටුම් ගැයුම් ආදී විචිත්‍රාංග රැසකින්ද මෙම බක්මහ උළෙල සමන්විත විය..

මෙම කාර්ය සදහා සහය දැක්වූ විදුහල්පති තුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් සිසු දරු දැරියන්ටත් දෙමාපියන්ටත් විශේෂ ස්තුතිය පුදකර සිටිමු...

“දිරිතරු අභිසෙස් 2024“ ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළදවීමේ මහෝත්සවය...පැල්මඩුල්ල කොට්...
16/03/2024

“දිරිතරු අභිසෙස් 2024“

ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළදවීමේ මහෝත්සවය...

පැල්මඩුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය චාමනිකා ජිනසේන මැතිණියගේ ප්‍රධානත්වයෙන්,
ජාතික ශිෂ්‍යභට බලකායේ 8වන බලඇණියේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් පුෂ්පකුමාර රත්නායක තුමන්ගේ හා
රත්නපුර අධ්‍යාපන කලාපයේ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන් වන හේමරත්න ලියනගේ මැතිදුන්ගේ හා
රත්නපුර අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශිකා පමලිකා කවිසිගමුව මැතිණියගේ හා
බොරාල කෘෂි පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති ලලිත් එස් පත්මජීම මහතාගේ සහ නාවික හමුදාවේ නාවික හමුදාවේ සුලු නිළධාරී විජේසිංහ මහතාගේ සහභාගීත්වයෙන් 2024 මාර්තු මස 15 වන දින උත්සවශ්‍රීයෙන් පැවැත්විණි...

මේ උත්සවය සාර්ථක කර ගැනීම සදහා සහය වූ විදුහල්පති තුමන් හා ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, දෙමාපියන්ටත්, සිසු දරුදැරියන්ටත්, උත්සව සදහා අවශ්‍ය ශබ්ධ විකාශන යන්ත්‍ර සදහා මූල්‍යමය අනුග්‍රහය දැක්වූ බොරාල ආනන්ද මැණික් අධිපති තුමන්ටත් විශේෂ ස්තුතිය පුදකර සිටිමු...

#නැණනද මාධ්‍ය අංශය

“දිරිතරු අභිසෙස් 2024“ ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළදවීමේ මහෝත්සවය...පැල්මඩුල්ල කොට්...
13/03/2024

“දිරිතරු අභිසෙස් 2024“

ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළදවීමේ මහෝත්සවය...

පැල්මඩුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය චාමනිකා ජිනසේන මැතිණියගේ ප්‍රධානත්වයෙන්,

ජාතික ශිෂ්‍යභට බලකායේ 8වන බලඇණියේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් පුෂ්පකුමාර රත්නායක තුමන්ගේ සහ

එම බල ඇණියේ පුහුණුවීම් භාර නිලධාරී දෙවන එම්.ඩී.අයි.ඩී මඩපාත තුමන්ගේ හා

රත්නපුර අධ්‍යාපන කලාපයේ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන් වන හේමරත්න ලියනගේ මැතිදුන්ගේ හා

රත්නපුර අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශිකා පමලිකා කවිසිගමුව මැතිණියගේ සහභාගීත්වයෙන්

මාර්තු මස 15 වන දින පෙ.ව 8.30 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත...

#නැණනද මාධ්‍ය අංශය

Address

Kamarangapitiya
Pelmadulla
70070

Website

Alerts

Be the first to know and let us send you an email when R/Sri Gnanananda M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share