28/03/2026
තරුණ හීන මරාදමන දේශපාලනයට තිත තබන, ඇත්ත ප්‍රශ්ණ වලට ඇත්ත විසදුම් ලබා දෙන, තාරුණ්‍යට නියම වටිනාකමක් ලබාදෙන තාරුණ්‍යයේ පරිවර්තනීය යුගයක සැබෑ හැරවුම් ලක්ෂය SJB YOUTH! 🇱🇰✨
තරුණ ඔබ ජීවිතය ගැන දහසකුත් බලාපොරොත්තු තියාගෙන හිටපු කාලෙක, ඒ හීන ඇස් ඉදිරිපිට එකින් එක බිඳිලා යනවා බලාගෙන ඉන්න සිද්ධ වුණ එක කෙතරම් වේදනාවක්ද කියලා මම දන්නවා.
අපි මේ මොහොත ගත කරන්නේ, රටේ අනාගතය පිළිබඳව ඉතාමත් තීරණාත්මක සහ අවිනිශ්චිත වූ දැවැන්ත අර්බුදයක් අභියසයි.
ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව, අත්දැකීම් විරහිතව, වගකීම් විරහිතව රටේ බලය හොබවන වත්මන් පාලනය, එදා මැතිවරණ වේදිකාවේදී පොරොන්දු වූ කිසිවක් මේ වනතුරුත් ඉටු කරලීමට අපොහොසත් වී ඇත.
හුදෙක් මැතිවරණ වේදිකාවලට පමණක් සීමා වූ ලස්සන වචනවලට රැවටිලා, අපේම පරපුරේ ජවය පාලකයින්ගේ වාසියට විතරක් පාවිච්චි කරපු ඒ අමිහිරි අතීතයට දැන් තිත තැබිය යුතු කාලය එලඹී ඇත.
තවදුරටත් ඔයාලගේ යොවුන් වියේ කාලය අපතේ යවන්න, හීන මරාදමන්න ඉඩ දෙන්න බැහැ. ඒ නිසයි, දේශපාලනයට එහා ගිය අවංක සහෝදරත්වයක අත්වැලක් විදිහට නව්‍යකරණය වූ සමගි තරුණ බලවේගය (SJB Youth) අද ඔබ ඉදිරියට එන්නේ.
මේ රටේ හැම තරුණයෙක්ම තමන්ට නොදැනීම දේශපාලනිකයි. මොකද ඔබේත් මගේත් හෙට දවස තීරණය කරන්නේ දේශපාලනය නිසයි. ඒත් වත්මන් පාලකයින්ගෙන් අද අපිට ඇහෙන්නේ හිස් පොරොන්දු විතරයි.
දැන් තරුණ ඔයාලගේ ඉලක්කය වෙන්න ඕනි බොරුවෙන් බලයට පැමිණිලා, තරුණ හීන විනාස කරලා දාපු, ඒ කයිවාරු දේශපාලනය වෙනුවට "ඇත්ත ප්‍රශ්නවලට ඇත්ත විසඳුම්" ලබාදෙන ප්‍රතිපත්තිගරුක දේශපාලන බලවේගයක් සමඟ ඉදිරියට යාමයි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පක්ෂයේ තරුණ සංවිධානය හදන මේ වගකීම භාර දුන්නේ තාරුණ්‍යයේ සැබෑ අවශ්‍යතා, හැගීම් හඳුනාගත්ත වත්මන් පාර්ලිමේන්තුවේ සිටින නවක තරුණ මන්ත්‍රීවරු හතර දෙනෙකුගෙන් සමන්විත විධායක කමිටුවටයි.
එම විධායක කමිටුවේ මා සභාපතිවරයා ලෙස චතුර ගලප්පත්ති, චිත්‍රාල් ප්‍රනාන්දු සහ සුරංග රත්නායක යන මගේ සහෝදර මන්ත්‍රීවරුන් සමඟ එකතු වෙලා මම මේ ගමන ආරම්භ කරන්නේ තරුණයින්ට නිසි තැන ලබා දීමේ එකම අරමුණ සහිතවම පමණයි.
කැළණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙක් විදිහට දේශපාලනයට ආපු මට, වසර දෙකකටත් අඩු කෙටි කාලයකින් පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් අනතුරුව, විපක්ෂ නායකතුමාගේ මාධ්‍ය ප්‍රකාශක ධුරයටත්, සමගි තරුණබලවේගයේ සභාපති දුරයටත් පත්වීම දක්වා මේ ගමන එන්න අවස්ථාව ලැබුණේ මේ පක්ෂය තුළ පවුල් පසුබිමට වඩා දක්ෂතාවයට සහ කැපවීමට ඉඩ දෙන නිසයි.
මගේ එකම බලාපොරොත්තුව, මේ සභාපති ධුරය සදහටම දරා සිටීම නෙවෙයි. ඔබ වැනි දක්ෂ තරුණ පිරිසකට පක්ෂයේ ඉහළටම එන්න පුළුවන් විදිහේ ඉතා ශක්තිමත්, විධිමත් සහ කාර්‍යක්ෂම යාන්ත්‍රණයක් (Effective Mechanism) නිර්මාණය කිරීමයි, ලංකාවේ තරුණ්‍යට, ඒ මාවත විවර කරලා දීලා, හෙට දවසේ මේ වගකීම ඔබ වැනිම දක්ෂයෙකුට භාර දීලා සහෝදරත්වයෙන් පසෙකට වෙන්න මම සූදානම්.
අපි කිසි දවසක වත්මන් පාලකයෝ වගේ බොරු පොරොන්දු දීලා නැහැ. බැරි නම් බැහැ, පුළුවන් නම් පුළුවන්. කවදාවත් බොරු පොරොන්දු දීලත් නැහැ ඉදිරියට දෙන්නෙත් නැහැ. මගේ විශ්වාසය නම් දේශපාලනය ඉතා ගෞරවනීය වෘත්තියක් විය යුතුයි.
අනාගත ශ්‍රී ලංකාවේ තරුණ ඔබව ලෝකයට ගැලපෙන විදිහට අලුත් දැනුමෙන් සහ තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අපේ වගකීමක් බව මා ඉතා මැනවින් අවබෝධ කරගෙන සිටී.
ඔබේ කුසලතාවයට, නිපුණතාවයට මුල් තැන දෙන අලුත් යුගයක් නිර්මාණය කරන හැරවුම් ලක්ෂය සමගි තරුණ බලවේගය බව මම සහතික වෙනවා.
අලුත් විදිහට හිතන, අලුත් අදහස් තියෙන, අලුතෙන් අනාගත හීන දකින ඔබ සැමටම මම ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබේ හෙට දවස වෙනුවෙන් අදම අපිත් එක්ක අත්වැල් බැඳගන්න!
අනාගතයට අප පමණයි! 🔰 🇱🇰
ප්‍රසාද් සිරිවර්ධන (පා.ම.)
සභාපති,
සමගි තරුණ බලවේගය (SJB Youth)
#අනාගතයට_අපි_පමණයි # #සමගි_තරුණ_බලවේගය