SL Rubber

SL Rubber Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Rubber, Pitipana.

පස් වෙනුවට  #පොලිමර් යොදාගනිමින් වගා කරමු 💚🌿පොලිමර් ෆිල්ම් ෆර්මින් - Polymer film farmingනව ජපන් තාක්‍ෂණය ඕනෑම පරිසර තත්...
15/01/2021

පස් වෙනුවට #පොලිමර් යොදාගනිමින් වගා කරමු 💚🌿
පොලිමර් ෆිල්ම් ෆර්මින් - Polymer film farming

නව ජපන් තාක්‍ෂණය ඕනෑම පරිසර තත්වයක පළතුරු සහ එලවළු වැවීම හැකියාව ඇතිකරයි. ජපන් විශේෂඥයන් (පොලිමර් ෆිල්ම්) භාවිතා කර ආහාර නිෂ්පාදනය කිරීමට වගා තාක්‍ෂණයේ නව සොයාගැනීමක් බිහිකරයි.

ටෝකියෝ නගරයට පැයක පමණක දුරින් ඇති මේ (මෙබිඔල් පර්යේෂණ සහ සංවර්ධන) මධ්‍යස්ථානයේ කුඩා කාමරයක් තුල (බේබි කොස්, සලාද කොල) දම් ආලෝකය සැපයූ තැටියක් මත වැවිම සිදුකරයි. තවත් රාක්කයක තැටියක් මත පැල තවානක් (මයික්‍රො ග්‍රීන්ස්) වැඩෙමින් පවතී. මෙහිදී බීජ පැලකිරීම පස් නොමැතිව, විනිවිද පෙනෙන පොලිමර් පටලයක් මත සිදුකරයි.

පොලිමර් ෆාර්මින් නම් නව්‍ය තාක්‍ෂණ ක්‍රමයෙන් සමතලා මතුපිටක් මත ප්‍රායෝගිකව එලවළු සහ පලතුරු වැවීමේ හැකියාව ඇති කරයි. පොලිමර් ෆිල්ම් හයිඩ්‍රො ජෙල් නැමති සුපිරි උරාගැනීමේ ද්‍රව්‍යයකින් සාදයි. මේවා සාමාන්‍ය වශයෙන් ගෙදරදී භාවිතා කරන ඩයපර් ( කුඩා ළමුන්ට / රෝගීන් සදහා අන්දවන ජලය උරාගන්නා කොටසක් සහිත යට අදුමක් ) අදිය නිපදවීමට භාවිතා කරයි. මෙහිදි ඉතා කුෂුද්‍ර සිදුරු ( මිලිමීටරයකින් මිලියනයකින් එකක් ) මගින් ජලය සහ පොහොර උරා ගනිමින් පොලිමර් ෆිල්මි ක්‍රියා කරයි. මෙහිදී පොලිමර් ෆිල්ම් එක මත පැලෑටි වැඩීම සිදුවන අතර මුල් පස් තුලට වැඩීම වෙනුවට පොලිමර් තරලය මත දැලක අකාරයට වැඩීම සිදුවේ.

ෆිල්ම් ෆාර්මින් යුචි මෝරි නම් රසායණ විද්‍යාඥයාගේ නිර්මාණයකි. ඔහු 1995 දී මෙබිඔල් ආයතනය බිහිකරන ලදී.යුචි මෝරි තම වෘත්තීය දිවියේ බොහෝ කලක් වෛද්‍ය නිෂ්පාදනයන් සදහා පොලිමර් තාක්‍ෂණය දියුණු කලේය. නමුත් පසුව ඔහු තුල පැලෑටි ජීව විද්‍යාව පිළිබඳ මහත් ප්‍රබෝධයක් හා උනන්දුවක් ඇතිවී එලවළු වගාවේ නව වෙනස් තාක්‍ෂණයන් සොයා ගැනීම සිදු කෙරුවේය.

බොහෝ අතින් මිනිසුන්ට වඩා ශාක හා පැලෑටි වැදගත් වේ. ඒවා පෘථිවියේ ජීවය පවත්වා ගැනීමටත් අහාර සැපීයමටත් හා අමතර කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීමටත් ඉවහල් වේ. එබැවින් ඔහු සැම විටම පැල වල බලය උපරිම කිරීමට ඇති හැකියාව පිළිබදව සිතුවේය. පොලිමර් තාක්‍ෂණය කෘෂිකර්මය සදහා යොදා ගැනීම වසර 20 කට පමණ පෙර ඔහු කෘතීම වකුගඩුවක් සාදමින් සිටින අවස්ථාවේ ඇතිවූ අදහසක් මත පදනම් වේ. එහිදී පොලිමර් එම කෘතීම රුධිර නාල හා තරල පෙරණ නිර්මාණ තාක්‍ෂණයට යොදා ගන්නවා සේම වගා මධ්‍යක් ලෙසද යොදා ගත හැකි බව වැටහිනි.

ශක සතුව බොහෝමයක් සමාජයේ පවතින ගැටළු විසඳීමේ හැකියාව පවතී. ජීවන රටාවේ මතුවන රෝග සේම පාරිසරක ගැටළු වලටද ශාක මගින් විසදුම් ලැබේ. ( මා අපට ඕනෑම තැනක ශාක ගෙනයා හැකි ලොවක් මවනවා ) යුචි මෝරි පවසනවා. ඔහු ප්‍රථමයෙන් තණකොල තට්ටුවක් LED ආලෝකය සෑපයූ හයිඩ්‍රො ජෙල් ෆිල්ම් එකක් මත වැවීම සිදු කලේය. ඉන් පසු දශකයක පමණ කාලයක පර්යෙෂණ මගින් මෝරි සහ ඔහුගේ සගයින් මගින් වගා කුටියක පස් රහිතව විශාල ප්‍රමාණයෙන් ධානය වැවීම සිදු කල හැකි ඒකකයක් නිර් මාණය කලේය.

පසුගිය වසර 40 ක කාලය තුල පෘථිවි භූමි ප්‍රමාණයෙන් 1/3 පමණ කොටසක් ජනගහණ වර් දනය සහ මුහුදු කෑම හේතුවෙන් අහිමි වී ගොස් ඇති බව 2015 හිදී ෂෙෆීල්ඩ් ග්‍රැන්තම් විශ්වවිද්‍යාලය මගින් කල පර්යේෂණයකදී හෙලි විය. අසීමිතව වගා කිරීම හා පොහොර අධි භාවිතය නිසා භූමියට නැවත ස්වභාවිකව ප්‍රතිචක්‍රීකරණය වීමට නොහැකි වන ලෙස විනාශ වීම ඇති බලපෑම් වේ. දේශගුණික හා අධික කාලගුණික විපර්යාස නිසා මුහුදු කාදනය වේගවත් වී ඇත. මෙම බලපෑම අහාර සදහා ඇති අධික ඉල්ලුමට බලපා ඇත. වගා කල හැකි භූමිය සීමිත වී ඇත. 2050 වසර වන විටදී අපේක්‍ෂිත බිලියන 9 ක පමණ ජනගහනයට සැපයීම සදහා දැනට පවතින අහාර නිෂ්පාදනය 50% කින් වරධදනය කල යුතු බව අදහස් කරයි. අහාර වල සුරක්‍ෂිත බවට ඇති තවත් බලපෑමක් වන්නේ පවතින ජල සංචිතයයි. සැපයිමට හැකි පිරිසිදු ජල ප්‍රමාණය භූමි විනාශයත් සමග සීග්‍රෙයන් අඩු වී ඇත.

ෆිල්ම් ෆාර් මින් වගා ක්‍රමය මෙහිදී සම්පත් අත්‍යාවශ්‍ය වගා ක්‍රමයට විකල්පයක් ලබා දේ. පොලිමර් ෆර් මින් (මෙබිඔල්) ක්‍රමයේදී සාම්ප්‍රාදායික වගා ක්‍රමයට වඩා 90% කට වඩා අඩු ජලය ප්‍රමාණයක් යොදා ගැනේ.පොලමර් පටලයේ ඇති කුෂුද්‍ර සිදුරු බැක්ටීරියා සහ වයරස් රෝග මැඩ පැවැත්වීම සිදු කරයි. එබැවින් විෂ සහිත කෘෂිනාශක යෙදීමට අවශ්‍ය නොවේ. පස් අවශ්‍ය නොවන නිසා සාර් ථක වාගා කුටි ඕනෑම තැනක ( කාන්තාර, ගෙවල් වහලවල් උඩ, වගා කල නොහැකි බිම් මතු පිට ) ඉදි කිරීම කල හැකිය. මෙම ක්‍රමයට වගා කරන ස්ථාන ජපානය තුල 150 ක් ද, චීනය තුල 1 ස්ථානයක්ද, එක්සත් අරාබියේ කාන්තාරයක් මතද පවතී. මෙබිඔල් ආයතනය මෙම තාක්‍ෂණය යුරෝපයේ සහ මැද පෙරදිග රටවල් සදහා ප්‍රචලිත කිරීමට සූදානම් වී සිටී.

පොලිමර් ෆිල්ම් තාක්‍ෂණයෙන් වගා කල තක්කාලි සහ අනෙකුත් ආහාර වර් ග දැනටමත් ජපානයේ වෙළෙන්දන් අතර ප්‍රසිද්ධය. හොටෙල් සහ නිවාඩු නිකේතන වලටද මෙම නිෂ්පාදන අලෙවි වේ. ඔව්න් මෙම නිෂ්පාදන තම ආහාර වට්ටෝරු වලට එක් කර ගැනීමට කැමැත්තක් දක්වයි.

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් පිළිස්සුම් තුවාල සුව කිරීමට  #පොලිමර් යොදාගනිමින් අලුත් ක්‍රමයක්"පිළිස්සුනු තුවාලයක් තියෙන...
13/01/2021

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් පිළිස්සුම් තුවාල සුව කිරීමට #පොලිමර් යොදාගනිමින් අලුත් ක්‍රමයක්

"පිළිස්සුනු තුවාලයක් තියෙන කෙනෙකුට අපි ඒ තුවාලේ හොඳ වෙන්න උදව් කරන්න ඕනේ. අපි හිතමු ඒක කරන්න පුළුවන් කොහොමද කියලා? දැනට සිදුවෙන්නේ තම ශරීරයේ යම් ස්ථානයකින් සමේ කොටසක් අරගෙන එය පිලිස්ස්සුම් තුවාලයට බද්ධ කිරීම. නමුත් ඒක කරන්න පුළුවන් පොඩි තුවාලෙකට පමණයි. තුවාලය ලොකු නම් එවැනි චර්ම බද්ධ කිරීමක් කරන්න අමාරුයි. ඒකට විසඳුමක් සෙවීමයි මම අරමුණු කරන්නේ."

"ලොකු පිළිස්සුම් තුවාලයක් තියෙන කොට තමාගේ ම සම බද්ධ කිරීම ප්‍රායෝගිකව කරන්න බැහැ. කෙනෙකුගේ ලොකු සම කොටසක් ඉවත් කළ හොත් එතනත් ආසාදනය වෙන්න පුළුවන් නිසා. ඒ වෙනුවට දැන් සමාන්‍යයෙන් භාවිත කරන්නේ කෘත්‍රිම පොලිමර්වලින් හදපු හයිඩ්‍රෝ ජෙල් තුවාල ආවරණ හෝ ගොතන ලද අතුරණ (Wound healing hydro-gel or woven mat). නමුත් සමහර වෙලාවට ඒවායේ අඩංගු කෘත්‍රිම පොලිමර් නිසා සමහර අයට ආසාත්මිකතා ඇතිවෙනවා. එහෙම වෙන්නේ කෘත්‍රිම පොලිමර් සම්පූර්ණයෙන්ම අපේ ඇඟට බාහිර දෙයක් වීම නිසා. එසේම ඒවා මිල අධිකයි."

කෘත්‍රිම පොලිමර් වෙනුවට ස්වාභාවික පොලිමර් ආදේශ කිරීමෙන් ලැබෙන ප්‍රථිපල සාර්ථක බව ආචාර්ය නන්දික පවසයි.

ගොවිපළවලින් ඉවත්කරන කුකුළු පිහාටුවලින් උකහා ගන්නා 'කෙරටීන්' සහ පරිසරයේ එදිනෙදා හමුවන ප්‍රෝටීන් වලින් හෝ 'ලිපිඩ්' වලින් හෝ 'පොලි සැකරයිඩ්'වලින් ලබාගත හැකි 'බයෝ පොලිමර්' (Bio Polymer) පරීක්ෂණ සඳහා යොදා ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

"හැබැයි අර කෘත්‍රිම පොලිමර්වලට සාපේක්ෂව ඕනෑම බයෝ පොලිමර් එකක තියෙන ප්‍රශ්ණය තමයි, අඩු ශක්තිය වගේම වගේම නම්‍යශීලිත්වයේ අඩුව. අනෙක් එක තමයි, අපි හිතමු කෙරටීන් වලින් ජීව ද්‍රව්‍යයක් හදලා තුවාලය උඩ තිබ්බොත් අපේ සමේ තියෙන ස්වභාවික සෛල ඒකට සවි වීම (Cell adhesion) හරියට වුණේ නැත්නම් අපේ අලුත් සම ඉක්මනට වර්ධනය වෙන්නේ නැහැ."

ස්වාභාවික සංඝටක අඩංගු හයිඩ්‍රෝ ජෙල් තුවාලයට සවි වීම සාර්ථක කර ගැනීම සඳහා නැනෝ තාක්ෂණය භාවිත කර පරීක්ෂණ කෙරෙන බව ආචාර්ය නන්දික පැවසීය.

"මගේ පරීක්ෂණයේ තියෙන විශේෂ දේ තමයි, ජීව සංඝටක අඩංගු 'නැනිති' යොදා ගැනීම (Nano crystalline cellulose). අපි සෙලියුලොස් කියන්නේ ඕනෑම ගහක ඕනෑම ශාක පත්‍රයක නැත්නම් ලී වල තියෙන ප්‍රධාන ම ද්‍රව්‍යය. ඒක පොඩි පොඩි කෑලිවලට කඩලා අපිට පුළුවන් නැනෝ සෙලියුලොස් ගන්න. ඒකෙන් කරන්නේ ශක්තියයි නම්‍යශීලී බවයි වැඩි කිරීම."

එවිට සෛල එකට බද්ධවීම සිදුවී පිළිස්සුම් තුවාලයේ සම ඉක්මනින් වර්ධනය වෙන බව ආචාර්ය නන්දික සොයා ගෙන ඇත.

තව වසර කිහිපයක් තුළදී තම පරීක්ෂණය සාර්ථකව නිමකොට එම නිෂ්පාදනය වෛද්‍ය ප්‍රතිකාර ක්ෂේත්‍රයට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව පැවසු ආචාර්ය නන්දික, තම පරීක්ෂණ සඳහා කැනඩාවේ New Frontier Research Fund නම් අරමුදලෙන් අවශ්‍ය මුදල් සැපයෙන බවත් පැවසීය.

අග්නිදිග ආසියානු කලාපයේ විශාලතම පූර්ණ ඒකාබද්ධ ටයර් නිෂ්පාදන කම්හලක් වන සංවර්ධනය වෙමින් පවතින හොරණ නගරයේ නිම වෙමින් පවතී....
12/01/2021

අග්නිදිග ආසියානු කලාපයේ විශාලතම පූර්ණ ඒකාබද්ධ ටයර් නිෂ්පාදන කම්හලක් වන සංවර්ධනය වෙමින් පවතින හොරණ නගරයේ නිම වෙමින් පවතී.
ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳපොළ තුළ සමාගමේ ස්ථාවරය ශක්තිමත් කිරීම සහ ගෝලීය ව්‍යාප්තිය සඳහා වන සමස්ත සැලසුම් ශක්තිමත් කිරීම සඳහා රිජිඩ් ටයර් කෝපරේෂන් පුද්ගලික සමාගමේ අරමුණ මෙමඟින් අවධාරණය කෙරෙන බව සමාගමේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
අති නවීන රිගිඩ් ටයර් නිෂ්පාදන කම්හල 2020 ජනවාරි 14 වන දී විවෘත කිරීමට සූදානම් වන අතර ඉන් අනතුරුව වාණිජ ටයර් නිෂ්පාදනය ද සිදු කෙරේ.
රිජිඩ් ටයර් කෝපරේෂන් (පුද්) සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරික නන්දන ලොකුවිතානාගේ නවතම ව්‍යාපාරයයි. ඔහු ලංකා වානේ සංස්ථාවේ සභාපතිවරයා වන අතර එහි සාමාජික සමාගමක් වන එම්.ඒ. ස්ටීල් ලංකා (පුද්) සමාගම ද වේ.
රුපියල් බිලියන 11.25 ක ආයෝජනයක් සහිතව මෙම බලාගාරය හොරානා හි වගවට්ටේ ආයෝජන මණ්ඩලයේ (BOI) කාර්මික කලාපයේ අක්කර 100 ක ඉඩමක ඉදිකරන බව ඔහු අනාවරණය කළේය.
One of the largest fully-integrated tyre manufacturing plants in the Southeast Asian region is nearing completion in the developing township of Horana.

It underlines the aim of Rigid Tyres Corporation Pvt Ltd in strengthening the company’s position in the Sri Lankan automotive market as well as its overall plans for global expansion, a top official of the company said.

The state-of-the-art Rigid Tyre manufacturing plant is set to open in 2020 with commercial tyre production to follow thereafter.

Rigid Tyre Corporation (Pvt) Ltd is the newest venture of UAE-based Sri Lankan businessman Nandana Lokuwithana. He is also the Chairman of Ceylon Steel Corporation and its member company MA Steel Lanka (Pvt.) Ltd.

The plant is being built at a 100-acre land at the Board of Investments (BOI) Industrial Zone in Wagawatte, Horana with an investment of Rs.11.25 billion, he revealed.

ලෝක රබර් නිෂ්පාදනය 2000-2019ලෝක රබර් නිෂ්පාදනය ගත් කල ස්වාභාවික හා කෘතීම රබර් නිෂ්පාදනය ලෙස දෙවර්ගයකි.ලෝකයේ අද වන විට මන...
09/01/2021

ලෝක රබර් නිෂ්පාදනය 2000-2019
ලෝක රබර් නිෂ්පාදනය ගත් කල ස්වාභාවික හා කෘතීම රබර් නිෂ්පාදනය ලෙස දෙවර්ගයකි.ලෝකයේ අද වන විට මනුස්ස වර්ගයාගේ එදිනෙදා සියලු අවශ්‍යතා සදහා රබර් බාවිතා කරන බව අපි කවුරුත් දන්නා කාරනයකි.රබර් අවශ්‍යතාවය ලෝක ජනයාගේ පාරිබෝජනය සදහා අවුරුද්දක් පාසා වැඩි වූවා මිස අඩු වූවේ නැත.2000 වසර වන විට රබර් පාරිබෝජනය මිලියන මෙට්‍රික් ටොන් 17.68 වන අතර 2020 වන විට මිලියන මෙට්‍රික් ටොන් 28.78 දක්වා වැඩි විය.එයින් ස්වාභාවික රබර් නිෂ්පාදනය ලෝකයේ 2000 වන විට මිලියන මෙට්‍රික් ටොන් 6.8ක්ව තිබු අතර 2020 වන විට මිලියන මෙට්‍රික් ටොන් 13.6ක් දක්වා වර්දනය විය.එමෙන්ම ලෝක ස්වාභාවික රබර් නිෂ්පාදනයෙන් 91%ක් එනම් මිලියන මෙට්‍රික් ටොන් 12.64 පැසිපික් ආසියාතික රටවල් නිෂ්පාදනය කරේ.ඉතුරු සුලු නිෂ්පාදනය යුරෝපා රටවල්,මැද පෙරදිග හා අප්‍රිකා රටවල් නිෂ්පාදනය කරේ.
තායිලන්තය :මිලියන මෙට්‍රික් ටොන් 4.85(ස්වාභාවික රබර් වැඩිම නිෂ්පාදන රට)
ඉන්දුනීසියානු :මිලියන මෙට්‍රික් ටොන් 3.3 හා වියට්නාම,ඉන්දියාව හා ලංකාව🇱🇰 ආසියාතික රටවල් අතරින් ප්‍රදාන වේ.ලෝක ස්වාභාවික රබර් නිෂ්පාදනයේදි ශ්‍රී ලංකාව 13වන ස්තානයේ දැනට ඇති අතර මේ අවුරුදු දෙක ඇතුලත මුල් ස්තාන 10 ඇතුලට ගෙන ඒම අපගේ අදිශ්ඨානයයි.කෘතීම රබර් නිෂ්පාදනය ගත් කල 2000 වසර වන විට නිෂ්පාදනය මිලියන මෙට්‍රික් ටොන් 10.9 ක් වන අතර 2020 වන විට මිලියන මෙට්‍රික් ටොන් 15.3ක් දක්වා වර්දනය විය.ස්වාභාවික රබර් නිෂ්පාදනය සීමිත බැවින් ඇමරිකාව,ජපානය,රුසියාව පෙරදිග යුරෝපා රටවල් මෙලස කෘතීම රබර් නිෂ්පාදනය මගින් මිනිස් අවශ්‍යතා සපුරාලීමට පෙලබිය.
https://www.statista.com/statistics/275387/global-natural-rubber-production/

තේ, රබර්, පොල් යනාදිය ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන බෝග වලින් ප්‍රධානතැනක් ගෙන ඇත.රබර් වගා කරන කරන ලද පලමු ආසියාතික රට වන ශ්‍ර...
01/01/2021

තේ, රබර්, පොල් යනාදිය ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන බෝග වලින් ප්‍රධානතැනක් ගෙන ඇත.රබර් වගා කරන කරන ලද පලමු ආසියාතික රට වන ශ්‍රී ලංකාව ස්වාභාවික රබර් කර්මාන්තය ගැන සලකා බැලිමේදී ලෝකයේ ප්‍රධාන තැනක් ගනී. ලෝකයේ ප්‍රධානම ක්‍රේප් රබර් සැපයුම්කරු වන්නේද ශ්‍රී ලංකාවයි.
"Heavea Brasiliensis" යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රබර් ගසේ නිජ භූමිය දකුණු ඇමරිකාව වේ. 1876 දී හෙන්රි වික්හැම් විසින් ඇමසන් ප්‍රදේශයෙන් එකතු කර ගන්නා ලද රබර් බීජ වල විශේෂ එකතුවක් ලන්ඩන් වල කිව් උද්ද්‍යානයට ගෙන විත් රෝපනය කරන ලදී. එභි රෝපිත බ්‍රසිලියන් රබර් දෙවර්ගයට අයත් ඇටවලින් හටගත් පැළ කිහිපයක් ලංකාවට ගෙන විත් 1876 දී හෙනරත්ගොඩ උද්ද්‍යානයේ රෝපනය කලේය.මෙම උද්භිත උද්ද්‍යානය ලෝකයේ රබර් කර්මාන්තයේ සංදිස්ථානයක් වශයෙන් හදුන්වනු ලැබේ. පසු කාලීනව ශ්‍රී ලංකාවෙන් රබර් පැළ අනෙකුත් ගිනිකොනදිග ආසියාතික රටවලට බෙදා දෙන ලදී. මෙම රටවල් දැනට 95% පමණ මුළු ලෝක ස්වාභාවික රබර් නිෂ්පාදනයට දායක වී ඇති අතර ඉතිරි ප්‍රමාණය අප්‍රිකානු රටවල් වලින් සපයනු ලැබේ. වර්තමාන සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ රබර් වගාකර ඇති ප්‍රමාණය 128 879 හෙක්ටටයාර් වන අතර ඉන් 83 253 (63%) අයිතිවනුයේ කුඩා රබර් වතු හිමියන්ටය. එ‍මෙන්ම රබර් කර්මාන්තය හොඳින් පුහුණු කළ රසායන විද්‍යාඥයන්, තාක්‍ෂණිකයන්, ඉංජිනේරුවන්, ශිල්පීය හා තාක්‍ෂණික නිෂ්පාදන ක්‍රියාවලි හා අවශ්‍ය උපකරණයන් ‍යොදාගනිමින් උසස් තත්ත්‍වයෙන් යුතු රබර් සපයන නිසා තරඟකාරී මිල ගණන් යටතේ ලෝක වෙළඳ පොළේ තරඟ කිරීමේ හැකියාව ලැබී ඇත.නමුදු ප්‍රමාණවත් භූමි ප්‍රමාණයක් නොමැති වීම හේතුවෙන් ‍ලෝක වෙළඳපොළට සපයන ස්වභාවික රබර් සඳහා ශ්‍රී ලංකවේ දායකත්‍වය මෑතකාලීනව 1.8% කි. කෙසේ හෝ මෙය වැඩි දියුණු කර ලංකා රබර් සන්නාමය ලොව බබලවන්න හැකි වේවා

Address

Pitipana

Telephone

+94755006969

Website

Alerts

Be the first to know and let us send you an email when SL Rubber posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SL Rubber:

Share