Kelani Valley Railway-කැලණිවැලි දුම්රිය

Kelani Valley Railway-කැලණිවැලි දුම්රිය *පුංචි කෝච්චියේ සිට වර්තමානයට!* All are welcome to join this railway fb page. මෙම දුම්රිය ෆේස්බුක් පි

“Kelani Valley Railway-කැලණිවැලි දුම්රිය” ‍‍ෆේස්බුක් පිටුව දුම්රිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියළු දෙනාටම විවෘතයි. කැලණිවැලි දුම්රිය (KV) සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කිරීම හා ගවේෂණයෙන් එකතු කර ගන්නා තොරතුරු ආදිය ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි. මෙම පිටුව මගින් අවිස්සාවේල්ලෙන් ඔබ්බට ඕපනායක හා යටියන්තොට දක්වා අතීතයේදී පැවතුනු දුම්රිය මාර්ග පිළිබඳවත් අනාගතයේදී සිදුකරන පුළුල් කිරීම්ද ආවරණය කරනු ඇත. ඔබටත් ක

ැලණිවැලි දුම්රිය හා සම්බන්ධ ඕනෑම තොරතුරක් මෙහි පළකිරීමට අවස්ථාව සලසා ඇත්තෙමු. එම තොරතුරු, වෙනත් පාර්ශවයක් විසින් ප්‍රකාශන හිමිකම දරන්නේ නම් හෝ වෙනත් පාර්ශවයක් විසින් පල කරන ලද්දක් නම් එය මෙහි පල කිරීමට ප්‍රථමයෙන් අයිතිකරුගෙන් නිසි අවසරය ලබා ගත යුතුය. එසේම එම හිමිකම දරන පාර්ශවයේ තොරතුරු ඔබ පල කරන තොරතුරු සමග සඳහන් කිරීමට‍ කටයුතු කරන්න. අන් පාර්ශවයකට අයත් තොරතුරක් මෙහි පල කිරීම නිසා ඇතිවන කිසියම් හෝ සිදුවීමකට මෙම ‍‍ෆේස්බුක් පිටුවේ කතෘවරුන් වග නොකියන අතර ඒ පිළිබඳව වගකීම අදාල පල කිරීම මෙහි සිදු කරන්නා විසින් දැරිය යුතු බව කරුණාවෙන් සලකන්න. “Kelani Valley Railway-කැලණිවැලි දුම්රිය” කිසිදු අදායමක් නොලබන පෞද්ගලික වියදමින් පවත්වාගෙන යන ලාබ නොලබන ‍‍ෆේස්බුක් පිටුවකි.

SMART වෙන දුම්රිය සේවය..!CSRP ව්‍යාපෘතිය යටතේ දුම්රිය ටිකට් Online ආකාරයෙන් ලබාගැනීමේ පහසුකම පෙර සිටම පැවති අතර, පැරණි ද...
27/03/2026

SMART වෙන දුම්රිය සේවය..!

CSRP ව්‍යාපෘතිය යටතේ දුම්රිය ටිකට් Online ආකාරයෙන් ලබාගැනීමේ පහසුකම පෙර සිටම පැවති අතර, පැරණි දුම්රිය ටිකට්පත් වෙනුවට නව ටිකට් පද්ධතියක් සහ ඒවා පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ සමඟ දිවයින පුරා සියලුම දුම්රිය ස්ථානවල මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

නියමු ව්‍යාපෘතියක් ලෙස, අප්‍රේල් මාසයේ දින කිහිපයක් තුළ කැලණිවැලි මාර්ගයේ නාරාහේන්පිට, නුගේගොඩ, මාකුඹුර, හෝමාගම සහ පාදුක්ක යන දුම්රිය ස්ථානවල මෙම වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

එමගින් මතුවන ගැටළු හඳුනාගෙන පළමුව මෙම මාර්ගයේ සියලුම දුම්රිය ස්ථානවලටද, ඉන්පසු අනෙකුත් මාර්ගවලටද මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

මීට අමතරව, මඟී ජනතාවට පහසුව සැලසෙන තවත් විශේෂාංග සමග මෙම ව්‍යාපෘතිය මෙම වසර තුළ අවසන් කිරීමට කටයුතු කළ යුතු බව මෙම නිරීක්ෂණ චාරිකාවේදී අවධාරණය කරන ලදී.

-ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය Dr Prsanna Gunasekara ගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගන්නා ලදී-27 March 2026 @@

Malapalla old railway station today
23/03/2026

Malapalla old railway station today

Low-income households were moved from at-risk areas near rail tracks to safe, inclusive housing—pioneering transparent, climate-resilient urban resettlement in Sri Lanka.

Address

Puwakpitiya

Alerts

Be the first to know and let us send you an email when Kelani Valley Railway-කැලණිවැලි දුම්රිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kelani Valley Railway-කැලණිවැලි දුම්රිය:

Shortcuts

Share