Lanka Democratic Movement

Lanka Democratic Movement A broad political platform based on Liberal Democratic values.

ගොඩවෙද්දුන්ගෙන් බෙහෙත් අහන්නේ නැතිව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු පද්ධතියට, EPF එකට, කොටස් වෙළෙඳපොළට ඇති බලපෑම ගැ...
04/07/2023

ගොඩවෙද්දුන්ගෙන් බෙහෙත් අහන්නේ නැතිව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු පද්ධතියට, EPF එකට, කොටස් වෙළෙඳපොළට ඇති බලපෑම ගැන ඇත්ත දැනගනිමු.

ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය (LDM) සංවිධානය කරන සාකච්ඡාව;

සහභාගිත්වය 👇

👤 මහාචාර්ය විදුර තෙන්නකෝන් (ඉන්ඩියානා විශ්ව විද්‍යාලය - ඇමෙරිකා එක්සත් ජනපදය)
👤 චන්දු එපිටවල (හිටපු අධ්‍යක්ෂ සුරැකුම්පත් සහ විනිමය කොමිසම / පාලක මණ්ඩල සභික ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය)
👤 ධනනාත් ප්‍රනාන්දු - (ප්‍රධාන විධායක නිලධාරී - ඇඩ්වොකාටා ආයතනය)
👤 මෙහෙයවීම - පුලස්ති වීරසිංහ (ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය)

බදාදා (ජූලි 05) සවස 7ට ඒෂියන් මිරර් සහ LDM පිටු ඔස්සේ සජීවිව නරඹන්න.

25/06/2023

රුසියාවේ ඊයේ සිදුවුණු වැග්නර් හමුදාවේ කැරැල්ල සහ පුටින් ගේ දේශපාලන අනාගතය ගැන විමසා බැලීමක්..

20/06/2023

නව දේශපාලන කඳවුර පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමග පැවති සාකච්ඡාව

සාම්ප්‍රදායික දේශපාලනය පිළුණු වෙලා, කල් ඉකුත් වෙලා අවසානයි. ලංකාවේ අලුත් දේශපාලන ධාරාවක් බිහිවෙමින් තියෙනවා. ඕස්ට්‍රේලිය...
10/06/2023

සාම්ප්‍රදායික දේශපාලනය පිළුණු වෙලා, කල් ඉකුත් වෙලා අවසානයි. ලංකාවේ අලුත් දේශපාලන ධාරාවක් බිහිවෙමින් තියෙනවා.

ඕස්ට්‍රේලියාවේ සහෝදරත්වය අමතන්න රසික ජයකොඩි එක්ක පැතුම් කර්නර් එනවා ඉරිදාට.

Time: Jun 18, 2023 02:30 PM Colombo

Join Zoom Meeting
https://zoom.us/j/98492967724?pwd=VVp2anErSVpOSHRJR05PTXEwS1ZCdz09

Meeting ID: 984 9296 7724
Passcode: 907491

Proposed Anti-terrorism Bill A Grave Threat To Human Rights And Individual Freedom We strongly oppose the proposed Anti-...
05/04/2023

Proposed Anti-terrorism Bill A Grave Threat To Human Rights And Individual Freedom

We strongly oppose the proposed Anti-terrorism bill, which threatens to undermine democracy and erode judicial oversight over detentions. This bill has the potential to stifle the right to peaceful protest and poses a grave threat to individual freedoms. The new law introduces more draconian measures than the current Prevention of Terrorism Act (PTA), which we believe curtail human rights and individual freedom.

We call on all those who value freedom and the rule of law to join us in defeating this bill. The right to protest peacefully is a fundamental pillar of any democracy, and this bill threatens to crush it. We urge the government to reconsider this proposed legislation and uphold the principles of democracy, freedom, and human rights for all.

It is apparent that the current government intends to utilize the proposed Anti-terrorism Bill as a means to consolidate their hold on power by suppressing opposing voices. However, the nature of such repressive laws is that even their architects can become victims of them when governments change. Therefore, those who support the Anti-terrorism Bill today must remember that a future government could potentially employ the same legislation to stifle them.

In a democratic society, the rule of law and the protection of fundamental human rights are crucial principles that must be upheld. Counter-terrorism measures must respect these principles and avoid infringing upon the rights of citizens.

Any counter-terrorism law should be transparent, accountable, and subject to judicial oversight to prevent abuse of power. It should also include clear definitions of what constitutes terrorism and what actions are prohibited, to prevent arbitrary or excessive use of force.

Additionally, any new counter-terrorism law must be proportionate to the threat faced and should not unduly restrict the freedom of speech, association, or assembly. Safeguards should also be in place to protect against racial profiling and discrimination.

Overall, it is possible to introduce counter-terrorism laws without violating basic tenets of democracy, but it requires careful consideration and balancing of the need for security with respect for individual rights and freedoms. Unfortunately, the Government has failed to adhere to these basic tenets of democracy when designing the Anti-Terrorism Bill.

Rasika Jayakody
Convener,
Lanka Democratic Movement (LDM)

හම්බන්තොට නව පිරිපහදුවේ ටෙන්ඩටරයට සමාගම් 7ක් කැමැත්ත පළ කරන ලිපි එවලා තියෙනවා. ඒකෙන් සමාගම් තුනක් ඇත්තට ම මේ වැඩේ කරන්න ...
29/03/2023

හම්බන්තොට නව පිරිපහදුවේ ටෙන්ඩටරයට සමාගම් 7ක් කැමැත්ත පළ කරන ලිපි එවලා තියෙනවා.

ඒකෙන් සමාගම් තුනක් ඇත්තට ම මේ වැඩේ කරන්න පුළුවන්, පිළිගත් සමාගම් බව පෙනෙනවා. ඒ කියන්නේ serious bidders ලා තුන් දෙනෙක් ඉන්න බව පෙනෙනවා.

ඒ තමයි Sinopec, Vitol සහ Martin Tejarat කියන සමාගම්.

ඒ වගේ ම අන්තර්ජාලයේ දැනට තියෙන විස්තරවලට අනුව ෂෙල් සමාගම් එහෙම නැත්නම් ඩමි සමාගම් 4කුත් මේකට ඉල්ලුම් කරලා තියෙන බව පෙනෙනවා.

ඒ කියන්නේ අයිතිකාරයෝ කවුද කියලා පැහැදිලි නැති, සේවකයෝ වැඩිය නැති, අන්තර්ජාලයේ වැඩිය විස්තර හොයන්න නැති ඩමි විදියට අටවපු සමාගම්.

ඩමි සමාගම් ටෙන්ඩර්වලට ඉල්ලුම් කරන්න කැමැත්ත පළ කරන එක අලුත් දෙයක්වත් අමුතු දෙයක් වත් නෙවෙයි. හැබැයි හුඟක් වෙලාවට ඒක කරන්නේ යටි අරමුණක් ඇතුව.

උදාහරණයක් විදියට මම Jayakody & Co. කියලා සමාගමක් රෙජිස්ටර් කරලා EOI එකක් යැව්වා නම් මගෙ නමත් මේ ලැයිස්තුවට යනවා. මේ ලැයිස්තුවට නම දාගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි.

කොහොම නමුත් මෙහෙම ඩමි සමාගම් පිරිපහදුවකට EOI ඉදිරිපත් කරන කොට ඒ වැඩේ ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනෙ. මොකද ඩමි කොම්පැනියක් EOI එකක් එවන්නේ සද්භාවයෙන් නොවන හින්දයි. ඒ නිසා මේ ටෙන්ඩර් ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා පරීක්ෂාවෙන් ඉන්න ඕනෙ. හැම දෙයක් ම සම්බන්ධයෙන් විනිවිදභාවය ඉල්ලා සිටින්න ඕනෙ. තාක්ෂණික ඇගයීම් හරියට වෙලා මේ ටෙන්ඩරය අර වැඩේ කරන්න පුළුවන්, පිළිගත් සමාගම් තුනෙන් එකකට යනවද කියලා බලන්න ඕනෙ.

ටෙන්ඩර් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහවත්, රාජපක්ෂලාවත්, සජිත් ප්‍රේමදාසවත්, කංචන විජේසේකරවත්, අනුර දිසානායකවත් තඹ දොයිතුවකටවත් විශ්වාස කරන්න එපා. "ක්‍රියාවලිය" විතරක් විශ්වාස කරන්න. නිවැරදි ක්‍රියාවලියක් වෙනුවෙන් පෙනී ඉන්න.

ඒක තමයි පුරවැසියන්ගේ කාර්‍යභාරය.

එහෙම නැතුව EOI ලැයිස්තුවේ ෂෙල් කොම්පැනි 4ක් තිබ්බ ගමන් පුද්ගලික ව්‍යවසායයන්ට විරුද්ධ වෙලා, වලිගෙ පාගාගෙන, ඔක්කොම ආණ්ඩුවෙන් කරන්න ඕනෙ කියගෙන දහ අට සන්නිය නටන එක නෙවෙයි.

ටෙන්ඩර් ක්‍රියාවලිය ගැන සුපරීක්ෂාවෙන් ඉඳලා විනිවිදභාවය සහ වගවීම ඉල්ලා සිටිනවා වෙනුවට, මේ වගේ කාරණා අල්ලගෙන පුද්ගලික ව්‍යවසායන්ට, ආයෝජනවලට, වෙළෙඳපොළ නිදහස් කිරීමට, වෙළෙඳපොළ තරගකාරීත්වයට විරුද්ධ වීම "වාමාංසික" ගතියක්.

උන්ට ඕනෙ හැම දෙයක් ම ආණ්ඩුවෙන් කරන, හැමදේක ම ඒකාධිකාරය රජයට තියෙන, දූෂිත, පසුගාමී, අකාර්‍යක්ෂම ක්‍රමය සදාකල් පවත්වාගෙන යන්න. තවත් කියුබාවක්, උතුරු කොරියාවක්, වෙනිසුවේලාවක් මෙහෙ හදාගන්න පුළුවන් එතකොටයි.

ඒ හින්දා හම්බන්තොට පිරිපහදුවේ ටෙන්ඩරය ගැන පරීක්ෂාවෙන් ඉම්මු.

හැබැයි ඒකෙ EOI ලැයිස්තුව පෙන්වමින් පුද්ගලික ආයෝජන ගැන බොරු භීතිය වපුරන වාමාංසිකයන්ගෙන් ඊට වඩා පරිස්සම් වෙමු.

මොකද 1961 දී සිරිමා තෙල් ජනසතුව කියලා එකක් කරලා මේ රටේ හිටපු විදෙස් තෙල් සමාගම් ඔක්කොම පන්නලා දාලා විශාල විනාශයක් කළේ ඔය විදියට ම බිල්ලන් ගොඩක් මවලා තමයි.

ලංකාවෙන් පන්නපු ඒ විදේශ සමාගම් තමන්ගෙ රටට ගෙන්නගෙන සිංගප්පූරුව ලෝකයේ බලශක්ති කේන්ද්‍රයක් වුණා.

අපි තවම පුද්ගලීකරණය ගැන වාමාංසික වැල් බයිලා කියමින් හිඟමනේ යනවා.

- රසික ජයකොඩි
කැඳවුම්කරු
ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය

මේ වෙනකොට ඛණිජ තෙල් වෘත්තීය සමිති විසින් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කරනවාට විරුද්ධව වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබෙනවා. ලංකාව ...
29/03/2023

මේ වෙනකොට ඛණිජ තෙල් වෘත්තීය සමිති විසින් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කරනවාට විරුද්ධව වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබෙනවා.

ලංකාව මේ තරම් පසුගාමී තත්ත්වයට සහ උගත් වෘත්තිකයන් ලංකාවට හැරදමා යන තත්ත්වයට පත් කරන්න හොර දේශපාලනඥයන් මෙන් ම මාෆියා ජාලයක් විදියට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ද විශාල වැඩකොටසක් කළා.

ඒකේ ප්‍රතිඵලයක් ව්දියට ඉතා ම අකාර්‍යක්ෂම, අලස සහ දූෂිත රාජ්‍ය සේවයක් මේ රටේ නිර්මාණය වුණා. එක පැත්තකින් දූෂිත දේශපාලනඥයන් තමන් ගේ හෙංචයියන් ලවා මේ රාජ්‍ය සේවයේ සාරය උරා බිව්වා. අනෙක් පැත්තෙන් වෘත්තීය සමිති යෝජනා වෙන ඕනෑම වෙනස්කමකට එරෙහි වෙමින්, මේ දූෂිත, අසමත්, අකාර්‍යක්ෂම ක්‍රියාවලිය දිගට ම පවත්වාගෙන ගියා. මේ දෙගොල්ල ම එකම කාසියක දෙපැත්තක් වන්නේ ඒ නිසයි.

මේකෙ ප්‍රතිඵලයක් විදියට ලංකාවේ හුඟක් රාජ්‍ය ආයතනවලට කාර්‍ය සාධන දර්ශක (KPI) හදුන්වා දීම වගේ ලොකු වෙනස්කම් සිදු කරනවා තියා අඩු තරමින් ඇඟිලි සළකුණු යන්ත්‍රයක්වත් සවි කරගන්න බැහැ. ලංකාවේ ජීවත් වන මිනිසුනන්ගෙන් අති බහුතරයකට ලංකාවේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉතා ම අප්‍රසන්න, කටුක අත්දැකීම් තියෙනවා.

අද මේ ඛනිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට විදේශීය සමාගම් තුනක් එනවාට විරුද්ධවයි. මේ වෘත්තීය සමිති කියන්නේ ලංකාවේ තෙල් වෙළෙඳපොළේ තෙල් සංස්ථාවේ අධිකාරය දිගට ම පවත්වා ගත යුතු බවයි. එහෙම තියාගත්තම තෙල් සංස්ථාවේ සේවකයන්ට ලක්ෂ ගණනින් පඩි ගන්නට, හොරට අතිකාල දීමනා ගන්නට, ආයතනය අන්තිම සතේට ම සූරාකන්නට පුළුවන් වෙනවා. මේ රටේ දුප්පත් මිනිසුන් පරිප්පු ඇටයේ සිට බදු ගෙවමින් මේ සොරුන් නඩත්තු කරගෙන යනවා.

මේක වෙනස් කළ හැකි එක ම ක්‍රමය වෙළෙඳපොළ තරගකරීත්වය වැඩි කිරීමයි. සම්පත් ගිල දමන මේ කම්බ හොරුන්ට විදේශීය සමාගම් සමග තරග කරන්නට වන තැනට තල්ලු කිරීමයි. තරගකාරීත්වය තුළින් සේවාවන් අලුත් වෙනවා. යාවත්කාලීන වෙනවා. හොරුන්ට වෙළෙඳපොළ ඇතුළේ අධිකාරයන් හදාගෙන පාරිභෝගිකයන් ප්‍රාණ ඇපයට ගන්න බැරි වෙනවා.

මොවුන් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කරනවාට විරුද්ධව බොරු බිල්ලන් මවන්නේ, 'කුමන්ත්‍රණ තියරි' නිර්මාණය කරන්න හදන්නේ, මිනිසුන් උසි ගන්වන්න හදන්නේ ඒ හින්දයි.

රනිල්ට විරුද්ධ වීම කියන්නේ වෙළෙඳපොළ තරගකාරීත්වයට විරුද්ධ වීම නෙවෙයි. ආණ්ඩුවට විරුද්ධ වීම කියන්නේ වෘත්තීය සමිති මාෆියාකාරයින්ට පක්ෂ වීම නෙවෙයි. පැහැදිලිව ම මේ වැඩ වර්ජනය කරන්නේ වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කිරීමට විරුද්ධවයි. IMF එකෙන් නොව එල්.ටී.ටී.ඊ. එකෙන් ඇවිත් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කළත් එය හොඳ දෙයක්. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පරාජය කිරීමට හෘදය සාක්ෂියක් තියෙන ලංකාවේ හැම පුරවැසියෙකුට ම යුතුකමක් තියෙන්නේ ඒකයි.

ලංකාවේ හුඟක් මිනිසුන් යන්න බලාපොරොත්තු වෙන දියුණු, සංවර්ධිත රටවල් කියන්නේ අහසින් පාත් වූ ඒවා නෙවෙයි. හුඟක් වෙලාවට ඒ රටවල් ඒ තැනට පත් වුණේ නිදහස් වෙළෙඳපොළ සහ වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩි කිරීම තුළිනුයි. වෙළෙඳපොළ තරගකාරීත්වය නැති කළොත් ලංකාවටත් සිදුවන්නේ කියුබාව, උතුරු කොරියාව, වෙනිසුවේලාව ගිය පාරේ යන්නයි. එහෙම රටක් හැදෙන එක මේ වෘත්තීය සමිති මාෆියාකාරයන්ට හොඳයි. ඒත් ඒක ඔබට, ඔබේ දරුවන්ට, ඔබේ දරුවන් ගේ දරුවන්ට නරකයි.

වෙළෙඳපොළ තරගකාරීත්වයට විරුද්ධව ඔබව ප්‍රාණ ඇපයට ගන්න සූදානම් වන මේ මාෆියාකරුවන්ට එක හෙළා විරුද්ධ වන්න. ඒක ඔබට තියෙන අයිතියක්. ඔවුන් ගේ මේ තකතීරු ක්‍රියාමාර්ගයට එරෙහිව සමාජයේ දැඩි ප්‍රතිරෝධයක් එල්ල විය යුතුයි. ඔවුන් නවත්වාලිය හැකි එක ම ක්‍රමය ඔවුන්ට එරෙහිව හිංසනය දියත් කිරීම නොව, ඔවුන් ගේ ක්‍රියාමාර්ග පිළිකෙව් කොට ඔවුන් හුදෙකලා කිරීම හරහා පමණයි.

- රසික ජයකොඩි
කැඳවුම්කරු
ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය

මේ මොහොතේ ප්‍රධානත ම අවශ්‍යතාව වන්නේ අඩු තරමින් වසර 4ක් යනතුරු මොන ආණ්ඩුවක් ආවත් වෙනස් නොවෙන පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ ...
28/03/2023

මේ මොහොතේ ප්‍රධානත ම අවශ්‍යතාව වන්නේ අඩු තරමින් වසර 4ක් යනතුරු මොන ආණ්ඩුවක් ආවත් වෙනස් නොවෙන පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ජාතික ප්‍රතිපත්ති සම්මත කිරීමයි.

ඒ යටතේ සෑහෙන කාලයක් තිස්සේ ලංකාව කල් දමමින් සිටි ආර්ථික සහ ආයතනික ව්‍යුහයන් ගේ පුළුල් වෙනස්කම් සිදුකිරීම, රජය සතු වාණිජ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, වෙළෙඳපොළ තරගකාරී කිරීම, වඩාත් ඵලදායී සහ තාර්කික සමාජ ආරක්ෂණ ජාලයක් හඳුන්වා දීම සිදු කළ යුතුයි.

IMF එකඟතා, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රටේ ඉදිරි ගමන්මග ගැන අපේ මතය රසික ජයකොඩි සහ චන්දු එපිටවල පැහැදිලි කරනවා. LDM Australia කණ්ඩායම මෙය සංවිධානය කරනවා.

ලංකාවේ අයට වගේ ම විදෙස්ගත ලාංකිකයන්ටත් මෙයට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

සහභාගි වෙන්න කැමති නම් 074 354 7788 අංකයට අදහස් දක්වන්න.

එහෙම නැත්නම් මේ WhatsApp ගෲප් එකට එකතු වෙන්න 👉 https://chat.whatsapp.com/Kx36YSIjdZK7CwrfUTJnr2

19/03/2023

Is IMF The Only Solution for Sri Lanka?
The Public Square
Rasika Jayakody
Convener - Lanka Democratic Movement
Malinda Seneviratne - Political Analyst

Wednesday at 7.30 Pm on Ada Derana 24

ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත් කිරීමේ බිහිසුණු ප්‍රයත්නය නවතා ජනතාව ගේ මූලික අයිතීන් සුරකින්න.අන්තර් විශ්වවිද්‍යාල...
09/03/2023

ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත් කිරීමේ බිහිසුණු ප්‍රයත්නය නවතා ජනතාව ගේ මූලික අයිතීන් සුරකින්න.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය දින දෙකකදි රටේ ජනතාවගේ මෙන්ම ඔවුන්ගේ ශිෂ්‍ය ඉල්ලීම්, අයිතිවාසිකම් මූලික කරගනිමින් සිදු කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය අපි ප්‍රජාතන්ත්‍රවාදය අගයන සංවිධානයක් ලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

විශේෂයෙන් ම විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුලට කඩා පැනීම, ඒ තුලට කඳුළු ගෑස් එල්ල කිරීම සහ එහි ප්‍රතිවිපාක පාසල් ළමුන්ට පවා විඳින්නට සිදුවන අයුරින් අමානුෂිය අකාරයට පොලිසිය සහ හමුදාව පොලු මුගුරු සහිතව හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව අවධාරණය කර සිටිමු.

යම් කාරණාවක් සම්බන්ධව ඕනෑම කෙනෙකුට උද්ඝෝෂණයක් පැවැත්වීමට අයිතිය මෙන්ම, ඊට අදාල පහසුකම් සපයා දීම පාලන ක්‍රමයේ වගකීමක් වෙයි. එය මහජන සාමයට බධාවක් නම්, එය විසුරුවා හරින සම්මත, ජාත්‍යන්තර ක්‍රමවේදයන් අනුගමනය කරනවා විනා ලූ ලූ අත දුවමින් පහර දෙමින්, කුරිරු ලෙස මර්ධනය කිරීම සහ ඒ තුළින් ඔවුන්ගේ අයිතීන් යටපත් කිරීම අපි කිසිසේත්ම අනුමත නොකරන බවත් එය දැඩි ලෙස හෙලා දකින බව ප්‍රකාශ කර සිටිමු.

රටක ආර්ථිකය ස්ථාවර කිරීම තරමට ම ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම ද එක ලෙස වැදගත් බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. ජනතාව ගේ මූලික අයිතිවාසිකම් මුළුමනින් ම පාගා දමා මුළු රට ම පොලිස් රාජ්‍යයක් බවට පත් කොට සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණවලින් කිසිවෙකුටත් දිගුකාලීන යහපතක් සැලසෙන්නේ නැත. එමනිසා අප රජයට අවධාරණය කොට සිටින්නේ මේ මුදාහරිමින් සිටින දරුණු පොලිස් මර්දනය නවතා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරන ලෙස ය.

රසික ජයකොඩි
කැඳවුම්කරු,
ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය

ශ්‍රී ලංකාවට IMF පැකේජය ලබාදීම පිළිබඳ යෝජනාව මේ මාසයේ 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනව...
09/03/2023

ශ්‍රී ලංකාවට IMF පැකේජය ලබාදීම පිළිබඳ යෝජනාව මේ මාසයේ 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනවා.

ඒ සම්බන්ධයෙන් වන නිල නිවේදනයක් IMF ප්‍රධානියා විසින් ඊයේ සවස තමන් ගේ ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කළා.

මේ වන විට ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැරිස් ක්ලබ් එකෙන්, ඉන්දියාවෙන් සහ චීනයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පිළිගත හැකි පරිදි එකඟත්වයක් ලබාගෙන තියෙනවා.

මේ නිසා මාර්තු 20 විධායක මණ්ඩල රැස්වීමේ දී ලංකාවට IMF පැකේජය ලැබීම සම්බන්ධයෙන් කොළ එළියක් ලැබෙන්න ලොකු ඉඩක් තියෙනවා.

ගිය වසරේ අවසන් භාගය වන විටත් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රශ්නය නිසා ලංකාව සිටියේ මාර්තු වන විට IMF පැකේජය ලබාගත හැකි තැනක නෙවෙයි. මාස තුනක් ගත වන විට ඒ තිබුණු බාධක සෑහෙන දුරකට ජයගන්න ලංකාව සමත් වෙලා තියෙනවා.

IMF එකෙන් පළමුවෙනි වාරිකය ලැබුණු පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ මිත්‍ර රටවලින් ණය ආධාර පැකේජ ලැබෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා මේක අර්බුදයෙන් පස්සේ අප පසුකරන සුවිශේෂී කඩඉමක්.

ලංකාවට IMF පැකේජය ලැබීම නරකයි කියලා හිතනවා නම් එහෙම හිතන්නේ අන්ත ම කුහකයෙකු පමණයි. අපට ඒ විදියේ කාලකණ්නි මනෝභාවයක් නැහැ. ඒ වගේ ම IMF ලැබුණ ගමන් සියලු ප්‍රශ්න විසඳිලා අප සුරංගනා ලෝකයකට යනවා යැයි ආණ්ඩුවේ ප්‍රචාරකයන් කියන කතාවලට අප හසු විය යුතුත් නැහැ.

අප මේ දෙස බලන්නේ ඉතා ම යථාර්ථවාදීවයි.

දැන් රට තියන තත්ත්වය අනුව මේ වෙලාවේ කවුරු ආණ්ඩු කළත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජය ලබාගන්නේ නැතිව ගොඩයාමක් ගැන හිතන්න බැහැ. මේ මොහොතේ ආණ්ඩු බලය දරන ඕනෑම කෙනෙකුට තෝරාගැනීමකින් තොරව එතනට යන්න වෙනවා.

එහෙම නොකර ආර්ථිකයත් සමග වාමාංශික සුප් හදමින් එක්ස්පෙරිමන්ට් කරන්න ගියොත් එම පාලකයාට ඉතිරි වන්නේ සිම්බාබ්වේ, වෙනිසුවේලාවේ හෝ ලෙබනනයේ තත්ත්වය උදා කරගෙන රට තවත් කාලකණ්නි ඉරණමකට තල්ලු කරන්නයි.

එහෙත් IMF එකෙන් පමණක් සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන්කමකුත් නැහැ.

ලංකාව මේ වන විට 16 වතාවක් IMF වෙත ගිහින් තියෙනවා.

අපට මුලින් ම IMF යන්න සිදුවුණේ 1965 දී යි. මෙහෙම 16 වතාවක් IMF ගිහින් තියෙන්නේ අවුරුදු 58ක කාලයක් ඇතුළතයි.

ඒ කියන්නේ සාමාන්‍ය අගයක් ගත්තොත් ලංකාව අවුරුදු 3-4කට වතාවක් IMF වෙත ගිහින් තියෙනවා.

එහෙම 16 වතාවක් ගිහිනුත් ආර්ථිකමය බංකොළොත්භාවයට පත්වුණු රටක් 17 වතාවේ IMF පැකේජයක් ලබාගත් පමණින් ගොඩයයි කියලා හිතන්න කිසිම තාර්කික හේතුවක් නැහැ.

එහෙම ගොඩඑන්න නම් ආර්ථිකයේ අප දිගින් දිගට ම සිදුකළ මූලික වැරදි අමාරුවෙන් හෝ නිවැරදි කළ යුතුමයි.

ගිය දහසය වතාවේ ම අපට වැරදුණේ අප මේ මූලික වැරදි නිවැරදි කරනොගෙන, එදාවේල ටුවර්ස් හෝ ජනකාන්තවාදී ප්‍රතිපත්ති ඔස්සේ ආර්ථිකය හැසිරවූ නිසයි.

දාහත් වෙනි වතාවේත් ඒ වරද ම කරන්න පුළුවන් තත්ත්වයක් අපට ඉතිරි වෙලා නැහැ. ඒ නිසා දැන් ඒ මූලික වැරදි නිවැරදි කිරීම කළ යුතුමයි.

අකාර්‍යක්ෂම රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම, ආර්ථිකයට විශාල බරක් වුණු 500කට අධික රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම එයින් ප්‍රමුඛත ම කාරණයක් වෙනවා.

ලංකාව කියන්නේ ආසියානු කලාපයේ තියෙන වඩාත් ම සංවෘත ආර්ථිකයන්ගෙන් එකක්. මේ ආර්ථිකය සැබෑවට ම විවෘත ආර්ථිකයක් බවට පත් කරලා මෙය දූපතෙන් පිටත ලෝකය සමග එක්කාසු කළ යුතුයි. ආණ්ඩුව ව්‍යාපාර කරමින් තව තවත් ආර්ථිකය විනාශ කරන්නේ නැතිව තරගකාරී සහ නිදහස් වෙළෙඳපොළක් නිසි නියාමනයක් යටතේ පවත්වාගෙන යා යුතුයි.

මහ බැංකුව ස්වාධීන ව්‍යුහයක් බවට පත් කළ යුතුයි. මහ බැංකුව ජනකාන්තවාදී දේශපාලන වුවමනා මත තීරණ ගන්නා තැනක් නොවිය යුතුයි. මහබැංකුව තමන් ගේ උපායමාර්ගික සැලසුම් අනුව පවතින ආණ්ඩුවට අවාසි වුණත් නිවැරදි තීරණ ගත යුතුයි. මහ බැංකුව නව පනතක් හරහා ස්වාධීන ව්‍යුහයක් බවට පත් කරලීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ වෙලා තියෙනවා.

බදු වැඩිකරනවාට සාපේක්ෂව ශක්තිමත් දූෂණ මර්දන නීති ස්ථාපිත කළ යුතුයි. මේ සඳහා නව දූෂණ මර්දන පනතක් අවශ්‍යයි. ගෙවන බදු සම්බන්ධයෙන් ජනතාව ගේ විශ්වාසය වැඩිවෙන්න මෙහෙම දූෂණ මර්දන පනතක් අවශ්‍යයි. ඒ වගේ ම රාජ්‍ය වියදම් කප්පාදු කිරීම දිගට ම සිදු කළ යුතුයි.

ඉන්දියාව අවසන් වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ 1991 දී. ඒ කාලයේ ඉන්දියාවත් මෙයට සමාන අර්බුදයකට මුහුණ දුන්නා. ඒ අර්බුදයෙන් පාඩම් ඉගෙන ගෙන ඉන්දියාව තමන් ගේ ආර්ථිකය නිදහස් කොට, විවෘත කොට, දශකයක් යන විට ලෝකයේ ලොකු ම ආර්ථිකයන් පහ අතරට පැමිණියා.

මේ මොහොතේ ලංකාවට කරන්න තෝරාගැනීම් දෙකක් තියෙනවා.

එකක් වන්නේ ඉන්දියාව ගිය පාරේ යමින්, ආර්ථිකය තරගකාරී කරමින්, ජනකාන්තවාදී නොවන යථාර්ථවාදී තීරණ ගනිමින්, නැවත වතාවක් IMF පසුපස යන්න සිදුනොවෙන තත්ත්වයක් උදා කරගන්නවාද යන්නයි.

එහෙම නැත්නම් වෙනිසුවේලාව හෝ සිම්බාබ්වේ පාරේ යමින්,මෝඩ සහ ජනකාන්තවාදී තීරණ හරහා මේ පවතින අර්බුදය දෙගුණ තෙගුණ කරගනිමින්, පරම්පරා ගණනකට ගොඩඑන්න බැරි නරාවළකට වැටී අපා දුක් විඳිනවාද යන්නයි.

මේ රට පාලනය කරන ආණ්ඩු වගේ ම රටේ ජීවත් වන ජනතාවත් මේ මාවත් දෙකෙන් තමන් යන්න කැමති මාවත කුමක්දැයි තීරණය කළ යුතුයි.

- රසික ජයකොඩි
කැඳවුම්කරු
ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය

Address

Rajagiriya

Alerts

Be the first to know and let us send you an email when Lanka Democratic Movement posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lanka Democratic Movement:

Shortcuts

Share