Sri Lanka Land Development Corporation

Sri Lanka Land Development Corporation The Corporation is a member of National Construction Association of Sri Lanka (NCASL) and Green Building Council of Sri Lanka as well.

Sri Lanka Land Development Corporation (SLLDC) | Leading Sri Lankan government institution in land development, flood risk management, storm water drainage, environmental conservation, and sustainable urban development since 1968. The Cooperation has been also certified as a ISO 9001:2008 organization. SLLRDC is backed by a well-qualified and experienced staff consisting of Engineers in various En

gineering disciplines such as Civil, Mechanical, Electrical, and Chemical Engineering, Architectures, Quantity Surveyors and allied professionals such as legal and other finance. The Corporation is in possession of all necessary equipment, machinery and related resources to the construction, Drainage & Reclamation Sector. SLLR&DC has been engaged in design of drainage plans for marshy lands and structural designs for multi storeyed buildings & hydraulic structures for the last 40 years. SLLR&DC has acquired specialized knowledge on hydrology & hydraulics required for design and analysis of storm water drainage systems in Sri Lanka. SLLR&DC is the State agency which grants permission for the public to fill marshy land subject to provision of storm water drainage as per designs prepared by SLLR&DC. It is continuously involved in the preparation of Master Drainage Plans for catchments and sub catchments identifying lowlands which could be allowed for reclamation after leaving detention areas and improving storm water drainage [email protected]

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදය හා සම්බන්ධව සංස්ථා නිලධාරීන් දැනුවත් කිරීමේ ගෘහස්ථ පුහුණු වැඩමුළුවේ දෙවන අදියර පසුගිය දිනක ...
24/08/2026

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදය හා සම්බන්ධව සංස්ථා නිලධාරීන් දැනුවත් කිරීමේ ගෘහස්ථ පුහුණු වැඩමුළුවේ දෙවන අදියර පසුගිය දිනක ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. රාජ්‍ය ප්‍රසම්පාදන කොමිසමේ අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති) ඉන්දික ප්‍රසන්න මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.
මානව සම්පත් කළමනාකරණ අංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සංස්ථාවේ සභාපති ඉංජිනේරු සමන් ශ්‍රී සෙනවීර මහතා, වැඩ බලන අතිරේක සාමාන්‍යාධිකාරි එස්. පී. මුතුමාල මහතා ඇතුළුව සංස්ථා කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ආරම්භ කර 58 වසරක් සපිරීම නිමිත්තෙන් ප්‍රවාහන අංශය විසින් සංවිධානය කරනු ලැබූ සුමධ...
19/08/2026

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ආරම්භ කර 58 වසරක් සපිරීම නිමිත්තෙන් ප්‍රවාහන අංශය විසින් සංවිධානය කරනු ලැබූ සුමධුර කාව්‍යමය ධර්ම දේශනය ශ්‍රී සද්ධර්මාරාම විහාරවාසී, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය, කාව්‍ය විශාරද, ගෞරවනීය ශාස්ත්‍රවේදී පූජ්‍ය පාද මඩලගම රතනවංශ හිමිපාණන් විසින් ඊයේ (18) සංස්ථා පරිශ්‍රයේ දී පවත්වන ලදී.

2026 වසරේ පැවති 54 වන ජනසතු සේවා මළල ක්‍රීඩා තරඟාවලියේදී ,මීටර 5000 ,මීටර 1500, මීටර 800 තරඟ ත්‍රිත්වයකින් රන් පදක්කම් ද...
18/08/2026

2026 වසරේ පැවති 54 වන ජනසතු සේවා මළල ක්‍රීඩා තරඟාවලියේදී ,
මීටර 5000 ,මීටර 1500, මීටර 800 තරඟ ත්‍රිත්වයකින් රන් පදක්කම් දිනා සංස්ථාවට කීර්තියක් අත්කර දුන් යාන්ත්‍රික අංශයේ උපුල් රවීන්ද්‍ර මහතා වෙනුවෙන් පැවැත්වූ උපහාර උළෙල 2026 අගෝස්තු මස 14 දා සංස්ථා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. අප සංස්ථාවේ සභාපති ඉංජිනේරු සමන් ශ්‍රී සෙනවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු සේවක මහත්ම මහත්මීන් රැසක් උපුල් මහතාට සුභ පැතීමට එක්වී සිටියහ.

බේරේ වැව පිරිසිදු කරන නව සාමාජිකයාබේරේ වැව සම්බන්ධ ගැටළුව කාලාන්තරයක් තිස්සේ කතාබහට ලක්වන කරුණකි. මේ පිළිබඳව පැවති මහජන ...
17/08/2026

බේරේ වැව පිරිසිදු කරන නව සාමාජිකයා
බේරේ වැව සම්බන්ධ ගැටළුව කාලාන්තරයක් තිස්සේ කතාබහට ලක්වන කරුණකි. මේ පිළිබඳව පැවති මහජන පැමිණිලි වලට අවධානය යොමු කරමින් මෙම ගැටළුව නිරාකරණයට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ උපදේශකත්වය ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කාර්ය සාධන බලකායේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ද බේරේ වැවේ මෙම ගැටළුවට විසඳුම් ලබා දීමට ඍජුව මැදිහත් වුණා.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පාවෙන සුන්බුන් සහ ජලජ වෘක්ෂලතා ඉවත් කිරීම, වැව් මායිම් පිරිසිදු කිරීම, ජලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීම, දූෂණ ප්‍රභවයන් හඳුනා ගැනීම ඇතුළු නිතිපතා පිරිසිදු කිරීම් කටයුතු සිදු කරනවා. මේ කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය වැඩි කිරීමට ද කටයුතු කළා. මිනිස් ශ්‍රමයට අමතරව මෙම ක්‍රියාවලිය කාර්යක්ෂම කර ගැනීමට සූර්යාලෝකයෙන් ක්‍රියාත්මක පිරිසිදු කිරීමේ බෝට්ටුවක් නැගෙනහිර බේරේ කොටසට යොදා තිබුණා. Clean Sri Lanka ව්‍යාපෘතිය ,HSBC බැංකුව සහ Clean Ocean Force හි පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ නිරිත දිග බේරේ අවට, ගංගාරාම ප්‍රදේශයට ද මෙම බෝට්ටු සේවාවක් යෙදවීම 2026.08.13 නිල වශයෙන් සිදු කෙරුණා. ඒ ඔස්සේ වැවේ එම කොටසේ අපද්‍රව්‍ය ඉවත් කර, ජල තලය පිරිසිදු කර පාරිසරික තත්ත්වය වැඩි දියුණු කිරීමට අපි අපේක්ෂා කරනවා.

අඹතලේ  ජල පාලන වේල්ලේ දකුණු ඉවුරේ ජලය කාන්දු වීම වැළැක්වීමේ කටයුතු අවසන් කිරීම
17/08/2026

අඹතලේ ජල පාලන වේල්ලේ දකුණු ඉවුරේ ජලය කාන්දු වීම වැළැක්වීමේ කටයුතු අවසන් කිරීම

ජාතික සුපිළිපන් සතියට අදාළව ජූලි 30 වන දිනට යෙදී ඇති "සුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක්" තේමාව යටතේ මෙහෙයුම්, යටිතල පහ...
30/07/2026

ජාතික සුපිළිපන් සතියට අදාළව ජූලි 30 වන දිනට යෙදී ඇති "සුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක්" තේමාව යටතේ මෙහෙයුම්, යටිතල පහසුකම් සේවා සැපයීම් සහ ශ්‍රම සුපිළිපන්නභාවය ප්‍රවර්ධනය කිරීමේ දිනයට සමගාමීව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යේෂ්ඨ නිවාරණ නිලධාරිනි මධුකා රුවන්ති මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (30) ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා සංස්ථාවේ සභාපති ඉංජිනේරු සමන් ශ්‍රී සෙනවීර, සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ. එච්. තුෂාරි, වැඩබලන අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එස්. පී. මුතුමාල ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් ඇතුළුව සංස්ථා කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවමින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ...
27/07/2026

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවමින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සියලුම සේවක මහත්ම මහත්මීන් විසින් ජාතික සුපිළිපන් ප්‍රතිඥාව ලබා දෙමින් අද (27) සංස්ථා පරිශ්‍රයේ දී 2026 ජාතික සුපිළිපන් සතියේ සමාරම්භය සනිටුහන් කළේය.
පෞද්ගලික ලාභයන් නොතකා පොදු මහජන යහපතට නිරන්තරයෙන් ප්‍රමුඛතාවය දෙමින් ආචාරධර්මික වටිනාකම් සහ ප්‍රතිපත්තිමය ප්‍රමිතීන් සමඟ ඒකාබද්ධ වෙමින් කිසිවෙකු බලා නොසිටියද කිසිදු අධීක්ෂණයකින් තොරව වුවද, තමා විසින්ම ස්වයං - පාලනයකින් යුතුව සිදු කරන නිවැරදි සහ සදාචාරාත්මක ක්‍රියාදාමයන් තුළින් ප්‍රියමනාපව සේවය සපයන සුපිළිපන්න රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙහි මූලික අරමුණ යි.
මෙය හුදෙක් එක් සතියකට පමණක් සීමා වූ සැමරුම් උත්සවයක් නොවේ. රාජ්‍ය සේවයේ පදනම ස්ථිරසාර ලෙස වෙනස් කරන කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සඳහා වන ප්‍රවේශයකි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ඉංජිනේරු සමන් ශ්‍රී සෙනවීර, සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ. එච් තුෂාරි, වැඩබලන අතිරේක සාමාන්‍යාධිකාරී එස්. පී. මුතුමාල ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් සම්බන්ධ වී සිටියහ.

“අභිමාන“ 2026 ජූලි කලාපය - මාධ්‍ය ඒකකය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව
13/07/2026

“අභිමාන“ 2026 ජූලි කලාපය - මාධ්‍ය ඒකකය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව

10/07/2026

බේරේ පිරිසිදු කිරීම්

ඩෙංගු උවදුර මර්දනය කිරීම උදෙසා රජයේ වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් වගකිව යුතු ජනතාවගේ ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධ...
10/07/2026

ඩෙංගු උවදුර මර්දනය කිරීම උදෙසා රජයේ වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් වගකිව යුතු ජනතාවගේ ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරී මහත්ම මහත්මීන් සංස්ථා පරිශ්‍රය සහ ඒ අවට පරිසරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී.
අවට පරිසරය පිරිසිදුව තබා ගනිමු! ඩෙංගු පරදවමු!

Address

No 3, Sri Jayawardanapura Mawatha, Welikada
Rajagiriya
10100

Opening Hours

Monday 08:00 - 04:15
Tuesday 08:00 - 04:15
Wednesday 08:00 - 04:15
Thursday 08:00 - 04:15
Friday 08:00 - 04:15

Telephone

+94112861488

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Land Development Corporation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Land Development Corporation:

Shortcuts

Share