Divisional Secretariat - Rambukkana

Divisional Secretariat - Rambukkana රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළ ‌ෆේස්බුක් ගිණුම වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

28/08/2026
"තමන්ගේ තැනක් ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ රඹුක්කන කොට්ඨාසයේ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස සාදා ගැනීමට මිලියන 0...
28/08/2026

"තමන්ගේ තැනක් ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ රඹුක්කන කොට්ඨාසයේ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස සාදා ගැනීමට මිලියන 01 බැගින් 40 දෙනෙකු තෝරා පත් කරගෙන ඇති අතර ඉන් ප්‍රතිලාභීන් 09 දෙනෙකු සඳහා නිවාස ඉදිකිරීමට මුල්ගල් තැබීම සහ චෙක්පත් ලබා දීම 2026.08.14 දින කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා, රඹුක්කන සහකාර ප්‍රාදේශීය ලේකම් මල්ශා ප්‍රියදර්ශනී මහත්මිය, ජාතික නිවාස අධිකාරයේ දිස්ත්‍රික් කළමණාකරු ශ්‍යාමලී කරුණාසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ වසම්වල ග්‍රාම නිලධාරින්, ප්‍රජා සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දීපව්‍යාප්තව සිදු කරනු ලබන ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සේවයේ නිරත කාර්ය මණ්ඩලයේ,පාලනාධිකාරි...
24/08/2026

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දීපව්‍යාප්තව සිදු කරනු ලබන ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සේවයේ නිරත කාර්ය මණ්ඩලයේ,පාලනාධිකාරියේ හා නියාමනයට සම්බන්ධ වන නිලධාරින්ගේ දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීම හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන මාර්ගෝපදේශයට අදාළව අවම ප්‍රමිතීන් යටතේ සංවර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැඩසටහන 2026.08.20 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරිතුමිය,දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරිතුමිය හා කෑගල්ල ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරීතුමිය සම්පත් දායකත්වය ලබාදුණි.

20/08/2026
තෙදින කුරුඳු භෝග සැළසුම් පුහුණු වැඩසටහන_2026____________________________________රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුඳ...
19/08/2026

තෙදින කුරුඳු භෝග සැළසුම් පුහුණු
වැඩසටහන_2026

____________________________________

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුඳු භෝග වගාවේ නිරත වූ ගෝවීන්ගේ අස්වැන්න නිවැරදිව ලබා ගැනීමේ අරමුණින් හා ඔවුන්ගේ වගා ලාභය වෙනත් පාර්ශවයන්ට ලබා නොදීම යන්න ප්‍රධාන අරමුණ කරගනිමින් දින තුනක කුරුඳු සැකසුම් වැඩසටහනක්‌
රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ අනුදැනුම මත කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය දායකත්වය මත කුරුඳු සංවර්ධන නිලධාරී හා අපනයන සංවර්ධන නිලධාරී එක්ව, 2026.07.30 දින මුවපිටිය ග්‍රාම නිලධාරී වසමේ බණ්ඩාර මහතාගේ කුරුඳු වගා භූමිය හා එහි පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

2026.07.30 දින සිට 2026.08.01 දින තෙක් අඛණ්ඩව දින 03ක්‌ පැවති මෙම වැඩසටහනට සම්පත් දායකත්වය සැපයුවේ එම්.ඒ. අබේරත්න මහතායි.

වගා ක්ෂේත්‍රයේ කුරුඳු පැලයක් කපා එහි අස්වැන්න ලබා ගනිමින් වෙළඳපොළට ලබා දෙන අවස්ථාව දක්වා නිවැරදි ක්‍රමවේදය සිදුකළ යුතු අයුරු මෙම වැඩසටහනෙන් ගොවීන් වෙත ප්‍රායෝගිකව පුහුණු කරන ලදී.

මේ වැඩසටහන සඳහා රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මිය, කුරුඳු සංවර්ධන නිලධාරී, අපනයන සංවර්ධන නිලධාරි, මුවපිටිය වසමේ ප්‍රජා ශක්ති නිලධාරී හා ග්‍රාම නිලධාරී ඇතුළු ගොවීන් 25 දෙනෙකු සහභාගි විය. මෙම වැඩසටහන කාලීන අවශ්‍යතා මත අපනයන වෙළඳපල ඉලක්ක කර ගනිමින් සිදුකළ සාර්ථක වැඩසටහනකි.

දිට්වා සුළි කුණාටුව හමුවේ ස්ත්‍රී/ පුරුෂ සමාජභාවය මත සිදුවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ සහ ප්‍රතිචාර ශක්තිමත් කිරීම සදහා ව...
19/08/2026

දිට්වා සුළි කුණාටුව හමුවේ ස්ත්‍රී/ පුරුෂ සමාජභාවය මත සිදුවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ සහ ප්‍රතිචාර ශක්තිමත් කිරීම සදහා වන ප්‍රාදේශීය මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන හා උපදෙස් මත රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ මග පෙන්වීම යටතේ 2026.08.18 වන දින රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

මේ සඳහා සම්පත් දායකත්වය කෑගල්ල නීති ආධාර කොමිෂන් සභාව නියෝජනය කරමින් නීති ආධාර නිලධාරිණී යමුනා මහත්මිය, වනිතා සංවර්ධන නිලධාරිණිය සහ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිණිය විසින් සපයන ලද අතර පරිපාලන ග්‍රාම නිලධාරී ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, දැඩි අවධානම් සහිත ආපදා තත්ත්වයන්ට මුහුණ පෑ වසම් නියෝජනය කරමින් ග්‍රාම නිලධාරීන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක, මෙන්ම ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන් ඇතුළු කාර්යාලගත ක්ෂේත්‍ර නිලධාරීන් මේ සදහා සහභාගී විය.

මව හෝ පියා විදේශගතව රැකියාව කරන පුංචි ඔයාලටයි මේ පණිවිඩය…
18/08/2026

මව හෝ පියා විදේශගතව රැකියාව කරන පුංචි ඔයාලටයි මේ පණිවිඩය…

ප්‍රාදේශීය ළමා සභා දෙවෙනි කාර්තු රැස්වීම _____________________________________ප්‍රාදේශීය ළමා සභා දෙවෙනි කාර්තු රැස්වීම, ...
11/08/2026

ප්‍රාදේශීය ළමා සභා දෙවෙනි කාර්තු රැස්වීම

_____________________________________

ප්‍රාදේශීය ළමා සභා දෙවෙනි කාර්තු රැස්වීම, සහකාර ප්‍රාදේශීය ලේකම් මල්ෂා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.08.10 වන දින කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ළමා සමාජ ප්‍රමාණයක් ලියාපදිංචි කොට්ඨාසයක් ලෙස රඹුක්කන කොට්ඨාසය පත් වී ඇති අතර මීට සමගාමීව දරුවන්ගේ සහභාගිත්ව අයිතිය සහ ආරක්ෂක ක්ෂේත්‍රය තුළ දරුවන්ගේ විශ්ලේෂණාත්මක හැකියාව ඔප්නැංවීම අරමුණු කරගනිමින් ළමා මූලික අධ්‍යයන වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට දරුවන්ගේ යෝජනා ලබා ගත් අතර ඔක්තෝම්බර් පළවෙනි දිනට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ගේ විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට කරුණු සාකච්ඡා කරන ලදී.

08/08/2026

"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක වැඩසටහන අද දින පෙරවරුවේදී යෝධගම ග්‍රාම නිලධාරී වසමේ පින්නවල අවිදින මං තීරුව, පාලම හා ඒ අවට සිදු කරන ලදී.

#අත්තම

Address

Mawanella Road
Rambukkana
71100

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Rambukkana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share