Paththini Dewalaya

Paththini Dewalaya පත්තිනි මැණියන්ගේ ඉතිහාසය හා සබැදි තොරතුරු ඔබ වෙත ගෙන එම අරමුණයි

අදටත් ශ්‍රී මහා බෝධිය හැරුනු විට ලංකාවේ රාජකාරි ඉටුවන එකම රුක්ෂය 🙏🙏ඓතිහාසික බලන්ගොඩ උග්ගල් අලුත්නුවර කොස් රුප්පය (කොස් ග...
06/10/2026

අදටත් ශ්‍රී මහා බෝධිය හැරුනු විට ලංකාවේ රාජකාරි ඉටුවන එකම රුක්ෂය 🙏🙏

ඓතිහාසික බලන්ගොඩ උග්ගල් අලුත්නුවර කොස් රුප්පය (කොස් ගස)

ඓතිහාසික කොස් රුප්පය

බලංගොඩ අලුත්නුවර මෙම ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙකු වූ සූර්යය වංශික යාපා රජු සීතාවක රාජසිංහ රජු සමග වරින් වර යුද වැදීමෙන් දෙපාර්ශවයේ විශාල ජන සංහාරයක් සිදුවී ඇත. මේ පිළිබඳව කලකිරුණු යාපා රජු අවසාන වර යුද්ධයට පිටත්ව යාමේදී මෙම දේවාල භූමියේ ඇති මෙම කොස් ගසෙහි පඬුරක් ගැට ගසා බාරයක් වෙමින් සීතාවක රාජසිංහ රජු සමඟ හුණුවල මහා වෙල් යාය අසලදී යුදවැදි සීතාවක රාජසිංහ රජු පරාජය කරමින් යුද්ධයෙන් ජයගෙන සීතාවක රාජසිංහ රජු සමග සාමදාන ගිවිසුමකට එළිබිණි පසුව එම කොස්ගහේ පඩුරු ගැට ගැසූ භාරය ඉටු කරනු පිණිස මෙම උග්ගල් අලුත් නුවර දේවාලය ඉදිකළ බවට දේවාලය සතු මැදගම සන්නස සාක්ෂි දරයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ හැරුණු කොට ලංකාවේ රාජකාරීන් පවරා ඇති එකම වෘක්ෂය වන්නේ මෙම කොස් රූපයයි මේ බව වඩාත් තහවුරු කිරීම සඳහා දේවාලය සතු1870 අංක 4 දරණ වැඩ ලේඛනය සාක්ෂි දරයි.

කතෘ අයිතිය හා චායාරුප අයිතිය සුරකින්න.

හිරුන් ප්‍රියදර්ශන
Paththini Dewalaya

*අඥාණ තිමිරාන්ධස්‍ය**ඥානාංජන ශලාකයා**චක්ෂුරුන්චිලතං සේන**තස්මෛ ශ්‍රී ගුරුවේ නම:*"අවිද්‍යාවෙ අදුරින් අන්ධ වී සිටි මගෙ දෑස...
06/10/2026

*අඥාණ තිමිරාන්ධස්‍ය*
*ඥානාංජන ශලාකයා*
*චක්ෂුරුන්චිලතං සේන*
*තස්මෛ ශ්‍රී ගුරුවේ නම:*

"අවිද්‍යාවෙ අදුරින් අන්ධ වී සිටි මගෙ දෑස් ඥානය නැමැති අංජන තවරා දෑස් විවර කර දුන් සත්‍යයෙ මග පෙන්වා දුන් ගුරුවරයාට මාගේ නමස්කාරය වේවා!"

04/10/2026

නවගමුව ශ්‍රි සුගතබිම්බාරාම විහාරස්ත සිරි සුමනතිස්ස සධහම් තක්ෂිලාවේ සිසු දරුවන් හා අචාර්ය මන්ඩලය ලෝක ගුරු දිනය හා ළමා දිනය සැමරු අයුරු.

04/10/2026

⛔Live
උග්ගල් අලුත්නුවර කතරගම දෙවොලේ පිහිටි පත්තිනි දෙවොල

04/10/2026

⛔Live බලන්ගොඩ උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය සිට

මේ පිංබිමට ආව කාටවත් වැර්දිලා නැ.🥺❤️🙏
04/10/2026

මේ පිංබිමට ආව කාටවත් වැර්දිලා නැ.🥺❤️🙏

පොසෝන් කාඩ්පත් තරගාවලිය 2026 ජයග්‍රාහකයන් ප්‍රථම ස්තානයදුලින සෙත්මිත් - මහරගම දෙවන ස්තානයදිනිරු චතුල - ගම්පහතෙවන ස්තානය ...
01/10/2026

පොසෝන් කාඩ්පත් තරගාවලිය 2026 ජයග්‍රාහකයන්

ප්‍රථම ස්තානය
දුලින සෙත්මිත් - මහරගම

දෙවන ස්තානය
දිනිරු චතුල - ගම්පහ

තෙවන ස්තානය
සදෙව් තික්ෂන - කෑගල්ල

Paththini Dewalaya

මවක් දරුවන් රකින්නා සේ උතුම් තෙද පතිනි මෑණියන් මේ ලොව සියලු දරුවන් රකිත්වා...🙏ප්‍රිතිමත් ලෝක ළමා දිනයක් වේවා..! Paththin...
01/10/2026

මවක් දරුවන් රකින්නා සේ උතුම් තෙද පතිනි මෑණියන් මේ ලොව සියලු දරුවන් රකිත්වා...🙏

ප්‍රිතිමත් ලෝක ළමා දිනයක් වේවා..!

Paththini Dewalaya

#පත්තිනිමෑණියන් #පත්තිනිදේවාලය ゚

පත්තිණි මැනියන් වැඩමකරනවා කියපු ඒ රෑ ගමේ කිසිම කෙනෙක් දොර ඇරියේ නැහැ…”හිතලා බලන්න…මීට අවුරුදු ගණනාවකට කලින්, ලංකාවේ ගමක්...
30/09/2026

පත්තිණි මැනියන් වැඩමකරනවා කියපු ඒ රෑ ගමේ කිසිම කෙනෙක් දොර ඇරියේ නැහැ…”

හිතලා බලන්න…

මීට අවුරුදු ගණනාවකට කලින්, ලංකාවේ ගමක්… 🌿

දවල් කාලයේ නම් ඒ ගම වෙනදා වගේමයි. කුඹුරු, වැව්, පන්සල, දේවාලය… ගමේ මිනිස්සු තම තමන්ගේ වැඩ කරගෙන ජීවත් වුණා.

ඒත් අවුරුද්දේ එක්තරා කාලයක, හිරු බැස ගිය පසු ගමට තිබුණේ වෙනස්ම නිහඬ බවක්.

ගමේ වැඩිහිටියෝ කියන විදිහට, ඒ දවස්වල රාත්‍රියට ගමේ පාරවල් දිගේ යන එක එතරම් සුදුසු දෙයක් නෙවෙයිලු.

“අද රෑ දොරවල් වහගෙන ඉන්න…”

“පාරට බහින්න එපා…”

“පත්තිනි මෑණියන්ගේ වැඩමවන කාලය…”

කියලා ඔවුන් කුඩා දරුවන්ටත් කියනවාලු. 🌙

ඒක නිකම්ම බයක් ඇති කරන්න කියපු කතාවක් නොවෙයි.

පැරණි ශ්‍රී ලාංකික පත්තිනි ඇදහීම තුළ, ගමක සෞඛ්‍යය, සශ්‍රීකත්වය සහ ආරක්ෂාව වෙනුවෙන් පත්තිනි මෑණියන්ට පූජා හා ශාන්තිකර්ම පැවැත්වීමේ සම්ප්‍රදායක් තිබුණා. ගම්මඩු වැනි චාරිත්‍රවල පත්තිනි මෑණියන්ගේ ආශීර්වාදය ඉල්ලා ගමේ යහපත වෙනුවෙන් විවිධ පූජා, නැටුම් සහ චාරිත්‍ර සිදු කළ බව සඳහන් වෙනවා.

ඒ අතරින් තවත් අපූරු සම්ප්‍රදායක් තිබුණා.

පත්තිනි සළඹ හෝ ඇය සම්බන්ධ පූජා සංකේත ගම වටා රැගෙන යාම. 🌺

පැරණි විශ්වාසය අනුව, ඒ ගම වටා යන පූජා පෙරහැර නිකම්ම පෙරහැරක් නොවෙයි.

එය ගම ආරක්ෂා කරන ආශීර්වාදයක් ලෙස සැලකුණා.

අද අපිට ඒ දේවල් පරණ ජනවිශ්වාස විදිහට පෙනුණත්, එදා මිනිස්සු ඒවාට විශාල ආධ්‍යාත්මික අර්ථයක් දුන්නා.

ඒ නිසාම සමහර ගම්වල වැඩිහිටියෝ රාත්‍රියේ පූජා අවසන් වන තුරු නිවෙස්වලින් පිටතට නොගොස් නිහඬව සිටියා කියලා පරම්පරාවෙන් පරම්පරාවට කතා පැතිරුණා. 🌙

කෙනෙක් කියනවා…

“රෑ මැද පාරේ කිසිම කෙනෙක් නොතිබුණත්, පාවහන් හඬක් ඇහුණා…”

තවත් කෙනෙක් කියනවා…

“මල් සුවඳක් එක්ක පාර දිගේ හමාගෙන ගිය සුළඟක් දැනුණා…”

තවත් කෙනෙක් කියනවා…

“දේවාලය පැත්තෙන් ආපු පහන් එළියක් ගම පුරා ගියා වගේ දැක්කා…”

ඒත් ඒ දේවල් ඇත්තටම සිදුවුණාද?

නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට කියැවුණු ජනවිශ්වාසයේ කොටසක්ද?

ඒක අපිට නිශ්චිතව කියන්න බැහැ. ❤️

හැබැයි එක දෙයක් නම් පැහැදිලියි.

පත්තිනි මෑණියන් ශ්‍රී ලංකාවේ ජනවිශ්වාසය තුළ නිකම්ම දේවතාවියක් නොවෙයි.

ඇය රෝගවලින් ආරක්ෂාව, සශ්‍රීකත්වය, කාන්තාවගේ පතිවත සහ ගමේ යහපත සමඟ සම්බන්ධ වූ මව් දේවතාවියක් ලෙස බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

ඒ නිසා අදටත් පරණ ගම්මානයක දේවාලයක් අසලින් යනකොට, රාත්‍රියේ නිහඬ පාර දිහා බලන කෙනෙකුට හිතෙන්න පුළුවන්…

“කවුරුත් නැති මේ පාරේ… ඇත්තටම කවුරුහරි වැඩම කළාද?” 🌙🌺

ඒක ජනප්‍රවාදයක්ද…

විශ්වාසයක්ද…

නැත්නම් පරම්පරා ගණනාවක් තිස්සේ මිනිස්සු තමන්ගේ ගම ආරක්ෂා කරගන්න විශ්වාස කළ ආශීර්වාදයක්ද…

ඔයාට මොකද හිතෙන්නේ? ❤️

මේ වගේ අපේ රටේ පැරණි ජනප්‍රවාද, දේව විශ්වාස සහ අමතක වෙමින් යන කතා තවත් කියවන්න page එකත් Follow කරගෙන ඉන්න. 🌺

#පත්තිනිමෑණියන් ゚

Address

Ranala

Opening Hours

Monday 06:00 - 20:30
Tuesday 06:00 - 20:30
Wednesday 06:00 - 20:30
Thursday 06:00 - 20:30
Friday 06:00 - 20:30
Saturday 06:00 - 20:30
Sunday 06:00 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when Paththini Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share