Rohan Olugala

Contact the organization

Rohan Olugala රොහාන් ඕලුගල

03/10/2026

ර/කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ලෝක ළමා දින වැඩසටහන... 2926-10-01

ර/කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ලෝක ළමා දින වැඩසටහන...
02/10/2026

ර/කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ලෝක ළමා දින වැඩසටහන...

13/08/2026
24/06/2026

රටම සෙවූ හොර පෙම්වතා යාපනයේදී කොටු කරගත් මෙහෙයුම මෙන්න..

ඒ සිද්ධිය සියල්ලන්ගේ ඇස් කම්පනයට පත් කරන සිදුවීමක් වුණා. ඒ අතරතුර මේ ඇසෙන්නේ තවත් එක් විශේෂ කතාවක්. රටම සෙවූ ඔහු අවසානයේදී හමුවුණේ කොහෙන්ද..?

තෙල්දෙණියේදී සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඒ, යාපනය ප්‍රදේශයේදීයි.

මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට පසුගිය 17 වැනිදා පස්වරුවේදීයි තෙල්දෙණිය පොලිසියට තොරතුරක් ලැබී තිබුණේ.

ඒ අනුව එම මළ සිරුර සොයාගත් අතර, මෙලෙස මියගොස් තිබුණේ, වැලිගම - කුරුඳු කොරටුව - පලල්ල යන ප්‍රදේශයේ පදිංචි අම්පාර ප්‍රදේශයේ රෝහලක සේවයේ නිරතව සිට සේවයෙන් ඉවත්ව සිටි භෞත චිකිස්සකවරියක්.

මෙම කාන්තාව සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමග නුවරඑළිය ප්‍රදේශයේ නාවාතැන් පොළකට 16 වැනිදා පැමිණ ඇති බව විමර්ශනවලදී හෙළිවුණා.

පසුව පෙම්වතා එම කාන්තාවගේ මළ සිරුර එදිනම රාත්‍රියේ මෝටර් රථයක දමා පසුදා උදෑසන තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙන එන්නට ඇති බවට සැකකරන බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරුව පෙම්වතා විසින්ම තෙල්දෙණිය පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මේ බව දැනුම් දී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වුණා.

එමෙන්ම අදාළ තරුණිය සිය ඔහු සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබෙන බවද විමර්ශනවලදී හෙළිවුණා.

පසුව අනාවරණය වුණේ, ඔහු නාරම්මල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් බවත්, තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවත්.

එසේම සැකකරු කාන්තාවන් සහ තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මුදල් වංචා සිදු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල පැමිණිලි මෙන්ම අධිකරණවල නඩු ද පවතිනවා.

කෙසේ වෙතත් එම තරුණියගේ මරණය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී තිබුණේ නැහැ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වූ විමර්ශනවලට අනුවයි යාපනය ප්‍රදේශයේ දී ඔහුව මෙසේ අත්අඩංගුවට ගැනුණේ.
වලාන දුෂණ මර්ධන එකකයේ ප්‍රධානි රොහාන් ඔලුගල මහතාට ලැබුණු ඔත්තුවක් අනුව, වැල්ලවත්තේ සිට යාපනය බලා යමින් සිටි මෙම සැකකරු සහ ඔහුගේ බිරිඳ යාපනය කොට්ඨාස පොලිස් නිලධාරින්ගේද සහය ඇතිව මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මෙම මෙහෙයුම පිළිබඳව පොලිස්පතිවරයාද සෘජු අධීක්ෂණයේ සිට ඇති බව වාර්තා වෙනවා..

මා අද (05) දින මහා සංඝරත්නයේ ආශිර්වාද මැද වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක ලෙස වැඩබාර ගනුු ලැබුවා.පසුගිය මාසයේ ම...
05/03/2026

මා අද (05) දින මහා සංඝරත්නයේ ආශිර්වාද මැද වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක ලෙස වැඩබාර ගනුු ලැබුවා.

පසුගිය මාසයේ මා අසනීප තත්ත්වයෙන් සිටීම හේතුවෙන් එම ධූරයේ වැඩ භාර ගැනීමට නොහැකි විය.

එමෙන්ම මා අසනීප තත්ත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ සිටියදී මා හට වෛද්‍ය ප්‍රතිකාර කළ කොතලාවල ආරක්ෂක රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ ශ්‍රී ලංකා පොලිස් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ද මාගේ කෘතඥන පූර්වක ස්තූතිය පුදකර සිටිනවා.

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටත්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා, ගරු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු මා අසනීපව සිටියදී සොයා බැලූ සියලු ම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය.

මා අසනීපව සිටියදී මා හට පිරිත් දේශනා කළ බෝධි පූජා පැවැත්වූ ගෞරවනීය මහා සංඝරත්නයටත්, දේව මෙහෙයන් පවත්වා ආශිර්වාද කළ කතෝලික ආගමේ පියතුමන්ලා සහ වෙනත් ආගමික නායකයින්ටත් මාගේ නමස්කාර පූර්වක ස්තූතිය.

මා අසනීපව සිටිනා බව දැනගත් ආදරණීය ජනතාව මා හට ඉක්මන් සුව පතා ආශිර්වාදාත්මක බෝධි පූජා පවත්වා මගේ නිදුක් නිරෝගී භාවය වෙනුවෙන් කටයුතු කළාට පොලිස් නිලධාරියෙකු වශයෙන් මා සියලු දෙනාටම ස්තූතිවන්ත වෙමි.

ස්තුතියි.
සහකාර පොලිස් අධිකාරි
රෝහාන් ඕලුගල.

Posted By Admin රොහාන් ඕලුගල මහත්තයා රෝහල් ගතවුණේ මීට සතියකට කලින්. ඔහු දැන් සුවය ලබලා ඉතාම හොඳින් ඉන්නවා.​ඔහු රෝහල් ගතව...
05/02/2026

Posted By Admin

රොහාන් ඕලුගල මහත්තයා රෝහල් ගතවුණේ මීට සතියකට කලින්. ඔහු දැන් සුවය ලබලා ඉතාම හොඳින් ඉන්නවා.
​ඔහු රෝහල් ගතවුණේ ජනවාරි මාසයේ අන්තිම සතියේ වගේ මට මතක හැටියට නම්.. කොතලාවල රෝහලේ ඉද්දී තත්ත්වය ටිකක් අමාරු වෙලා ජාතික රෝහලට මාරු කළා. ඒ ලැබුණු ප්‍රතිකාර නිසා ඔහු සුව වෙනවා.
​හිටියට වඩා හොඳින් ඔහු දැන් ඉන්නවා. ඔහු නැවත රාජකාරියට එනවා. අලුත් තනතුරේ වැඩ ළඟදීම භාර ගනී.

සර්වකාලීන දහම ,කාලීනව දෙසන වත්මන් යතිවරයාණෝ අති පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම් හිමියන් හමුවිය ...
29/01/2026

සර්වකාලීන දහම ,කාලීනව දෙසන වත්මන් යතිවරයාණෝ අති පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම් හිමියන් හමුවිය ...

පසුගිය දිනක මහනුවර ඓතිහාසික මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහා නායක හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා...
27/01/2026

පසුගිය දිනක මහනුවර ඓතිහාසික මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහා නායක හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමේ භාග්‍යය මට හිමි විය.
​මෙහිදී,

🔸 මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ සහ,

🔸 අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නායක හිමිපාණන් වහන්සේ,

​බැහැදැක මාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් උන්වහන්සේලාගේ අගනා අවවාද හා අනුශාසනා ගෞරවයෙන් පිළිගත්තෙමි.

​මහා නායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය හා මඟපෙන්වීම ශක්තියක් කරගනිමින්, රටටත් ජනතාවටත් වඩාත් යහපත් හා අවංක සේවාවක් ඉටු කිරීම මාගේ ඒකායන අරමුණයි.
​
​

Address

Rathnapura
Ratnapura
70150

Website

Alerts

Be the first to know and let us send you an email when Rohan Olugala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rohan Olugala:

Shortcuts

Share