08/04/2025
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද ( 08) පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් එහි පිළිතුරු කථාව සිදු කරන ලදී.
අපරාධයකින් උත්පාදිත දේ ආපසු ලබා ගැනීම සඳහා විධි විධාන සැලැස්වීමට ද, අපරාධයකින් උත්පාදිත දේ විමර්ශනය කිරීම, තහනම් කිරීම, රජය සතු කිරීම සහ බැහැර කිරීම සඳහා විධි විධාන සැලැස්වීම පිණිස ද, තහනමට ගන්නා ලද අපරාධයකින් උත්පාදිත දේ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ කළමණාකරණ අධිකාරිය පිහිටුවීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ අයකර ගැනීමට අදාළව අන්තර් නියෝජ්‍යාතන සහයෝගීතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාව සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද, සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වු පනත් කෙටුම්පතකි.