Divisional Secretariat- Thambuttegama

Divisional Secretariat- Thambuttegama Divisional Secretariat thambuttegama .government organisation official fb page

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ශාසනාරක්ෂක මණ්ඩලය,තඹුත්තේගම රජයේ ආයතන හා වෙළෙඳ සංගම් එකමුතුව සංවිධානය කරනු ලබන ප...
02/06/2026

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ශාසනාරක්ෂක මණ්ඩලය,
තඹුත්තේගම රජයේ ආයතන හා වෙළෙඳ සංගම් එකමුතුව සංවිධානය කරනු ලබන පිණ්ඩපාත චාරිකාව සඳහා තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බැතිබර දායකත්වය

🎯 ප්‍රාදේශීය රැකියා පොළ - 2026, තඹුත්තේගමතඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් කම්කරු අමාත්‍යාංශයේ මිනිස්බල හා රැකීරක්ෂා...
02/06/2026

🎯 ප්‍රාදේශීය රැකියා පොළ - 2026, තඹුත්තේගම
තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් කම්කරු අමාත්‍යාංශයේ මිනිස්බල හා රැකීරක්ෂා ද‍ෙපාර්තමේන්තුවත් එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය රැකියා පොළ - 2026 වැඩසටහන මෙවර මැයි මස 20 වන දින තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම වැඩසටහන, ගුණාත්මක හා ඵලදායී ශ්‍රම බලකායක් ඇති කිරීමේ අරමුණින් සංවිධානය කෙරේ. ඒ සඳහා ත්‍රිවිධ හමුඳාවේ බඳවා ගැනීම් අංශ, විවිධ ක්ෂේත්‍රයන්හි පෞද්ගලික අංශයේ රැකියා සපයන ආයතන හා වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ආයතන 25ක් පමණ එක් වූ අතර රැකියා හා පුහුණු අපේක්ෂිතයන් 150කට ආසන්න ප්‍රමාණයක් තම රැකියා සිහින සාක්ෂාත් කරගැනීමට මෙන්ම වෘත්තීය පුහුණු අවස්ථාවන් අපේක්ෂාවෙන් සහභාගි විය.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිබඳ මඟපෙන්වීම් හා උපදෙස් අනුව මානව සම්පත් සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කල අතර සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර සැලසුම් අධ්‍යක්ෂක, ගණකාධිකාරි පරිපාලන ග්‍රාම නිලධාරී ,සමුර්ද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලස්ථාන කළමණාකරු, සමුර්ද්ධි සංවර්ධන සමිති කළමණාකරු , වසම්භාර ග්‍රාම නිලධාරීන්, ප්‍රජා සවිබල ගැනිවීමේ නිලධාරීන්, සමුර්ද්ධි සංවර්ධන නිලධාරීන් මේ සඳහා සහභාගි විය.

ඔබ සියලු දෙනා වෙත කෙරෙන බැතිබර ආරාධනයයි!
25/05/2026

ඔබ සියලු දෙනා වෙත කෙරෙන බැතිබර ආරාධනයයි!

"සොකරි" ශාන්තිකර්මය 🌸🌸🌸 ඇතුල්වීම නොමිලේ  🌸🌸🌸** උතුරුමැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සමගින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්...
19/05/2026

"සොකරි" ශාන්තිකර්මය

🌸🌸🌸 ඇතුල්වීම නොමිලේ 🌸🌸🌸

** උතුරුමැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සමගින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තලාකොළවැව ජයමාවත ප්‍රාථමික විද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබන පාරම්පරිකව "සොකරි" ශාන්තිකර්මය නොමිලේ නැරඹීමට ඔබටත් අවස්ථාව **

🗓️ 2026 ජූනි 04
⏱️ පස්වරු 7.30 සිට පසුදා පහන්වන තුරු
📍 තඹුත්තේගම තලාකොළවැව ජයමාවත ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගනයේදී

( පාරම්පරික සොකරි ශිල්පියෙකු විසින් පාසල් දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් සොකරි ශාන්තිකර්මයේ ඇතුලත් අංග සම්බන්ධයෙන් න්‍යායාත්මක දැනුම ලබාදීම සිදුකරනු ලැබේ.එබැවින් ඔබගේ දරුවාත් සමග මෙම වටිනා අවස්ථාවට සහභාගි වන්න.)

විමසීම් -0714003232/ 071735 8989
(විදුහල්පති - තලාකොළවැව ප්‍රාථමික විද්‍යාලය)

0702951477/ 0704190647
( සංස්කෘතික නිලධාරී , තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය )

0252237175
( පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව - උතුරුමැද පළාත )

🎯  ප්‍රාදේශීය රැකියා පොළ - 2026, තඹුත්තේගම කම්කරු අමාත්‍යාංශයේ මිනිස්බල හා රැකීරක්ෂා දපාර්තමේන්තුවත් තඹුත්තේගම ප්‍රාදේශී...
12/05/2026

🎯 ප්‍රාදේශීය රැකියා පොළ - 2026, තඹුත්තේගම

කම්කරු අමාත්‍යාංශයේ මිනිස්බල හා රැකීරක්ෂා දපාර්තමේන්තුවත් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය රැකියා පොළ - 2026 වැඩසටහන මෙවර මැයි මස 20 (2026.05.20) වන දින තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

එදින පැමිණෙන ඔබට, 👇

👉ත්‍රිවිධ හමුදා බඳවා ගැනීම් සඳහා මූලික සුදුසුකම් පරීක්ෂාව
👉පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබාගැනීම
👉අධ්‍යාපන හා රැකියා අවස්ථා සඳහා විදේශගතවීමට දැනුවත් කිරීම්
👉වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා ලියාපදිංචිය හා දැනුවත් කිරීම්
👉වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය
👉ස්වයං රැකියා හා ව්‍යවසායකත්ව අවස්ථා පිළිබඳ තොරතුරු හා මඟපෙන්වීමක්
👉ඔබේ විශ්‍රාම දිවිය සුවෙන් ගතකිරීමට රාජ්‍ය විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මඟපෙන්වීමක්

යනාදී සේවාවන් රැසක් එකම දිනක් තුළ ලබා ගත හැකිය.

💪විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා සපයන ආයතන හා වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ආයතන 20 කට වැඩි ප්‍රමාණයක් එදිනට සහභාගී වීමට නියමිතයි. 😍
💪ඔබගේ සුදුසුකම් සඳහා ගැළපෙන රැකියා අවස්ථාවක්, රජයේ පිළිගත් වෘත්තීය පාඨමාලාවක්,උසස් අධ්‍යාපන අවස්ථාවක් සොයන ඔබ සඳහාම නොමිලේ සංවිධානය වන මෙම වැඩසටහනට මඟ නොහැර සම්බන්ධ වන්න. 😍

👉සහභාගී වීමට අපේක්ෂා කරන ඔබ වැඩිදුර දැනුවත් වීම් සඳහා පහත link එක ක්ලික් කර අපගේ වට්ස්සැප් සමූහයට එකතු වන්න. 🥰

➡️ https://chat.whatsapp.com/JhZLC3Ol0l5APnbpPoKwf7

☎️ ️විමසීම් - 0760818399 (මානව සම්පත් නිලධාරී, ප්‍රා.ලේ.කා. තඹුත්තේගම)

මේ මස 15 වැනි දින,තලාකොළවැව ජයමාවත ප්‍රාථමික විද්‍යාල ක්‍රීඩාංගණයේදී  පැවැත්වීමට නියමිතව තිබූ  "සොකරි" ශාන්ති කර්මයපවතින...
12/05/2026

මේ මස 15 වැනි දින,
තලාකොළවැව ජයමාවත ප්‍රාථමික විද්‍යාල ක්‍රීඩාංගණයේදී
පැවැත්වීමට නියමිතව තිබූ
"සොකරි" ශාන්ති කර්මය
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්
කල් දමන ලද බව කාරුණිකව දන්වමි.

"සොකරි" ශාන්තිකර්මය 🌸🌸🌸 ඇතුල්වීම නොමිලේ  🌸🌸🌸***උතුරුමැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සමගින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්...
08/05/2026

"සොකරි" ශාන්තිකර්මය

🌸🌸🌸 ඇතුල්වීම නොමිලේ 🌸🌸🌸

***උතුරුමැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සමගින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තලාකොළවැව ජයමාවත ප්‍රාථමික විද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබන පාරම්පරිකව "සොකරි" ශාන්තිකර්මය නොමිලේ නැරඹීමට ඔබටත් අවස්ථාව ****

🗓️ 2026 මැයි 15
⏱️ පස්වරු 7.30 සිට පසුදා පහන්වන තුරු
📍 තඹුත්තේගම තලාකොළවැව ජයමාවත ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගනයේදී

( පාරම්පරික සොකරි ශිල්පියෙකු විසින් පාසල් දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් සොකරි ශාන්තිකර්මයේ ඇතුලත් අංග සම්බන්ධයෙන් න්‍යායාත්මක දැනුම ලබාදීම සිදුකරනු ලැබේ.එබැවින් ඔබගේ දරුවාත් සමග මෙම වටිනා අවස්ථාවට සහභාගි වන්න.)

විමසීම් -0714003232/ 071735 8989 (විදුහල්පති - තලාකොළවැව ප්‍රාථමික විද්‍යාලය)

0702951477/ 0704190647 ( සංස්කෘතික නිලධාරී , තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය )

0252237175 ( පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව - උතුරුමැද පළාත )

තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය අලුත් අවුරුදු උත්සවය (අප්‍රේල් මස 25 වන සෙනසුරාදා)කාර්යාලයේ නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ...
27/04/2026

තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය අලුත් අවුරුදු උත්සවය
(අප්‍රේල් මස 25 වන සෙනසුරාදා)

කාර්යාලයේ නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දුවා දරුවන් සමඟ එක්ව කාර්යාල රාජකාරී වලින් මිදි සහයෝගය හා සතුට වර්ධනය කිරිමේ අරමුණින් කාර්යාල පරිශ්‍රයේදී පැවති අලුත් අවුරුදු උත්සවයේ සුන්දර අවස්ථා

2026 වර්ෂයේ අභ්‍යන්තර පුහුණු වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීම......තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර...
08/04/2026

2026 වර්ෂයේ අභ්‍යන්තර පුහුණු වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීම......

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධනය සඳහා සකස් කළ 2026 වාර්ෂික පුහුණු සැලැස්ම අනුව Presentation Skills and Public Speaking පුහුණු වැඩසටහනේ පළමු අදියර මාර්තු මස 27 වන දින කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඒ සඳහා සම්පත්දායකත්වය සැපයූවේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් නීතීඥ සුමිත් කේ සෝමරත්න මහතා විසිනි. මෙම වැඩසටහනට කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් සහභාගි විය.

දයාබර සොයුර ,නොසිතු මොහොතක අප අතරින් සමුගත් ඔබට,  මෙවන් අකල් මරණයක් සංසාරේ  කිසිදු ආත්මෙක සිදු නොවේවා.....නිවනින්ම සැනසී...
06/04/2026

දයාබර සොයුර ,
නොසිතු මොහොතක අප අතරින් සමුගත් ඔබට,
මෙවන් අකල් මරණයක්
සංසාරේ කිසිදු ආත්මෙක සිදු නොවේවා.....
නිවනින්ම සැනසීම ලැබේවා...

Address

Thambuttegama
Tambuttegama
50240

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat- Thambuttegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat- Thambuttegama:

Share