අරුම පන්හිඳ-Aruma PaNhida

අරුම පන්හිඳ-Aruma PaNhida Heart toching feelings like a mirror of heart... I want to share it with others... Let's do it..

කුරුස පල්ලියේ හාස්කම් ගොඩයි...❤️🙏⁣ඇත්තමයි...වැල්ල පෑගෙද්දිම හිත මොකද්ද දේකින් පිරිලා යයි...ආගම් භේදයක් නැතුවම මිනිස්සු ...
20/06/2026

කුරුස පල්ලියේ හාස්කම් ගොඩයි...❤️🙏

⁣ඇත්තමයි...
වැල්ල පෑගෙද්දිම හිත මොකද්ද දේකින් පිරිලා යයි...
ආගම් භේදයක් නැතුවම මිනිස්සු වැල්ලේ වැටීගෙන දුක කියයි...
සමහරු හඬා වැලපෙයි...
සමහරු ස්තූති කරයි..
සමහරු යාඥා කරයි...
සමහරු භාර ඉෂ්ඨ කරයි...
සමහරු අලුතෙන් භාර වෙයි..
තවත් අය ඉටි පන්දම් පත්තු කරයි..
ඇත්තමයි..
ඒක හරි ලස්සන අමුතුම ලෝකයක්...
හාස්කම් පිරුණු ශුද්ධ භූමියක්..
සොහොනක් ලඟ මිනිස්සු මෙච්චර ශ්‍රද්ධාවෙන් භක්තියෙන් වැඳ වැටෙන පින් බිමක්...🙏
සිත නිමන භේතක්...❤️🙏

#අරුමපන්හිඳ

පිරිමියෙක් ජීවත්ව සිටියදීතම ගැහැණියගේ වියෝව කොහොම දැනෙනවා ඇත්ද...මේ ඇස් හොඳම සාක්ෂියයි...මිරිකගත් අත් හොඳම සාක්ෂියයි...ආ...
14/11/2025

පිරිමියෙක් ජීවත්ව සිටියදී
තම ගැහැණියගේ වියෝව
කොහොම දැනෙනවා ඇත්ද...
මේ ඇස් හොඳම සාක්ෂියයි...
මිරිකගත් අත් හොඳම සාක්ෂියයි...
ආදරෙන් සිපගනිමින් වැළඳගත්...
පුංචි පුංචි අඬ දබර අස්සේ හුරතල් වූ...
එනකන් දොරකඩට වී බලන් උන්...
අම්මෙක් වගේ උපදෙස් දෙමින්
තමන්ව රැකගත්...
රස ආහාර පාන වලින් පෝෂණය කල...
එක යහනක තනි රැක්ක...
තමන්ගේ සුන්දර බිරිඳ...
තමන්ගේ ලේ වලට පණ දුන් ඒ ගැහැණිය...
තම නිවසේ සිරියාවී....
ඒ සියල්ලක්ම අත් හරිමින්
තමන්ව තනියම දා නික්ම යන බව දැන දැන
කෙසේ දරාගන්න ඇද්ද...
වෙනදා දරදඬු පිරිමි හිත
කෙසේ සෙලවෙන්න ඇත්ද....
කඳුලු හිර කරගෙන සිටි ඇස්
පාලනයෙන් ගිලිහෙන්න ඇති...
පපුව පැලෙන්න එන්න ඇති...
අපට සිතන්නවත් නොහැක ඒ වෙන්වීමේ දුක...
දෙවියනේ ආදරේ කරන්න පුරුදු කර
වේදනා නොදී ඉන්න තිබුනා නොවේද....
මෙවැනි සිත සසලවීම්...
ආදරේ ගැන බියක් ඇති වෙන්නම මදිද...😔😭
#අරුමපන්හිඳ

Address

Udubaddawa
Udubaddawa

Alerts

Be the first to know and let us send you an email when අරුම පන්හිඳ-Aruma PaNhida posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to අරුම පන්හිඳ-Aruma PaNhida:

Shortcuts

Share