01/06/2026
රිටිගල සංරක්ෂණ වනාන්තරයත් රක්ෂිතයක්
වනස්පති ජාතික වැඩසටහන යටතේ ජගත් පරිසර දිනයේදී රක්ෂිතයක් ලෙස ආරක්ෂා වීමට නියමිත
රිටිගල සංරක්ෂණ වනාන්තරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අඩවියේ කැකිරාව, පලුගස්වැව හා තිරුප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් හෙක්ටයාර 1957.07කින් යුක්ත වනාන්තරයක්.
රිටිගල දැඩි ස්භාවික රක්ෂිතය වටා පිහිටා ඇති මෙම වනාන්තරය නුවර කලාවියේ උසම කඳු වැටිය වන රිටිගල කදු වැටිය වටා විහිදී තිබෙනව. වියළි කලාපයේ පිහිටා තිබුනද තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ හා ශාක රාශියක් වැවෙන සිසිල් දේශගුණයකින් යුතු මෙහි ශ්‍රි ලංකාවට අවේණික ශාක හා සත්ව ප්රජාවන්ගෙන් යුක්ත ඉතා ඉහළ ශාක හා සත්ව ජෛව විවිධත්වයකින් යුතු වටිනා වනාන්තර පාරිසරික පද්ධතියක්.
මෙම වනාන්තරයෙහි ඕකිඩ් විශේෂ, සපුෂ්ප ශාක හා, පක්ෂි විශේෂ , අලියා, වලසා, ගෝනා, මුවන් ඇතුළු ක්ෂීරපායී විශේෂ, උරගයින් ඇතුළු සත්ව ප්‍රජාවන් රැසක් සදහා වාසස්ථාන සපයනු ලබනවා.
මල්වතු ඔය ඇතුළු ජල මූලාශ්‍ර සදහා ජල පෝශක ප්‍රදේශයක් හා පුරා විද්‍යා වටිනාකමින් යුක්ත මෙම වනාන්තරය වියලි කලාපයේ පිහිටා ඇති අධි සංවේදී පාරිසරික පද්ධතියක්.
Ritigala Conservation Forest to be Declared a Reserve
The Ritigala Conservation Forest, which is slated to be protected as a reserve under the Wanaspathi National Programme, spans 1,957.07 hectares across the Kekirawa, Palugaswewa, and Thirappane Divisional Secretariat divisions within the Kekirawa Forest Range in the Anuradhapura District.
Surrounding the Ritigala Strict Natural Reserve, this forest extends around the Ritigala mountain range—the highest mountain range in Nuwarakalaviya. Despite its location in the dry zone, it features a cool climate and exhibits characteristics and plant species typical of a wet zone forest.
It is a highly valuable forest ecosystem boasting rich floral and faunal biodiversity, including species endemic to Sri Lanka.
This forest provides a vital habitat for numerous animal and plant communities, including unique orchid species, flowering plants, various bird species, and mammals such as elephants, sloth bears, sambar deer, and spotted deer, as well as a diverse range of reptiles.
As a crucial catchment area for water resources—including the Malwathu Oya—and possessing immense archaeological value, this forest stands out as a highly sensitive ecosystem within the dry zone.