26/07/2026
Seahorse Air Ceylon සමාගම විසින් සිරස් අතට ගුවන්ගත විය හැකි සහ ගොඩබැස්විය හැකි (VTOL) ගුවන්යානා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත. සමාගමේ නියෝජිතයන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී Capt. දමින්ද රඹුක්වැල්ල මහතා හමුවී මෙම සැලසුම් සාකච්ඡා කර ඇත.
Seahorse Air Ceylon ආයතනය දැනටමත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) ලියාපදිංචි වී ඇත ව්‍යාපෘතියේ පර්යේෂණ, සංවර්ධන සහ පරීක්ෂණ අදියර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නියාමන අනුමැතිය ලබා ගැනීමට සමාගම දැනට කටයුතු කරමින් සිටී ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගුවන් සේවා ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ නියාමන අධීක්ෂණය පවත්වාගෙන යාමේ වැදගත්කම සිවිල් ගුවන් සේවා අධිකාරිය අවධාරණය කර ඇත.
VTOL ගුවන්යානා සඳහා සාමාන්‍ය ධාවන පථ අවශ්‍ය නොවන අතර, කෙටි දුර මගී ප්‍රවාහනය සහ අනෙකුත් ගුවන් සේවා සඳහා ලෝකය පුරා මෙම තාක්ෂණය භාවිත වේ.මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය නවීන Advanced Air Mobility (AAM) ක්ෂේත්‍රය වෙත යොමු කිරීමට බලාපොරොත්තු වේ.