30/08/2026
ශබ්ද විකාශන යන්ත්‍ර
භාවිතය ගැන
පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිත කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අධික ශබ්දය ළදරුවන්, පාසල් දරුවන්, වැඩිහිටියන් සහ රෝගීන් සඳහා බරපතළ සෞඛ්‍ය හා මානසික ගැටලු ඇතිකරන තත්ත්වයක් බවට නිරීක්ෂණය වී ඇති බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 38/2005 දරන නියෝගයට අනුව, මහජනතාවට පීඩාවක් වන ආකාරයෙන් ශබ්ද උපකරණ භාවිත කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ මහජන පීඩාවක් ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිසිය සඳහන් කරනවා.
සාමාන්‍යයෙන් රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබා නොදෙන අතර, ආගමික හෝ විශේෂ අවස්ථාවන්හිදී අදාළ කරුණු සලකා බලා නීත්‍යානුකූල අවසර ලබාදීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.
පොලිස් අවසරය ලබාගෙන ඇති අවස්ථාවලදී සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10.00 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වාත්, ඉරිදා දිනවල අලුයම 12.30 දක්වාත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව හිමිවන බව සඳහන් වනවා.
කෙසේ වෙතත්, එම කාලසීමාවන් බලපත්‍රලාභීන්ට ස්වයංක්‍රීයව හිමිවන අයිතියක් නොවන බව පොලිසිය අවධාරණය කරයි. අවසර ලබාගෙන තිබුණද ශබ්දය අදාළ පරිශ්‍රයට පමණක් සීමා වන පරිදි පවත්වාගෙන යාම අනිවාර්ය වනවා.
අවසර ලබාදී ඇති අවස්ථාවලදී එහි කොන්දේසි නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවන අතර, මහජන පැමිණිල්ලක් ලැබී ශබ්දය පීඩාවක් බව තහවුරු වුවහොත් එම ක්‍රියාව වහාම නතර කරන ලෙස දැනුම් දෙනු තිබෙනවා.
එම දැනුම්දීම නොතකා තවදුරටත් අධික ශබ්දයෙන් කටයුතු කරන්නේ නම්, අදාළ ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීම ඇතුළු දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.
ඒ අනුව නීතිවිරෝධී ලෙස හෝ මහජනතාවට පීඩාවක් වන ආකාරයෙන් සිදුකරන අධික ශබ්ද නිකුත් කිරීම් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 118 සහ 119 හදිසි ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඌරුබොක්කෙ අපි - Urubokke api 😇
#ඌරුබොක්ක