ඇත් පන්තිය Ath Panthiya

ඇත් පන්තිය  Ath Panthiya අලි ඇතුන්ට ආදරේ කරන්නන්ගේ සොදුරු නවාතැන්පල - ඇත් පන්තිය
Since 2K20 🤍

🖤අලි ඇතුන් පිලිබදව වැඩිදුරටත් දැනගැනීමට You Tube හා Tik Tok ඔස්සේ අප හා සම්බන්ධ වන්න

Photo එකක් ගන්න ගියාම ලස්සන ලස්සන pose දෙන අපිට නැතුවම බැරි කඩුවෙල සෝස කුමාරයා තාරක 🐘🖤
11/09/2026

Photo එකක් ගන්න ගියාම ලස්සන ලස්සන pose දෙන අපිට නැතුවම බැරි කඩුවෙල සෝස කුමාරයා තාරක 🐘🖤

08/09/2026

දළදාවේ සැබෑ උරුමකරු ඉන්දි රාජා 🖤 රජෙක් වුණාම හැමදේම දරාගෙන ඉවසගෙන තමන්ගේ රාජකාරිය අකුරටම කරන්න ඕනෙ. ඒ හැම ගුණයක්ම පිහිටපු කෙනෙක් තමයි ඉන්දි රාජා. වෙනදට පොඩි දේටත් කලබල කරන අනිත් අලින්ව පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැති ඉන්දි රාජා එදා සද්ද නැතුව වේදනාව දරාගෙන පැත්තකට අයින් වුණා මොකද තමන්ගේ සිරසේ දළදා වහන්සේ වැඩමවන නිසා. අන්න ඒකයි ඉන්දි රාජා දළදාවේ සැබෑ උරුමකරු වෙන්නෙ. කව්රුත් බලෙන් කරන්න කියල නෙමෙයි එයාට තේරෙන නිසා තමන්ගේ උරුමය රැකගන්න දිවිහිමියෙන් සටන් කලයුතු බව. උතුම් දළදා සමිදු පිහිටයි ඔබ‍ට මහරජ ඉන්දි රාජා 🙏🏻

06/09/2026

විශ්‍රාම යන හෙළයේ මහා ඇත්රජු කතරගම වාසනා 🤍

කතරගම වාසනා ඇතා ප්‍රධාන පෙරහරවලට පමණක් ලබා දීමට බස්නායක නිලමේ ආරච්චිගේ තිලිණ මදුසංක මැතිතුමා තීරණය කර ඇත.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් ‘වාසනා’ හස්තිරාජයාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන පෙරහර මංගල්‍යයන් සඳහා පමණක් එම හස්තියා සහභාගි කරවීමට පියවර ගෙන තිබේ.වත්මන් බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංක මැතුමාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර හිටපු බස්නායක නිලමේතුමන්ගේ පාලන සමයන්හිදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති කඨින පිංකම් ඇතුළු කුඩා පරිමාණ පෙරහර රැසක් සඳහා වාසනා හස්තියාගේ සෞඛ්‍ය පිලිබද නිසි අවදානයක් යොමු නොකර සහභාගි කරවා තිබූ අතර, ඒ හේතුවෙන් මේ වන විටත් විවිධ පාර්ශ්වයන්ගෙන් පෙරහර සඳහා වාසනා හස්තියා ලබාදෙන ලෙස ඉල්ලීම් රැසක් දේවාල පරිපාලනය වෙත ලැබෙමින් ඇත.

කෙසේ වෙතත්, දිගින් දිගටම දුර බැහැර ප්‍රදේශවල පෙරහර මංගල්‍යයන් වෙනුවෙන් හස්තියා ප්‍රවාහනය කිරීම සහ යෙදවීම හස්තියාගේ ජීවිතයට මෙන්ම සෞඛ්‍යයට ද දැඩි තර්ජනයක් විය හැකි බැවින්, හස්තියාගේ නිදහස තහවුරු කිරීමේ අරමුණින් මෙම සීමා කිරීම සිදු කර ඇත.

වාසනා හස්තියාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් මෙම තීරණය පිළිබඳව වාසනා හස්තිරාජයාට ආදරය කරන සියලු පාර්ශ්වයන්ගේ අවධානය සහ සහයෝගය අපේක්ෂා කරන්නෙමු.

මාධ්‍ය අංශය
රුහුණු මහා කතරගම දේවාලය

04/09/2026

බෝසත් නැදුන්ගේ අඩුව පුරවන පොඩි නැදුන් 🙏🏻. බෝසත් නැදුන්ගමුවේ රාජාගේ අඩිපාරේ යන අගනුවර කිරුළ හිමි කුමාරයා කිරුළු පළඳින දවස වැඩි ඈතක නෙමෙයි. බලන්නකො දෙන්නගෙ පෙනුම සහ තේජාන්විත ගමන. ලාංකික බෞද්ධ සංස්කෘතිය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කීකරු මංගල ලක්ෂණ වලින් පිරිපුන් ඇතෙක් තමයි කෝට්ටේ රාජා 🖤

02/09/2026

මෙවර දළදා වරම් අහිමි වූ අගනුවර කුමාරයා කිරුළු පළදින්නට තව දින කිහිපයයි ❗බෝසත් නැදුන්ගමුවේ රාජාගේ අඩිපාරේ යමින් සියලු ජනයාගේ ආදරය ලබාගැනීමට සමත් වූ කෝට්ටේ රාජා තම නිවහන වූ කෝට්ටේ රාජමහා විහාරයේ කිරුළු පළදින්නට සූදානම්. පොඩි නැදුන් හෙවත් කෝට්ටේ රාජා 🐘🖤

01/09/2026

ආසියාවේ උසම හීලෑ හස්තියා වීමට නොබෝ දිනකින් බලා සිටින කුරුණෑගල රිදීවිහාරයේ සින්දු කුමරුවන්.. අව්රුදු 10කට කලින් කිතුල් කොටයක් එක්ක සෙල්ලම් කරපු එයා මේ තරම් ඉක්මනට වෙනස් වෙයි කියල කව්ද හිතුවෙ.. ඉතා ඉක්මනින් ආසියාවේ උසම හීලෑ හස්තියා වීමට වරම් ලැබේවායි අපි ප්‍රර්ථනා කරමු!! 🐘🙏🏻

31/08/2026

සංසාරේ පුරුද්දකට මෙන් මතු වූ අපූරු බැඳීමක්... 🥺❤️
​වචන වලින් විස්තර කරන්න බැරි තරම් ගැඹුරු ආදරයක් මේ පුංචි පැටියාගේයි තාරකගෙයි බැල්මෙන් මෙන්ම ක්‍රියාවෙන් පැහැදිලි වෙනවා. ඇතැම් හමුවීම් මේ භවයේ විතරක් නොවෙයි, සසර පුරා රැගෙන ආ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්... විශ්වාස කරන්න, සත්තු කියන්නේ මිනිසුන්ටත් වඩා සංවේදී, අපූරු ආදරයක් දන්නා ජීවීන් කොට්ඨාසයක්
🐘✨ කඩුවෙල තාරක

27/08/2026

දෙව්මිණි කියන්න එපා uncle Dew කියන්න 😌 මීට කම්මැලිකමට හිටගෙන නිදාගන්න මඩ කුමාරි Dew බබා 🐘🖤

වන්දාමි බුද්ධ මමලං ජිනදන්ත ධාතුං 🙏🏻​හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය - මහනුවර අවසන් මහා රන්දෝලි පෙරහැර අදයි.​සියලු දෙනාටම පි...
27/08/2026

වන්දාමි බුද්ධ මමලං ජිනදන්ත ධාතුං 🙏🏻

​හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය - මහනුවර අවසන් මහා රන්දෝලි පෙරහැර අදයි.
​සියලු දෙනාටම පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා! සාදු! 🌕🐘

Address

33/11 Nidahas Mawatha
Veyangoda
11100

Alerts

Be the first to know and let us send you an email when ඇත් පන්තිය Ath Panthiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share